IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වමේ නායකයන්ගේ කෙළින් වැඩ

1970 පැවැති මහ මැතිවරණයෙන් 2/3ක පාර්ලිමේන්තු බලයක් හිමිකරගත් ශ්‍රී.ල.නි.පය ඇතුළු සමගි පෙරමුණු සන්ධානය පුරා වසර හතකටත් වැඩි කාලයක් මෙරට ආණ්ඩු බලය රැකගෙන සිටියේය. ඔවුන් එලෙස නියමිත කාලයට වඩා දෑ අවුරුද්දක් රටේ පාලන බලය දරන ලද්දේ 1972 වසරේදී හඳුන්වා දෙන ලද පළමුවැනි ජනරජ  ව්‍යවස්ථාව යටතේ තම නිල කාලය දීර්ඝ කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 


කෙසේ වෙතත් 1977 ජුලි මාසයේ 21 වැනිදා මෙරට අටවැනි මහ මැතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට සමගි පෙරමුණු සන්ධානය ද කොටස් තුනකට කැඩී ගොස් තිබුණේ 1975 වසරේ අගභාගය වන විට එම ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයන් වූ ල.ස.ස.ප.ය. සහ කො.ප.ය ආණ්ඩුවෙන් හැලී ගිය බැවිනි. එම තත්ත්වය යටතේ ආණ්ඩුව සතුව පැවැති 2/3 බලය ද ගිළිහී ගොස් තිබුණේය. 


ඒ අනුව ආණ්ඩුවේ ශක්තිය දෙදරා ගොස් තිබුණු අතර එහි වාසිය තම පක්‍ෂයට ලැබෙන බව වටහාගෙන සිටි එ.ජා.ප නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිගැනීම වූයේ එ.ජා.ප.ය එවර මහ මැතිවරණයෙන් නියත ජයක් ලබන බවය. එහෙත් ආණ්ඩුවේ දෙවැනි බලවතා වූ ෆිලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයා ජේ. ආර්. ගේ එම අදහස සපුරා ප්‍රතික්‍ෂේප කළේ “තුන් හවුල් පාලනය බිඳ වැටීමෙන් පිරිසිදු වූ ශ්‍රීල.නි.ප.ය 1977 මහ මැතිවරණයෙන්ද විශිෂ්ට ජයක් අත්කර ගන්නනවා...යි” කැට කඩා සහතික වෙමිනි.


එවකට රජයේ පාලනය යටතේ පැවැති ලේක් හවුස් පුවත්පත් මෙන්ම රජය මගින් හීලෑ කර ගෙන තිබූ ටයිම්ස් පුවත්පත ද ෆිලීක්ස් ඩයස්ගේ එම ප්‍රකාශයට ඉහළම ප්‍රචාරයක් ලබාදී තිබුණේය. එම පුවත්පත් මගින් එ.ජා.ප නායකයන්ගේ රැස්වීම් සහ ප්‍රකාශවලට ලබාදී තිබුණේ සියයට දහයකටත් අඩු මට්ටමේ දුර්වල ප්‍රචාරයකි.
එ.ජා.පයට යම් තරමක හෝ සාධාරණ මට්ටමේ ප්‍රචාරයක් ලබාදෙන ලද්දේ දවස, වීරකේසරී පුවත්පත් මගින් පමණි. මේ අතර ආණ්ඩු පක්‍ෂයෙන් හැලීගිය ල.ස.ස.ප.ය සහ කො.ප.ය තම ප්‍රචාරක රැස්වීම් මගින් ආණ්ඩු පක්‍ෂයට නිර්දය ලෙස පහර ගැසූවද එම අදහස් හා මතවාද ජනතාව අතරට කාන්දු වූයේ මඳ වශයෙනි. ඒ සඳහා මුල් වූ ප්‍රධානතම හේතුව වූයේ ලේක් හවුස් හා ටයිම්ස් පුවත්පත් මගින් ල.ස.ස.ප. යේ සහ කො.ප.යේ නායක කාරකාදීන්ගේ ප්‍රකාශවලට කිසිදු ප්‍රචාරයක් ලබා නොදීමට ඒවායේ බලධාරීන්ට ඉහළින් උපදෙස් ලැබී තිබීමය. 


දවස ආයතනයේ පුවත්පත්වලින්ද සම සමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවල නායකයන්ගේ ප්‍රකාශ සඳහා කිසිදු ප්‍රචාරයක් නොලැබිණි. ඊට හේතු වී තිබුණේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට අයත් යැයි කියන ගිරිදර මෝලේ සේවක ප්‍රශ්නයක් පිළිබඳව 1965 මහමැතිවරණ සමයේ දවස සහ රිවිදින පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තියකට අදාළව දෙපාර්ශ්වය අතර හටගත් කෝන්තරයකි.


