IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාක්ෂිකයන්ගේ රජ ගෙය වටලෑම නතර කළ රනිල්ගේ මෙහෙයුම

2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජය ගැනීමෙන් පසු මෙරට ඇතිවූයේ දෙවැදෑරුම් පාලනයකි. එසේ වූයේ රටේ රාජ්‍ය නායකත්වය එක් පාර්ශ්වයකටත්, පාලන බලය ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයකටත් හිමිවූ බැවිනි.


එම තත්ත්වය මත රාජ්‍ය නායකත්වය දැරූ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියත්, පාලන බලය දැරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ගැටුමකින් තොරව රාජ්‍ය පාලනය කරගෙන යාමට සෑහෙන උත්සාහයක් දරා තිබුණහ. එහෙත් එය එතරම් ලේසි පාසු කර්තව්‍යයක් නොවූයේ ආණ්ඩුවේ සිටි ඇතැම් විසේකාර ඇමැතිවරුන් නිරතුරුව ජනාධිපතිනිය සමග හැල හැප්පීම් ඇතිකර ගත් බැවිනි.


මේ අතර විපක්ෂයේ සිටි ඇතැම් මන්ත්‍රීවරුද “මැඩම් රටේ රාජ්‍ය නායිකාවනේ ....... ඔය මිනිස්සුන්ට සෙකන්ඞ් වෙන්න යන්න එපා ....!” යි කියමින් ඇවිළෙන ගින්නට පිදුරු දැමූහ. එයින් සිදුවූයේ දෙපාර්ශ්වය අතර මත ගැටුම තව තවත් උග්‍ර අතට හැරීමය. මේ වනවිට මිලින්ද මොරගොඩ ඇමැතිවරයා යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලයේ යම් අක්‍රමිකතාවක් සිදුවෙමින් පවතින බවක් අසන්නට ලැබුණේය. ඊට දින කීපයකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවට ගොස් තිබුණේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික සමුළුවකට සහභාගිවීමටය. 


“මැඩම් මේක තමයි හොඳම අවස්ථාව මැඩම්ගේ බලය පෙන්වන්න!” යි කී පොදුජන එක්සත් පෙරමුණේ මංගල සමරවීර සහ ඩිලාන් පෙරේරා වැනි ජනාධිපතිනියගේ සමීපතමයන් දුන් උපදේශය වූයේ තමන් සතු විධායක බලතල යොදවා ලොතරැයි මණ්ඩලය ජනාධිපතිනිය යටතට පවරා ගන්නා ලෙසය. ඇයද ඊට එකඟ වූවාය.


ඒ සඳහා ජනාධිපති කාර්යාලයෙන් එවන ලද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයෙන් ප්‍රමාද කෙරුණේය. එම තත්ත්වය යටතේ ජනාධිපතිනියට සිදුවූයේ රජයේ මුද්‍රණාලය අයත් ජනසන්නිවේදන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමටය. ඉන්පසු එම ගැසට් නිවේදන දෙකම ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ ලහි ලහියේ මුද්‍රණය කෙරුණේය. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශය පමණක් නොව අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශය ද ජනාධිපතිනිය යටතට පවරා ගෙන පසුව පොදු පෙරමුණු සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු එම අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් ලෙස පත් කෙරුණේය.


එම සියලු දෑ සිදු කෙරුණේ මංගල සමරවීර සහ ලක්ෂ්මන් කදිර ගාමර් යන හිටපු ඇමැතිවරුන්ගේ මෙහෙයවීමෙනි. ප්‍රශ්නය මෙලෙස දුරදිග යද්දී ආණ්ඩුවේ රාජිත සහ එස්. බී. වැනි ඇමැතිවරුන්ගේ අදහස වූයේ තමන් ද කැත්තට, පොල්ලමෙන් සිටිය යුතු බවය. අනතුරුව ඔවුන් කළේ විදේශගතව සිටි අගමැතිවරයාට ඒ බව දැනුම් දීමය.


හරි මම අනිද්දා ලංකාවට එනවා. එතකං ඉවසන්න. 


