යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

14 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

ආරක්ෂක මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම හමුදාපතිවරයා සිය කාර්යාලයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී :ක්‍යසැf දf ීඒඓ* මේජර් ජනරාල් ලයනල් බලගල්ල හට අලිමංකඩ කඳවුරෙන් හමුදාව ඉවත් වීමට අවශ්‍ය අවසන් නියෝග තමා වෙනුවෙන් නිකුත් කරන ලෙසට උපදෙස් දෙන ලදී. යුද හමුදාපතිවරයාගේ උපදෙස්වලට අනුව බලගල්ල තම අත් අකුරින්ම හමුදාව ඉවත්වීමේ නිල නියෝගය :උසඑයාර්අ්ක ධරාැර* ලියා සම්පූර්ණ කරන ලදී. ඉන් පසුව අලිමංකඩ කඳවුරේ ප්‍රධානී බි්‍රගේඩියර් එගොඩවෙල වෙත මෙම නිල නියෝගය ලබාදීමට බලගල්ල කටයුතු කරන ලදි. නමුත් ප්‍රශ්නය වූයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට ලැබුණු මෙම නිල නියෝගය අලිමංකඩ කඳවුරෙහි ප්‍රධානියා වෙතට රැගෙන ගොස් භාරදීමට නොහැකි වීමයි. 


මන්ද යත් ඒ වනවිටත් කිලාලි කළපු මාර්ගය ඛඔඔෑ ප්‍රහාරක හැකියාවට නතුව තිබීම හේතුවෙන් පණිවිඩය රැගත් වාහනයකට එම රාත්‍රියේ අදාළ මාර්ගයේ ගමන් කළ නොහැකි වීමය. එම නිසා අවම තරමින් මෝටර් සයිකලයක් හෝ යොදා ගනිමින් අදාළ නිල නියෝග බි්‍රගේඩියර් එගොඩවෙල වෙත ලබාදීමට උත්සාහ කළත් එය ද කළ හැක්කක් නොවීය. ඒ අනුව උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ නැවතත් අවධානය යොමු කළ මේජර් ජනරාල් බලගල්ල දුරකථනය මගින් බි්‍රගේඩියර් එගොඩවෙල හට කථා කොට ඔහුගේ නිල ෆැක්ස් අංකයට අදාළ පසුබැසීමේ නිල නියෝගය ෆැක්ස් පතක් වශයෙන් ලබා දෙන ලදී. එම ෆැක්ස් පත ලද එගොඩවෙල මේජර් ජනරාල් බලගල්ල සමග තවදුරටත් දුරකථනය මගින් සම්බන්ධ වෙමින් එහි අඩංගු දෑ හඬ නගා කියවන ලද අතර අවශ්‍ය අමතර උපදෙස් ද බලගල්ල විසින් ලබාදෙන ලදී. ඉන්පසුව එම ෆැක්ස් පත විනාශ කර දමන ලෙසට ද එගොඩවෙල භට උපදෙස් ලැබුණු අතර හමුදා පසුබැසීමේ මුල් පිටපත බලගල්ල සුරැකිව තබා ගත්තේය. මෙම සිදුවීම වනවිට අප්‍රේල් 21 වැනිදා රාත්‍රී 10.30 ද පසුවී තිබිණ. තවද එතැන් සිට 54 සේනාංකයේ නියෝජ්‍ය ආඥාපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිටි උතුරු ප්‍රදේශය භාර ඒකාබද්ධ හමුදා ප්‍රධානී මේජර් ජනරාල් ජානක පෙරේරා සමග දුරකථන සංවාදයේ යෙදෙමින් හමුදා පසුබැසීමට අවශ්‍ය සැලසුම් සකසන ලද අතර මධ්‍යම රාත්‍රිය ද පසුවන තුරු එය සිදු විය. නිදි වර්ජිත රැයක් ගත කළ පර්සි ප්‍රනාන්දු අලුයම 5.00 පමණ වන විට 54 සේනාංකයේ සියලුම බළසේනා ප්‍රධානීන් අමතා කඳවුරෙන් හමුදා ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව දැන්වූ අතර ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා සේනාංක මූලස්ථානයට පැමිණෙන ලෙස ද දැන්වීය. එම දැන්විමට අනුව 541 බළසේනාධිපති භාතිය ජයතිලක, 542 බළසේනාධිපති මාර්ක් ලෙනාඞ්, 543 බළසේනාධිපති සුසිල් උඩුමලගල, 544 බළසේනාධිපති නිල් අක්මීමන, 545 බළසේනාධිපති ීඋඛ දවුලගල සහ 546 බළසේනාධිපති අමරතුංග යන කර්නල්වරු උදෑසන 6.30 පමණ වන විට අලිමංකඩ පිහිටි සේනාංක මූලස්ථනයට වාර්තා කළ අතර ඉන්පසුව බි්‍රගේඩියර් එගොඩවෙලගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි සාකච්ඡාවකින් පසුව කඳවුරෙන් හමුදාව ඉවත්වීම පිළිබඳ අවසන් තීරණවලට එළැඹිණි.


