IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභයගේ අපූරුව

 

 

දේශපාලනය කරන අය හමු වූ විට දේශපාලන මාතෘකාවකින් තොරව කථාවක් නොමැත. සාමාන්‍ය සිද්ධීන් කථා කළද අවසානයේ හෝ දේශපාලන තොරතුරු ටිකක් හෝ කථා කිරීම සාමාන්‍ය ක්‍රමය වේ. අපේ රටේ දේශපාලන නායකත්වය දැනට වෙනස් වී ඇත්තේ රටේ පාලකයා දේශපාලන කතාබහෙන් තොරව රටේ දියුණුව ඇති කිරීමට රටේ වෙනසක් ඇති කිරීමට කළ යුතු වැඩ පිළිබඳව සාකච්ඡා කිරීමෙනි. එම තත්ත්වය උදාකර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. 


එය හොඳ ප්‍රවණතාවකි. දේශපාලන කතාබහ තුළින් වෛරය - ක්‍රෝධය මතු වෙනවා වෙනුවට මේ තුළින් ජාතික හැඟීම් - නව ආකල්ප - නව වැඩසටහන් ඉස්මතු වීම වැළැක්විය නොහැක. එක් අතකින් බලන විට දේශපාලනය යනු රට පාලනය කිරීමයි. රටක් පාලනය කිරීමට නම් නව සැලසුම් අලුත් ආකල්ප හා නව වැඩසටහන් අත්‍යවශ්‍යයි. එසේ වුවද වර්තමානයේ දේශපාලනය වශයෙන් ගම්‍ය වන්නේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම්, විරුද්ධ පාක්‍ෂිකයින්ට අඩන්තේට්ටම් කිරීම් දේශපාලන ඕපාදූප හා විරුද්ධ පක්‍ෂ මර්දනයට ගත හැකි පියවරවල්. ආණ්ඩුවේ සාධනීය වැඩ පවා කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දැරීම්. තම පක්‍ෂයේ මතවාද ජනතාවගේ සිත් සතන්වලට කාවැද්දීමට ගත යුතු ක්‍රියාමාර්ග උපාය උපක්‍රම ආදියයි. ඇත්තටම ඒවා නියම දේශපාලනය නොවේ. බුද්ධිමත්, යථාර්ථවාදී දේශපාලනය යනු තම දේශය, රට සවර්ධනය කරා ගෙන යෑමට සෑම අංශයකින්ම ගන්නා ප්‍රෝත්සාහයයි.


මෙම ස්වභාවය වර්තමානයේ මතුවන්නට පටන්ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් බව මා මෙහි සඳහන් කරනුයේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව නොව ඊට පෙර එතුමාගේ දේශපාලන හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමෙනි.


ජනාධිපතිවරණයේදී ඊට ඉදිරිපත් වූ එක් එක් අපේක්‍ෂකයින් මුණගැසී ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හා අදහස් උදහස් පිළිබඳව යම් අධ්‍යයනයක් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල ස්වේච්ඡා සංවිධානයක් වන ජාතික මිත්‍ර සංසදය කටයුතු කළේය. ඒ අනුව අප පළමුව හමුවූයේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. එතුමා හමුවීමට දිනයක් ඉල්ලූ විට අප හට ලැබුණේ 2019 අගෝස්තු 21 වැනිදා සවස 4.30ටයි. එනම් එදින එතුමාගේ මිරිහානේ නිවසේදී හමුවන ලෙසයි. ඒ අනුව අප සංසදයේ 20ක් පමණ ප්‍රධාන ක්‍රියාකාරිකයින් එතුමා සමඟ සාකච්ඡා කිරීමට මිරිහාන නිවසට ගියෙමු. එහිදී අපට එතුමා හිඳගැනීමට සලස්වා තිබුණේ ඔහු පරිහරණය කරන පුස්තකාලයක් බඳු කාමරයයි. එහි හිඳගෙන සිටි අප හට දැනුණේ කුඩා පුස්තකාලයක් බඳු එම කාමරයේ පොත් රාක්කවල ඉතා වටිනා පොත් රැසක් තිබෙන ආකාරයයි. ආගමික පොත්පත් ඓතිහාසික පොත්පත් නවීන විද්‍යාත්මක පොත්පත්, අලුත් තාක්‍ෂණය හා බැඳුණු පොත් විවිධ සඟරා හා වාර ප්‍රකාශන ආදියෙන් එම පුස්තකාලය පිරී පැවතුණි.


