යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

04 වැනි කොටස

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

මාස කිහිපයකට පසුව යාපනය සතුරාගෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව සතු වූ රිවිරැස නම් මෙහෙයුමේ සමස්ත උපක්‍රමික සැලසුමෙහි ප්‍රධානතම අංගයන් බොහොමයක් ඉහත සැලසුම් මත නිර්මාණය වී තිබුණ අතර එම මෙහෙයුම එලෙස සාර්ථක වීමට තරුණ අණදෙන නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මහෝපකාරී වන්නට ඇත.


ශ්‍රී ලංකා හමුදාව තම යුද ඉතිහාසයේ දියත් කළ සුවිශාලතම හමුදා ක්‍රියාන්විතය තුළින් ඉදිරියට යද්දී සතුරා හට ඊට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට නොහැකි විය. විශේෂයෙන්ම මේ වනවිට හමුදාවේ 50,000කට ආසන්න සෙබළුන් මෙම ක්‍රියාන්විතයට නන් අයුරින් දායක වූ අතර සමස්ත හමුදාවේ යුද බලය සහ වෙඩි බලයෙන් විශාල ප්‍රමාණයක් ද ඒ වටා එක්කර තිබුණි. එලෙස ඉදිරියට ගිය හමුදාවන් යාපනය නගරයට ඇතුළුවීමට පෙර ඛඔඔෑ ය තම අවසන් යුද පෙරමුණ තිරුණවේල්හි ගොඩ නගා තිබිණි. එහෙත් එය බිඳ දැමීමට ගත් පළමු උත්සාහය තරමක් අසාර්ථක වූ අතර හමුදාව ඒ ආශ්‍රිත ප්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් සිටියහ. මේ අතර යාපනය නගරය සම්පූර්ණයෙන්ම ඛඔඔෑ නියෝග මත හිස් බිමක් බවට පත්ව තිබූ අතර නගරයට පළමුව ඇතුළුවීම පිළිබඳව ද තරමක තරගයක් ඇතිවී නොතිබුණාද නොවේ. තවද යාපනය නගරය ආශ්‍රිත කොලොම්බුතුරේ ප්‍රදේශයේදී ඛඔඔෑ ප්‍රතිවිරෝධය අවම වී තිබුණ අතර එහිදී කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බළකායේ සෙබළු ඉදිරියට යමින් සිටියහ.


කෙසේ වෙතත් මේ වනවිට යාපනය නගරය වෙත හමුදා සේනාංක පෙරමුණු දෙකකින් ළඟා වෙමින් සිටි අතර විටින් විට විශේෂ බළකායේ සහ කොමාන්ඩෝ සෙබළු කුඩා කණ්ඩායම් වශයෙන් යාපනය නගරයට දකුණින් වූ කොලොම්බුතුරෙයි දෙසින් ඇතුළුවී නැවත පැමිණියහ. මේ අතර ඛඔඔෑ ය අවසන් සටනට සූදානමින් සිටි තිරුණවේල් ප්‍රදේශයේ ගුවන් සංක්‍රමණික බළ සේනාව ස්ථානගතව සිටියහ. මේ අනුව තිරුනවේල්හි  දී ඛඔඔෑ යට ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි 1 ගජබා රෙජිමේන්තුවේ කර්නල් සුමේධ පෙරේරා ඇමතූ මේජර් ජනරාල් ජානක පෙරේරා කෙසේ හෝ තිරුනවේල් ඛඔඔෑ යුද පෙරමුණ බිඳ දමා එහි ස්ථානගත වන ලෙසට දැන්වූ අතර තම කොමාන්ඩෝ සෙබළු පළමුව නගරයට ඇතුළුවීම සිදු කරනු ඇති බව පැවසීය. එහෙත් ජානකගේ එම යෝජනාවට විරෝධය පළ කළ සුමේධ මෙසේ කීය. ‘තිරුණවේල් ලයින් එක කඩන්න අපිට විශාල කැපවීමක් උත්සාහයක් කරන්න සිදු වෙනවා. එය සිදුකර අවසන් වී ගිහින් ීත්‍ ලයි කොමාන්ඩෝස් ලයි පළමුව නගරයට ඇතුළු වන තුරු අනෙක් පැත්තට ගිහින් ඉඳගෙන ඉන්න කියලා මට ළමයින්ට කියන්න බෑ. හැමෝම ඇවිල්ලා ඉන්නේ යාපනය අල්ල ගන්න. ඒ වගේ මානසික උත්තේජනයක් තියෙන පිරිසකට මට එලෙස කියන්න බැහැ. අනෙක මේ ලයින් එක කඩනකොට අපේ ළමයි ගොඩාක් තුවාල වෙන්නත් පුළුවන්” යනුවෙන් පැවසීය.


