IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


“තරුණ මන්ත්‍රීවරුණි! ජයග්‍රහණය ස්ථිරය”ි කිරිඇල්ල දිවුරයි

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම-13

 

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයට තනතුරු දැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව එජාපය ඇතුළු බලවේගවලට මහත් උත්තේජනයක් විය. මෙයට එරෙහිව කිසිවක් කිරීමට මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමති මණ්ඩලයට නොහැකිය.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමක් සමග එය කන වැකුණු එම අලුත් ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරයකු තම මිතුරකුට ප්‍රකාශ කළේ “වැඬේ කෑවා නේද” යන්නය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එබඳු තීන්දුවක් ප්‍රකාශ වනු ඇතැයි ඔවුන් කිසිවකු හෝ සිතා නොසිටි බව ඉන් පැහැදිලිය.


එජාපයේ මන්ත්‍රී කණ්ඩායම දිනපතාම මෙන් අරලියගහ මන්දිරයේදී හමුවීම සිරිතක් විය. මෙම හමුවේදී බොහෝ අවස්ථාවලදී නායකත්වය ගැනීමට සිදුවූයේ ලක්ෂ්මන් කිරිඇල්ලටය. කිරිඇල්ල ඉතා පැහැදිලිව නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.


“ඔව් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ සිටින ඕනෑම කෙනෙකුට අගමැති ධූරයට ආරාධනා කළ හැකියි. අපි ඒ බලයට අභියෝග කරන්නේ නෑ. නමුත් අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබිය යුතුයි. බහුතර බලය නැත්නම් කොහොමද පනත් සම්මත කරගන්නේ. දැන් රාජපක්ෂලාට බහුතර බලය නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අධිකරණයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දිශාවට අවධානය යොමු කරලා තියෙනවා. මේක ඉතාම හොඳ තත්ත්වයක්. ඒ නිසා මේ සටන ජයග්‍රහණයකින් අවසන් කරන්න පුළුවන්.”


කිරිඇල්ලට මෙසේ නිතරම කියා සිටීමට සිදුවුයේ රට තුළ ඇති තත්ත්වය මෙයට පෙර කිසිදිනෙක නොතිබූ නිසාය. එමෙන්ම එජාපයේ මන්ත්‍රීවරු බොහොමයක්ම නවකයෝ වෙති. ඔවුන්ට මේ තත්ත්වය තේරුම් ගැනීම දුෂ්කරය. එමෙන්ම කුමන මාදිලියකින් හෝ බහුතරය හදා ගැනීමට රාජපක්ෂ කඳවුර උත්සාහ දරණ බවද සත්‍යයකි. නවක මන්ත්‍රීවරුන් ශක්තිමත් කිරීමට කිරිඇල්ලට විශේෂ මහන්සියක් ගැනීමට සිදුවූයේ එහෙයිනි.


ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුවෙන් පසුව රටේ ඇතිවූ තත්ත්වය පාර්ලිමේන්තුව අමතා මන්ත්‍රී වජිර අබේවර්ධන කළ කතාවෙන් මනාව පැහැදිලිය.


පසුගිය සතියේ පළවූ ඔහුගේ කතාවේ ඉතිරිය හැන්සාඞ් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.


ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විවිධ මාධ්‍ය හරහා විවිධ වැරදි ප්‍රචාර කරනවා. මාධ්‍යයත්, මාධ්‍ය ආයතන අයිතිකරුවනුත් ඇත්ත වශයෙන්ම මාධ්‍යකරුවන් හැටියට මාධ්‍යකරුවන්ගෙන් සිදුවන ක්‍රියාවලියක් නොවෙයි. අද වහල්භාවයට පත්වෙලා තිබෙනවා. වහල්භාවයට පත් වුණාට පසුව සමස්ත මාධ්‍යවේදීන්ගේ යුතුකමක් තමයි හරිනම් දින දෙකක් විතර මෙවැනි මාධ්‍ය පණිවුඩ නිකුත් නොකර සිටීම. ඇත්ත වශයෙන් මාධ්‍යකරුවන් දින දෙකක් තමන්ගේ යුතුකම ඉටුකළොත් දින දෙකක් මාධ්‍යයේ වැඩ නොකර හිටියොත්, පුවත්පත්වල ලියන්නේ නැතුව හිටියොත් භැඅි කියන්නේ නැතුව හිටියොත් ෑකැජඑරදබසජ ඵැාස් වැඩ නොකර හිටියොත් මාධ්‍ය අයිතිකරුවන්ට අවශ්‍ය දේ රටට කළ නොහැකි තත්ත්වයක් උදා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ සමස්ත මාධ්‍ය දින දෙකක් මේ රටේ වැඩ වර්ජනයක් කළොත් මාධ්‍ය අයිතිකරුවන්ට තේරෙනවා ඔවුන් නැතුව මාධ්‍ය ගෙනියන්න පුළුවන්කමක් නැති බව.


ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම හිතන විධියට මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම ඛේදජනක අවස්ථාවක් තමයි මේ අවස්ථාව. දින කිහිපයකට උඩදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්ථාව ගැන සඳහන් කරනවා මම දැක්කා.


එතුමා ව්‍යවස්ථාව ගැන සඳහන් කරමින් තර්කයක් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කළ හැක්කේ කෙසේද කියන එක ගැන මම එතුමාට මතක් කරන්න කැමැතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33. (2) අනු ව්‍යවස්ථාව අනුව මිස වෙන ආකාරයකට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන ලද ප්‍රකාශයට කෙටි පිළිතුරක් සපයන්න මම කැමැතියි. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, 33. (2) අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.


“ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට.”


“අමතරව” කියන වචනය තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පාවිච්චි කළ වචනය. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.(2) (ඇ) හි සඳහන් වන්නේ “පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.” යනුවෙනුයි. ඉහත අනු ව්‍යවස්ථාවේ “අමතර යන පදය ව්‍යවස්ථාවේ අන් තැනක කුමක් සඳහන් වුවත් යනුවෙන් අර්ථ නිරූපණය කළ නොහැක. එම නිසා ජනාධිපතිවරයාට ඉහත අනු ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වෙනත් ව්‍යවස්ථාවක් හෝ අනු ව්‍යවස්ථාවක් නොසලකා හැරීම සඳහා  අමතර හෝ විශේෂ බලයක් නොදේ. මෙම අවස්ථාවේදී “අමතර” යන වචනයේ නියම අරුත වනුයේ “සහ” යන්නයි. එම නිසා ජනාධිපතිවරයා තම බලය පාවිච්චි කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම විෂය සම්බන්ධයෙන් එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ඇති සියලු ව්‍යවස්ථා සැලකිල්ලට ගත යුතුයි.


ඇත්ත වශයෙන් මේ අවස්ථාව වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අවස්ථා ගණනාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය සිදුකර තිබෙනවා. පළමුවැනි අවස්ථාව තමයි පසුගිය ඔක්තෝබර් මස 26 වැනි දින අග්‍රාමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක, අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම. ඒ මගින් නීත්‍යානුකූල නොවන තැනකට රට තල්ලු කරපු නිසා අද මුළු රටම මහා ඛේදවාචකයක් බවට පරිවර්තනය වී තිබෙනවා.


වර්ෂයක අවසාන මාස කිහිපය කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටේ ව්‍යාපාරිකයන් ඇතුළු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනා යම් ආදායමක් ලබා ගන්නා කාලයක්. ලංකාවට සංචාරකයන් ලක්ෂ 10 ක් ආවොත්, තැඹිලි ගෙඩි ලක්ෂ 10 ක් විකුණා ගත්තොත්  කීයක් ලැබෙනවාද? අද උතුරෙත්, නැගෙනහිරත්, දකුණෙත් මුළු මහත් රටේම තැඹිලි විකුණන සාමාන්‍ය පුරවැසියාගේ සිට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් සහ සියලු ආයතන මහා දැවැන්ත කඩා වැටීමකට ලක්වී තිබෙනවා.


ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එක වාක්‍යයක් සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා. අපි ඔබතුමන්ලාගේ දෙමළ දේශපාලන පක්ෂ සමග ක්‍රියා කරනවා කියලා අපේ පක්ෂයට බොහෝ වෙලාවට චෝදනා කරනවා මම දැක්කා. 1977 වසරෙන් පසුව දේවනායගම් මැතිතුමා ස්වදේශ කටයුතු ඇමැතිතුමා වෙලා කැබිනට් මණ්ඩලයේ වාඩි වී සිටියාට පසුව, දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර තිබුණු දුරස්ථභාවය ඈත්වෙලා අද වෙනකොට ඹබසඑැා භ්එසදබ්ක ත්‍රදබඑ එක තුළ දෙමළ, සිංහල, මුස්ලිම් සියලු දෙනා එකට වැඩ කරනවා නම් ඒක ජාතියේ විශාල වාසනාවන්ත අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. ඇත්ත වශයෙන් මේ නඩු තීන්දුවේ මම කියවූයේ අධිකරණයේ තිබෙන ලියවිල්ල පමණයි. මේ ලියවිල්ල කවදා හෝ සියලු දෙනාට වැදගත් වෙයි කියා මා විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, වේලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

“තරුණ මන්ත්‍රීවරුණි! ජයග්‍රහණය ස්ථිරය”ි කිරිඇල්ල දිවුරයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1694 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site