IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගාමිණීගෙන් මහින්දට ජෙනරාල් පට්ටමක්

 

1989 සිට 1994 දක්වා පැවති ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාල පරිචේඡේදයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් ක්‍රියා කළේ එම්.එච්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය කතානායක වශයෙන් කටයුතු කළේ සිනමා කලා ලෝකයේ ඉහළම ස්ථානයට ගිය “සිනමා සක්විති” යනුවෙන් විරුදාවලී ලත් ගාමිණී ෆොන්සේකා මහතාය. සිනමා ක්ෂේත්‍රයේ වැඩ කරන අතරතුර දේශපාලන වශයෙන් ඔහුගේ මතවාදයන් එළි දැක්වූයේ එක්සත් ජාතික පක්‍ෂය හරහාය. එසේ වුව ද සෑම විටම සාධාරණ අයුරින් කටයුතු කිරීමටත් අයුක්තියට අසාධාරණයට විරුද්ධව මතවාදයන් ඉදිරිපත් කිරීමටත් නොබියව කටයුතු කළ ගාමිණී ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්‍ෂයේ සියලු දෙනාගේම වාගේ සිත් දිනාගෙන කටයුතු කළ අයෙකු විය.


පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ හැම අවස්ථාවකම දේශපාලන වශයෙන් එක් එක් පැතිවලට වැඩි සැලකිල්ලක් නොදැක් වූ ගාමිණී ෆොන්සේකා මහතා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන දැඩි විමසිල්ලෙන් සිටියේය. සමහර  අවස්ථාවල සභා ගර්භයේ ඔබ මොබ යමින් හැසුරුණු මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස අවවාද කළ ඔහු එක් අවස්ථාවක දී පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය ඇමති වශයෙන් මට ද තමන්ට අයිති ආසනයේ නොසිට වෙනත් ආසනයක වාඩි වී සාකච්ඡාවක යෙදී සිටි අවස්ථාවක දී දැඩි ස්වරයෙන් මගේ අසුනට යන්නැයි මා හට ද දැන් වූ අයුරු සිහිපත් වේ.


මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කතානායකවරයෙකු වශයෙන් ක්‍රියා කරන අතරතුර තම සිනමා කටයුතුවල ද නිරත වූ එතුමා කවියට හා ගීතයට ද දැඩි ඇල්මක් දැක්වීය. සමහර අවස්ථාවල කතානායක අසුනේ වැඩි වේලාවක් ගත කිරීමට සිදු වූ අවස්ථාවල එතුමා ළඟින් ඇසුරු කළ හා කවි, සින්දුවලට දැඩි ඇල්මක් දැක් වූ අයට පොඩි කොළ කැබැල්ලක සින්දු පද කීපයක් හෝ කවි පදයක් දෙකක් ලියා සභා ගර්භයේ සේවකයෙකු එවීමට කටයුතු කළේය. එය ද ඔහුගේ නිහඬ විනෝදාංශයක් විය. විරුද්ධ පක්‍ෂයේ හා ආණ්ඩු පක්‍ෂයේ කියා වෙනසක් නැතිව එවැනි දේ කළේය. බොහෝ අවස්ථාවල මා හටත් එවැනි කවි ලියා එවූ අතර ඊට ගැළපෙන කවියක් හෝ පද දෙකක් එවූ විට ඉතිරි පද දෙක මවිසින් සම්පූර්ණ කර යැවීම සිදු කළෙමි. ඔහු පමණක් නොව අපි ද එයින් ආශ්වාදයක් ලැබුවෙමු. සමහර විට අප ලියා යවන කවියකට එතුමා එවූ පිළිතුරු ඉතා හාස්‍යජනක විය
කෙසේ වුවද මේ සොඳුරු සිනමාවේදියා කතානායක අසුනේ රාජකාරි කරන ගමන්ම දිනක් එවකට විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාට ද කොළ කැබැල්ලක පණිවුඩයක් ලියා යැවීය. එසේ යැවීමට හේතුවූයේ ඒ දිනවල ඔහුගේ “නොමියෙන මිනිසුන්” චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙකු ඔහු විසින් සොයමින් සිටි නිසාය. මෙම චිත්‍රපටයේ හමුදා ප්‍රධානියෙකුගේ චරිතයට ගැළපෙන නළුවකු සොයමින් සිටි ෆොන්සේකා මහතාට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ස්වරූපය හා හැඩරුව අනුව ඔහු ගැන යම් හැඟීමක් ඇති වී තිබීම නිසා මහින්ද මහතා වෙත යැවූ තුණ්ඩු කැබැල්ලේ සඳහන් කළේ “කරුණාකර කාමරයට පැමිණ හමුවිය හැකි ද?” කියායි. මෙම පණිවුඩය යැවූ විගස කාරක සභා සභාපතිවරයාට මුලසුන භාරදුන් ෆොන්සේකා මහතා අතින් ද සංඥාවක් කරමින් ඔහුගේ කාමරයට ගියේය. මහින්ද රාජපක්‍ෂ මහතා කවර කරුණක් සඳහා කැඳවූයේ දැයි කල්පනා කරමින් නියෝජ්‍ය කතානායක නිල කාමරයට එවේලේම ගියේය. එසේ ගිය පසු ගාමිණී ෆොන්සේකා මහතා රාජපක්‍ෂ මහතාට ප්‍රකාශ කළේ “ඔබතුමාට එන්න කීවේ ලොකු වැඩකට සම්බන්ධ කරගන්න. මං කැමතියි මගේ අලුත්ම චිත්‍රපටයේ නළුවෙකු වශයෙන් ඔබතුමා ගන්නට. හොඳයි නේද?” කියලා. 
“මොකද්ද චිත්‍රපටය” මහින්ද විමසීය.


