IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහගේ සුදු නෝනා

 

 

ශ්‍රී ලංකාවේ අතීතයේ විසූ රටට දැයට උදාර සේවයක් කළ වාමාංශික දේශපාලකයින්ගේ පැටිකිරිය විදහා දැක්වීම මෙම කෙටි ලිපිය ලිවීමේ මූලික අරමුණ නොවේ. ජනතා හිතසුව තකා කිසිදු ආත්ම ලාභයක් හෝ වාසියක් අත්පත් කර ගැනීමෙන් තොරව, දූෂණයෙන් තොරව ජනතා දේපොළ හා මුදල් යටිමඩි ගසා ගන්නේ නැතිව ඔවුන් සිදුකළ මෙහෙය හුවා දැක්වීමට ද මම අපේක්ෂා නොකරමි.


ඇන්. ඇම්. ට සෙලිනා පෙරේරාද පිලිප්ට කුසුමා ගුණවර්ධන ද පීටර් කෙනමන්ට හේඩි කේනමන්ද අනිල් මුණසිංහට ජීන් මුණසිංහ ද දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහට ඩොරීන් වික්‍රමසිංහ ද යන කාන්තාවන් ජනතා සටනට ඔවුන්ගේ සමාජ මෙහෙවරට මහා හයියක් හෙවත් ඔවුන් පසුපස සෙවණැල්ලක් මෙන් සිටි අයුරු මෙවැනි කෙටි ලිපියකින් විස්තරාත්මකව දැක්වීම ඉමහත් අපහසු කාර්යයකි.


ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ට දේශපාලන පියගැට පෙළ දිගේ ඉහළට යාමට සිරිමාවෝ මැතිනිය අතදුන් අයුරුද මෙහිදී සිහිපත් කළ යුතුය.


මේ මා ලියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම විදේශ කාන්තාවගේ විස්තරයෙන් බිඳක් පමණකි. එදා පරිප්පු මහත්තයා යයි හැඳින්වූ ඇන්. ඇම්. ගේ බිරිය වූ සෙලීනා පෙරේරා පිළිබඳ වැඩි විස්තර හෝ ඇයගේ චරිතාපදානය ප්‍රචලිත නොවූවත් මේ කියන ‘සුදු නෝනා’ පැරැන්නන් අතර ඉතා ප්‍රසිද්ධ නමකි.


ඇය ඩොරීන් වික්‍රමසිංහය. 1907 පෙබරවාරි 15 වැනිදා බි්‍රතාන්‍යයේ හෙවත් එංගලන්තයේ ඉපදී, 93 හැවිරිදි වියේදී එනම් 2000 මැයි 29 වැනිදා ලංකාවේදී මියගිය මේ සුදු කත ලංකාවට සිදුකළ අමරණීය සේවය අතිමහත්ය. තම උපන් භූමිය වූ හිරු නොබසින අධිරාජ්‍යයට නොව කලක් සුද්දන් අල්ලාගෙන සිටි භූමියේ මුළු ජීවිත කාලයම ගත කරමින් එම භූමියට ඇය උදාර සේවයක් ඉටු කළාය. දොස්තර සුගීශ්වර අබේවර්ධන වික්‍රමසිංහ හෙවත් දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීමේ පුරෝගාමියාය. දකුණේ අතුරලියේ නස්නාරන්කැටිය වලව්වේ ඉපදී ගාල්ලේ මහින්ද හා කොළඹ ආනන්ද විදුහල්වලින් අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍යවරයකු බවට පත්වී ලන්ඩනයට ගිය ඔහුගේ ජීවිතය පරිවර්තනයවූ හැටි අරුම පුදුමය.


ඇන්. ඇම්., කොල්වින් හා ලෙස්ලි ඔහුට ලන්ඩනයේදී හමුවූයේ ඔවුන්ද ඒ වනවිට එහි වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියදීය. එහිදී ඔහුට ඩොරීන් හමුවිය. ඩොරීන් හා සුගීස්වර ආදර අන්දරයට මුල පිරුණේය. ඇස්. ඒ. වික්‍රමසිංහ හෙවත් සුගීස්වර තම අධ්‍යාපනය නිමවා ලංකාවට පැමිණියේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙනි. ඔහුගේ පෙම්වතිය වූ ඩොරීන්ද ලංකාවට පැමිණියාය. දෙදෙනා අතර විවාහය සිදුවිය.


