යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ  බියකරු මතකයෙන්

02 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.
‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.
‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

වහාම ක්‍රියාත්මක වූ ඇමතිවරයා ඒ වන විටත් කොළඹ සිට රාත්‍රියේ නාග විහාරයේ පිරිත් දේශනා කිරීමට පැමිණීමට නියමිත ස්වාමීන් වහන්සේලා රැගත් ගුවන් යානය යාපනයට පැමිණීම ප්‍රමාද කරන ලෙසත් අඳුර වැටුන පසුව එම ගමන සිදු කරන ලෙසත් නියෝග කළේය. එමඟින් ඇමතිවරයාට අවශ්‍ය වූයේ එම ස්වාමීන් වහන්සේලාගේ නෙතට නාග විහාර භූමිය ඇස නොගැටීමට සැලැස්වීමය. එහිදී ඇමතිවරයාගේ අදහස වූයේ යම් ආකාරයකින් මෙම පුවත, යාපනය ජයග්‍රහණයෙන් ඔද වැටී සිටි සිංහල බෞද්ධ ජනතාවට සැලවුවහොත් ඉන් ඇතිවන කම්පනය තුළින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල හින්දු දේවස්ථානවලට ද ප්‍රහාර එල්ල විය හැකි බවයි.


ඒ සමග ම එම ස්ථානයේම සිට හමුදාවට නියෝගයක් දුන් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පැය 24ක් ඇතුළත විහාර භුමිය පවිත්‍ර කරන ලෙසට පැවසීය. තවද හැකි ඉක්මනින් නව චෛත්‍යයක් ඉදිකරන ලෙසද ඔහු නියම කළේය. මෙම කාර්ය සඳහා රත්වත්ත ඇමතිවරයාගේ තේරීම වූයේ බි්‍රගේඩියර් ජානක පෙරේරා වූ අතර බි්‍රගේඩියර්වරයා ඉංජිනේරු බළකායේ සාමාජිකයෙකුවීම ඊට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් රාත්‍රියෙහි කොළඹ සිට පිරිත් දේශනයට ගරුතර ස්වාමීන් වහන්සේලා පලාලි ගුවන් හමුදා කඳවුරට පැමිණි අතර කඳවුරේ පිහිටි පන්සල් භූමිය ආශ්‍රිතව පිරිත් දේශනය සිදු කරන ලදී.


ඉන්දීය සාම සාධක හමුදාව එක් දස් නමසිය අනූවේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව හැර ගිය පසු යාපනය අර්ධද්වීපය පහසුවෙන්ම ඛඔඔෑ ය සතුවිය. එතැන් පටන් ශ්‍රී ලංකා හමුදාව යළි අර්ධද්වීපය අත්පත් කර ගන්නා තුරු වූ වසර පහක කාලය තුළ ඔවුහූ අර්ධද්වීපය තුළ අර්ධ ස්වාධිපත්‍ය තත්ත්වයේ පාලනයක් (ෘැf්ජඑද* ක්‍රියාවට නැංවූහ.  එහෙත් කිසි විටකත් ඔවුන්ගේ ඊළම හෝ අර්ධ ස්වාධිපත්‍ය සහිත පාලනය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකිරීමටද ඔවුහූ වග බලා ගත්හ. හැකියාව තිබියදීත් ඔවුන් එය එසේ ප්‍රකාශ නොකළේ මූලික වශයෙන් අනාගතයේදී තමන් පිහිටුවීමට යන ඊළාම් රාජ්‍යය ඉන්දියාවට කිසිදු ආකාරයකින් තර්ජනයක් නොවන බවට නිහඬ ව ප්‍රකාශ කිරීමට  විය හැකිය. ඉන්දීය හමුදාවේ ආධාරයෙන් දෙමළ ජාතික හමුදාවක් ගොඩ නැගු උතුරු - නැගෙනහිර හිටපු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් උතුරු - නැගෙනහිර ස්වාධිපත්‍යය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රටින් ද පැන ගියේය. එම නිසා එහි දී ඇති වූ හාස්‍යජනක තත්ත්වය තම අනාගත ඊළාම් රාජ්‍යයටද ළඟා නොකිරීමට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට ඛඔඔෑ ය වග බලා ගත්තේය. නැතහොත් යාපනය නගර මධ්‍යයේ සිට ඊළම හෝ අර්ධ ස්වාධිපත්‍යය  ප්‍රකාශයට පත් කළත් ලෝකය එය නොපිළිගන්නා බවත්, ඉන්දියාව ඊට එරෙහි ව නැවත ක්‍රියාත්මක වන බවත් ඛඔඔෑ නායකත්වය හොඳින් අවබෝධ කර ගෙන සිටියේය.


