IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තරු හෝටලයේ රහස් කතා

2015 ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක් වෙන බව කාට කාටත් තේරුම් ගිහින් තිබුණු දෙයක්. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අපිට ඒක ඉතාම තීරණාත්මක වුණා. මොකද එක පිට ජනාධිපතිවරණ හතරක් අපි ජයග්‍රහණය කරගන්න බැරුව ඉඳපු අවස්ථාවක් නිසා. ඒ කියන්නේ අවුරුදු විසිහතරක් විතර එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුට රටේ ජනාධිපති පුටුවෙ වාඩිවෙන්න හම්බවුණේ නෑ. ඒක නිසා 2015 ජනාධිපතිවරණය කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕනෑ කියන අදහස තමයි අපි හැම දෙනාගේම හිත්වල තිබුණේ.


අපේ පක්ෂයේ බිම් මට්ටමේ ශක්තිය ක්‍රම ක්‍රමයෙන් වැඩි කර ගන්න ඕනකමක් ඒ වෙනකොට විශාල වශයෙන් අපිට තිබුණා. සිවිල් සංවිධාන රැසක් එකට එකතු කරගෙන සමගි බලවේගයක් අපි සූදානම් කළා. මේ අතරෙ 2014 මැද හරියේ දවසක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කළා ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ උපාය උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න දවසක හමුවක් යොදාගමු කියලා.


මේ හමුවට ආරාධනා ලැබුණේ ස්වල්ප දෙනෙකුට විතරයි. රනිල් වික්‍රමසිංහගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ හමුවට මමත් එක්ක කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රවී කරුණානායක, මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා ඇතුළු කීප දෙනෙක් තමයි සහභාගී වුණේ. මේ සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ ගලදාරි හෝටලේ. උදේ හමුව පටන් අරගෙන රෑ වෙනකම් හරි සාකච්ඡා කරලා මේ වැඬේ එක දවසෙන් ඉවර කරගමු කියලා තමයි සැලසුම් කළේ.


අපි උදේ ආහාර ගන්න අතරෙම සාකච්ඡාව ආරම්භ කළා. ගලදාරි හෝටලේ විශේෂ කාමරයක් අපිට මේ සඳහා සූදානම් කරලා දුන්නා. සාකච්ඡාව පටන් අරගෙන විවිධ දේවල් කතාබහ කරමින් යන අතරතුර මම යෝජනාවක් හැටියට නායකතුමාට කිව්වා අපිට ඕන 2015 ජනාධිපතිවරණය දිනන්න නම් මම මේ කියන කාරණයට අවධානය යොමු කරන්න කියලා. මම කිව්වා මේ දැන් යන විදියට ගිහිල්ල නම් අපිට කවදාවත් දිනන්න හම්බවෙන්නේ නෑ ඒක නිසා අපි වහාම ඇති කළයුතු වෙනස්කම් කීපයක් තියෙනවා කියලා. ඒ වෙනස්කම් කරන්නේ නැතුව නම් ජනාධිපතිවරණය දිනන එක ලේසිවෙන්නේ නෑ කියල මම සඳහන් කළා. මම කිව්වා ඔය යෝජනා කරන වැඩ ටික පිළිගන්නව නම් ඒ ටික ක්‍රියාත්මක කරලා බලමු කියලා. රනිල් වික්‍රමසිංහ මගෙන් ඇහුවා මොනවද ඒ යෝජනා කියලා. මම කිව්වා පළමුව කාරණය මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂය බෙදිලා ඉන්න එකට විසඳුමක් හොයමු කියලා. රනිල් පාර්ශවය සජිත් පාර්ශවය කියලා දෙකට බෙදිලා තිබුණේ. ඒක නිසා ඔක්කොටෝම කලින් මේ බෙදීම අවසන් කරලා එක්සත් ජාතික පක්ෂය දැන් ඇත්තටම එක්සත් කියල රටට පෙන්නමු කියලා. සජිත් ප්‍රේමදාස මේ ඡන්දෙට හවුල් කරගන්නේ නැතුව අපිට තව දුරටත් යන්න බෑ කියල මම කිව්වා. එහෙම වුණොත් සජිත් වටා පෙළ ගැහුණු පාක්ෂිකයෝ අපෙන් ඈත්වෙන්න පුළුවන්. රණසිංහ ප්‍රේමදාස කෙරෙහි ළැදියාවක් තියෙන පාක්ෂිකයන්ගෙ සහාය ලබාගන්න නම් සජිත්ව මේ සඳහා අවශ්‍යමයි කියලා මම පෙන්නලා දුන්නා. ඒක නිසා රනිල් - සජිත් විරසකය අවසන් කරමු කියලා මම යෝජනා කළා. 


දෙවැනි කාරණය හැටියට මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මාධ්‍ය එක්ක රණ්ඩුවලට යාම වහාම නැවැත්විය යුතුයි කියලා. මොකද ඒ වෙනකොට මාධ්‍ය ආයතන කීපයක් එක්කම රනිල් වික්‍රමසිංහ එච්චර හොඳ ගනුදෙනුවක් නොවෙයි තිබුණේ. මොන විවේචන තිබුණත් මාධ්‍ය එක්ක ප්‍රසිද්ධියේ රණ්ඩුවට යෑමෙන් නරක ප්‍රතිරූපයක් හැදෙන එක ජනාධිපතිවරණයට නරකට බලපාන්න පුළුවන් කියල මන් කිව්වා. මම කිව්ව උපක්‍රමශීලීව මේ තරහ මරහ අමතක කරලා ජනාධිපතිවරණයට මාධ්‍ය එක්ක ගමනක් යමු කියලා. මොකද මාධ්‍යයට ඡන්දයකදී බොහෝ බලපෑම් කරන්න පුළුවන් ඒක අපි හොඳින්ම දැකපු කාරණයක්. රනිල් වික්‍රමසිංහ මේ ගැනත් විවිධ තර්ක ගෙනාවා. ඒත් මම දිගින් දිගටම කියා හිටියා මාධ්‍ය අනවශ්‍ය විදියට තරහ කරගන්න එක ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම නරක අතට බලපාන්න පුළුවන් කියලා.  


