IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති ප්‍රේමදාසගේ පෝදා මහ රෑ මෙහෙයුම

 

ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර නිෂ්පාදන ක්‍රියාවලියටත්, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඉවහල් වූ ප්‍රධානම වැඩසටහනක් වූයේ ඇඟලුම් කම්හල් දෙසීයක් රට පුරා ඇති කිරීමයි. එතුමාගේ සුවිශේෂී අධීක්ෂණය යටතේ ඉතා කඩිනමින් ඇරඹූ එම ව්‍යාපෘතිය තුළින් රැකියා විශාල ප්‍රමාණයක්ද බිහිවිය. හදිසියේ අභාවප්‍රාප්ත වීම නිසා එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවත් ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක් රට පුරාම ආරම්භ විය.


හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි එවකට ඉතා නොදියුණු පළාතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සූරියවැව, ලුණුගම්වෙහෙර ප්‍රදේශ සඳහා ඇඟලුම් කම්හල් ලබාදීමට මම උනන්දු වුණෙමි. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ජීවත් වන අතර ඔවුහු විවිධ ප්‍රශ්න තුළින් පීඩිතව සිටියහ. එයිනුත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ගම්මාන හා ඉපැරණි ගම්මාන රැසක් විවිධ ජීවන ප්‍රශ්න වලින් මිරිකෙමින් සිටි නිසා ඇඟලුම් කම්හලක අවශ්‍යතාව තදින් දැනුණේය.


මේ පිළිබඳව මා ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර රටපුරා තරඟකාරීව මෙන් කම්හල් බිහිවෙද්දී මා හට ප්‍රමුඛතාවයක් ලබාගැනීමට හැකිවූයේ එය ලබාගැනීමට ඇතැමුන්ට නිරතුරුව ඇවිටිලි කළ බැවිනි. ඒ අනුව ලුණුගම්වෙහෙරට ඇඟලුම් කම්හලක් ලබාදීමට ජනාධිපතිතුමා අනුමත කළත් සුදුසු ඉඩමක් ලබාගැනීමේ ප්‍රශ්නය නිසා සුළු කාලයක් ප්‍රමාදවිය. ඒ සඳහා සුදුසුම ඉඩම වශයෙන්  ඉඩම් නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරයා පෙන්නුම් කළේ ලුණුගම්වෙහෙර ජලාශයට කිලෝමීටර් 1/4 ක් පමණ වූ දුරින් පිහිටි වැල්ලවාය පාර අයිනේ පිහිටි ඉඩමකි. එවකට පැවති ශීඝ්‍ර සංවර්ධනයට අකැමති වූ සමහර පිරිස් හා රාජ්‍ය නොවන පරිසර සංවිධාන ද එකතුවී දැඩි විරෝධයක් පළ කරන ලදී. ඔවුන් පෙන්වා දුන්නේ කම්හල ඉදිකිරීමෙන් පරිසර දූෂණයක් සිදුවන බවත් කම්හලේ දහස් ගණනක සේවකයින්ගේ මලමුත්‍රා පවා කිරිඳිඔයට එකතුවීමට ඉඩ ඇති බවයි. සංවර්ධන වැඩ කිරීමේදී මෙවැනි බාධක ඇතිකර ජනතාව නොමග යවා ඒවා කඩාකප්පල් කිරීමට සමහරුන් උත්සාහ ගැනීම අරුමයක් නොවේ. සංචාරක ක්ෂේත්‍රයේදී සංචාරකයින් උදෙසා ඉදිකළ කණ්ඩලම හෝටලය ඉදිකළ සමයේ රටේ පැවති හාහූව එයට හොඳ නිදසුනකි. එම හෝටලය ඉදිකිරීමෙන් පරිසර හානි වන බව කියූ කණ්ඩායම් හෝටලය ඉදිකළ පසු නිතර නිතර හෝටලයේ නවාතැන් ගැනීම කවුරුත් දන්නා ප්‍රසිද්ධ කරුණකි. එබඳු විරෝධයක් ආකාරයට ලුණුගම්වෙහෙර ඇඟලුම් කම්හල ඉදිකිරීමේ ගැටලුව මතුවී ප්‍රමාදයක් සිදුවී කිසිදු නිලධාරියෙකුට තීරණයක් ගත නොහැකිව සිටි අවස්ථාවේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එය නිරාකරණය කර ගැනීමට මැදිහත්වීම ප්‍රායෝගිකව විසඳුම් සෙවීමේ එතුමාගේ ක්‍රියාදාමය මැනවින් ඔප්පු කරන්නකි.


