IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ වන්නියේ අපූරු රංගනය

 

අනතුරුව නිවේදකයා කියා සිටියේ එක් “දිනක් හෝ එල්.ටී.ටී.ඊයට බැඳී සිටි අය නැගිට එන්න” යනුවෙනි. මේ මොහොතේ මට කුමන ඉරණමක් අත්වේදැයි නොදැන මගේ මව හඬන්නට වූවාය. “අම්මේ භය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නෑ” යනුවෙන් පවසා මම මගේ මවගේ බිය තුරන් කළෙමි.


“අම්මේ? මම ගිහින් බාර වෙන්නම්. අම්මා ගෙදර ගොස් නංගිලා එක්ක හොඳින් ජීවත් වෙන්න. මාව නිදහස් කළාම මම ඔයා ළඟට එන්නම්” එසේ කී මම ඇයට ගෙදර යන ලෙස බැගෑපත් වුණෙමි. නමුත් මගේ මව මා දමා යාමට අකැමැති වූවාය. 


2009.05.19 වැනි දිනය මට හොඳින් මතකය. එම ගොඩනැගිල්ලේ එක් කොටසක කොටි කාන්තාවෝද තවත් කොටසක කොටි තරුණයෝද රඳවා සිටියහ. එම පිරිස අතර මා හඳුනන අයද සිටියහ. හමුදා නිලධාරීහු අප වෙන වෙනම ගෙන අපගේ නම්, ගම්, වයස, කොටි සංවිධානයට බැඳී කළ රාජකාරි අපෙන් විමසා වෙන වෙනම සටහන් කර ගත්හ. ඔවුහු අපගේ ඡායාරූපද ලබා ගත්හ. ඉතා හොඳින් දෙමළ බස හැසිරවිය හැකි නිලධාරීන් එම රාජකාරිය සඳහා යොදවා තිබිණි.


තොරතුරු ලේඛනගත කිරීමෙන් පසු ඔවුහු බස් රථවලින් අපව වෙනත් ස්ථානයකට රැගෙන ගියහ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට අපව රැගෙන යනු ඇතැයි අප සමඟ සිටි පිරිස් සැක කළහ. එහෙත් අපේ ඉරණම කුමක්දැයි අපි නොදැන සිටියෙමු. 


හමුදා නිලධාරින්ට උදව් කිරීම පිණිස දෙමළ තරුණයෝ පිරිසක්ද සිටියහ. එම දෙමළ තරුණයෝ අප නින්දාවට පත්වන ආකාරයට ඉතාම පහත් අන්දමින් අපට බැණ වැදුණහ. “උඹලගේ අහංකාරකම් නිසයි උඹලත් ජනතාවත් දැන් දුක්විඳින්නේ” යනුවෙන් ඔවුහු කීහ. එම තරුණයන්ට හොඳ පිළිතුරක් එම මොහොතේම දීමට සිතුණත් ඒ නිසාම මට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇතැයි සිතා මම නිහඬ වුණෙමි.


මෙබඳු වේදනාබර අත්දැකීමක සිටි මොහොතක “තමලිනී අක්කේ, තමලිනි අක්කේ” යනුවෙන් කවුදෝ මා අමතනු ඇසිණි. ඒ හඬ ආ දෙස මම බැලුවෙමි. මට කතා කළ දෙමළ තරුණයෝ කිහිප දෙනෙක් එතැනට පැමිණෙන ලෙස මට සංඥා කළහ. ඒ අසල හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ද සිටියහ. මට කුමක්වේදැයි නොදැන බියෙන් එතැනට ගිය මම “ඔව් මම තමයි තමලිනී” යැයි පැවසුවෙමි.
නැවතත් සැකකරුවන් ලියාපදිංචි කරන ස්ථානයට මා රැගෙන ගොස් මාගේ සම්පූර්ණ විස්තර යළිත් ලියාගත් අතර මාගේ ඡායාරූපයක්ද ගත්හ. ඇත්ත ප්‍රකාශ කළහොත් මට සමාව ලැබෙතැයි මම විශ්වාස කළෙමි.

 


තොරතුරු සටහන් කර ගැනීමෙන් පසුව එම ගොඩනැගිල්ලේම වෙනත් ස්ථානයක මා රඳවා තැබිණි. අනික් අයට මෙන් නොව මා හට විශේෂයක් කර සලකන බව මට දැනුණි. එතැනට පැමිණි හමුදාවේ උසස් නිලධාරියෙක් “වනක්කම් තමලිනි” යැයි මට සුබ පැතුවේය. එම නිලධාරියා දුටු සැණින් මම තැගැස්සී ගියෙමි. මෙම නිලධාරියා මීට පෙර කොහේදී හෝ දැක ඇති බව මට මතක් විය. මම එම  හමුව සිහියට නගා ගැනීමට උත්සාහ දැරුවෙමි.


එම උත්සාහය ඵල දරුවේය. සාම සාකච්ඡා පැවති සමයේදී වන්නියට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් සමග ඔහුද පැමිණ සිටියේය. ඒ මාධ්‍යවේදියෙකු ලෙසය. මෙම හමුදා නිලධාරියා වන්නියේදී අපේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සමග හා අනෙකුත් නායකයන් සමග සාකච්ඡා කළ ආකාරය ද මට සිහිපත් විය.


දෙමළ භාෂාව හොඳින් හැසිරවිය හැකි ඔහු අපගේ නායකයන් සමග සාකච්ඡා කළා පමණක් නොව තේ පැන් සංග්‍රහයන්ටද එක්විය. 2004 වසරේදී යුද බිමේදී වීරවරියක ලෙස මියගිය දෙවැනි ලුතිනන් මාලදිගේ ගුණ සමරු උළෙලකටද මාධ්‍යවේදියකු ලෙස ඔහු සහභාගි විය. ඔහු හමුදා නිලධාරියකු යැයි කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ඔහු ඉතා දක්‍ෂ ලෙස රඟපෑවේය.

 


මේ ආකාරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ඉතා රහසිගතව අපේ පාලන ප්‍රදේශවලට ඇතුළුවී බුද්ධි අංශ තොරතුරු එක් රැස් කළ නිසා යුද්ධය ඉතා පහසුවෙන් ජයගැනීමට හමුදාවට හැකිවූ බව මම සිතමි.


මම ඔහුව හඳුනාගත් බව දැනගත් හමුදා නිලධාරියා ඉතා ගෞරවණීය ලෙස මා සමග කතා කිරීමට පටන් ගත්තේය.


“තමලිනි ඔයා බයවෙන්න එපා. අනිත් අය වගේ ඔයාව අපි පුනරුත්ථාපන කඳවුරකට යවන්නේ නෑ. ඔබතුමිය නායිකාවක්. ඒ නිසා ඔබතුමිය ගැන තවදුරටත් කරුණු සොයල බලල ඔබතුමිය ගැන රහස් පොලිසිය සමගත් සාකච්ඡා කරල අවශ්‍යනම් පමණක් ඔබතුමියට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නවා” යැයි ඔහු කීවේය.


“බයවෙන්න එපා. ඔබට කිසිදු කායික හිරිහැරයක් නොවන බවට මම සහතික වෙනවා” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
ඉතිරිය ලබන සතියට.

 

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්

 



අදහස් (1)

හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ වන්නියේ අපූරු රංගනය

senarath Tuesday, 14 March 2017 12:32 PM

අද මේ නිලධාරීන්ගේ කැපවීම් වලට රජයෙන් ලැබෙන ප්‍රතිචාර දැක්කම දැනෙන්නේ දරාගන්න බැරි දුකක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site