ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසි දෙවැනි කොටස


ජැම්ටෝ හා ඬේඬේ මැදට දිගු කළ අතකින් ලියුම් කවරයක් දැමුණි. ජැම්ටෝ එය ගැනීමට පෙරාතුව ඬේඬේ එය රැගෙන ඇගේ සාක්කුව තුළට දමා ගත්තාය. “මං ඒකෙ වගකීම ගන්නවා’ යි ඈ පොරොන්දු වුවාය.


‘දැන් උඹ ආ වැඬේ කරගත්තෙ තවත් මෙතැන ඉන්න උවමනා නැහැ. මං උඹව ගෙනිහින් දාල ඉවරයක් කරන්නම්’ ජැම්ටෝගේ පියාගේ චෙවි රිය නිවස ඉදිරිපිට ගේට්ටුව ළඟ නතරකර  තිබිණි.
‘ජැම්ටෝ පොඞ්ඩක් ඉවසල මං කියන දේ අහනවකො. ලියෝගේ කෙඳිරීම රියේ අඳුර ඇතුළත සිරුරෙන් බැහැරවූ බියකරු හඬක් මෙන් දැනුනි. ඔබ මැදියම් රැයේ වාහනයෙන් පාරෙ ගියොත් නිසැකවම ඔබේ වාහනය නතර කරල පරීක්ෂාවට ලක් කරාවි.


ඬේඬේ එය පිළිගත්තාය. අවසානයේ ජැම්ටෝට තහවුරු කරදීමෙන් පසුව ඈ ඔහු හා මෝටර් රියතෙක් ගමන් කළාය.


‘ඉතිං ඔයා හිතන්නෙ මොනවද මගෙ පණ ද ඔහු ඇසුවේ ඈ ඔහුට සමුගැනීමේ හාදුව දෙන විටය.


‘මං හිතන්නෙ ඔයා ගෙදර ගිහින් ඔහු සූදානම් කරගත් හැටියට යන්න. ඇරීම වඩා හොඳ බවයි”


‘මං ඇහුවෙ මගෙ යෝජනාව ගැන. ඬේඬේ’


ජැම්ටෝගේ හඬ සිත රිදුණු කුඩා දරුවෙකුගේ වැනි විය. ඈ එය අමතක කිරීම පමණට වැඩි දෙයකි. ඔවුන් එයට යොමු කර තිබුණේ ඔවුන් සිඟිත්තන් ලෙස පිටුපස මිදුලට වී මැටි අනන කාලයේ පටන්ය. හැම දෙනාම එසේ කීහ. එහි ගැටලුවක් නොවීය. එසේ වීද නමුත් එය මතු ජීවිතය ඔවුන් එක්ව ගෙන යාමකි.


ඔහු ඈ දැඩිව සිප ගත්තේ ඇගේ සිරුරට පෙලඹීමක් ඇති කරවීමට මෙනි. නමුත් ඬේඬේගේ හිස ප්‍රශ්න සමගින් කරකැවුණි. ‘ඔව් වස්තුවෙ. ඇත්තෙන්ම. නමුත් දැන් ඔයා යන්න ඕනි. ඔයාව පාරෙ නතර කර ගන්නව දකින්න මට උවමනා නැහැ.”


‘මා ගැන වධවෙන්න එපා පැටියෝ. ජැම්ටෝ නිර්භීත ලෙස එසේ කීවද යළිත් වරක් ඈ සිප සමුගත්තේය.


තනිවූ ඬේඬේ සිහිල් වාතය උරාගෙන තරු දෙස බැලුවාය. මෙදින රැයේ අද ඒවා ගණන් නොකරනු ඇත. ඈ ඇඟිල්ල වටා මුදුව කරකවමින් නිවසේ පාර කෙළවර නවතා තිබූ රිය දෙස නෙත් යොමු කළාය. ලියෝ එහි නිරුපද්‍රිතව සිටියේය. ඬේඬේ පමණක් එය දැන සිටියාය. නැත. ඈ එය මිනර්වාට නොකියනු ඇත. මෙම එක රැයට පමණක් ඒ රහස ඇයට තබා ගත යුතුවිය.


ඈ වරෙක පැටි්‍රයා සමගින් බෙදා ගත් කාමරය තුළ හුදකලාවූ පසුව ඬේඬේ සාක්කුවෙන් ලියුම පිටතට ගෙන යාන්තමින් අලවා තිබූ කවරය දෙස බලා සිටියාය.


ඈ එය අල්ලා බලන විට පහසුවෙන් ගැලවී ආවේය. ලිපිය පිටතට ගත් ඈ එය කියවන්නට වූයේ විටින් විට නතර කරමිනි.


ලියෝ ඇයට ඔහු හා යාමට ඇරයුම් කර තිබිණ. ඈ අගනුවර වෙත කොලොම්බියානු තානාපති කාර්යාලයේ රැඳී පිටව යාම ප්‍රතික්ෂේප කර සිටිය යුතු වුණි. ඇගේ සොයුරිය කොපමණ අනතුරක් ගත යුතුද මේ දිනවල තානාපති කාර්යාලය ද වැටලුවේය. ඒවායේ සරණ සෙවූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගෙදර යවා තිබූ අතර ඉන් බොහොමයක් දෙනා අතුරුදන්ව තිබිණි.  ඬේඬේට තම සොයුරිය එම අනතුරට පත් කිරීම කළ නොහැකි දෙයකි. විශේෂයෙන් තමා මෙම තැනැත්තාට ආදරය නොකරන බව මිනර්වා කියා තිබියදීත් එවැන්නක් කළ නොහැකි වුණි.


ඬේඬේ ලාම්පුවේ චිමිනිය ගලවා ලියුම දැල්ලට ළං කෙරුවේ වෙව්ලන ඇඟිලි තුඩුවලිනි. කඩදාසියට ගිනි ඇවිලුණි. එහි අළු සලබයින් මෙන් විසිරුණි. ඬේඬේ ඒවා බිමට පිස දැමුවාය. ඈ ගැටලුවේ වගකීම ගත්තාය. එපමණකි. කැඩපත දෙස බැලූ ඈ තම මුහුණෙහි උමතු පෙනුම දැක තැති ගත්තාය. ඇගේ අතේ වූ මුදුව දිලිසූණේ ඇවිස්සුණු මතකයන් මෙනි. ඈ කොණ්ඩය පීරා ගැට ගසා ගෙන රාත්‍රී ගනිමින් සැරසුණාය. ලාම්පුව නිවා තිබූ ඈ කොට්ටය පිරිමියෙකු මෙන් දෑතින් තුරුලු කරගෙන තද නින්දකට වැටුණාය.

 

 

 

 

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර