IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මංගල හෙළි කළ රහසක්

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයෙකු ඉකුත්දා කතානායක කරු ජයසූරිය මහතාට මෙරට ජනමාධ්‍යය හරහා බරපතළ චෝදනාවක් කළේය. එහිදී ඔහු කියා සිටියේ කතානායකවරයා පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබෙන උපදෙස් අනුව බවය. 


“එතුමා පාර්ලිමේන්තුවේදී යම් තීන්දුවක් ගන්න කලින් සබා ගැබේ ඉන්න රනිල් මහත්තයා දිහා බලනවා. එතකොට රනිල් මහත්තයා ඔළුව ඉහළ පහළ වැනුවොත් හොඳයි කියල අදාළ ප්‍රශ්නයට එකඟත්වය පළකරනවා. හැබැයි එතුමා ඔළුව දෙපැත්තට වැනුවොත් කථානායකතුමා අම්මා මුත්තෙ කිව්වත් ඒ ඉල්ලීමට ඉඩ දෙන්නෙ නෑ...!”


එහෙත් ඒ කතාව දුෂ්ට අදහසින් කළ සාවද්‍ය ප්‍රකාශයක් බව කතානායක කරු ජයසූරිය මහතාගේ පිළිගැනීමයි. 


“මම පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ඊට අදාළ නීතිමය තත්ත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ මිසක් කාගෙවත් කීමට මම තීන්දු තීරණ ගන්නෙ නෑ...!”යි කියන කරු ජයසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තමන්ට එලෙස චෝදනා කරන මන්ත්‍රීවරයා හිතාමතාම බොරු ගොතා කියමින් තමන්ට මඩගසන බවය. එසේම එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අමූලික බොරුවක් බව තමන්ටත් වඩා හොඳින් ඔහු දන්නා බව හෙතෙම අවධාරණය කරන්නේ සිනාසෙමිනි. 


එසේ වුවද ඒකාබද්ධ විපක්‍ෂයට අයත් එම මන්ත්‍රීවරයා සඳහන් කරන අන්දමේ සිද්ධියක් මීට වසර හැටකට හෝ ඊට ඉහත කාලයක මාතර පළාත් ආණ්ඩු සභාවේ මාසික රැස්වීම්වලදී කීප වතාවක්ම සිදුවී තිබුණේය. ඒ සඳහා මුල්වී ඇත්තේ 1956 දී පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අධිනීතිඥ මහානාම සමරවීර මහතා සහ ඔහුගේ බිරිඳ වන ඛේමා සමරවීර මහත්මියයි. එම යුවළගේ බාල පුත්‍රයා වන වත්මන් මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරන අන්දමට තම මෑණියන් එකල මාතර පළාත් ආණ්ඩු සභාවේ පිලදුව කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරිය වශයෙන් කටයුතු කළාය. 


“ඒ දවස්වල අපේ තාත්තා බණ්ඩාරනායක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් වුණාට අම්මාට දේශපාලන කටයුතු ගැන කිසිම උනන්දුවක් තිබිල නෑ. ඒ වගේම අම්මා තාත්තාට වඩා අවුරුදු 13 ක් බාලයි. ඉතින් අම්මාට ඕන කරල තිබුණේ ගෙදරට වෙලා අපිවත් බලා කියාගෙන නිවී සැනසිල්ලේ ඉන්නයි...!” යි කියමින් එම අතීතය සිහිපත් කරන මංගල සමරවීර සඳහන් කරන්නේ මාතර පළාත් ආණ්ඩු සභා මැතිවරණය ප්‍රකාශයට පත්වූ වහාම තම පියා හමුවීමට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් ඛේමා නෝනා ඡන්දයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවය. විශේෂයෙන්ම ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ මහානාම සමරවීර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර කාලයක් තිස්සේ පිලදූව කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස මාතර පළාත් ආණ්ඩු සභාවේ කටයුතු කර තිබීමය.


“අනේ සහෝදරය ඒක නං කරන්න බෑ! මොකද එයාට මේ දේශපාලන කටයුතු ගැන කිසිම උනන්දුවක් නෑ.”


ඔහු එලෙස කීවද ප්‍රදේශවාසීන් දැඩි ලෙසම කියා සිටියේ ඛේමා නෝනා කෙසේ හෝ පිලදූව කොට්ඨාසය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බවය.

 
“හරි එහෙම නං ඔය සහෝදරවරුම අපේ නෝනට කියල බලන්න”යි එවර මහනාම සමරවීර කියා සිටියේ බැරිම තැනය. ඇය කිසිසේත්ම ඒ සඳහා කැමැති නොවන බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. තම සැමියාත්, ඔහුගේ ළඟම ආධාරකරුවන් පිරිසත් අතර ඇතිවූ එම කතාබහ ඇසී සමරවීර මහත්මිය ද ආලින්දයට කර පොවා බැලුවේ ඔවුන් තමන්ගේ නම සඳහන් කළ අයුරු ඇසුණු බැවිනි. 


