IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොමිස් ගැන කාදිනල්තුමාගේ කතාව කාගේත් ඇස් ඇරවීමක්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ දිනවල සිදුකරන ප්‍රකාශ රටේ ජනතාවගේ ප්‍රබල අවධානයට ලක්වෙයි. පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසුව මෙරට මහා සංඝරත්නය ද සමඟ එක්ව රටේ තත්ත්වය සන්සුන් කර ගැනීම සඳහා කාදිනල්තුමන් විසින් ලබාදෙන ලද මහඟු ආදර්ශය සමඟ එතුමන්ගේ ප්‍රකාශ ද එකට බැඳී පවතී. පසුගියදා අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයේ දී කාදිනල්තුමන් විසින් කරන ලද ප්‍රකාශයේ ඇතුළත් වූ අදහස් කිහිපයක් කෙරෙහි සියලු_ දෙනාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

අද රටේ බොහෝ දෙනා රටට නොව තමන්ට ආදරය කරන පිරිසක් බවද බලයට එන හැමදෙනාම බලන්නේ කොමිස් ගැහිලි සිදුකර පොහොසත් වීමට බවද හැම වින්නැහියකටම මුල එවැනි සංස්කෘතියක් බිහිවීම බවද කාදිනල්තුමා එහිදී සඳහන් කර තිබිණි. ආදර්ශවත් ලෙස විනය ගරුක විය යුතු නායකයන් ජනතාව වැරැදි කළ විට දඬුවම් කිරීමට උත්සුක වුවත් තමන් කරන වැරදි වහගැනීමට නොයෙකුත් උප්පරවැට්ටි ඇදීම පුරුද්දක් වී ඇති බව ද පවසන කාදිනල්තුමෝ වසරින් වසර රට නරක අතට හැරෙන බවද මෙහෙම ගියොත් ලංකාව වැඩිකල් දුවන්නේ නැති බවද සඳහන් කළහ.

අප රටේ කොඳු නාරටිය බවට පත්වී තිබෙන බෞද්ධ දර්ශනය අප සැවොම විසින් ආරක්ෂා කළ යුතු බව ද සඳහන් කරමින් කාදිනල්තුමන් විසින් ප්‍රකාශ කරන ලද එම අදහස් ඉතා වටිනා බව මුලින්ම කිව යුතුය. මේ රට විනාශ මුඛයට යවන කොමිස් ගැහිලි, රටේ සම්පත් විකුණා ගැනීම්, මහා පරිමාණ සොරකම්, අපරාධකරුවන් ආරක්ෂා කිරීම් වැනි සියලු_ අගතිගාමී ක්‍රියාවලට වගකිව යුත්තේ දේශපාලනඥයන් බව සුප්‍රකට රහසකි. එම රහස් ආරක්ෂා කිරීමට කැපවී සිටින්නෝද දේශපාලනඥයෝම වෙති. ඒ බව සඳහන් කරන්නේ කැමැත්තකින් නොවේ. එහෙත් එය කිව යුතුව තිබේ. මෙතෙක් කාලයක් රටේ පාලනය භාරව සිටි බොහොමයක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අතින් මේ වැරුද්ද දිගින් දිගටම සිදුවීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ඒ ප්‍රතිඵල නොදැක්කා සේ සිටින්නේ ද දේශපාලන නායකයන්ම පමණි.

විනිවිද භාවයකින් කටයුතු නොකරන තාක් කිසිදු ආණ්ඩුවක් අතින් රටේ කටයුතු සම්බන්ධයෙන් වගවීමක් සිදුවන්නේ නැත. ඕනෑම බොරුවක් ගොතා ඕනෑම වැරැදි වැඩකින් තමන්ගේ අත් සෝදාගෙන පැත්තකට වීම ඇතැම් නායකයන්ට නම් ගාණක් නැත. එහෙත් රට තුළ පැවැතිය යුතු විනය, වගවීම ගැන ඉන්පසුව කතා කිරීමත් නිෂ්ඵලය. කාදිනල්තුමා පෙන්වා දුන්නේ ඒ යථාර්ථයයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ සංවරණ හා තුලනය මගින් බලයේ සීමා සලකුණු කර ඇත්තේ එවැනි විනය විරෝධී ක්‍රියා මැඬපැවැත්වීමටය. එහෙත් පාර්ලිමේන්තුව තුළින් පවා ඇතැම්විට එවැනි කාරණා ඉටුවන බවක් පෙනෙන්නේ නැත. අපේ රට සම්බන්ධයෙන් කාදිනල්තුමා තුළ පමණක් නොව මේ රටේ සියලු ආගමික නායකයන් තුළ පවා කලකිරීම්, බලාපොරොත්තු කඩවීම් ඇතිවීමට මේ සංවරණය හා තුලනය හරිහැටි සිදුනොවීම දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව පැහැදිලිව පෙනී යයි. මේ බව ආගමික නායකයන් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල දැනුමින් පිරිපුන් බුද්ධිමතුන් ද වරින්වර පෙන්වා දී ඇතත් වැරැදි නිවැරැදි කර ගැනීමට කිසිදු නායකයකු තුළ උනන්දුවක් නොතිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

