IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කවි අවියෙන් වැඩ ගත් හැඩකාර වැඩකාරයෝ

 
 
 
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වා එම මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා එක් එක් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා එක් එක් අපේක්ෂකයන් විවිධ ක්‍රම අනුගමනය කර ඇති අයුරු දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී, දක්නට ලැබේ. මුල් කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයන් පත් කිරීම, ගම් කාර්ය සභා නියෝජිතයෝ තේරීම, පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීම, ජනාධිපතිවරයකු පත්කර ගැනීම, පළාත් සභා නියෝජිතයන් පත් කර ගැනීම, පළාත් පාලන නියෝජිතයන් පත්කර ගැනීම යන අවස්ථාවල දී ප්‍රචාරණ කටයුතු සඳහා විවිධ මාධ්‍යයන් යොදා ගෙන ඇති අයුරු පෙනෙන්නට තිබේ. 
 
මුල් කාලීනව රැස්වීම් පැවැත්වීම පෝස්ටර් ඇලවීම, අත්පත්‍රිකා බෙදා හැරීම ආදී මාධ්‍යයන් භාවිත කළ අතර රැස්වීම්වලදීත්, ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීමේදීත් වැඩි වශයෙන් කවියෙන් අදහස් පළ කිරීම එකල සුලභව දක්නට ලැබුණි. 
 
එය ක්‍රමයෙන් විකාශය වී 1980න් පසු රූපවාහිනී මාධ්‍ය ද යොදාගත් අතර මුල් කාලයේ සිට ගුවන් විදුලි මාධ්‍යය ද යොදාගත් අයුරු පෙනේ. පසුකාලීනව කුඩා පෝස්ටර් හා කුඩා පත්‍රිකා වෙනුවට විශාල පෝස්ටර් හා විශාල  ඡායාරූප හා කටවුට් ප්‍රදර්ශනය කරමින් ඡන්දය ඉල්ලීම සිදු කළ අතර මෑත කාලයේ එය අන්තර්ජාල හා සමාජ ජාලා වෙබ් අඩවි යොදා ගැනීම කෙටි පණිවුඩ, වට්ස් අප්, ඊමේල් වයිබර් ආදී සන්නිවේදන ක්‍රම යොදා ගැනීම දක්වා ද විකාශනය වී ඇත. 
 
කෙසේ වෙතත් එක්දහස් නවසිය හතළිස් ගණන්වල හා 1950 හා හැටේ හා හැත්තෑව දශකයේ කවිය උපයෝගී කර ගෙන මැතිවරණ ප්‍රචාරණය සිදු කළේ එය පොදු ජනයාගේ හදවතට ඉතාම ඉක්මනින් ඇතුළු වන හා කා වදින මාධ්‍යයක් වූ නිසාය. බොහෝ දෙනා කවි ඇසීමට කැමතිය. කවි කීමට හා ලිවීමට ද එකල කවියක් කිවිඳියන් කවි සමාජ, කවි සම්මේලන ආදිය ද තිබුණි. අද කාලයේ කවීන්, කවි සමාජ හා කවි සම්මේලනවල පිබිදීමක් දක්නට නොමැත්තේ, වෙනත් නවීන මාධ්‍යයන් සමාජගත වී ඇති නිසාය. ඒ කෙසේ වෙතත් අදත් අපහට කවියකින් ලද හැකි ආශ්වාදය වෙනත් මාධ්‍යයකින් ළඟාකර ගත නොහැකි බව කීම අතිශයෝක්තියක් නොවේ. 
 
දේශපාලන පොරපිටියේ ‘කවිය’ ඉතා ප්‍රබල හා ආකර්ෂණීය මාධ්‍යයක් වූ අයුරු මවිසින් පහත සඳහන් කරන කවි කිහිපයෙන් මැනවින් පෙන්නුම් කෙරේ. පැරණි ලේඛන රැසක් පරීක්ෂා කළ මා හට හමු වූ එවැනි කවි වලින් සමස්ත පුවත්පතම පිරවිය හැකි වුව ද පෙන්වී ඇති ඉඩකඩ ප්‍රමාණය අනුව මෙම මැතිවරණ සමයේ හුදී ජනයාගේ විනෝදාස්වාදය සඳහා පහත සඳහන් කවි කීපයක් පමණක් ඉදිරිපත් කරන්නෙමි. 
 
