IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමතිකමට වහ නොවැටුණු මන්ත්‍රීවරයා

පැරණි දේශපාලනයේ  රස කතාවක්-2

 

 

ඇමති දෙපොළ රජයෙන් ඉවත් කළ දිනට පසු දින උදෑසනින්ම අගමැතිට පක්ෂ, හිතවත් ඇමතිවරයකු වූ ඒ. පී. ජයසූරිය මහතා ඇස්. ඩී. ගේ නිවස වූ මඩුගස් වලව්වට පැමිණියේය. ඔහු පැමිණ තිබුණේ ඇස්. ඩී. වෙත සුබ ආරංචියක් ද රැගෙනය. පිලිප් ගුණවර්ධන මහතා නියෝජනය කළ ආහාර සහ කෘෂිකර්ම ඇමති ධුරය භාර ගැනීමට සූදානම්ව කොළඹට ඔහු කැඳවා ගෙන ඒම ඒ. පී. ජයසූරිය මහතාට අගමැතිතුමා භාර දී තිබුණු කාර්යභාරය විය. මේ තනතුර සඳහා ඇස්. ඩී. ට තිබුණු සුදුසුකම් අගමැති දැන සිටියේය. ඉන්දියාවේ සරසවියකින් ඔහු කෘෂිකර්මය පිළිබඳ උපාධියක් ලැබ සිටියේය. එමෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී කෘෂිකර්ම ඇමති ඩී. ඇස්. සේනානායක මහතා සහ යුද සමයේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ලෙස කටයුතු කළ සර් ඔලිවර් ගුණතිලක යන මහතුන් විසින් ගොඩ නංවා තිබුණු ගොවි හමුදාවේ ඉහළ නිලධාරියකු ලෙස ඇස්. ඩී. කටයුතු කර තිබුණි. 


ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට පිලිප් ගුණවර්ධන මහතාගෙන් හිස් වූ අමාත්‍ය ධුරය භාර දීමට එම සුදුසුකම් හොඳටම ප්‍රමාණවත් බව අගමැතිවරයා හොඳින්ම දැන සිටියේය. එහෙත් තනතුරු ලෝභියකු නොවූ ඇස්. ඩී. අතට පත් ඇමති ධුරය දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළේය. ඒ. පී. මට ඇමතිකමක් දෙන්න අගමැතිතුමා තීරණය කරපු එකට මම ස්තූති කළා කියන්න. ඒත් මම මේ ඇමති ධුරය භාර ගන්නේ නෑ. පිලිප්ව අස්කෙරුව එක අපරාධයක්. ඔහු කළ දේ හරි. ඒ නිසා සාකච්ඡා කර නැවත ඔහුටම එම තනතුර භාර දෙන්න කියන්න. පිලිප් ද ස්ථිර ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ දේශපාලකයෙකි. තනතුරෙන් නෙරපා දැමූ පසු එය ආපසු ලබා ගැනීමට කවුරුන් හෝ මැදිහත් කොට ගෙන එය ලැබෙන තුරු හොරගල් අහුලන වර්ගයේ අයෙකු නොවීය. 


