IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට කැළඹූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ

 

ජනතාව විසින් පත්කරගන්නා ලද ආණ්ඩු බිඳදැමීමේ කුමන්ත්‍රණ පිළිබඳ විදෙස් රටවලින් මෙන්ම මෙරටින් ද ඕනෑ තරම් නිදසුන් වෙයි. මෙරට රාජ්‍ය ආණ්ඩු සමයේද රැජිනගේ ආණ්ඩු සමයේදී මෙන්ම විධායක ජනපති ආණ්ඩුසමයේද මෙවැනි දේශපාලන කුමන්ත්‍රණ ගැන තොරතුරු ලැබේ.


මෙම කුමන්ත්‍රණ චෝදනාව කෙළින්ම ආරක්ෂක අංශවලට එල්ලවන නමුදු මේවා පිටුපස සිටින්නේ පාලන බලය ලබාගැනීමේ කපටි චේතනාවෙන් සිටින දේශපාලන බලවේග බව නොරහසකි.
ඇතැම් කුමන්ත්‍රණ ඉතාම සැලසුම්කාරී ඒවා වන අතර ඇතැම් කුමන්ත්‍රණ ආයුධ සන්නද්ධවම සිදුකිරීමට සැලසුම් කෙරෙයි. එසේම හුදෙක්ම බොරු චෝදනා හා මැවූ සාක්ෂිමත සඳහන් වූ ඒවා බැවින් අහිංසකයන් බොහෝ දෙනෙකුට අපරාධකාරී හංවඩුව වැදී සිරමැදිරිවල දිගුකල් කොටුවීමට සිදුවීම ස්වභාවිකය.


නොයෙකුත් හේතුන් නිසා කාලයේ වැලිතලාවෙන් වසාදමනු ලැබූ කුමන්ත්‍රණ මෙන්ම වෙනස් මුහුණුවරින් අද ද සිදුවන කුමන්ත්‍රණ පිළිබඳ තොරතුරු ලැබේ. කොටි ත්‍රස්තයන් පරාජය කර රට එක්සේසත් කළ රණවිරුවන් යුද අපරාධ චෝදනා එල්ලකර සිරගත කොට බෙදුම්වාදීන්ගේ මනදොළ පිරවීමේ කුමන්ත්‍රණයක් ගැන විපක්‍ෂය චෝදනා එල්ල කරයි.


1961 දී ශ්‍රීලනිප ආණ්ඩු සමයේ එතෙක් පෞද්ගලික හා මිෂනාරි බලවේග අත තිබූ පාසල් අධ්‍යාපනය රජයට පවරා ගැනිණ. මෙයින් කුපිත වූ දෙස් විදෙස් බලවේග දේශීය ආරක්ෂක හමුදා ලවා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කළහ. 


මෙම කුමන්ත්‍රණය 1962 ජනවාරි 27 වැනිදා රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර කොළඹ නගරය, ගුවන් විදුලිය, දුරකථන සේවා ඇඳිරිනීති පනවා බණ්ඩාරනායක අගමැතිනිය හා ඇගේ දූ පුතුන් අමාත්‍යවරුන් විශේෂයෙන් වාමාංශික නායකයන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ලොක්කන් හා පොලිස්පති ඇතුළු නිලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රිස්තියානි බලවේග සැලසුම් කළහ.


එහෙත් අවසන් මොහොතේ ජාති හිතෛෂීන්ගේ එළිදරව් කිරීම් හමුවේ කුමන්ත්‍රණය ව්‍යාර්ථ වූ අතර විශේෂ අධිකරණයක් ඉදිරියට චූදිතයන් යොමු කෙරිණ.


මිෂනාරි කුමන්ත්‍රණයේ පළමු විත්තිකරු වූයේ එකල ඉඩම් සංවර්ධන අධ්‍යක්‍ෂක වූ ඩග්ලස් ලියනගේය. කුමන්ත්‍රණයට හවුල් වූ සිංහලයන් දොළොසක්ද ද්‍රවිඩයන් හය දෙනෙක්ද බර්ගර් ජාතිකයන් හයදෙනෙක් අධිකරණයට යොමු කෙරිණ.


චූදිතයන්ට දස අවුරුදු සිරදඬුවම් දී දේපොළ රාජසන්තක කෙරිණ.


එහෙත් එකල පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා නීති පද්ධතියේ දුර්වලකම් නිසා එංගලන්තයේ ප්‍රිවි කවුන්සලය නීති ප්‍රශ්නයක් මත ඔවුන් නිදහස් කළේය. කෙසේ වෙතත් 1962 කුමන්ත්‍රණය පිටුපස සිටි දේශපාලන චරිතයන් කිහිපයකගේ නම් හෙළිවිය.


පළමු විත්තිකරු වූ ඩග්ලස් ලියනගේට පසුව යුඇන්පී ආණ්ඩුවක් යටතේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් පදවිය ලැබිණ.


