IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


අන්තරය බිහිවෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ වූයේ 1969 වසරේ ජූනි මස 18 වැනිදාය. ඒ සුන්දර හන්තාන කඳුගැට පාමුල පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය.

ධර්මන් වික්‍රමරත්නයන් ලියූ ජවිපෙ 2 වැනි කැරැල්ල කෘතියෙහි සඳහන්වන පරිදි අන්තරේ පළමු සාකච්ඡාව පැවැත්වී තිබෙන්නේ එම විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේදීය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඊ. ඕ. ඊ. පෙරේරා මහතා ලබාදී තිබේ. 


අන්තරේ පළමු කැඳවුම්කරු ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ එවකට සභාපතිව සිටි මැල්කම් විජේසිංහය. අන්තරය බිහි වූයේ අහඹු ලෙස නොවේ. එයට තාර්කික පදනමක් තිබිණි. එම පදනම නිර්මාණය වූයේද පේරාදෙණිය  සරසවි බිමෙනි. 


1965 වසරේ දෙසැම්බර් 5 වැනිදා පේරාදෙණිය සරසවි බිමේ සිසුන් සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයකට පොලිස්  ප්‍රහාරයක් එල්ල විය. ශිෂ්‍යයෝද ප්‍රති ප්‍රහාර එල්ල කළහ. මෙම ගැටුමෙන් දෙපාර්ශ්වයටම බරපතළ හානි සිදුවිය. පොලිස් ප්‍රහාර හමුවේ පසුබැසීම වෙනුවට ඒවාට ශක්තිමත්ව මුහුණදීමේ අවශ්‍යතාව සරසවි ශිෂ්‍යයන්ගෙන් අවධාරණයවීමට පටන් ගැනුණේ ඉහත පරිසරය තුළය. සියලු සරසවි ශිෂ්‍යයන් පොදු සටන් මධ්‍යස්ථානයක් තුළට ඒකරාශී කර ගැනීමේ අවශ්‍යතාව  වෙනුවෙන්  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බිහිවිය. 


1971 අප්‍රේල් කැරැල්ල සමගින් අන්තරය අක්‍රියවී ගිය අතර එය යම් ප්‍රමාණයක බලයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය විසිනි. එහෙත් අන්තරය වඩාත් සටන්කාමීව පෙරට ආවේ එහි බලය ජනතා විමුක්ති පෙරමුණ අතට පත්වීමත් සමඟය. 


අන්තරේ බලය ජවිපෙ අතට පත්වීමට ආසන්නම සිදුවීම වාර්තා වූයේද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. ඒ වීරසූරිය ඝාතනය වේ. සරසවි බිමේදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පළමු සරසවි සිසුවා ලෙස වීරසූරිය ඉතිහාසයට එක්විය. 


පේරාදෙණිය සරසවි බිමේ පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට පාලනාධිකාරිය තීරණය කළ අතර සරසවි ශිෂ්‍යයෝ එයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කළහ. සරසවි සිසු විරෝධය දළ රළ පෙළක් සේ උස්ව නැගුණි. අවසානයේදී පොලිස් වෙඩි මුදා හැරුණි. කුරුණෑගල මුදුන්න ග්‍රාමයේ සිට සරසවි වරම් ලැබූ වීරසූරිය ශිෂ්‍යයාගේ ළය විනිවිද එක් පොලිස් වෙඩි උණ්ඩයක් ගමන් කළේය. 
ප්‍රඥාසම්පන්න පරම්පරාවකගේ තරුණ නැණසර බවින් නින්නාද වූ සරසවි බිම පුරා වෙඩි බෙහෙත් දුමාරය පැතිරී ගියේය. මල්පෙතිවල ලේ පැල්ලම් තැවරිණි. ශිෂ්‍යයෝ පසුබෑම වෙනුවට වඩාත් දුෂ්කරම මාර්ග තෝරා ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස සරසවි බිමෙන් පොලිස් මුරපොළ ඉවත් කර ගැනීමට සිදුවිය. 


‘සටනින් තොර ජයග්‍රහණයක් නැත’ යන්න ඒකාන්ත වශයෙන්ම ඔප්පු කළ  පේරාදෙණිය සටනින් ආශ්වාදයට පත් ශිෂ්‍ය ව්‍යාපාරයට සටන්කාමී නායකත්වය සැපයීමේ වගකීම ජවිපෙට බාර විය. 


ශාන්ත බණ්ඩාර මතු වූයේ ඒ හරහාය. 


වීරසූරිය ඝාතනයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වූයේ ශාන්ත බණ්ඩාරය. ඔහු විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි සිසු සටන්වලදී ප්‍රතාපවත් නායකයකු වූ ශාන්ත බණ්ඩාර ඒ පෑ හපන්කම නිසාම 1978 වසරේදී අන්තරේ කැඳවුම්කරු විය. ශාන්ත බණ්ඩාරගේ නායකත්වයේ රුවගුණ තේජස් වඩාත් ඉහළින් ප්‍රදර්ශනය වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව  ගෙනා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සහල් සලාකය කැපීමට එරෙහිව කළ අරගලයේදීය. 
(ඒ කතාව ඉදිරියට)

​ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

අන්තරය බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12090 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site