කෙසේ වෙතත් 1 ගජබා රෙජිමේන්තුව නියමිත පරිදි තිරුන්වේල්  ඛඔඔෑ යුද පෙරමුණ බිඳ දැමූ අතර ඛඔඔෑ ය ක්ෂණිකව පසු බැස පුනරින් ප්‍රදේශයට පලා ගියේය. ඉන් පසුව ගුවන් සංක්‍රමණික බළකාය පළමුව යාපනය කොටුව ප්‍රදේශයට ළඟා විය.


මේ අතර යාපනය නගරය ශ්‍රී ලංකා හමුදාව සතුවී දින 3කට පසුව රිවිරැස ක්‍රියාන්විතය අතරතුරදී ඛඔඔෑ නියෝග මත නගරයෙන් ඉවත්වී තෙන්නමරච්චි කොටසේ රැඳී සිටි සිවිල් ජනතාව 380,000ක් පමණ ඛඔඔෑ ග්‍රහණයෙන් මිදී තමන් සතු සියලු බඩු බාහිරාදිය සහ සතා සිව්පාවා සමග යළිත් නගරයට ඇතුළුවීමට රැස් කකා බලා සිටි බවට හමුදාවට වාර්තාවිය.


මෙම පුවතත් සමඟ ක්‍රියාත්මක වූ ජයග්‍රාහී මානසිකත්වයෙන් සිටි ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු සංවිධානයවී නැවත නගරයට ඇතුළුවන සිවිල් ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ. ක්ෂණිකව දියත් කළ සෞඛ්‍ය සායන, ආහාර පාන සැපයීම, ඔවුන්ගේ බඩු බාහිරාදිය ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සමහර අවස්ථාවලදී කුරුම්බා කඩා සංග්‍රහ කිරීමද එම දිනය පුරාම සිදුවූ සුන්දර දසුනක් විය.


විශේෂයෙන්ම ඛඔඔෑ ය රිවිරැස ක්‍රියාන්විතය අතර තුරදී සිවිල් ජනතාව නගරයෙන් ඉවත් කිරීම ඔවුන් අතින් සිදු වූ උපක්‍රමික අත්වැරදීමක් ලෙස සැලකිය හැක. මන්දයත් යම් ආකාරයකින් හමුදාව නගරයට ඇතුළුවීමට උත්සාහ කරන අවස්ථාවකදී සිවිල් ජනතාව එහි සිටියේ නම් මෙතරම් පහසුවෙන් හමුදාවට නගරය තම ග්‍රහණයට නතුකර ගැනීමට නොහැකි වනු ඇත. මේ පිළිබඳව  ත්‍රදබඑ ඛසබැ සඟරාවට තම අදහස් දැක්වූ ඉන්දීය සාම සාධක හමුදාවේ හිටපු ප්‍රධානී ජනරාල් ඒ.එස්. කල්කට් තමන් දියත් කළ ‘පවන්’ ක්‍රියාන්විතය මගින් යාපනය නගරය සිය ග්‍රහණයට ගත් අවස්ථාවේදී ඛඔඔෑ ය උපක්‍රමික ලෙස සාමාන්‍ය ජනතාව පලිහක් ලෙස යොදා ගත් බව පැවසීය. එහෙත් මෙවර ශ්‍රී ලංකා හමුදාවට එවන් හිරිහැරයකට මුහුණ දීමට සිදු නොවීය.


මෙම සිදුවීමට පෙර යාපනය අල්ලා ගැනීමේ කතිකාවට සමගාමීව හමුදා නායකයින් අතර දේශපාලන ක්‍රියාවලියක්ද සිදුව තිබිණ. එනම් මේ වනවිට හමුදාපතිවරයා වූයේ  ලුතිනන් ජනරාල් ජෙරී ද සිල්වාය. ඔහුගෙන් පසුව හමුදාපති ධුරයට සුදුසුකම් කී ප්‍රබලයකු වූයේ මේජර් ජනරාල් ්ගඵගඹ සෙනෙවිරත්නය. ජ්‍යෙෂ්ඨත්ය අනුව ඔහුට පහළින් මේජර් ජනරාල් දළුවත්ත සිටියේය.


යාපනය ඛඔඔෑ යෙන් මුදවාගැනීම පිළිබඳ පළමු කතිකාව තුළ මේජර් ජනරාල් සෙනෙවිරත්න ඒ වනවිට සාමකාමී වාතාවරණයක් ගොඩනැගී ඇති නැගෙනහිර ප්‍රදේශයෙන් යුද සම්පත් උතුරට ගෙනයාම ප්‍රතික්ෂේප කළේය. ඒ සඳහා වෙනත් විකල්ප යෝජනාවලට යා යුතු යයි යන මතයක සිටි ඔහු යාපනයේ ක්‍රියාත්විතයක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මාස හයක කාලයක් අවශ්‍ය බව ද අවධාරණය කළේය. ඒ අනුව හමුදා නායකයෝ සියලු දෙනාම හය මසක කාලයක් අවශ්‍ය බවට එකඟතාවකට පැමිණි අතර ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අරලියගහ මැදුරට ගියහ. සාකච්ඡාව අතරතුර දී කාලය පිළිබඳ ප්‍රශ්නය ඉදිරියට පැමිණි අතර නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා හය මසක කාලයට පෙර ක්‍රියාන්විතය ආරම්භ කළ හැකිදැයි මේජර් ජනරාල් දළුවත්තගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් දළුවත්ත එක් වරම හැකි බව පැවසීය. ඒ අනුව යාපනය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ රිවිරැස මෙහෙයුමේ සියලු වගකීම් දළුවත්ත වෙත පැවරුණ අතර රිවරැස ජයග්‍රහණයෙන් පසුව ලුතිනන් ජනරාල් රොහාන් දළුවත්ත හමුදාපති ධූරයට පත් විය. ඒ සමඟම මේජර් ජනරාල් ්ගඵගඹ සෙනෙවිරත්නට අනිවාර්ය විශ්‍රාම ලබා ගැනීමට සිදු විය. 