අවසානයේ ඒකත් නායකතුමා පිළිගත්තා. ඊළඟට ඇහුවා මොකක්ද මගේ තුන්වැනි යෝජනාව කියලා. මම කිව්වා දැනට තියෙන පක්ෂ යාන්ත්‍රණය ජයග්‍රහණයක් ගන්න පුළුවන් මට්ටමේ යාන්ත්‍රණයක් නෙවෙයි කියලා. මේ සම්ප්‍රදායික වැඩපිළිවෙළ ටිකක් වෙනස් කරල බලමු කියලා ඒ සඳහා මොකක්ද කරන්න ඕනෑ, වෙනස කියලා නායකතුමා ඇහුවා. මම කිව්වා රට පුරා තියෙන ඡන්ද පොළවල්වල දහදාහක් දිනන වැඩසටහනක් හදන්න ඕන කියලා. සාමාන්‍යයෙන් රටේම ඡන්දපොළවල් පහළොස්දාහක් විතර තමයි තියෙන්නේ. මේකෙන් දහදාහක් දිනා ගන්නවා කියන්නේ ජයග්‍රහණය සහතිකයි. ඒ ඉලක්කයට වැඩ කරමු කියලා මම කිව්වා. ආසනයක්, දිස්ත්‍රික්කයක් දිනන්න ඉලක්ක කරනවට වඩා ඡන්දපොළක් ඉලක්ක කරගෙන වැඩ පිළිවෙළක් හදමු කියලා මම යෝජනා කළා. මේ සඳහා ඡන්දපොළකට ප්‍රබල චරිතයක් සූදානම් කරන්න ඕන. දිස්ත්‍රික් සංවිධායක, ආසන සංවිධායක වගේ ඡන්දපොළ සංවිධායක ජාලයකුත් පත් කරන්න ඕන කියලා. ඒ ඒ ඡන්ද පොළ ජයග්‍රහණය කරවීම ඒ පුද්ගලයගෙ වගකීම. පහළින්ම පටන් ගත්තම මේ වැඬේ කරන්න ලේසියි කියලා මම පෙන්නල දුන්නා. 


මෙතැනදි ආසන සංවිධායකවරු එහෙම මේකට එක එක විරෝධතාවන් ගෙනෙයි නේද කියලා නායකතුමා ප්‍රශ්න කළා. මම කිව්වා එහෙම පෙන්වන්න ආසන සංවිධායකවරුන්ගෙ මූලිකත්වයෙන්ම මේ ඡන්ද පොළ සංවිධායකවරු පත්කරන වැඬේ ක්‍රියාත්මක කරමු කියලා. ඒ වුණත් මේ ඡන්දපොළ සංවිධායකවරු මෙහෙයවීමේ බලය සිරිකොතට තියාගමු කියලත් මම කිව්වා. ඒ වගකීම සිරිකොත තුළ මම බාරගන්නම් කියලා මම කීවා. රනිල් වික්‍රමසිංහ ඒ යෝජනාවටත් එකඟ වුණා. මේ යෝජනා තුන පදනම් කරගෙන තමයි ජනාධිපතිවරණය ගෙනියන්න සූදානම් වුණේ. මම මේ යෝජනා කරද්දි සාකච්ඡාවෙ ඉදපු අයත් ඒ අයගෙ අදහස් පළ කළා. විවිධ අදහස් තිබුණත් මගේ යෝජනා තුන පොදුවේ හැමෝම පිළිගත්තා. රනිල් කිව්වෙ තිස්ස එහෙනම් මේ වැඩ තුනට මූලිකත්වය අරගෙන වැඩ කරන්න කියලා. ඒ අනුව අපි එදා ඉඳලම වැඩ පටන් ගත්තා.

 

 

 


තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (2)

තරු හෝටලයේ රහස් කතා

KANDEPOLA Monday, 16 July 2018 09:56 AM

මෙච්චර ප්ලෑන් ගහලද අන්තිම මොහොතේ ශේප් එකේ අනෙක් පැත්තට පැන්නේ. ෆියුස් ගැලෙවුවා කියලා නේද ගිහිල්ලා කිවුවේ.

:       0       14

de silva berlin Tuesday, 17 July 2018 02:21 AM

අනේ මේ දෙපිටකාට්ටු දේශපාලකයන් දේශනා කරන වැදී බන අහල අපට හොඳටම එපා වෙලා , මොන පැත්ත දිනුවත් මේ හොරුන්ගේ වැඩි කොටස ගිහින් ආණ්ඩු පක්ෂේ එල්ලෙනවා , අනිත් කොටස විපක්ෂේ ඉඳගෙන බොරුවට බැන බැන යටින් සහයෝගය දෙනවා, ආණ්ඩු පක්ෂේ කොටස විපක්ෂේ ඉන්න කොටසට ඔවුන්ගේ හොර ජාවාරම් කරගන්න අවශ්‍ය සහය දෙනවා , අන්තිමට මොන පක්ෂේ හිටියත් ප්‍රකෝටිපතියන් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site