IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අමතක නොවන හර්තාලයේ මතකය

 

මෙවර මා ලංකාවට පැමිණියේ ඉස්ලාම් ආගමික අන්තවාදීන් විසින් අප්‍රේල් 21 වැනිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාර හේතු කොටගෙන මුළුමහත් ශ්‍රී ලංකාවම කැලඹී තිබූ අවාසනාවන්ත අවස්ථාවේදීය. එතැන් සිට රටපුරා මෙන්ම යම් යම් ප්‍රදේශ පුරා විටින් විට හදිසි නීතිය හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. මින් රටේ එදිනෙදා කටයුතු අඩපණ විය. රට අස්ථාවර තත්ත්වයකට පත්විය. ඇඳිරි නීතිය අස්සේම ඇතැම් ප්‍රදේශවල විදුලිය කැපීම නිසා රට කොහොමත් අඳුරේ ගිලී පැවතිණි. මෙය ලියන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඇඳිරි නීතිය ගැන නොවේ.


මේ ලියන්නේ මීට හරියටම අවුරුදු 66 කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇඳිරි නීතියත්, හදිසි නීතියත් පැනවූ ජන අරගලය ගැනය. 1953 අගෝස්තු 12 වැනිදා ඇරඹුණ ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්තාලය හේතුකොටගෙන එදා රට අකර්මණ්‍ය වුණේය. ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකිරීම තුළින් රට අස්ථාවර අඩියකට පත්විය. ශ්‍රී ලංකාවට නිදහස ලැබී (1948) වසර 5 කට පසු රට පුරා සිදුවූ මේ හර්තාලය ඇඳිරි නීතිය සහ හදිසි නීතිය මගින් මැඩ පැවැත්වීමට එවකට පැවති රජය අපොහොසත් විය.


එදා ද අද මෙන් රජයේ ප්‍රබලයින් අතර එකමුතුකමක් නොමැතිවීම තුළින් රට අකර්මණ්‍ය විය. 1952 මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ ඩඞ්ලි සේනානායක රජයයි. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විවිධ ඇමතිවරුන් අතර පැවති ඝට්ටන උග්‍රවීම මෙම හර්තාලය පැන නැගීමට මූලික හේතුව වූ බව කියනු ලැබේ. 1953 ජූලි 3 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී හාල් සහනාධාරය ඉවත් කිරීමට තීරණය විය. හාල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩි කළ යුතු බවද දුම්රිය ගාස්තු බස් ගාස්තු මුද්දර ගාස්තු වැඩි කළ යුතු යයිද රජයෙන් යෝජනා ඉදිරිපත් විය. ඊට ජනතාව තදින්ම විරෝධය පළකළහ.


වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක, කෘෂිකර්ම ඇමති ඇම්. ඩී. බණ්ඩා ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙක්ම ඊට ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළහ. එවකට විපක්ෂ නායක තනතුර දරුවේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. මුදල් ඇමති තනතුර දරුවේ ජේ. ආර්. ජයවර්ධනය. බි්‍රතාන්‍ය බලා 1953 ජූලි 6 වැනිදා ගිය ඇමති ආර්. ජී. සේනානායක එම අර්බුදකාරී අවස්ථාව අවසන් වනතෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.


මුදල් ඇමති ජේ. ආර්. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු බහුතර ජනතාව කෝපාවිෂ්ඨ වූහ. එදින ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය වටා අති විශාල ජනකායක් විරෝධතා පවත්වමින් රැස්වූහ. පාර්ලිමේන්තුව අසලම යෝධ රැලියක් පවත්වන ලදී. එහි මුලසුන හෙබවූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ය.

 


දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ආදී වාමාංශික නායකයෝ ඩඞ්ලි සේනානායක රජයට එරෙහිව මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ. මෙම රැලිය විසුරුවා හරින්නට පොලිසිය යෙදවීමට රජය ක්‍රියා කළේය. ජනතාවට බැටන් ප්‍රහාර එල්ලවිය. ප්‍රථම වතාවට කඳුළු ගෑස් ප්‍රහාරද ජනතාවට එල්ල විය. රජය කෙරෙහි මහජන විරෝධය දෙගුණ තෙගුණ වූයේ ඉන් පසුවය.


රටපුරා හර්තාලය ඇරඹුණේ 1953 අගෝස්තු 12 වැනිදාය. එදින උදේ කොළඹ නගරයේ ට්‍රෑම් කාර් සහ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර විය. රජයේ ආයතන සියල්ලම පාහේ වැසී ගියේය. වරාය, රත්මලාන දුම්රිය අංගණය, විවිධ කම්හල් ආදිය ක්‍රියා විරහිත විය. පිට පළාත්වල මහමග හරස් කර ගස් කපා දමමින් ජනතාව මහ පාරේ වාඩිවී විරෝධය පළ කළහ. දුම්රිය මාර්ග තැනින් තැන ගලවා තිබුණි. කොළඹ මහ නගර සභාව වසා එහි කළු කොඩියක් ප්‍රදර්ශනය කර තිබුණි.


මෙම හර්තාල් ව්‍යාපාරය රටපුරාම පැතිරුණේය. එය එක දිනකින් අවසන් වනු ඇතැයි රජය සිතුවත් දින ගණනාවක්ම පැවතිණි. ඩඞ්ලිගේ රජයේ ඇමති තනතුරක් දැරූ සර් ජෝන් කොතලාවල ඩඞ්ලිට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම රජය වඩාත් අසීරු අඩියකට පත්වීමට හේතුවක් විය. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ කොළඹ හා මොරටුව නගර සභා රජය මගින් විසුරුවා හරින ලදී.


මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදය පැවැත්වූයේ 1953 අගෝස්තු 20 වැනිදාය. එදින මුළු රාත්‍රියම පාර්ලිමේන්තුවේ ගතකළ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා පසුදා උදෑසන ක්ලාන්තවී පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය බව පුවත්පත් වාර්තාකර තිබුණි. අගෝස්තු 12 වැනිදා සිට දින 9 කට පසු ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූවත් ඒ වනවිටත් නව දෙනෙකු මියගොස් විශාල වශයෙන් දේපළ හානි සිදුවී තිබුණි. මහජනතාවත් ආරක්ෂක සේනාත් අතර ගැටුම් ඇතිවිය. මුල් දිනයේ 09 දෙනෙක් මියගියහ. විශාල පිරිසක් තුවාල ලැබූහ.

 

 


1953 හර්තාලය තුළින් රටට ඉමහත් හානියක් සිදුවුණේත් එම හර්තාලය සතියක පමණ කාලයක් පැවතුණේත් අගමැති ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල හා ජේ. ආර්. ජයවර්ධන යන තිදෙනා අතර සමගියක් නොමැතිවීමත් ඔවුන් තිදෙනාම බල අරගලයක නිරතවී සිටීමත් නිසාය.


පසුව සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්විය. ඊට හරියටම වසර දෙකකට පසු එනම් 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති තනතුරට පත්විය. ජෝන් කොතලාවලට මෙන්ම බණ්ඩාරනායකට අගමැති තනතුර ලැබීමට 1953 දී රට පුරා පැවති මහා හර්තාලය ඉවහල් වූ බව කියනු ලැබේ. ඔවුන් දෙදෙනාම යථෝක්ත හර්තාලය මාර්ගයෙන් ජනතාවට වඩාත් සමීප වීමට සමත් වූහ. පාලකයින් අතර මතභේද හා අසමඟියක් ඇතිවන හැම අවස්ථාවකදීම ජන අරගල සාර්ථක වේ.

 

 

සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

අමතක නොවන හර්තාලයේ මතකය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site