ශ්‍රී ලංකාවේ තම ආණ්ඩුව තුළ සිදුවී ඇති මේ අලකලංචිය ගැන දැනගත් වහාම ඔහු තමන්ගේ ගෝල බාලයන්ට උපදෙස් දුන්නේය.


මේ අතර මෙරට සිටි ඇතැම් දඩබ්බර තරුණ ඇමැතිවරුන්ට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිනිය විසින් තමන් යටතට ගත් එම අමාත්‍යාංශ තුනම හොඳින් බැරිනම් නරකින් හෝ ආපසු පවරා ගැනීමටය.


“අපි ලොක්කා ලංකාවට එන දවසට පුළුවන් තරං සෙනඟ අරගෙන ගිහින් එයාපෝර්ට් එක ළඟ ඉඳන් කොළඹට එනකංම පෙළපාළියකින් ඇවිත් ජනාධිපති මන්දිරය නැත්තං අරලිය ගහ මන්දිරය වටලමු”යි කී එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ආපසු එනදා කටුනායක ගුවන් තොටුපළට ගියේ මහ සෙනඟක් ද පිරිවරා ගෙනය.


“ආ ... මොකද මේ හැටි සෙනඟක්?”


ගුවන් තොටුපොළෙන් දිවයිනට සැපත් වූ රනිල් තමන් පිළිගැනීමට රැස්වී සිටි සෙනඟ කන්දරාව දැක පුදුමවී බලා සිටියේය. කෙසේ වෙතත් ඒ තරම් විශාල පාක්ෂිකයන් සමූහයක් එහි රැස්ව සිටීම ගැන ඔහු තුළද ඇතිවූයේ පුදුමාකාර සතුටකි. 


“මට හිතෙන හැටියට එතන රැස්වෙලා හිටියා විසිපන්දාහකටත් වැඩි සෙනඟක්. ඒ සේරමලා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආපු අය. කොළඹට සම්බන්ධ අයත් දෙතුන් දාහක් ඉන්න ඇති.”


වත්මන් කතානායක කරු ජයසූරිය මහතා එසේ කියන්නේ අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා එදින කටුනායක ගුවන් තොටුපළට රැස්ව සිටි පාක්ෂිකයන් පිරිස ගැන සිහිපත් කරමිනි. සැතපුම් දහස් ගණනක ගුවන් ගමනකින් පසු දිවයිනට පැමිණි අගමැතිවරයාට අවශ්‍ය වූයේ හැකිතාක් ඉක්මනින් නිවසට ගොස් මඳ විවේකයක් ගැනීමටය. එහෙත් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවයක් නොදුන් රැස්ව සිටි පිරිස එක හඬින් කියා සිටියේ තමන් සමඟ පා ගමනින් කොළඹට යාම සඳහා එක්වන ලෙසය.


“හොඳයි එහෙම නං අපි යමු ....!”යි කී රනිල් වික්‍රමසිංහ මහතාද එම සෙනඟ අතරට එක්වූයේ ගමන් වෙහෙස පවා අමතක කරමිනි. එම සෙනඟ කන්දරාව දැකීමෙන් අග්‍රාමාත්‍යවරයා ද තරමක් උද්දාමයට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබිණි.

 

 

“ඒ සෙනඟත් එක්ක නායකතුමාට කොළඹට එන්න පැය 12කටත් වඩා ගත වුණා. ඒ මුළු කාලය තුළම මීගමුව  - කොළඹ මාර්ගයේ වාහන ගමනා ගමනය සිදුවුණේ මාර්ගයේ එක් පැත්තක පමණයි. ඒ වගේම තමයි පොලිසියෙන් කිසිම බාධාවක් වුණෙත් නෑ. පෙළපාළියේ ආපු සෙනඟ වැඩිපුරම සටන් පාඨ කිව්වේ ජනාධිපතිනියට විරුද්ධවයි. හැබැයි මග දිගට තැන් තැන්වල රැස්වෙලා හිටපු පොදු පෙමුණේ ආධාරකාරයන් පෙළපාළිය දිහා බලා හිටියා මිසක් ඊට විරුද්ධව කටක් හෙල්ලුවේ නෑ. ....!”යි කියන හිටපු ඇමැතිවරයෙකු සහ එජාප මහලේකම්වරයෙකුද වූ තිස්ස අත්තනායක සඳහන් කරන්නේ පෙළපාළිය කැලණි පාලමෙන් එගොඩ වී කොළඹට එන අතරතුර එස්. බී., රාජිත සහ මහින්ද විජේසේකර එක්වරම අලුත් අදහසක් ඉදිරිපත් කළ බවය.