1956 මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතාම තීරණාත්මක හා ජන හදවත්වලට ඉතා ළංවූ මැතිවරණයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන්ගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලි බලවේග තරග කිරීමයි. මෙම මැතිවරණයේ දී ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ කුසුමා ගුණවර්ධන මැතිනිය, කිරිඇල්ල අසුනට ඉදිරිපත් වූ අතර ඇයට හිමි වූයේ ‘අත’ ලකුණෙයි. ඒ පිළිබඳව සතුටට පත් ප්‍රදේශවාසී ඡන්දදායකයන් පිරිසක් ලියා මුද්‍රණය කර ප්‍රසිද්ධ කළ කවි පන්තියකින් එක් කවියක් මෙසේය. 
 
‘කන්නට අපට සලසද්දී මිනී මස් 
දැන් තවදුරට සිටියෝතින් පියා ඇස් 
යූ ඇන් පීය යලි බලයට නැගී ගොස් 
අයියෝ දමයි මහජනයගෙ කටේ පස්’ 
 
මේ අතර දඹදෙණිය ආසනයේ සිට කැලණිය ආසනයෙන් තරග වැදීමට ආ ආර්. ජී. සේනනායක නම් ප්‍රකට දේශපාලනඥයා ගැන පොරමඩල නම් ගමේ ඡන්ද දායකයන් පිරිසක් ප්‍රසිද්ධ කළ පත්‍රිකාවක සඳහන් කවි අතුරින් එක් කවියකි මේ. 
 
‘ඩී. ඇස්. ඩඞ්ලි කළ වැඩ තව නිම නැතිය 
සෙන්නායක වරුන් හට අප ණය ගැතිය 
ගෝඨාභය මැතිඳු අද තනි වී ඇතිය
එමැතිඳු රැක ගැනුම අප හැමට අයිතිය’ 
 
මේ අතර තවත් පත්‍රිකාවක සඳහන් වූ කවි පන්තියකින් තෝරාගත් කවි 2ක් පහත පළ කරමි. 
 
‘ආහාර හිඟකමින් රට සාගතයකට 
පෙරලී තිබුන අවධියේ ගොස් චීනයට 
ගිවිසුන් බැඳන් අප විපතින් මුදන්නට 
සිටියේ කවුද නොබියව ඇමරිකාවට 
ඇමරිකානුන්ට කඳවුරු බැඳගන්ට 
වැඩ ඇති චීන ගිවිසුම වනසා ලන්ට 
ඉන්දියානුන්ට අප රට බිලි දෙන්ට 
සැරසෙන නිවට වල් අලි පන්නා ලන්ට’ 
 
1956 දී සමස්ත ලංකා සිංහල තරුණ සංගමය ප්‍රසිද්ධ කරන ලද ‘කදිරදේව රාජනේ’ නම් කවි පන්තියෙන් කවි  දෙකක් මෙසේය. 
 
‘මුහුණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ 
රුහුණු රටේ පිහිටි කන්ද කදිරදේව රාජනේ 
ලූණු සීනි හාල් ටිකේ මිල වැඩි කළ කානේ 
බානු බැරිය සුන් කළ මැන යුඅන්පී පාලනේ 
දොට්ට බහින්නට බැරි තරමට පිරිහී ගිය පාලනේ 
හිට්ලරයෙක් කියා හිතන පණුවෙක් ඇත දියනේ 
පච්ච පාට මේ නරයගෙ දඟ බිම ඇනෙනා මෙනේ 
පට්ට ගසනු මැන හොර අලි මතු බුදු වෙයි දෙයියනේ 
 
1956 මහා මැතිවරණයට කුරුණෑගල ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඩී. බී. වෙලගෙදර මහතාට ඡන්දය දෙන ලෙස ඉල්ලා පළ කළ කවි පන්තියකින් උපුටා ගත් කවි 2කි මේ. 
 
