IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රටම අඩපණ කළ මහ වැඩ වර්ජනය

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

 

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ඇතුළු සම සමාජ නායකයන්ගේ කැපවීම නිසාම මෙතෙක් කලක් මුළුල්ලේ ගොවි කම්කරු ජනතාව මෙන්ම රජයේ රැකියාවන්හි නියුතු අතිවිශාල ජනතාවකට තරමක හෝ සැනසිල්ලක් උදාවිය. එහෙත් මේ සියලු දෙය ඔවුන් වෙත ලබාදීම වෙනුවෙන් පාක්ෂිකයන් සිරබත් කමින් දුක් වින්දා පමණක් නොව මේ වන විටත් සියදිවි අහිමි කරගත් කිහිප දෙනෙක්ද වූහ.


මේ අන්දමින් සමසමාජවාදීන් ගෙන ගිය උද්ඝෝෂණ මාලාව 1946 ඔක්තෝබර් මාසය වන විට උච්චස්ථානයට පත්ව තිබිණ. මෙම වර්ජන රැල්ල පැනනැගුණේ රත්මලාන දුම්රිය වැඩපොළිනි. මේ වන විට මුළු ලංකාවේ පැවැති ප්‍රධාන මාර්ග පහසුකම් සහිත දුම්රිය මාර්ග මුළුමනින්ම යොමුව පැවතියේ දුම්රිය වැඩපොළිනි. නඩත්තු කටයුතු නොපිරිහෙළා ඉටුකිරීම තුළින් මගී ජනතාව වඩාත් විශ්වාසයෙන් යුතුව තම ගමන් සඳහා යොදාගෙන තිබුණේ දුම්රිය පමණක් නොව ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය යොමු කෙරුණු තේ නිෂ්පාදන ප්‍රවාහනය කෙරුණේ දුම්රිය මගිනි. තවත් අතකින් කොළඹ සිට ඈත ප්‍රදේශවලද  අත්‍යවශ්‍ය භාණ්ඩ යොමු කිරීමටද දුම්රිය සේවා අතිවිශාල මෙහෙවරක් ඉටු කරමින් තිබුණි. දුම්රිය ගමනාගමනය නතර විය. සේවකයෝ දුම්රිය මග තමන්ගේ ගෙදර දොර ලෙස සලසා ඉවුම්පිහුම් කටයුතු කළහ.


මුළු රටටම අත්‍යවශ්‍ය ආහාරපාන ගෙන එමින් තිබුණු නම්වලද වැඩ වර්ජනයකි. එතෙරින් පැමිණි විශාල නැව් සමූහයක් වරායේ නැංගූරම් ලා තිබිණ. එහෙත් සේවකයෝ එහි බඩු භාණ්ඩ පිටතට ගැනීම ප්‍රතික්‍ෂේප කළහ. දින කිහිපයක් තිස්සේ නැංගූරම් ලා තිබූ නැව් යළිත් තම දේශයට පිටත්ව ගියේ රජයට ඒ වෙනුවට වූ දඩ මුදල් ගෙවන්නට සිදු කරමිනි.


කොළොන්නාවේ රජයේ කර්මාන්තශාලාවේ කම්කරුවෝ සියලු වැඩ කටයුතු නවත්වා දැමූහ. විදුලිබල සම්පාදනාගාරය නෝටන්බි්‍රජ් වැඩපොළ කිසිවකුටත් නොදන්වා අතරමග නතර වී තිබිණ.


එදා මුළු කොළඹම ඒකාලෝක වූයේ ගෑස් සමාගම විසින් කරන ලද නිරන්තර සොයාබැලීම් හේතුවෙනි. ගෑස් සමාගමේ වැඩ වර්ජනයත් සමග අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන්ට සිය එදා වේල උයා පිහා ගැනීමට කාලයක් නොවීය. රටම අඳුරුව පැවතිණ.


කොළොම්පුරය පිසදා මුළුමහත් දේශයම සමසමාජ පක්ෂය මෙහෙය වූ සටන් මගට අවතීර්ණ වන්නට වූහ. යන්නට එන්නට පාරක් තොටක් නැති විය. ඇමැතිවරු, මන්ත්‍රීවරු ගමන් ගන්නා බස් රථවලට සුඛෝපභෝගී වාහනවලට ගල් මුගුරු නිරන්තරව එල්ල වන්නට පටන්ගති.


මෙකී මහ විප්‍රකාරයට ගොදුරු වූයේ ආණ්ඩුවේ කම්කරු ජනතාව කිසිදු කෙනෙකුගෙන් අවසරයක් නොගෙන ජාතික ව්‍යාපාරයට එක්වන්නට පටන් ගති.


මහ ආණ්ඩුව මෙහිදී නිකුත් කළ නියෝගයක් විය. සේවයට වාර්තා නොකරන සියලුම අය සේවයෙන් ඉවත්ව ගිය බවත් දිනක් දෙකක් ඇතුළත නොපැමිණියහොත් මෙතෙක් තමන් විසින් ලබාගන්නා ලද ණය මුදල් හිලව් කිරීමක් වශයෙන් සියලුම නිශ්චිත දේපොළ රජයට පවරා ගන්නට තීරණය කර ඇති බවත්ය. එහෙත් මේ කිසිවක් වර්ජනයේ යෙදී සිටියවුන්ට සිය ඉල්ලීම් ලබාගැනීමේ ඒකායන තීරණයට බාධාවක් නොවීය. අවසන්හි සිදු වූයේ වර්ජනයේ යෙදී සිටින අයවලුන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවකට සූදානම් බවට වැඩබලන ආණ්ඩුකාර තැන්පත් නායක විනිශ්චයකාර සර් ජෝන් හොවාර්ඞ් ගුවන් විදුලිය මගින් දන්වා සිටීමය.