කෙසේ වෙතත් එක්දහස් නවසිය අනූ හතර වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ මූලික පරිපාලන ව්‍යුහයෙන් පරිබාහිර වූ ඛඔඔෑ ය විසින් මෙහෙය වන පොලීසියක්, අධිකරණ ක්‍රමයක් මෙන්ම මුද්දර හා බදු ක්‍රමයක් වශයෙන් ඛඔඔෑ පාලනය ස්ථාපිත වෙමින් පැවතිණි, එහෙත් රිවිරැස මෙහෙයුමේ සාර්ථකත්වය මත වසර පහක් පුරා ක්‍රමිකව ස්ථාවර වෙමින් පැවති ඛඔඔෑ යෙහි එම අර්ධ ස්වාධිපත්‍ය ස්වරූපයේ පාලන ක්‍රමය මාස කිහිපයක් තුළ බිඳ වැටී අර්ධද්වීපයෙන් පහළ වන්නි කැලයේ සැඟවීමටද ඛඔඔෑ නායකත්වයට සිදුවිය. වෙනත් ආකාරයකට පවසතොත් 1994 දී පොදුජන එක්සත් පෙරමුණ බලයට පැමිණෙන විට යාපනය අර්ධද්වීපය තුළ ශ්‍රී ලංකා හමුදාව සතුව තිබුණේ වර්ග කිලෝ මීටර් 100 කට ආසන්න භුමි ප්‍රමාණයක විසිරුණු පලාලි, කන්කසන්තුරේ හා අලිමංකඩ යන හමුදා කඳවුරු 3 පමණි. 


මේ අතර 1994 දී පොදුජන එක්සත් පෙරමුණ බලයට පැමිණෙන විට සමස්ත නැගෙනහිර පළාත තුළම ඛඔඔෑ  බලය හීන වී ගොස් තිබිණි. 1992 - 1993 කාල වකවානුවේ නැගෙනහිර ප්‍රදේශයෙන් ඛඔඔෑ ය පලවා හැරීමේ මෙහෙයුම සඳහා බි්‍රගේඩියර් ලකී අල්ගම ඇතුළු පිරිසක් මූලිකව ක්‍රියා කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා හමුදාවේ කැපවීමට අමතරව ඛඔඔෑ ය දෙසින් වූ දුර්වල තත්ත්වයන් කිහිපයක්ද හේතු විය. එනම් උතුරේදී  මෙන්ම නැගෙනහිර කොටි සාමාජිකයන් ද ඉන්දීය සාම සාධක හමුදාව ඉදිරියේ දැඩි ප්‍රහාරයකට ලක්වීම, නැගෙනහිර කොටි හුදෙක් නිරායුධ සිංහල ගම් වැසියන් කපා කොටා මරා දැමීම තම ප්‍රධාන කාර්යය ලෙස සැලකීම, නැගෙනහිර කොටි, තම නිල ඇඳුමේ සිට අනෙකුත් අවශ්‍ය සියලුම සම්පත් පිළිබඳ දැඩි හිඟයකින් පසුවීම නැගෙනහිර ප්‍රදේශය ඛඔඔෑ සංවිධානයේ දෙවන යුද පෙරමුණ වශයෙන් ක්‍රියාත්මක වීම සහ නැගෙනහිර ජීවත් වන ජනවර්ග තුන අතරින් ජන වර්ග දෙකකම සහයෝගය ඛඔඔෑ යට හිමි නොවීම වැනි සාධක ඒ අතර විය.


නැගෙනහිර දී ඛඔඔෑ ය මුහුණ දුන් සීමාවන් මේ ආකාර වුවත් ඊළාම් යුද්ධයේ පැවැත්මට අවශ්‍ය සම්පත් සියල්ල ගහණම ස්ථානයද නැගෙනහිරම විය. ඕනෑම සන්නද්ධ සංවිධානයකට අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකිය හැකි සාධකයන් වන සංවිධානයට නව සාමාජිකයින් බඳවා ගැනීම, සටන් සඳහා සුදුසු භට පිරිස් සහ සංවිධානයේ පැවැත්මට අවශ්‍ය ආදායම සහ සැපයුම් වැනි තත්ත්වයන් සමග ඛඔඔෑ ය ගැළපූ කල ඔවුන්ට නැගෙනහිර සම්පත් ආකරයක් බඳු විය. 1992 - 93 නැගෙනහිරින් ඛඔඔෑ ය පලවා හැරීමේ ක්‍රියාවලියේදී සංවිධානය සමග බැඳී පැවති මෙවැනි යථාර්ථයන්ද සැලකිල්ලට භාජනය