“ඒ සැරේ ඒ මිනිස්සු අපේ අම්මට කියල තියෙනවා, නෝනා අපි වෙනුවෙන් මෙදා සැරේ ඡන්දෙ ඉල්ලන්න ඕන. නෝනා එන්නෙ නැත්නම් අපි යූ.ඇන්.පී. අපේක්ෂකයට ඡන්දෙ දානවයි කියලා. ඒ දවස්වල පිලදුව කියන්නේ ශ්‍රී ලංකා බළකොටුවක්. ඉතින් එහෙව් එකේ පිලදුව කොට්ඨාසයෙන් වෙන පක්‍ෂයක අපේක්‍ෂකයෙක් දිනලා යූ.සී. එකට ගියොත් හොඳ නැති නිසා තාත්තාත් අම්මාට කිව්වලු එහෙම නම් ඛේමා ඔයා ඉල්ලන්න කියලා...!”
මංගල සමරවීර එසේ කියන්නේ තම මෑණියන් ප්‍රථම වතාවට මාතර පළාත් ආණ්ඩු සභාවේ පිලදුව කොට්ඨාසය නියෝජනය කිරීම සඳහා තේරී පත්වූ අයුරු සිහිපත් කරමිනි. ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වූ සමරවීර මැතිනිය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර පළාත් ආණ්ඩු සභාවේ පිලදුව කොට්ඨාසය නියෝජනය කිරීම සඳහා තේරී පත්වූවාය. 


“අපේ තාත්තගෙයි, ගමේ ආධාරකාරයන්ගෙයි බලකිරීම නිසා ඡන්දෙට ඉදිරිපත් වුණාට මුල් දවස්වල අපේ අම්මාට දේශපාලන වැඩ ගැන කිසිම දෙයක් තේරුණේ නැතිලු. ඒ සැරේ යූ.සී. එක රැස්වෙනදාට අපේ අම්මා තාත්තාට කියලා තියෙනවා, ඔයත් ඇවිල්ල මහජන ගැලරියේ ඉඳගෙන ඉන්න කියලා....”


වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා කියන අන්දමට එවර මාතර පළාත් ආණ්ඩු සභාවේ ප්‍රථම රැස්වීම ඇතුළු රැස්වීම් වාර කීපයකටම ඔහුගේ මව සහභාගිවී තිබුණේ තම සැමියා ද සමගය. ඇය එසේ කර තිබෙන්නේ පළාත් ආණ්ඩු සභාවේ මාසික රැස්වීමේ කටයුතු ගැන තමන්ට කිසිදු අවබෝධයක් නොතිබූ බැවිනි. ඒ අනුව මංගලගේ මව සෙසු නාගරික මන්ත්‍රීවරුන් ද සමග සභාවේ මාසික රැස්වීමට සහභාගි වූ අතර ඔහුගේ පියා මහජන ගැලරියේ සිට ඒ දෙස බලා සිටියේය. 


“දැන් ඔන්න මොකක් හරි කාරණයක් ගැන ඡන්ද විමසීමක් තියන්න යන කොට අම්මා හොරෙන්ම තාත්තා දිහා බලනවා. තාත්ත ඔළුව කැසුවොත් අම්මා විරුද්ධව ඡන්දෙ දෙනවා. ඊළඟට මූණ අත ගගා හිටියොත් අම්මා ඊට පක්‍ෂව ඡන්දෙ දෙනවා. ඒ විදියට තමයි අපේ අම්මා යූ.සී. එකට පත්වෙලා මාස දෙක තුනක් යනකං රැස්වීම්වලට සහභාගී වෙලා තියෙන්නේ...”


මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර එසේ කියන්නේ මීට වසර හැට හැත්තෑවකට පෙර තම මෑණියන් ප්‍රථම වරට මාතර පළාත් ආණ්ඩු සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස පත්ව අලුත ඇතිවූ සිද්ධියක් සිහිපත් කරමිනි. ප්‍රදේශවාසීන්ගේ බල කිරීම මත දේශපාලනයට ඇදී ගිය තම මෑණියන්ට එදා එසේ කිරීමට සිදුවී තිබුණ ද කෘතහස්ත දේශපාලනඥයෙකු වන වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට අද එවැනි අවශ්‍යතාවක් ඇතැයි තමන් කිසිසේත්ම නොසිතන බව හෙතෙම පවසයි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

මංගල හෙළි කළ රහසක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site