තනතුරක් ලැබුණු කෙනෙහි වර්තමානිකයන්ට වැලඳෙන රෝගයක් වනුයේ රථ ගායයි. ප්‍රථම සාකච්ඡා වටයේදීම ඇස්. ඩී. විමසන්නේ අමාත්‍යෘංශයේ කටයුතුවලට වාහන කීයක් ලැබෙනවාද? කියාය. එහෙත් මුල් යුගයේ ගම්පහ වැනි විශාල ආසනයක දේශපාලන කටයුතුවල යෙදුණේ පාපැදියෙන් ගමන් කිරීමෙන් බව ඇසීමෙන් අද සිටින අය පුදුමයට පත් වෙන බව මම දනිමි. මෙම අපහසුව දුටු ගම්පහ ඡන්දදායකයෝ රුපියල් දෙක බැගින් එකතු කර අංක 1 ශ්‍රී 1961 දරන ෆොක්ස් වැගන් මෝටර් රථය මිලයට ගෙන තම මන්ත්‍රීවරයාගේ පරිහරණය සඳහා පරිත්‍යාග කළහ. ඇස්. ඩී. ගේ තිස් වසරක දේශපාලන දිවිය පුරා ගමනාගමන පහසුව සැලසුවේ මෙම කුඩා මෝටර් රථයයි. එය අද ද මඩුගස් වලව්වේ ගරාජයේ කොනක වැතිර සිටිමින් අටලෝ දහම ගැනත් තම ස්වාමියා සමග කළ මහජන සේවයත් සිහිපත් කරමින් තිබෙනු මම කොතෙකුත් දැක ඇත්තෙමි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 මහා මැතිවරණයේදී දැවැන්ත පරාජයක් ලබා හතර ගාතයෙන් ඇද වැටුණේ පාර්ලිමේන්තු ආසන අටක් පමණක් හිමි කර ගනිමිනි. සමස්ත ඇමති මණ්ඩලයෙන්ම තම අසුන රැක ගත හැකි වූවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහ උපනායක මෛත්‍රීපාල සේනානායක මහතාට පමණි. 1970 දී තුනෙන් දෙකේ බලය ඇතිව රජයක් පිහිටුවා ගැනීමට සමත්ව සිටිය ද ඊළඟ මැතිවරණයේදී ලබාගෙන තිබුණේ ආසන අටක් පමණි. ‘හැමදාව අපි තමයි, පුළුවන් නම් පරදවපල්ලා’ යැයි කටමැත දොඩමින් සිටි නායකයෝ සෑම දෙනාම පරාජය වැලඳ ගත්හ. සමහර ප්‍රබලයන් කච්චේරියෙන් නික්ම ගොස් තිබුණේ තම බිරින්ඳෑවරුන් ද එහි අමතක කරලමිනි. 
මේ සා දරුණු පරාජයකට ලක් වෙද්දී ඇස්. ඩී. තම ගම්පහ ආසනය ජය ගත්තේය. එය බොහෝ දෙනා විස්මයට පත් කළ සිදුවීමක් විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාර නායක (දොම්පේ), පී. බී. ජි. කළුගල්ල (කෑගල්ල), ටී. බී. ඉලංගරත්න (කොලොන්නාව), ස්ටැන්ලි කිලකරත්න (කෝට්ටේ), කේ. බී. රත්නායක (අනුරාධපුරය), හෙක්ටර් කොබ්බෑකඩුව (යටිනුවර) වැනි ශ්‍රී.ල.නි.ප. දැවැන්තයෝ පරාජය ලැබූහ. එමෙන්ම දීර්ඝ කාලයක් මැතිසබයේ සුවිශාල සටන් මෙහෙය වූ ඇන්. ඇම්. කොල්වින් පීටර් කෙනමන් ආදීහු ද පරාජය උරුම කර ගත්හ. එහෙත් ඇස්. ඩී. ගම්පහ දිනා ගත්තේය. 


පරාජයෙන් පසු හිතවතුන් ඈත්වීම එම ක්ෂේත්‍රයේ ස්වභාවයයි. මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි විය. ආසන දිනූ අට දෙනාගෙනුත් සමහරු රජයට සහාය දුන්හ. රට පුරා යමින් පක්ෂය නැවත ගොඩ නැගුවේත් 1994 දී හෝ නැවත බලයට ඒමට මාර්ගය නිර්මාණය කළේත් ඇස්. ඩී. වැනි කීප දෙනකු විසිනි. බලවත්තු බොහෝ දෙනෙක් සිටියේ තම ආසනවලට යා ගත නොහැකිවය.


ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 දී දෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අභිමතය ප්‍රකාශ කළේය. ඒ අනුව 1982 ඔක්තෝබර් 20 වැනිදා තරගය පැවැත්වුණි. ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වූවේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. ඔහු සමග රට වටා යාමට ජනප්‍රිය දේශපාලකයන් අතරින් සිටියේ නවකයකු වූ විජය කුමාරතුංගයන් පමණි. ඇස්. ඩී. ද මගහැරියේ නැත. වගකීම දෙඋරට ගත්තේය. 

 

 


කොබ්බෑකඩුව මහතා පරාජයට පත් විය. සමස්ත ලංකාවෙන්ම ඔහු ජය ගෙන තිබුණේ ආසන අතළොස්සකදී පමණය. උතුරේ බහුතර ආසන ගණන දිනා තිබුණේ කොබ්බෑකඩුවය. ද්‍රවිඩ සන්ධානය ඔහුට සහාය දීම ඊට හේතු විය. ශ්‍රී.ල.නි.ප.යෙන්. උතුර බලා ගත්තේ ඇස්. ඩී. ය. උතුරේත් ඇස්. ඩී. ට. ඡන්ද පදනමක් තිබුණි.


එයට හේතුව ඉතා ප්‍රබල කාරණයකි. උතුරේ තරම් කුල භේදය රජ කරන ප්‍රදේශයක් තවත් නැත. පසුගාමී කුලයක උපත ලැබීමේ වරදට එම පීඩිත ජනතාව විඳින දුක් කන්දරාවේ නිමක් නැත. ඔවුනට මතු ආත්මයවත් සැපවත් කර ගැනීමට ආගම ඇදහීමට කෝවිලකට යාමට අවසර නැත. කුලවතකුගේ ළිඳකින් පිපාසයට ජල බිඳුවක් පානය කිරීමට ඉඩක් නැත. මේ අසරණයින්ගේ දරුවන්ට පාසැලකට ගොස් සම අසුන්වල වාඩි වී අධ්‍යාපනය ලැබීමට ඉඩ කඩ නැත. මේ සුළුවෙනි. මෙම තත්ත්වයට එරෙහිව නැගී සිටි දකුණේ එකම සිංහල දේශපාලනඥයා ඇස්. ඩී. ය. මේ ගැන සටන් කරමින් ඔහු යාපනයේ පෙළපාළි මෙහෙය වූවේය. උද්ඝෝෂණය කළේය. උතුරේ මිනිස්සු ඒවාට සහය දුන්හ. මෙය රදල වංශාධිපති දමිළ නායකයන්ට හිසරදයක් විය. එවැනි නායකයකු වූ වවුනියාවේ මන්ත්‍රී සී. සුන්දර ලිංගම් මහතා දැඩි කෝපයට පත්විය. ගම්පහ මන්ත්‍රීවරයාට යාපනයේ පෙළපාළි යාමට ඇති අයිතිය කුමක් දැයි ඔහු විමසීය. මම ගම්පහට පමණක් නොව ලංකාවටම මන්ත්‍රීවරයෙකැයි ඇස්. ඩී. පිළිතුරු දුන්නේය. 1967 ජුලි මස 27 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසුවේය. ‘1964 පෙබරවාරි මාසයේදී අපි දැක්කා උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති දෙමළ කතා කරන ජනතාවගේ සටන. විශේෂයෙන්ම දවස් 56ක් ඔවුන්ගේම ආණ්ඩුවක් ඒ ප්‍රදේශවල තිබුණු අවධියක අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම අනුව මට ඒ ප්‍රදේශයට යන්න පුළුවන් වුණා. දෙමළ භාෂාව කතා කරන අයගේ සටන කොයි ආකාරයට සිදු වෙනවා ද කියන කාරණය අපි ඒ අවස්ථාවේදී දැක්කා. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, එහෙත් අද අපට පෙනී යනවා මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාව සෙසු ජාතියක් ලෙස නගා සිටුවීමට ක්‍රියා කිරීමට ෆෙඩරල් පක්ෂය සහ ද්‍රවිඩ සංගමය අතර තරගයක් ඇතිවේගෙන යන බවයි. මා මෙහිදී එම පක්ෂ දෙකෙන් ඉල්ලා සිටින්නේ අද උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාසය කරන දෙමළ ජනතාවගෙන් සියයට 30ක් පමණ වූ කුලහීනයයි සම්මත කොටස් ගැන එම දෙපක්ෂයේ ප්‍රතිපත්තිය කුමක් දැයි පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසයි. අද දක්වා එවැනි ප්‍රකාශයක් කර නැහැ. අද මේ කුලහීනයයි කියන ජනතාවට ඒ ප්‍රදේශවල කෝවිලකට තම ආගම අදහා ගැනීමට යාමේ මනුෂ්‍ය අයිතිවාසිකම පවා නැහැ. බොන්න වතුර ටික ලබා ගැනීමට ළිඳකට යාමේ අයිතිවාසිකමක්වත් අද ඔවුන්ට නැත. ෆෙඩරල් පක්ෂයත්, ද්‍රවිඩ සංගමයත් කියන්නේ මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි, ආගමික ප්‍රශ්නයක් කියායි. නමුත් අද යාපනය ප්‍රදේශයකට ගිහින් බැලුවොත් පෙනෙනවා ළිං පවා කුල අනුව වෙන් කරගෙන තිබෙන බව. කුල හීනයන්ට සමහර බාබර් සාප්පුවලට ඇතුළු වන්නට ඉඩ නොදුන් අවස්ථා. ඒ ගැන උසාවිය දඩ ගසා ඇති අවස්ථා පවා තිබෙනවා. කුල හීනයන්ට කෝවිල්වලට පවා ඇතුළු වන්නට අවසර දෙන්නේ නැහැ. මේ රදල ක්‍රමය නිසා පීඩනයට පත්ව සිටින ඒ ප්‍රදේශවල ජීවත් වන සාමාන්‍ය ජනතාව රා මදින සහෝදරවරු කම්කරු සහෝදරවරු අද තීරණය කර තිබෙනවා විප්ලවකාරී ආකල්පයකින් තොරව මේ රටේ ජනතාව සතු මිනිස් අයිතිවාසිකම් ලබා ගන්නට බැරිය කියා. ජාති භේදය ගැන නැවතත් කතාබහක් ඇති වී තිබෙන, එමෙන්ම සංහිඳියාව ගැන කොතෙකුත් ඇසෙන මෙවැනි සමයක ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ලබා දී ඇති පරම ආදර්ශය සමස්ත ජනතාවට අතිශය වැදගත් වේ. 