ඛඔඔෑ ය වන්නි කැලයට පසු බැසීමෙන් පසුව ක්‍රමයෙන් හා ඉතා සෙමින් නැවත ප්‍රතිසංවිධානය විය.

 

ඔවුන් ඒ වනවිට පැහැදිලිවම වටහාගෙන තිබූ එක් යථාර්ථයක් වූයේ නැවත තමන්හට යාපනය අල්ලා ගැනීමට නම් කාලතුවක්කු (ආටිලරි) ප්‍රහාරක ශක්තිය හැකිතාක් වර්ධනය කර ගත යුතුම බවයි. මේ අනුව ප්‍රභාකරන් විසින් මෙම කාර්යය ආරම්භ කරන ලද අතර ඒ සඳහා ප්‍රභාකරන්ගේ තේරීම වූයේ කර්නල් භානුය. ඛඔඔෑ සන්නද්ධ හමුදා අංශයේ ප්‍රබල නායකයකු වන භානු බොහෝ දක්ෂතා පෙන්නුම් කර ඇති යුද නිලධාරියකු වූ අතර එක් අවස්ථාවක දී පමණක් ඔහු මෙහෙය වූ ප්‍රහාරයක් අසාර්ථකවී තිබිණි. ඒ අනුව දශකයේ මුල් භාගයේදී ඔහු විසින් මෙහෙය වන ලද තචාන්කාඩු සටනයි. :ඔය්ජය්බ ණ්ාම* එහි ප්‍රතිඵලයක් ලෙස ඛඔඔෑ සෙබළු විශාල පිරිසක් මරණයට පත් වූහ. මේ හේතුවෙන් ප්‍රභාකරන් විසින් ඔහු ධුරයෙන් පහත හෙළා වන්නි ප්‍රදේශයට මාරුකර යවන ලදී. ඒ වනවිට භානු යාපනය ඛඔඔෑ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඛඔඔෑ මන්නාරම ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස ද භානු කලක් කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් වන්නි ප්‍රදේශයේ සිටිය දී භානුගේ දක්ෂතා පිළිබඳ පැහැදුණු ප්‍රභාකරන් තමාගේ ඉදිරි යුද සැලසුම්වලින් වැඩි කොටසක් භානු වෙත පවරන ලදී. 


භානුගේ නායකත්වයෙන් පිහිටුවා වර්ධනය කරන ලද ඛඔඔෑ කාල තුවක්කු (ආටිලරි) සේනාංකය නම්කර ඇත්තේ යාපනය හිටපු ඛඔඔෑ අණ දෙන නිලධාරියෙකු වූ කිට්ටු නමිනි. තම මුහුදු සැපයුම් මාර්ග ඔස්සේ කාලතුවක්කු ආයුධ කිහිපයක් වන්නියට ගෙන්වා ගත් ඛඔඔෑ ය මුලතිව් ප්‍රහාරයේදී තවත් කාලතුවක්කු (ආටිලරි) 4ක් තමන් සතුකර ගැනීමට ද සමත් විය.


කාලතුවක්කු සේනාංකයේ වැඩ කටයුතු මේ ආකාරයෙන් සාර්ථකව ඉදිරියට ගමන් කරද්දී ප්‍රභාකරන් විසින් අලුතින් ආරම්භ කරන ලද සන්නද්ධ රථ බළකායේ වගකීම ද භානුටම පවරන ලදී. මන්නාරම හිටපු ඛඔඔෑ ප්‍රධානියා වූ වික්ටර් නමින් එම සේනාංකය නම් කර ඇති අතර අලිමංකඩ ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට ඛඔඔෑ යෙහි කාලතුවක්කු හා සන්නද්ධ රථ යන බළකායන් දෙකෙහිම අණදෙන නිලධාරියා වූයේ කර්නල් භානුය. තවද ඒ වනවිට භානු ඛඔඔෑ සංවිධානයේ ධඩැර්කක ක්‍ද-දරාසබ්එසබට ක්‍දපප්බාැර තනතුර දැරීය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.