රට තුළ මහජනතාව විනය විරෝධීව හැසිරෙන විට ඒවා නවත්වා ගැනීමේ ඉහළම ආදර්ශය සැපයිය යුතු වන්නෝ රටේ පාලකයෝය. එහෙත් ඇඟේ හැප්පී ගහගන්නා තත්ත්වයකින් කටයුතු කරන පාර්ශ්ව දෙකක් විසින් රටක් මෙහෙයවනු ලබන විට විනය කඩවීම තවදුරටත් මාතෘකාවක් වන්නේ නැත. නීතිය වල්වැදී විනයක් නැති තැනකට රට පත්වීමේ අවදානමක් එයින් මතුවී තිබේ. ඒ ගැන නොතකා ක්‍රියා කිරීම භයානක තැනකට රට තල්ලු_ කිරීමට ඉඩ තිබෙන බව ද මෙහිදී පෙන්වා දිය යුතුය.

දේශපාලනය කිරීම මුදල් හම්බ කරගැනීමේ මාර්ගයක් බවට පත්වී තිබීමට තවත් එක් හේතුවක් වන්නේ මේ රටේ පවතින ඡන්ද ක්‍රමයයි. මේ ක්‍රමය ඇතුළේ මහජන නියෝජිතයකු වශයෙන් පත්වීමට මහජනතාවගේ ඡන්දය ප්‍රකාශවීම පමණක් ප්‍රමාණවත් නැත. මනාප යුද්ධය නිසා අතිවිශාල මුදල් කන්දරාවක් වියදම් කිරීම මන්ත්‍රීවරයකු වීමට අත්‍යවශ්‍යම කොන්දේසියයි. මේ සඳහා සල්ලි විසිකරන මන්ත්‍රීවරයාගේ සියලු ගජ මිත්‍රයන්ගේ මූලික අවශ්‍යතාව වන්නේ විසිකළ සල්ලි ප්‍රමාණය මෙන් කීප ගුණයකින් විශාල ප්‍රමාණයක් හැකි තරම් ඉක්මනට කඩා වඩා ගැනීමය. මේ තණ්හාවට සීමාවක් නැත. විනයක් නැත. නීතියක් නැත. මේ ක්‍රියාදාමය වළක්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ද නැත.

ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එවැනි වැරැදි සිදුකරන දේශපාලනඥයන් එයින් මුදාගන්නා අරමුණින් ක්‍රියාකොට අතීතයේ වූ වැරැදි නිවැරැදි කර ගැනීමය. වැරැදි පෙන්වා නුදුන්නොත් ඒ වැරැද්දට දඬුවම් නුදුන්නොත් බලය අතේ තිබෙන තාක් කල් සංවරණය හා තුලනය බල්ලාට දමා තමන්ගේ කුට්ටිය කඩාගැනීමට පෙළඹෙන බොහෝ පිරිස් මේ රටේ වෙසෙති. එවැනි පසුබිමක් තුළ අල්ලස් චෝදනාවක් හේතුවෙන් වරදකරු වී මහාධිකරණයෙන් සිරදඬුවම් ලැබ එය අභියාචනාධිකරණයෙන් ද තහවුරු වී තිබූ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව හිමිවීමෙන් රටට ලබාදෙන ආදර්ශය කුමක්ද යන්න නම් මහත් ප්‍රහේළිකාවකි.



අදහස් (0)

කොමිස් ගැන කාදිනල්තුමාගේ කතාව කාගේත් ඇස් ඇරවීමක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 37 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 317 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 101 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 292 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 900 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 197 1

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site