ෆොන්සේකා මහතා “නොමියෙන මිනිසුන්” කියන මගේ අලුත්ම චිත්‍රපටයෙ “හමුදා ජෙනරල් තනතුරට” යනුවෙන් පැවසීය.
තවදුරටත් කරුණු පැහැදිලි කළ ෆොන්සේකා මහතා : “ඒ චිත්‍රපටයෙ මා ඔබතුමා යටතේ ඉන්න හමුදා නිලධාරියෙකු වශයෙන් ඉන්නවා. මගේ පුතා මා යටතේ වැඩ කරන හමුදා නිලධාරියෙකු විදියට ඉන්නවා කියලා වැඩිදුරටත් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාට මෙය අලුත් අත්දැකීමක් වූ අතර මෙවැනි කලාත්මක අභියෝගයක් භාර ගැනීමට එතුමාට අකමැත්තක් තිබුණෙත් නැත. තව තවත් විස්තර මහින්ද රාජපක්‍ෂ මහතා විමසූ අතර මේ චරිතයට ගැළපෙන හොඳම පුද්ගලයා ඔබතුමා බවත්, සුදුසු කෙනෙකු සෑහෙන කාලයක් තිස්සේ සෙවූ බවත් ජෙනරල් කෙනෙකුට ගැළපෙන ගමන බිමන හැසිරීම ඔබ සතු බවත් කථානායක අසුනේ සිට ඔබ ගැන නිරීක්‍ෂණය කිරීමෙන් පසු මා මේ තීරණය ගත් බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය. එම අදහස් පළ කිරීමෙන් පසුව එයට කැමැත්ත දැක්වූ රාජපක්‍ෂ මහතා නි. කතානායක නිල කාමරයෙන් පිටත් වී පාර්ලිමේන්තු ලොබියට පැමිණ අපට මෙම විස්තරය කීවේය. “දැන් ඉතින් ජෙනරාල් කෙනෙක්නේ” කියමින් අපි කීප දෙනෙක්ම එතුමාට විහිළු කළෙමු.
කෙසේ වෙතත් ඊට දින කීපයකට පසු මහින්ද රාජපක්‍ෂ මහතාට සිදුවූයේ චිත්‍රපටයේ පුහුණුවීම් හා රූගත කිරීම් සඳහා දියතලාවට යෑමටයි. එහිදී ජෙනරාල් ඇඳුම හැඳගත් මහින්ද රාජපක්‍ෂ මහතා ඇත්ත ජෙනරාල් කෙනෙකුට හා සමානව රඟපෑම් කර තිබේ. ගාමිණී ෆොන්සේකා මහතාත් “කොහොමද මගේ තේරීම? හරියට හරි නේද?” කියල එතැන සිටි නිෂ්පාදක සහායකයින්ට කියා තිබේ. දවස් කීපයක් එම රූගත කිරීම්වල නිරත වූ රාජපක්‍ෂ මහතාට ඒ අවස්ථාවේ සිහිපත් වූ පුද්ගලයෙකු වූයේ යුද හමුදාවේ සේවය කරන තම සහෝදර ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.