එක් ධර්ම කථිකයෙක් දහම ගැන පැහැදිලි කරමින් සිටියේය. ප්‍රශ්න ඇසීමේ වාරයක් ද ලැබුණි. එක් ශ්‍රාවකයෙක් මෙසේ විමසීය. අපේ ශාස්තෲවරයාණන් වහන්සේ අඳුරත් ආලෝකයත් දෙකම මවා වදාළේ කුමක් නිසාද? ආලෝකය පමණක් තිබුණා නම් ප්‍රමාණවත් නොවේද? දේශකයා මෙසේ පිළිතුරු දුන් බව කිය වේ. අන්ධකාරය නොතිබුණා නම් ආලෝකයත් එහි වටිනාකමත් මනුෂ්‍යයා කිසි දිනක අවබෝධ කර නොගන්නේය. අන්ධකාරය පවතින නිසා ආලෝකයේ වෙනස දැන ගත හැකිය. එමෙන්ම දෙසිය විසි පහම එපා යැයි කියන මෙම යුගයේ ඇස්. ඩී. ලා. ඩඞ්ලි සේනානායකයන් ආදී අවංක දේශපාලකයන් කැපී පෙනෙන්නේ ඔවුන් අලි බබාගේ නිවහනේ කටයුතු නොකළ නිසාය.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

ඇමතිකමට වහ නොවැටුණු මන්ත්‍රීවරයා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site