“ඔය ධනපති පත්තරවලින් අපට ප්‍රචාරයක් ලැබෙයි කියල හිතන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් පොකට් මීටින් තියල ජනතාව දැනුම්වත් කරමු...” යි කියමින් ඒ පිළිබඳව ල.ස.ස.ප මූලස්ථානයේදී දීර්ඝ සමාලෝචනයක් කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තම පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවධාරණය කළේ හැකිතාක් දුරට ජනතාව අතරට ගොස් කරුණු පැහැදිලි කිරීමෙන් එම බාධකය ජයගැනීමට හැකිවන බවයි. ඔහු තම ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේද එම ප්‍රතිපත්තියට අනුගතවය. 


මේ කාලය වනවිටත් ල.ස.ස.ප.ය මගින් ‘ජනදින’ නමින් දිනපතා පත්‍රයක් පවත්වාගෙන ගියේය. එසේ වුවද පක්‍ෂය මුහුණ දී සිටි ආර්ථික අපහසුතා නිසා එම පුවත්පත බෙදාහැරුණේ අවිධිමත් ලෙසිනි. ලංගම බස් රථ මගින් දුරබැහැර ප්‍රදේශවලට යවන ලද පත්තර මිටි නියමිත ඒජන්තවරුන්ට නොලැබී අස්ථානගත වී ඇතැයි කියන සිදුවීම් ගැනද නිතර දෙවේලේ අසන්නට ලැබුණේය.


කෙසේ වෙතත් කොමියුනිස්ට් පක්‍ෂය මගින් ප්‍රකාශයට පත් කළ ‘ඇත්ත’ පත්‍රය ‘ජනදින’ට වඩා ජනතාව අතර ජනප්‍රිය වී තිබිණි. එහෙයින් ඇත්ත පත්‍රයේ පිටපත් සෑහෙන සංඛ්‍යාවක් අලෙවි වුවද “මේ පිටු හතරකින් අපේ ඉලෙක්ෂන් කැම්පේන් එක කවර් කරන්න අමාරුයි” යි කියමින් ඇත්ත කර්තෘ බී. ඒ. සිරිවර්ධන මහතා කළමනාකාරිත්වයට නිතරම කංකෙඳිරි ගෑවේය.


එම තත්ත්වය යටතේ ල.ස.ස.ප අපේක්‍ෂකයන්ට, ඇත්ත පත්‍රයෙන් ප්‍රචාරයක් ලබාගැනීමට ද නොහැකිව තිබුණේය. ඒ අනුව පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අන්තිමේදී තීරණය කර තිබුණේ ල.ස.ස.ප අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක රැස්වීම්වලට දක්ෂ කථිකයන් වැඩි ප්‍රමාණයක් යොදවා ඔවුන්ගේ මාර්ගයෙන් ජනතාව දැනුම්වත් කිරීමට ය.


මේ අතර ල.ස.ස.ප.ය මුහුණ පා සිටින එම දුෂ්කරතාව පිළිබඳව එ.ජා.ප නායකයාටද කනින් කොනින් අසන්නට ලැබී තිබුණේය. 


“ආණ්ඩුව ගැන අපි කරන විවේචනවලට වඩා ඇන්. ඇම්. ලා කරන විවේචන ජනතාවගේ හිත්වලට වදිනවා. මොකද ඒ අය කාලයක් තිස්සේ ආණ්ඩුවත් එක්ක හිටියනේ... යි කියමින් මුසුප්පුවූ ජේ. ආර්. ට ඒ ගැන හරියටම දැන ගන්නට ලැබුණේ දිනක් කොළඹ පිහිටි විදේශීය තානාපති කාර්යාලයක පැවැති උත්සවයක දී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හමු වී සුහද පිළිසඳරක යෙදීමෙන් පසුවය. 


තම පක්‍ෂය එවර මහ මැතිවරණයකට තරග කරනු ලබන්නේ විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ බවත්, පක්‍ෂය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ‘ජනදින’ පුවත්පත පවා පවත්වාගෙන යනු ලබන්නේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී සෙසු පුවත්පත්වලින් තම පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට ප්‍රමාණවත් ප්‍රචාරයක් නොලැබෙන නිසා බවත් ල.ස.ස.ප. නායකයා ජේ. ආර්. ට ප්‍රකාශ කර තිබුණේය.