ඩොරීන් යන්ග්, ඩොරීන් වික්‍රමසිංහ බවට පත්වුණේ මෙසේය. ඇන්. ඇම්. ලා ලංකා සමසමාජ පක්ෂය ඇරඹුවේය. ඇස්. ඒ. වික්‍රමසිංහ ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇරඹුවේය. මේ සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂය එක කාසියක දෙපැත්ත වගේ යයි කිවහොත් එහි අසත්‍යයක් නැත. 1931 දී වමේ ව්‍යාපාරයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ප්‍රථම පුද්ගලයා මේ දොස්තර වික්‍රමසිංහය. 1900 අප්‍රේල් 13 වැනිදා ඉපදී 1981 අගෝස්තු 25 වැනිදා එනම් 81 හැවිරිදි වියේදී ඔහු මියගියේය.


ලංකාව පුරා රෝහල් රාශියක සේවය කරමින් මැලේරියා රෝගය වැලඳුන රෝගීන් සුවපත් කිරීම, මැලේරියාව රටින් තුරන් කිරීමට මෙන්ම නොදියුණු ගම් රාශියකට අධ්‍යාපන සෞඛ්‍ය ගමනාගමන කෘෂිකර්ම වාරිමාර්ග ආදී පහසුකම් ලබාදීමට මේ යුවළ ඉටුකළ සේවය අතිමහත්ය. අද දකුණේ මෙන්ම ලංකාවේද බොහෝදෙනාට මේ යුවළ රට දැය සමයට කළ සේවය අමතකය.


මාතර සුජාතා බාලිකා විදුහලේත්, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේත් විදුහල්පතිනිය වශයෙන් ඩොරීන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය අපමණය. ඇයට කොළඹ විශාඛා විදුහලේද විදුහල්පතිනි තනතුර හිමිවූ නමුත් ඇය කොමියුනිස්ට් නායකයෙකු සමග විවාහවී සිටි නිසා එය අහිමි වී ගිය අයුරු ප්‍රකටය.


රටපුරා සිංහල බෞද්ධ පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවර ගුරුවරියන් පුහුණු කිරීම ඉතා සාර්ථකව ඇය ඉටු කළාය. හැම රටකම පොපි මල් පිපෙන්නේ නැත යන කියමනට මුල්තැන දුන්නේ ඇයයි. 1 වැනි ලෝක මහා යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට හා ආබාධිතවූවන්ට සහන සැලසීම සඳහා සුද්දන් ඇරඹූ පොපි මල් ව්‍යාපාරයට එරෙහිව සූරියමල් ව්‍යාපාරයට මුල්තැන දුන්නේ මේ ඩොරීන්ය.


ඇය සුගීශ්වර සමග විවාහ වීමෙන් පසු ජනිත කළ දුවට සූරියා යන නම යෙදීමට මූලික හේතුව මේ සූරියමල් ව්‍යාපාරය විය හැක. පුතාගේ නම සුරේන්ය.


මෙහිදී තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුමය. 1952 මහ මැතිවරණයේදී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ අකුරැස්ස ආසනය තම බිරිඳවූ ඩොරීන්ට බාරදී ඔහු හක්මන ආසනයට තරග කළේය. හක්මනදී සී. ඒ. ධර්මපාලට ඡන්ද 3162 කින් ඔහු පරාජයට පත්විය. සී. ඒ. ධර්මපාල ඡන්ද 15,762 ක් ලබාගනිද්දී ඔහු ලබාගත්තේ ඡන්ද 12,601 කි.


ඩොරීන් වික්‍රමසිංහ එම මැතිවරණයේදී තම පුරුෂයාවූ දොස්තර වික්‍රමසිංහගේ කිට්ටුම ඥාතියෙකු සමග තරග කොට අකුරැස්ස ආසනයේ මන්ත්‍රීවරිය වශයෙන් පත්වුණේ වැඩි ඡන්ද 1001 කිනි. ඇය ඡන්ද 16,626 ක් ලබාගනිද්දී සරත් විජේසිංහ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15,625 කි.


දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ පරාදවී ගෙදර ගියේය. ඔහුගේ බිරිඳ ඩොරීන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට ගියේය. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ තම ආසනය (අකුරැස්ස) තම බිරිඳට පූජා කළේ මෙසේය.

 

 


සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහගේ සුදු නෝනා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site