“සර් අපි මෙහෙම ගිහින් ජනාධිපති මන්දිරය වටකරලා අපෙන් ගත්ත අමාත්‍යංශ තුන ආපහු දෙන්න කියල ලොක්කිට බලකරමු ....!”


එවේලේ සිතට නැගුණු අදහසක් ලෙස එම යෝජනාව අගමැතිවරයාට ඉදිරිපත් කළත් ඔවුන් එම පෙළපාළිය සංවිධානය කර තිබුණේ ද එම අරමුණ ඇතිවය. මේ අතර පෙළපාළිකරුවන් නොදැන සිටි දෙයක්ද එම අවස්ථාවේ සිදුවෙමින් තිබුණේය. එනම් එම පෙළපාළිකරුවන් අතර සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ බුද්ධි නිලධාරීන් එස්. බී. ලාගේ එම අලුත් යෝජනාව ගැන එසැණින් තම ලොක්කාට වාර්තා කිරීමය.


තම ගෝලබාලයන්ගෙන් ඒ බව දැනගත් ජනාධිපතිනියගේ ආරක්ෂක අධ්‍යක්ෂවරයා වූ නිහාල් කරුණාරත්න වහා උඩුමහලට ගොස් ජනාධිපතිනියට එම පුවත සැලකරන ලද්දේ තත්ත්වය මොහොතින් මොහොත බැරෑරුම් අතට හැරෙන බව කියමිනි.


පෙළපාළිකරුවන් පැමිණෙන්නේ රජගෙදර වට කිරීමට බව ඇසූ ජනාධිපතිනිය “ඔය සේරම එස්. බී. ලගෙ, රාජිතලගේ වැඩ ...!”යි කියමින් ඉංග්‍රීසි බසින් ‘සට .. සට ..’ ගා බැණ වැදුණාය. අන්තිමේ දී එම බැණුම් වැස්සට තෙමෙන්නට සිදුවූයේ එහි සිටි මංගල සමරවීර ඇතුළු තවත් කීපදෙනෙකුටය. එසේ වූයේ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් තමන් වෙත පවරා ගන්නා ලද්දේ ඔවුන්ගේ බලපෑම මතවන බැවිනි.


පසුව ගුවන් හමුදාපතිට කතා කළ ජනාධිපතිනියගේ ලේකම්වරයා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් රජ ගෙදරට ගෙන්වා ගත්තේය. ඔහු එසේ කළේ පෙළපාළිකරුවන් පැමිණ රජගෙදර වට කරනු ලැබුවහොත් ජනාධිපතිනිය ආරක්ෂා සහිතව මහනුවරට හෝ නුවරඑළියට යැවීමේ අදහසිනි. 


කෙසේ වෙතත් එස්. බී. ලාගේ යෝජනාවේ ඇති බරපතළකම ගැන අවබෝධ කරගත් අග්‍රාමාත්‍යවරයා “ඒක නං ඒ හැටි හොඳ දෙයක් නෙවි. එහෙම කෙරුවොත් මේවා කොතනින් කෙළවරවේ ද කියල කවුද දන්නේ?”යි අසමින් එම අදහස සහමුලින්ම ප්‍රතික්ෂේප කර තිබුණේ එහි බරපතළකම ගැන ගැඹුරටම අවබෝධ කර ගෙනය. තම අගමැතිවරයා පෙරටු කරගත් දැවැන්ත පෙළපාළියකින් කොළඹට පැමිණි පාක්ෂිකයන්ට ආපසු හැරීයාමට සිදුවීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

පාක්ෂිකයන්ගේ රජ ගෙය වටලෑම නතර කළ රනිල්ගේ මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site