“ඒ අස්සේ අපි බස්වලට බාර දෙන පත්තර තුන හතරක් මගදී අන්තරස්දාන වෙනවා...යි කියමින් සිනාසුණු ආචාර්ය ඇන්. ඇම්. ගේ අනුමානය වූයේ ඒවා ආණ්ඩුවේ යුනියන්කාරයන්ගේ අළුගුත්තේරු වැඩ බවය. එසේම මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල ආණ්ඩුවට පමණක් නොව තම පක්‍ෂයට පවා බෙහෙවින් අවාසි සහගත විය හැකි බව අවංකවම හෙළි කිරීමටද හෙතෙම පසුබට නොවූයේ ඇත්ත ඇති හැටියෙන්ම ප්‍රකාශ කිරීමක් වශයෙනි. ජේ. ආර්. හිස සලමින් සාවධානව ඊට සවන් දුන්නේය.


මේ අතර එවකට මෙරට සිටි මුල් පෙළේ ධන කුවේරයෙකුගෙන් ඊට පසුදාම ල.ස.ස.ප. නායකයාට දුරකථන ඇමතුමක් ලැබී තිබුණේය. මඳ වේලාවක් ඇන්. ඇම්. සමග සතුටු සාමිච්චියේ යෙදී සිටි ඔහු කියා සිටියේ ‘ජනදින’ පත්‍රය වැඩි දියුණු කර වඩාත් සඵලදායක ලෙස පවත්වාගෙන යාම සඳහා මූල්‍යාධාරයක් ලබාදීමට තමන් කැමැති බවය. එය ණය මුදලක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.


‘මම එහෙම කරන්නේ අවශ්‍යතාවයේ වැදගත්කම සලකා ගෙන මිසක් වෙනත් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි’. එසේ කී එම ධන කුවේරයා තම මූල්‍යාධාරය කවුරුන් වෙත එවිය යුතු දැයි විමසා සිටියේය. එහෙත් ඊළඟ මොහොතේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගෙන් ලැබුණු පිළිතුර ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූවිරූ එකක් විය.
“මිස්ට.... අපේ පක්‍ෂයට මේ විදියේ ආධාරයක් ලබාදීමට ඉදිරිපත් වීම ගැන ස්තුතියි. ඒත් අපේ ප්‍රතිපත්තියට අනුව අපට එවැනි ආධාරයක් පිළිගන්න පුළුවක්කමක් නෑ’ යි සුපුරුදු ඉංග්‍රීසි බසින් කී ල.ස.ස.ප. නායකයා දුරකථනය විසන්ධි කළේය. ඉන් අනතුරුව පැවැති මහ මැතිවරණයෙන් එ.ජා.ප.යට මන්ත්‍රී ධුර 140ක විශිෂ්ට ජයක් ලැබී තිබුණේය. 1970 සිට ඒ දක්වා ආණ්ඩු බලය දැරූ ශ්‍රී.ල.නි.පයට රැකගත හැකි වූයේ මන්ත්‍රී ධූර 8ක් පමණි. ල.ස.ස.ප.යට සහ කො.ප.යට ද එකදු මන්ත්‍රී ධුරයක්වත් නොලැබුණු අතර, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ද ඡන්ද 2517 කින් තම යටියන්තොට අසුන පරාජය වී තිබුණේය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
සංරක්ෂිත ඡායාරූප



අදහස් (1)

වමේ නායකයන්ගේ කෙළින් වැඩ

sam Saturday, 23 February 2019 09:19 PM

77 මැතිවරණයට පෙර කාලයක එවකට රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ මමත් මිතුරෙකුත් පාසලෙන් හොරෙන් පැන SSC ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟයක් බැලීමට ගියා. රුපියලක ටිකට් එකකින් ක්‍රීඩාංගනයට පිවිස දිවා විවේකයට තරඟය නතර කල විට හොරෙන්ම පැවිලියන් එකට රිංගා ගත්තා. මුළුමනින්ම වාගේ හිස්ව තිබු ක්‍රීඩාංගනයේ අපට ඉදිරි අසුන් දෙකක සුදු නැෂනල් කාරයෙකුයි සුදු ෆුල් සූට් කාරයෙකුයි අතපය විසිකරමින් හිනා වෙමින් ඉංගිරිසියෙන් කතා කරමින් උන්නා. ඔවුන් දෙදෙනාම හොඳින් දැක පුරුදු බවක් පෙනුන නිසා විමසිලිමත් වූ විට මේ එකල ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වූ ඇන් ඇම් හා විපක්ෂ නායක ජේ ආර් දෙපොල බව හඳුනා ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site