මේ අතර 21 වැනිදා සවස කිලාලි කලපු මාර්ගයේ දී ප්‍රශ්නයට මැදි වූ 152පප කාලතුවක්කුව කොමාන්ඩෝ සෙබලුන්ගේ දෑසට හසු නොවන පරිදි ඛඔඔෑ ය අත් කරගෙන ඇති බවට තොරතුරු පසුදා උදෑසන වන විට අනාවරණය විය. මෙම සිද්දියත් සමඟ කිලාලි කලපු මාර්ගය ද ඛඔඔෑ ය සතු වෙමින් පවතින බවට කරුණු තහවුරු වූ අතර ඒ හේතුව නිසාම හැකි ඉක්මනින් පසු බැසීම සුදුසු එකම විසඳුම ලෙස බළසේනා ප්‍රධානීන්ගේ ද අදහස විය. නැතහොත් 22 වැනිදා උදෑසන වන විට 54 සේනාංකයේ බොහෝ සාමාජිකයන් ඊට පෙර රාත්‍රියේ 152පප කාලතුවක්කුව ඛඔඔෑ ය සතු වී ඇති බවට වූ පුවත දැන ගත් අතර එම මොහොතේ සිටම සියලු දෙනාම තුළින් දිස් වූයේ ප්‍රභල පරාජිත මානසිකත්වයකි. එතැන් සිට පසුබැසීමේ මානසිකත්වය ඉක්මන් කරවීමට එය ප්‍රභල හේතුවක් විය. එසේම එම කිලාලි කලපු මාර්ගය ආශ්‍රිතව ඛඔඔෑ ය තම යුද අගල් ආදිය සකසා ස්ථාවර වීමට ඇති ඉඩකඩ පිළිබඳ ද සැක මතු වීය. විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ ශරීර උස ප්‍රමාණයට යුද අගලක් සකසා ගැනීමට තරම් කාලයක් ලැබුණහොත් පසුබැසීමට නියමිත සෙබල සතුරා ඉදිරියේ ප්‍රබල පීඩනයකට ලක්වීමට ඇති අවදානම ඊට හේතුවයි.


22 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා හමුදාව සතු වූ සුවිශාලතම කඳවුරක් තම පැවැත්ම පිළිබඳ මෙවන් උභතෝකෝටිකයකට පත්ව තිබුණත් එය හදිසියේ සිදු වූ අහඹු සිද්ධියක ප්‍රතිඵලයක් නොවීය. දෙසැම්බර් 11 නොනවතින රැල්ල 111 ඇරඹුන දා සිටම කුමන අවස්ථාවක හෝ අලිමංකඩ කඳවුරට මෙම ඉරණම අත්වනු ඇති බවට හමුදාවේ බොහෝ දෙනෙක් දැන සිටියහ. එසේ නම් දෙසැම්බර් 11 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා දක්වා අවශ්‍ය ඕනෑම පියවරක් ගෙන කඳවුර ආරක්ෂා කර ගැනීමට හමුදාවේ වගකිව යුතු නිලධාරීන්ට පූර්ණ අවකාශයක් තිබිණි. තවද එම කාලය තුළ නිරන්තරයෙන්ම මෙම කඳවුරට ඛඔඔෑ ප්‍රහාර එල්ල වූ අතර අප්‍රේල් 21 දක්වා කඳවුර රැක ගැනීමට ද එහි සෙබළු සමත් වූහ. එසේ නම් මෙම කාලය තුළ ක්‍රියාත්මක වූ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධානීන් මෙන්ම 53 සේනාංකයේ ප්‍රධානීන්ගේ නොහැකියාව හා තමන් සතු වූ ඉලක්කගත මෙහෙයුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම ද ප්‍රධාන දුර්වලතාවකි.


එය එසේ තිබියදීම ප්‍රශ්නයට සෘජුව මුහුණ දුන් 54 සේනාංකයේ ප්‍රධානී බි්‍රගේඩියර් එගොඩවෙල ද දිගින් දිගටම ක්‍රියා කළ ආකාරයේ වූ වැරදි සහගත ප්‍රවේශයේ අවසන් ප්‍රතිඵලය අලිමංකඩ කඳවුර අතහැර යාම පමණි. හමුදා ප්‍රධානියෙකුගේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ නිසි නායකත්වයයි.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.