එකල සෑම වසරකම පාර්ලිමේන්තු සැසිවාරයක් ඇරඹිමේ දී රජයේ අරමුණ සහ ප්‍රතිපත්ති ඇතුළත් “රාජාසන කථාව” ආණ්ඩුකාරවරයා විසින් කියවනු ලැබේ. අනතුරුව එය මැතිසබයේදී විවාද කොට සම්මත කරගැනීම පිළිවෙත විය.


එදා ශ්‍රීලනිපයේ උපනායක මෙන්ම සභාපති පදවි දැරුවේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනය නියෝජනය කළ සී. පී. ද සිල්වාය.


ඔහු ඇතුළු හතර දෙනාගේ කල්ලිය ලෙස නම් කළ මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ආණ්ඩුවේ රාජාසන කථාව වැඩි ඡන්දයෙන් පරාජය කරන ලදී. එය දේශපාලන වේදිකාවේ හැඳින්වූයේ පිටුපස්සෙන් සිට පිහියෙන් ඇනීමක් ලෙසයි.


කථානායකගේ ඡන්දය ද ගෙන වැඩි ඡන්ද එකකින් පරාජය වූ පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර 1965 දී පැවැත් වූ මහඡන්දයෙන් ඩඞ්ලි සේනානායකගේ යු.ඇන්.පිය සහ පෙඩරල් පක්ෂයද ඇතුළු හත් හවුල් රජය බිහිවිය.


1966 දී හත්හවුල් ආණ්ඩුවට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක යෙදුණ යැයි පස්වසරක් පුරා යාපනයේ අණදෙන නිලධාරී ලෙස උතුරේ ආරක්ෂාව සඳහා අගනා මෙහෙයක් කළ හමුදාපති රිචඞ් උඩුගම ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගැනිණ. 


රිචඞ් උඩුගම බණ්ඩාරනායක මැතිනියගේ ඥතියකු ද වූ අතර ඉහළ ශ්‍රේණිවල නොවූ හමුදා භටයන් රැසක් හා සිවිල් වැසියන් රැසක්ද චෝදනා ලැබුවෝය.


මෙහිදී අත් අඩංගුවට ගත් කෝප්රල් තිලකවර්ධන සහ දොඩම්පේ මුදලාලි යන අය රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන අතරේම අද්භූත ලෙස මරණයට පත්වූහ. දොඩම්පෙ මුදලාලිගේ මරණය රහස් පොලිස්  මුලස්ථානයේ හතරවෙනි තට්ටුවෙන් බිමට වැටී සිදු වූවක් බව රජය නිවේදනය කළත් එය මිනීමැරුමක් බව නීතිඥයෝ උසාවියට ඔප්පු කළහ.


ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක වූ හේන්පිටගෙදර ඥණසීහ හිමියෝ ප්‍රධාන චූදිතයා වූ අතර සිංහල බෞද්ධ නිලධාරින් රැසක්ම කුමන්ත්‍රණ චෝදනාවට ලක්වූහ. එම පිරිස අනිවාර්ය නිවාඩු ගන්වන ලදි. රිචඞ් උඩුගම මෙරට පළමුවන සිංහල බෞද්ධ හමුදා නායකයා විය.


එවකට අගවිනිසුරු පදවිය දැරූ ජී. පී. ඒ. ද සිල්වා ඇතුළු විනිසුරුවන් පස්දෙනකු ඉදිරියේ මෙම නඩුව වසර දෙකක් විභාග විණ. මෙහිදී විත්තිකරුවන් උදෙසා පෙනී සිටියේ ප්‍රකට නීති විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වාගේ නීතිඥ කණ්ඩායමයි.


සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කළ සාක්‍ෂි මතම මෙම අවනඩුව ගොනු වී ඇති බව හෙළිවීම නිසා සියලු චූදිතයන් නිදහස් කෙරිණ.


මෙය ඇත්ත පුවත්පත මගින් ‘වැසිකිළි කුමන්ත්‍රණයක්’ ලෙස උපහාසයට පත්කරන ලදී.


වසර දෙකක් පුරා චූදිතයන්ගේ මුවින් සහ ව්‍යාජ සාක්‍ෂිවලින් කරුණු හෙළිදරව් කරගෙන කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීමට ආණ්ඩුවේ නීතිපති ඒ. සී. ඇම්. අමිර්ගේ මෙහෙයුමෙන් දැරූ සියලු ප්‍රයත්න ව්‍යර්ථ වූයේය.


1966 ජුලි 07 වැනිදා යුද හමුදාපති මේජර්  ජනරාල් රිචඞ් උඩුගම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලක්දිවට පැමිණියේ එංගලන්තයේ කළ සංචාරයකට පසුවය. යුද හමුදාවට අවශ්‍ය යුදමය උපකරණ පරීක්ෂා කිරීම සංචාරයේ අරමුණ විය. ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ පණිවුඩයක් ඔහුට ලැබිණ.