වූ අතර ජනවර්ග 3 කට අයත් සිවිල් ජනතාවක් ජීවත්වීම මෙන්ම ඒ වන විට යාපනය ඛඔඔෑ ග්‍රහණයෙන් මුදවා ගැනීම පිළිබඳ අවධානය යොමු නොවී තිබීමද සැලකිය යුතුය.
මෙවන් තත්ත්වයක් යටතේ නැගෙනහිර ප්‍රදේශය ඛඔඔෑ  ග්‍රහණයෙන් නිදහස් කර ශ්‍රී ලංකා හමුදාව පාලනය කරද්දී එහි ආරක්ෂාව සහතික කිරීමට විශාල භට පිරිස්ද අවශ්‍ය විය. විශේෂයෙන්ම ජනවර්ග තුනක සිවිල් ජනතාවකගේ ජීවත් වීමේ හා මූලික මිනිස් අයිතීන් රැකදීම රජයේ ප්‍රධාන වගකීමක් වූ අතර නැගෙනහිර ඛඔඔෑ සංවිධානය ව්‍යාප්ත වූ අසූව දශකයේ මැද භාගයේ සිටම ඛඔඔෑ ය මහා පරිමාණයෙන් සිවිල් ජනතාව කපා කොටා ඝාතනය කිරීම සිදු කළේය. එක්තරා දෘෂ්ටිකෝණයකින් බලන කල එය නැගෙනහිර පිළිබද ඛඔඔෑ යේ දේශපාලන තීරණයක් බඳුය. එනම් සිවිල් ජන ජීවිතය කඩාකප්පල් කළ විට එය නැවත ස්ථාපිත කිරීම රජයේ වගකීමකි. ඒ සඳහා හමුදාව හා පොලීසිය වැඩි වැඩියෙන් ක්‍රියාවේ යෙදවිය යුතුය. ඒ අනුව මෙලෙස නැගෙනහිරට ශ්‍රී ලංකා හමුදාව යෙදවීම තුළ බාධාවකින් තොරව උතුර පාලනය කළ හැක. නැතහොත් ඒ වන විට ශ්‍රී ලංකාවේ හමුදාවේ  සමස්ත යුද බලයෙන් සහ වෙඩි බලයෙන් 70% ක්ම නැගෙනහිර පළාත තුළට එක් රැස්කර තිබිණි.


තත්ත්වය එසේ තිබියදී 1995 මැද භාගය වන විට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාවේ ඊළඟ ඉලක්කය විය යුත්තේ යාපනය බවයි. එලෙස යාපනය ඇල්ලීමේ මහා පරිමාණ සටනක දී ඊට අවශ්‍ය භට පිරිස් නැගෙනහිර ප්‍රදේශයෙන් ගෙන යා යුතුය. මෙම ප්‍රශ්නයේදී අදාළ අංශ තුළින් මතවාද දෙකක් ඉදිරිපත් විය. එනම් නැගෙනහිරින් අමතර භට පිරිස රැගෙන ගොස් යාපනයේදී ගොඩනැගෙන ප්‍රධාන සටන් බිමක දී ඛඔඔෑ ය යාපනය රැක ගැනීමට සටන් වදිනු ඇත. එවැනි සටනක දී ඛඔඔෑ ය ශ්‍රී ලංකා හමුදාව සේම නැගෙනහිරින් භට පිරිස් යාපනය වෙත රැගෙන යා යුතුය. ඒ අනුව නැගෙනහිර ඛඔඔෑ කටයුතු ද නැවත හිස එසවීමට ඉඩකඩක් නොමැත.
මෙම උපකල්පනයට ප්‍රතිවිරුද්ධ මතය වූයේ එලෙස නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කරගැනීම, නැවත  ක්‍රියාකාරකම් ප්‍රදේශයේ හිස එසවීමට දෙනු ලබන ධෛර්යයක් යන්නය. සැබවින්ම සිදු වූයේ යාපනය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව දියත් කළ රිවිරැස සටනට සම්බන්ධවීමටත් ඉන් පසු නිදහස් කළ අර්ධද්වීපයේ බිම් රැක ගැනීමටත් නැගෙනහිරින් හමුදා උතුරට පැමිණියත් රිවිරැසට මුහුණ දිය නොහැකි වූ ඛඔඔෑ ය උපක්‍රමික පසුබැසීමක නිරත වීම තුළ නැගෙනහිර ඛඔඔෑ කණ්ඩායම් අපේක්ෂා කළ පරිදි විශාල වශයෙන් උතුරට ගමන් නොකිරීමය.


මේ අතර ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර දී ලද ජයග්‍රහණයෙන් පසුව (1992 - 93) ස්ථාපිත කළ සිවිල් පරිපාලනය තුළ ජනවර්ග 3 ට ම අයත් ජනතාව හමුදාව සමග සෘජු සබඳතා ගොඩ නගා ගත්හ. සමහරු හමුදාවට තොරතුරු සපයන්නන් මග පෙන්වන්නත් බවට ද පත් වූහ. එහෙත් රිවිරැසට සමගාමීව නැගෙනහිර ඛඔඔෑ ක්‍රියාකාරකම් හිස එසවීම තුළ හමුදාව සමග සබඳතා ගොඩනගාගත් සියලු දෙනා ඛඔඔෑ ඝාතන ලැයිස්තුවලට ඇතුළත් වූහ.

 

 


මතු සම්බන්ධයි.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.