යුද සමයේ අත්දැකීම් රාශියක් ලැබූ සක්‍රීයව යුද පෙරමුණේ ක්‍රියා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ වන විට හමුදාවට බැඳී අවුරුදු ගණනාවක් ගත වී තිබුණු අතර ඔහු එම වෘත්තිය ඉතා කැමැත්තෙන් හා හැඟීමෙන්ම කළ අයෙකු බව හමුදාවේ බොහෝ දෙනාගේ මතය වන අතර පොදු මහජනතාවගේ ද හැඟීම විය. පසුකාලීනව ආරක්‍ෂක ලේකම් වශයෙන් ඊලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දැවැන්ත ක්‍රියාවලියක නිරත වීමට එතුමාට හැකියාව ලැබුණේ ද එම පූර්ව අත්දැකීම් නිසාය. කෙසේ හෝ වේවා දියතලාවේ සිට ගෝඨාභය සොයුරාට දුරකථන ඇමතුමක් ගත් මහින්ද මහතා ප්‍රකාශ කළේ. “ගෝඨා ඔයා තාම කර්නල් මම එක දවසින් ජෙනරාල් වුණා” කියලයි. ගෝඨාභය කර්නල්වරයා ඉන් පුදුමයට පත් වී මොකක්ද මොකද්ද” කියා කීප විටක් ප්‍රශ්න කළ විට සියලු තොරතුරු මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුට ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ කර්නල්වරයා තම අයියාගේ ක්‍රියාව ගැන ඉතා සතුටට පත් වී “හොඳයි දැන් ඔහොම නළුවෙක් වගේ රඟපාන්න. 

බැරිවෙලාවත් අනාගතේ ඔයාටත් හමුදාවට බැඳෙන්න උනොත් එතකොට වැඩිය පුහුණුවෙන්න ඕනෑ නෑනේ” කියල විහිළුවට මෙන් ප්‍රකාශ කර ඇත. විහිළුවට එහෙම කිව්වත් දෛවයේ සරදමකට මෙන් 2006 වසරේ මුල සිදුවූයේ හමුදා නිල ඇඳුම් නොඇන්දත් මහින්ද රාජපක්‍ෂ මහතා සියලු හමුදාවන්ට අණදෙන සේනාවිධායක වී ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සේනාවිධායකගේ අණ ත්‍රිවිධ හමුදාව මගින් ක්‍රියාත්මක කරවීමට අණ දුන් “ආරක්‍ෂක ලේකම්” වශයෙන් පත්වීමයි.


කෙසේ හෝ “නොමියෙන මිනිසුන්” චිත්‍රපටයේ මහින්ද රාජපක්‍ෂ මහතා සාර්ථක රඟපෑමක් කළ අතර එම චිත්‍රපටය එකල බොහෝ ජනප්‍රිය විය. ඉන් චිත්‍රපටි හා නාට්‍ය ක්‍ෂේත්‍රය ගැන උත්තේජනයක් ලද මහින්ද රාජපක්‍ෂ මහතා “උදාගිර” ටෙලිනාට්‍යයේ ටෙලි නළුවෙකු වශයෙන් ද රඟපෑ අතර තවත් නාට්‍ය කීපයක කුඩා චරිත කීපයක් ද රඟපෑ වේය. සමහර ඉල්ලීම් භාර නොගත්තේ රාජපක්‍ෂ මහතා විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් මානව හිමිකම් කටයුතු ආදී විශාල වැඩ කටයුතු රැසක නිරතව සිටි නිසාය. 
කෙසේ වුවද ඔහු අමාත්‍යවරයෙකු වූ පසු ඔහු හමුවට ආ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වූ සැම්සන් කුමාරගේ මහතා ගැමි නායකයෙකුගේ චරිතයක් සඳහා “බැද්දේ සෙනෙහස” නම් ටෙලිනාට්‍යයේ රඟපෑමට කැමති දැයි විමසූ අතර එය ඉටු කිරීමට රාජපක්‍ෂ මහතා එකඟ විය. 
ඒ අනුව එම ටෙලිනාට්‍යයේ ද රඟපෑ අපූරු ගැමි චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට හැකි විය.

 

 

 



අදහස් (0)

ගාමිණීගෙන් මහින්දට ජෙනරාල් පට්ටමක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site