‘වහාම ලංකාවට පැමිණෙන්න”


ගුවන් තොටුපළෙන් බසිනවිටදී ඔහුට කිසිදු අනතුරක සේයාවක්වත් නොලැබිණි. ඔහු වටා පොලිස් නිලධාරීහු රොද බැඳගත්හ. පොලිස්පතිතුමාගේ අණ පරිදි ඔබ අත් අඩංගුවට ගන්නවා.


හදිසි නීති රෙගුලාසි යටතේ රඳවාගැනීමේ නියෝගයද සහිතව පොලිස්පති ජෝන් ආටිගල ඔහු අත් අඩංගුවට ගත්තේය.

 

පළමු විත්තිකරු වූ හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ඇතුළු 28 දෙනා දිගින් දිගටම රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ අතර රිචඞ් උඩුගම ඔවුන්ගෙන් වෙන්කර වැලිකඩ මැගසින් බන්ධනාගාර ගත කෙරිණ.


කුමන්ත්‍රණකරුවන් අතර කපිතාන් සිගේරා හා මායාදුන්නේ යන නිලධාරිහුද වූහ.


1965 දෙසැම්බර් 01 වැනිදා සිට 1966 පෙබරවාරි 18 වැනිදා දක්වා රැජිනගේ ආණ්ඩුව යුද බලයෙන් පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම හා එම කාල සීමාව තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට සූදානම් වීම ප්‍රධාන චෝදනා යටතේ නඩු පැවරිණ.


නඩු විභාගය නැරඹීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු ප්‍රභූවරු රැසක් පැමිණියහ. ප්‍රින්ස් ගුණසේකර, අනිල් මුණසිංහ සහ බැටී වීරකෝන් යන අධිනීතිඥවරු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අය අතර වූහ.


නඩුව විභාගවූයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බී. ජී. එස්. ඬේවිඞ් මහතා ඉදිරියේය.


1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයද මෙරට ශෝකයෙන් හා බියෙන් ඇළලී ගිය කුමන්ත්‍රණයකි. 1971 දී ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූ අප්‍රේල් කැරැල්ල ආයුධ සන්නද්ධව කළ අරගලකාරී දේශපාලන පියවරකි. මෙහි කැරලිකරුවන්ට නීත්‍යනුකූලව නඩු පැවරූ අතර බොහෝ පිරිස් පුනරුත්ථාපනය කර සමාජ ගත කෙරිණ. ජේ. ආර්. ජයවර්දන ජනපතිදුන් විසින් 71 කැරැල්ලේ නායකයන් නිදහස් කර හරින ලද නමුත් ඔවුන් යළිත් 1988 - 89 කාලයේ භීෂණ වාතාවරණයක් රටපුරා ඇතිකරමින් සන්නද්ධ අරගලයක් නිර්මාණය කළේය. 


උතුරේ වෙනම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා එල්.ටී.ටී.ඊ සංවිධානය ඇරඹූ අරගලය 88-89 වනවිට බිහිසුණු යුද්ධ වාතාවරණයක් ඇති කොට තිබිණ. මහජනතාව විසින් පත්කරගන්නා ලද නියෝජිතයන් මෙන්ම ආරක්ෂක හමුදාවත්, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකායන් සමූල ඝාතනය කොට මුළු රටම ලේ විලක් බවට පත්කර රාජ්‍ය බලය දිනාගැනීමට ආයුධ සන්නද්ද කුමන්ත්‍රණයක්ද වසර 30 ක් තිස්සේ මෝරායමින් තිබිණ.


2009 වසරේ මැයි 18 දින එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු යුද වාතාවරණය වෙනුවට සමකාමී පරිසරයක් ඇතිකර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යළි ස්ථාපිත කිරීමට ජනපති මහින්ද රාජපක්ෂගේ රජයට හැකිවිය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධාන පොදු පෙරමුණ මුහුණදුන් මහමැතිවරණයට සමගාමීව ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු වාර්තාවිය.


මේ වෙනුවෙන්ම හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් සිසිල් වෛද්‍යරත්න යළි සියරටට කැඳවූ බවටද තොරතුරු හෙළිවිය. මහමැතිවරණ සමයේදී පළාලි යුද කඳවුරේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලට යූ.ඇන්.පී අපේක්ෂකයන්ට වාසි වන ලෙස බලෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු කළ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරි බි්‍රගේඩියර් සරත් ෆොන්සේකාට ඇඟිල්ල දිගුවිය. මේ සඳහා ජනපතිනිය නිර්දේශ ලබාගැනීම සඳහා මහාධිකරණ විනිසුරු වූ ජී. එම්. සමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කොමිසමක් පත්කළ අතර රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවිය. එහි නිර්දේශ පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය නොවීම විමතියට කරුණක් බව ජනතාව පවසති.

 

 

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

රට කැළඹූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site