කෙසේ වුවද අප සියලු දෙනා වාඩිගෙන විනාඩි 10කින් පමණ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණ අසුන් ගත් අතර අප සැම ඉතා සාදරයෙන් පිළිගනු ලැබුණි. ඉන් පසුව අප එකිනෙකා හඳුන්වා දුන් අතර අප සමග ගිය විද්‍යාඥයින්, ඉංජිනේරුවරුන්, දොස්තරවරුන් කාර්මික ශිල්පීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ආදී විවිධ ජන කොටස් නියෝජනය කරන නියෝජිතයෝ එහිදී වෙන වෙනම දැන හැඳිනගත්හ. ඉන් පසුව අප ප්‍රකාශ කළේ “අප පැමිණියේ තමුන්නාන්සේට ඉදිරි මැතිවරණයේදී සහාය දීම ගැන සාකච්ඡා කරන්න” කියාය. එයට හිස වැනූ ඔහු දේශපාලන පක්‍ෂයක් ගැනවත් දේශපාලන කතන්දර ගැනවත් කිසිවක් නොකියා අපේ රටේ සංවර්ධන මාවත සකස් විය යුතු ආකාරය පැහැදිලි කළේය. අප සමග සාකච්ඡාවට සහභාගි වූ සෝලා විදුලිබල ජනනය සම්බන්ධ ආයතනයක අධ්‍යක්‍ෂවරයා ඒ පිළිබඳ කළ පැහැදිලි කිරීම්වලට සාවධානව ඇහුම් කන් දුන් ගෝඨාභය මහතා එම මාතෘකාව ඔස්සේ කරුණු රැසක් පෙන්නුම් කළේය. ලෝකයේ රටවල්වල ඇති නවීන වැඩසටහන් ගැනත් සෝලා විදුලිබල පරිභෝජනයේ ඇති වැදගත්කම ගැනත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. සෝලා- විදුලි ජනනයෙන් අතිරික්ත විදුලි ඒකකවලින් ඒවා රජයට ලබාදී ආදායමක් ලබා ගත හැකි අයුරුත් සාකච්ඡා කළේය. පරිසර හිතකාමී එවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් බිහිකිරීමේ වැදගත්කමද සාකච්ඡා කළේය.


නවීන විද්‍යාත්මක දැනුමෙන් ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාව මෙන්ම තොරතුරු තාක්‍ෂණය ඔස්සේ ලබා ගත හැකි විපුල ඵල ප්‍රයෝජන ගැනද අදහස් හුවමාරු කරගන්නා ලදී.
එසේම අ.පො.ස. උසස් පෙළ සමත් වන අතිවිශාල පිරිසගෙන් සුළු පිරිසකට පමණක් සරසවි වරම් ලැබීම ගැනත් එය වෙනස් කොට උසස් පෙළ සමත් සියලු දෙනාම සරසවිවල හා ඊට සමාන උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පීඨයන්හි අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ වැදගත්කමත් සාකච්ඡා කරන ලදී.
එසේම ,ෂධඔ, (අයිඕටී) ක්‍රමය තුළින් සෑම ක්‍රියාවක්ම කිරීමට අදහස් කරන අලුත්ම ක්‍රමය සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් කරන ලදී.


තවද නව නිෂ්පාදන දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව වූ නවීන ක්‍රියාමාර්ග දියුණු කළ යුතු බවද සාකච්ඡාවට බඳුන් විය.


මෙපමණක් නොව ලෝකයේ දියුණු රටවල්වල පවතින සීඝ්‍රගාමී නව සංවර්ධන උපායමාර්ග ගැනත් දීර්ඝව සාකච්ඡා කරන ලදී. කෙසේ හෝ පැය 2කට අධික කාලයක් කතා කළේ අපගේ රට නව ලොවට විවෘත කර නව ලොව සමග එක්ව ඉදිරියට යා හැකි ක්‍රම හා උපායමාර්ග පිළිබඳවයි. මෙසේ දීර්ඝ වේලාවක් සංවර්ධනය, තාක්‍ෂණය හා නවෝත්පාදනයන් පිළිබඳව සාකච්ඡා කළා මිස ඡන්දයට උදව් කරන්නේ කෙසේද ආදී කරුණු ගැන වචනයක් කථා කළේ නැත. කොටින්ම කිවහොත් ඡන්දය ගැන කිසිම අදහසක් පළ වූයේ නැත. එවිට වේලාව සවස 6.30 පමණ වූ අතර තවත් පිරිසක් එතුමා හමුවීමට පැමිණ සිටියහ. අපගේ පැමිණීම ගැන ස්තුති කළ එතුමා නැගිට ගියේ ඔවුන් හමුවීමටය. අප ද එතුමාගේ ගෙදරින් එළියට පැමිණ මදක් වේලා කථාබහ කළේ අප ගියේ වෙනත් දෙයක් කථා කරන්නට, එතුමා කථා කළේ වෙනත් දෙයක්” කියාය.


මේ සිද්ධිය දෙස බලන විට එතුමා නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ ආරම්භය මැතිවරණයටත් පෙර සිටම ආරම්භ කර තිබූ බව පෙනේ. දේශපාලනයෙන් තොරව රටක් ගොඩනැගීමට පහළවන ජනතා නායකයින්ගේ මෙම ක්‍රියාකලාපය අප ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන සංස්කෘතිය සමඟ සැසඳීමේදී කොතරම් උදාරදැයි සිතා ගැනීමට අපහසු නැත.

 

 

 

 

 

 

 

 



අදහස් (1)

ගෝඨාභයගේ අපූරුව

Royfedricks Saturday, 25 January 2020 09:37 AM

ඔය ප්‍රසස්ති ඇහිලා නිකමට හරි තනතුරක් දුන්නොත් එහෙම ,අසරණ දුප්පත් අපිටම නේද පහර වදින්නේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site