‘එක්සත් දෑ පසෙහි මහ බලකනුවක් වූ 
ඇතුගල් පුරේ බැබළෙන ජය කොඩියක් වූ 
ඩී.බී. වෙලගෙදර මැති වැඩකර දැක්වූ 
අසුනට සුදුස්සාමය තරඟෙට ලක් වූ 
මහජනයාගෙ ඕනෑකම් හිතා මතා 
මැති සබයේ දී කරමින් යෝජනා කතා 
සේවය පළාතට ඉටුකළ වටින ඉතා 
මෙවරත් අසුනෙ හිඳවමු වෙලගෙදර ඇතා’ 
 
කලාවැව ආසනයට  ‘අත’ ලකුණින් තරග කළ ඇම්. ඇස්. දිසානායක මහතා ගැන ලියා ප්‍රසිද්ධ කළ කාව්‍ය පත්‍රිකාවක මෙසේ සඳහන් වේ. 
 
‘දුප්පත් කමින් රට වැසියා ගලවන්න
සැරසෙන පෙරමුණක කණුවක් වී ඉන්න 
අත ඉදිරියේ කොටුවෙ කතිරය ගස මින්න 
මැතිඳුට දිසානායක ඡන්දය දෙන්න’ 
 
මේ අතර එකල තිබූ වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඇස් ද ඇස් ජයසිංහ මහතා ගැන මෙසේ කවි පළ විය. 
 
‘ජාතික ගසේ ජාතික කොඩිය නගනවිට 
කතිරය ගසනු මැන අලියා ඉදිරිපිට 
වැල්ලවත්ත ගල්කිස්සේ අසුන මෙම 
ගියවර ජය ලබා පිදු සේවයට ළැම 
ජයසිහ ඇස් ද ඇස් මැතිඳුනි ඇතිව පෙම 
ඡන්දය දෙනු මැනවි රැකගනු පිණිස ගම’ 
 
මේ අතර හොරණ ආසනයට තරග කළා ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා ගැන පළ කළ කවි කීපයක් මෙසේය. 
 
‘ඒ අලියගෙ මඟුල් ලකුණ 
ගිය වාරේ අතට ලැබුණ 
ජයවර්ධන මහත්තයා 
ඉහළින් දිනුවා 
මන්ත්‍රී කමින් වී ඇමතී 
වැඩකළ රටටම හිතැතී
ඇම්. ඩී. එච්. ජයවර්ධන ඇමැතිතුමා අපේ’ 
 
සුප්‍රකට කවියෙකු වූ ‘හොරණ’ට ම.එ.පෙන් තරඟ කළ සාගර පලන්සූරිය මහතා ගැන තවත් කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වූ පී.බී. අල්විස් පෙරේරා මහතා ලියූ කවි 2ක් මෙසේය. 
 
‘මෙදා පොටේ යුඇන්පිය පරදිනවා 
කවුරුත් ‘අතේ’ ලකුණට ඡන්දය දෙනවා 
සාගර පලන්සූරිය යැව්වම       දිනවා 
මැති  බණ්ඩාරනායක  අගමැති වෙනවා 
සිංහල අපේ සිංහල රජ කරන්නට 
සම්බුදු සසුන හෙළ දිව බබුළු වන්නට 
අත ළඟ හිස් කොටුවෙ කතිරය ගසන්නට 
අපි යමු චන්ද පොල වෙත එක පෙළින් සිට 
 
1965 මහ මැතිවරණයේදී ද කවි අත් පත්‍රිකා රැසක් බිහි වූ අතර ‘වම පාවා දුන් වගයි’ යන කවි පත්‍රිකාවේ තිබු කවියක් මෙසේය. 
 
‘යූ ඇන් පිය පෙඩරල් හා පල්ලිය උසි ගන්නා 
ජාතියෙ හදවතටත්  පිහි පාරක් ඇන්නා 
පොරණ පටන් ගිනි පිටකළ අයිය මලෝ දෙන්නා 
පරණ කෙරුම් අමතක කොට සටන පාව දුන්නා’
 
මේ අතර ‘බොරැල්ලේ ජාතික රණහඬ’ නම් සංවිධානය විසින් පළ කළ කවි පත්‍රිකාවේ මෙසේ සඳහන් වේ. 
 
‘රට ජාතිය සාසනේ 
කළ අයගෙන් දූෂනේ 
ජාතිය රැකි අය සිටියේ 
මේ බොරැල්ල ආසනේ 
රතු චීනගෙ වාදය 
මේ රුසියන් බේදය 
මේ සිංහල රටට එපා 
දිනවමු අපි රෝදය’ 
 
2005 ජනාධිපතිවරණයේදී ද අත්පත්‍රිකා රැසක් මුද්‍රණය වූයේ කවියෙනි. එබඳු කවියක් 2005.11.06 දින ‘මහින්ද’ නමින් පළ වූ දේශපාලන පුවත්පතක මුල් පිටුවේ මෙසේ පළවිය. 
 
‘එසවෙයි අත් බැඳෙයි නොබිඳෙන ලෙස එකට 
මේ රට ගොඩ නැගෙයි ලැබ සාමය සතුට 
ඒ සිහිනය සැබෑ කොට පණ දී ඇයට 
සෙවණක් වනු මැනවි ඔබ අපගේ හිතට’ 
 
 
2005 ජනාධිපතිවරණයේදී ඩබ්. ඩී. අබේවර්ධන නැමැති අයෙකු මුද්‍රණය කළ කවි පත්‍රිකාවක සඳහන්ව ඇති කවියක් මෙසේය. 
 
‘නිමවා ලන්නට ඇති කුස ගින්න 
හැකියාවට රැකියාවක් ගන්න 
බෙදුම්වාදයට විසඳුම් දෙන්න 
ඕනා රනිල් ජනපති කර වන්න’ 
 
දොම්පේ සංවිධායක උපාලි ගුණරත්න හා හිටපු පළාත් අමාත්‍යවරයකු වූ දුලීප් විජේසේකර යන මහත්වරුන් 2005 දී ප්‍රසිද්ධ කළ කවි පන්තියක කවි 2ක් මෙසේය.
 
 
‘පොදු ජනතාව තෝරා පත්කර යැව්ව 
මැතිවරු ඇමැතිවරු  සැමදෙන එක මුතුව 
ජනපති පදවියට අදරින් නම් කෙරුව 
ආසිරි පතයි අගමැතිඳුට ජනතාව 
නම ගිය රුහුණුපුර ඉතිහාස බබළවන 
එඩිතර සිහල පරපුරකින් පැවත එන 
මහින්ද රාජපස මැතිඳුනි හෙල දෙරණ 
බාරයි ඔබට  ජනතාවම මෙහි දිටින 
 
අවසාන වශයෙන් 1970 පැවති මහ මැතිවරණයේදී දේශපාලන පොර පිටියට ප්‍රථම වතාවට රුහුණේ ගිරුවාපත්තුවේ බෙලිඅත්ත ආසනයෙන් ඉදිරිපත් වූ එකල ලාබාලම අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පළ කළ මුල්ම ඡන්ද පෝස්ටරයේ සඳහන් කවිය මෙසේය. 
 
දහදුක් විඳින ජනතාවට සහය දෙමින් 
ජාතිය නැගු රුහුණෙහි මිණි පහන වෙමින් 
මියගිය පියාගේ පියවර අනුව යමින් 
පොඩි පුතු පෙරට එයි ඔබ හැම පරදවමින්
 
 
 
 
 
 
 
 
 
 



අදහස් (0)

කවි අවියෙන් වැඩ ගත් හැඩකාර වැඩකාරයෝ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site