සිදුවූයේ අමුතුම ක්‍රියාන්විතයකි. එදින පසළොස්වක පෝය දවසක්. රෑ පුරා සඳ පායා හොඳට එළිය වී තිබුණි. මට මතක හැටියට 1991 වසරේ සිදුවීමකි. රාත්‍රී 9.00 ට පමණ ජනාධිපතිතුමා මා ඇමතුවේය. ‘මම පාන්දර තුනට ලුණුගම්වෙහෙර ඇඟලුම් කම්හල හැදීමට යෝජිත භූමිය බලන්න එනවා. තමුන්නාන්සෙත් එන්න’ කීවා. මම පුදුමවීමි. ඇයි දවාලක නැතිව මහ රෑ ජනාධිපතිතුමා එන්නේ. මට විමතියකි. එතුමා හොඳට කල්පනා කර ඒ තීරණය ගෙන ඇති බව මම සිතුවෙමි. දවල් පැමිණියහොත් අවශ්‍ය දේ අනවශ්‍ය දේ කථා කරනව මිසක් සෙනග පිරිල වැඬේ අවුල් වෙන විධියට වැඬේ සිදුවෙනවා මිසක් එක එල්ලේ තීරණයක් ගැනීමට බාධා ඇතිවන බව තේරුම් ගෙනයි එතුමා එහෙම කළේ කියා මම සිතුවෙමි.


වැඩක් පිළිබඳ කල්මරන්නේ නැතිව කඩිනමින් තීන්දු ගත යුතු නිසාම එතුමා හරියටම රාත්‍රී 3.00 ට (උදේ) ලුණුගම්වෙහෙරට පැමිණියේය. මමත් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සුමනසේකර මහතාත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් ජයසූරිය මහතාත් ඒ වෙනකොට ලුණුගම්වෙහෙර යෝජිත ඉඩම ළඟට පැමිණ සිටියෙමු. පුර හඳ නිසා දවාලටත් වඩා වගේ එළිය වී තිබුණි.  ජනාධිපතිතුමා කැලෑව වැවිල තිබූ ඉඩම පුරා ඇවිද්දේය. එතැන සිට ජලාශයට කොපමණ දුරද කියලත් විමසුවේය. පැයක් පමණ පෞද්ගලිකවම සොයා බලා එතුමා ‘හෙටම වැඩ පටන්ගන්න. ඔය කියන පරිසර හානියක් මෙතැන සිදුවෙන්නෙ නැහැ. ඔය වගේ ප්‍රචාර කරන්නෙ මේ වැඩ කඩාකප්පල් කරල මේවා පරක්කු කරල ජනතාවට ලැබෙන යහපත් දේවල් නතර කරන්න.’ යනුවෙන් පැවසූවේය.


එසේ කී ප්‍රේමදාස ජනාධිපතිතුමා කතරගම බලා පිටත්ව ගියේය. අපි ඊට පසුවදාම මූලික වැඩ පටන්ගත්තෙමු. වේගයෙන් සංවර්ධනයක් කිරීමට නම් මෙවැනි දිවා රෑ නොබලා වැඩ කළ යුතු බව එතුමා අනාගත පරපුර වෙනුවෙන් යථාර්ථයක් කළේ මේ ආකාරයෙන් බව සිහිපත් කරමි.

 

 

 

 

 



අදහස් (1)

ජනපති ප්‍රේමදාසගේ පෝදා මහ රෑ මෙහෙයුම

bandula Friday, 22 February 2019 03:35 PM

ජනාදිපති කොහොමද පරිසර ඇගයිමේ වාර්තාවක් හදන්නේ?

:       0       21

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site