මෙයට ප්‍රතිචාරයක් වශයෙන් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය ආණ්ඩුකාරවරයාට මෙසේ දන්වා යැවීය. “ඔබතුමන් විසින් රාත්‍රි 7.30ට කරන ලද ගුවන් විදුලි කතාව ගැන සලකා බැලූ අපි ඒ ගුවන් විදුලි  කතාවෙහි සඳහන් වූ ඇතැම් කරුණුත් එයින් උද්ගත වන කරුණුත් පැහැදිලි කිරීම පිණිස අපේ නියෝජිත පිරිසක් පිළිගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලමු. ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයෙන් පත්කර සිටින පහත නම් දැක්වෙන අය නියෝජිත මණ්ඩලයට ඇතුළත් වන්නාහ. එයින් මුල් පස්දෙනා සම්මේලනයේ නියෝජිතයන් වශයෙන්ද අන්තිම සිව්දෙනා උපදේශකයන් වශයෙන් ද පෙනී සිටින්නාහ. ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ නියෝජිතයන් මෙසේය.


සී. ගන්දර, ඩී. ඩී. එදිරිසූරිය, ආර්. ඒ. පියදාස පී. එස්. සේරසිංහ, කේ. පී. සිල්වා උපදේශකයන් වනුයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ එම්. ජී. මෙන්ඩිස් යන අයය.


මෙම ලිපියට ආණ්ඩුකාර ලේකම් සී. එච්. හාඞ්වෙල් එවූ පිළිතුරු ලිපියේ මෙසේ සඳහන් විය.


“ආණ්ඩුකාරතුමා ආණ්ඩුවේ සේවකයන්ගේ දුක් ගැනවිලි ගැන සොයා බැලීමට සෑම වේලාවකම සූදානම් හෙයින් ඔබ ලියමනෙහි සඳහන් සම්මේලනයේ පස්දෙනා පිළිගැනීමට එතුමා කැමති බව ඔක්තෝබර් 20 වැනි දින ඔබ එවූ ලියමනට පිළිතුරු වශයෙන් දන්වන ලෙස මට නියම කර තිබේ. ආණ්ඩුවේ සේවකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සේවකයන් නොවන අය විසින් කරුණු කීම සාමාන්‍ය සිරිත නොවන නමුත් සම්මේලනයට වෙන අයකුගේ සහාය අපේක්ෂා කරතොත් එසේ සහයවීම පිණිස යුෂ්මතුන්ට එක් අයකු කැඳවාගෙන යා හැකිය.”
ඇන්. ඇම්. ගුණසිංහ, කොල්වින්, ඇම්. ජී. යන උපදේශක නාම ලේඛනයෙහි සඳහන් කර තිබුණද සමිති සම්මේලනය ඒ සඳහා තෝරා ගත්තේ ආණ්ඩුකාර නියම පරිදි එක් අයකු පමණක් හෙයින් ඇන්. ඇම්. උපදේශකයා වශයෙන් සහභාගි කිරීමටය.


පොලිසිය මෙහිදී එන්. එම්. කිසිදු හේතුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබීය. සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නම් සිරගත කරනු ලැබූ ඇන්. ඇම්. මේ සඳහා එක්කර ගත යුතු යැයි නියෝජිතයෝ කීහ. වහාම ඇන්. ඇම්. රජගෙදර සාකච්ඡාවට රැගෙන එන ලෙස ආණ්ඩුකාරයා පොලිසියට නියෝග කළේය. එහෙත් සිරභාරයේ සිට පොලිස් ආරක්‍ෂාව ඇතිව ඒ සඳහා පැමිණීමට නොහැකි බව ඇන්. ඇම්. ගේ ස්ථාවරය විය.


වැඩ වර්ජකයෝ යළි නව පණක් ලැබූහ. මෙතෙක් වර්ජනයට සහභාගි නොවී සිටි වීදුරු කම්හලේ සේවකයන්, ටයිම්ස් සමාගමේ සේවකයන් හා සවුත් වෙස්ටර්න් බස් රථ සමාගමේ සේවකයෝද වර්ජනයට එක් වූහ. කර කියාගත හැකි කිසිවක් නොවූයෙන් ඇන්. ඇම්. සිරගෙයින් නිදහස් කරන ලෙස වැඩබලන ආණ්ඩුකාරවරයා නියෝගයක් නිකුත් කළේය. පස්වරු තුනට පමණ කම්කරු නියෝජිතයන් පිරිවරාගත් ඇන්. ඇම්. ආණ්ඩුකාරයා සමග සාකච්ඡාවට පැමිණියේය.

 

 

නන්දසේන සූරියආරච්චි ලියූ “ඇන්. ඇම්.” කෘතියෙනි



අදහස් (0)

රටම අඩපණ කළ මහ වැඩ වර්ජනය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site