IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කිරිඇල්ලගෙන් අනතුරු ඇඟවීමක්

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම-12

 

රටේ ඇති වී ව්‍යාකූලත්වය කෙසේ හෝ තුරන් කළ යුතුය යන මතයේ එක්සත් ජාතික පක්ෂයත් සෙසු දේශපාලන පක්ෂත් නොවෙනස්ව සිටියහ. මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ රටේ ඇති ව්‍යාකූලත්වය නිසා මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවය.


එහෙම වුණොත් මේ රට මහා ලේ වැගිරීමකට ලක්වේවි. අපේ වගකීම තමයි ඒ තත්ත්වය වෙනස් කිරීම.” ලක්ෂ්මන් කිරිඇල්ල එසේ කීවේ අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායකයන්ගේ හමුවකදීය.


“මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගය පාලනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්මයි. අපට තවම අධිකරණය ගැන ගැඹුරු විශ්වාසයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නය අධිකරණයට අරගෙන යමු.” ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළේය. ඒ අනුව අලුත් අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පාර්ශ්ව ගණනාවක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළහ.


එම පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්වූයේ දෙසැම්බර් 3 වැනිදාය. එම තීන්දුව ගැන පාර්ලිමේන්තුවට කරුණු අනාවරණය කරමින් මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේ කීවේය.


වජිර අබේවර්ධන මහතා : ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඉතාම අවාසනාවන්ත තැනක රට තිබෙන අවස්ථාවක අපේ කථානායකතුමා ජාතික වශයෙන් ඉතා වැදගත් තීරණයක් පසුගිය කාලය තුළදී ගත්තා කියා මම හිතනවා. ඒ නිසා ගරු කථානායකතුමාට ජාතියේ ගෞරවය හිමිවිය යුතුව තිබෙනවා. මේ සභා ගර්භය තුළදී පෑනක්, පැන්සලක් හෝ නොමැතිව හිටපු පොලිස් නිලධාරීන්ට ඉතාම අශෝභන විදියට පහර දීම් සිදුකරපු අවස්ථාවක් මුළු රටම දැක බලාගත්තා. එවැනි වෙලාවක අපේ කථානායකතුමා ගත් තීරණ සම්බන්ධයෙන් එතුමාට විවිධ චෝදනා මාධ්‍ය හරහා එල්ල වෙමින් පවතිනවා. ඒ නිසා වැදගත් කාරණයක් සටහන් කරන්න මම හිතුවා. ඇත්ත වශයෙන්ම, අභියාචනාධිකරණය විසින් 2018 දෙසැම්බර් මස 03 වැනි දින දෙනු ලැබූ අතුරු තහනම් නියෝගය මෙය මගේ මතයක් නොවෙයි. සියලු දෙනාගේ දැනගැනීම සඳහා මම කියවන්නම්, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එහි මෙසේ සඳහන් වනවා.


මෙම අභියාචනාධිකරණය හමුවේ ඇති නඩුවට අනුව මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122 ක බහුතරයක් විසින් වර්තමාන ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් සම්මත කරගත් බවට නඩුවක් ගොනුකර ඇත. එම පෙත්සමේ සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය, කැබිනට් අමාත්‍යවරුන්ගේ ධුර සහ අනිකුත් අමාත්‍ය ධුර ව්‍යවස්ථානුකූල නොවන බවයි. මෙම අධිකරණය මගින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම මගින් රටේ අග්‍රාමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරුන් සහ වෙනත් අමාත්‍යවරුන් නොමැති තත්ත්වයක් උද්ගත වන බව සැලකිල්ලට භාජනය කර ඇත. එමෙන්ම මෙම අධිකරණය විසින්, මෙම පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද තර්කයන්ට අනුව  මෙම නඩුවෙහි විත්තිකාර පාර්ශ්වය නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව අදාළ තනතුරු දරමින්  රාජ්‍ය ආයතන එලෙස පවත්වා ගෙන යන්නේ නම් විශාල හානියක් සම්මතයක් වශයෙන් රටට විය හැකි බව සැලකිල්ලට භාජනය කර ඇත.


මෙම අධිකරණය මගින් රටෙහි පාලනය පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ට සහ අනිකුත් අමාත්‍යවරුන්ට විශාල බලයක් ව්‍යවස්ථානුකූලව සහ වෙනත් නීතිමය රාමුවලට අනුව ලබා දී ඇති බව සැලකිල්ලට ගෙන ඇත. එමෙන්ම එම තනතුරු දරන ඕනෑම කෙනෙකු හට ඉතාමත් වැදගත් සහ වගකිවයුතු තීරණ ගැනීමට හැකියාවක් ඇති අතර, එමගින් රටෙහි අභ්‍යන්තර කටයුතු සහ ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑම් ඇතිවිය හැක. එම වැදගත් සහ වගකිවයුතු තීරණ නැවත ආපස්සට හැරවිය නොහැකි බව අධිකරණය විසින් සැලකිල්ලට භාජනය කර ඇත.


එමෙන්ම මෙම අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය මගින් ඇතිවන තත්ත්වය මත විත්තිකරුවන්ට තමන්ට අදාළ රාජ්‍ය ආයතනවල රාජකාරි කිරීම තහනම් කිරීමෙන් ඇතිවන බලපෑම සහ හානිය වගේම මෙම පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන බලපෑම සහ හානිය ද සැලකිල්ලට භාජනය කර ඇත. තවද පෙත්සමට අදාළව ඉදිරිපත් කර ඇති අතුරු තහනම් නියෝගයට අනුව අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් මණ්ඩලය සහ අනිකුත් අමාත්‍ය ධුර පවත්වාගෙන යෑම වගේම එම රාජ්‍ය ආයතනවල ඔවුන් රාජකාරි කිරීම තහනම් කිරීම ද සිදුවිය යුතුය. එම නිසා අධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය මගින් අදාළ විත්තිකරුවන් අදාළ රාජ්‍ය ආයතනවලින් රාජකාරි කිරීම බැහැර කරලීම සැලකිල්ලට භාජනය කර ඇත. එමෙන්ම අදාළ අතුරු තහනම් නියෝගය මගින් පුරප්පාඩු වන ධුරයන්හි රාජකාරි කිරීමට අදාළ රාජ්‍ය ආයතනවල රාජකාරි කිරීමට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න මෙම අධිකරණයට අදාළ නොවන අතර එම වගකීම් පැවරී ඇත්තේ ව්‍යවස්ථාව අනුකූලව තනතුරු පත් කිරීමට බලය ඇති බලධාරියාටය. තවදුරටත් මෙම පෙත්සම්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම නිවැරදි නම් රටෙහි වර්තමාන තත්ත්වය වන්නේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයෙකු, කැබිනට් මණ්ඩලයක් සහ වෙනත් අමාත්‍යවරුන් නැති රටක් නිර්මාණය වීමයි.


එවැනි තත්ත්වයක් තුළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් ඇතිවන තත්ත්වයට වඩා පෙර තත්ත්වය භයානක සහ අවදානම් බව සඳහන් කරමු. එම නිසා මෙම නඩුවට අනුව පෙත්සම්කරුවන් එකසිය විසිදෙදෙනා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම නීතියට අනුකූල බව සඳහන් කරමි. මෙම තත්ත්වය මගින් පැනනගින තවත් ප්‍රශ්නයක් වන්නේ විත්තිකරුවන් අදාළ රාජ්‍ය ආයතනවල රාජකාරි කිරීම තහනම් කිරීමෙන් විසඳිය නොහැකි ගැටලු සහ ව්‍යාකූලත්වයක් පැන නැගිය හැකි ද යන්නයි. මේ සම්බන්ධයෙන් අධිකරණය සුබවාදීව ප්‍රශ්නය සලකා බැලීම කර ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය වන්නේ නීත්‍යානුකූල නොවන පිරිසක් විසින් අග්‍රාමාත්‍ය ධුරය, කැබිනට් අමාත්‍ය ධුර සහ වෙනත් අමාත්‍ය ධුර දරමින් සිදුවන ගැටලු සහ ව්‍යාකූලසහගත තත්ත්වය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් ඇතිවන තත්ත්වයට වඩා බරපතළ බවයි. සමස්තයක් වශයෙන් එම තත්ත්වය දීර්ඝ කාලීන ලෙස සමස්ත රටට බලපාන සාධකයකි. එවැනි අවස්ථාවක අවසන් තීන්දුව දීම අත්‍යවශ්‍යම වේ. ඉහත හේතුව දක්වා ඇති කරුණුවලට අනුව මෙම අධිකරණය පහත සඳහන් තීරණ ඉදිරිපත් කර ඇත.


1. මෙහි සඳහන් පළමුවැනි විත්තිකරු අග්‍රාමාත්‍ය ධුරය දැරීම සහ කැබිනට් අමාත්‍ය ධුර දැරීම අවසාන තීරණය ලබා දෙන තෙක් සහ පෙත්සම් තහවුරු වන තෙක් තහනම් කිරීම.
2. මෙහි සඳහන් දෙවැනි විත්තිකරුගේ සිට විසිනව වැනි විත්තිකරු දක්වා පුද්ගලයන් කැබිනට් අමාත්‍ය ධුර සහ වෙනත් අමාත්‍ය ධුර දැරීම වළකාලමින් අවසාන තීරණය ලබා දෙන තෙක් සහ පෙත්සම තහවුරු වන තෙක් තහනම් කිරීම.


3. මෙහි සඳහන් තිස්නවයේ සිට හතළිස් එක දක්වා විත්තිකරුවන් අමාත්‍ය ධුර දැරීම අවසාන තීරණයක් ලබා දෙන තෙක් සහ පෙත්සම තහවුරු වන තෙක් තහනම් කිරීම.
4. මෙහි සඳහන් හතළිස් දෙකේ සිට හතළිස් නවය දක්වා විත්තිකරුවන් නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරීම අවසාන තීරණය ලබා දෙන තෙක් සහ පෙත්සම තහවුරු වන තෙක් තහනම් කිරීම.


මෙම අධිකරණය විසින් නියමිත කාල වකවානු ඇතුළත මෙම නඩුව අවසන් කර නඩු තීන්දුවක් ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරනු ඇත.


සභාපති, අභියාචනාධිකරණය
අර්ජුන ඔබේසේකර


මම එකඟ වෙමි- අභියාචනාධිකරණ විනිසුරු.


ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම විශේෂයෙන් මෙම තීරණය සඳහන් කළේ වර්තමාන අපේ කථානායකතුමා කළ කාර්ය භාරය සම්බන්ධව මාධ්‍ය ආයතන විවිධ විදියට විවේචනය කරමින් පහර දෙමින් ක්‍රියා කරපු නිසායි. මම හිතන විදියට සමස්ත මාධ්‍යයට, රටවැසියන්ට, සමස්ත ජනතාවට, දැන් තේරෙන්නට ඕනෑ. පාර්ලිමේන්තුවේ කථානායකතුමා ඇතුළු මන්ත්‍රීවරුන් එකසියවිසි දෙදෙනා කළ කාර්ය භාරය හරි බව අධිකරණයට හැඟී ගිය නිසා තමයි මේ අතුරු තහනම් නියෝගය පනවා තිබෙන්නේ කියන කාරණය.

 

මතු සම්බන්ධයි.
සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

කිරිඇල්ලගෙන් අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site