යාපා පටුනේ පළමු ප්‍රගතිශීලී සටන් පෙරමුණ-02

 

1. සියලුම ආගම්වලට අයත් ජනයාට තම මව්බිමේ සුබසෙත සඳහා කටයුතු කිරීමට හා සමාන අවංකත්වයෙන්ද, උත්සුකත්වයෙන්ද එහි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට හැකිකම ඇතැයි මේ කොංග්‍රසය පිළිගනි. කොංග්‍රසය සැලකිලිමත් වන තාක්දුරට රටේ විවිධ ආගමික ආයතන අතර එකක් අනෙකෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම නොකළ යුතු අතර කොංග්‍රසය විසින් පවත්වනු ලබන කිසිදු මහාසභා රැස්වීමක් හෝ කමිටු රැස්වීමක් තුළ එසේත් නැත්නම් එය දියත් කරනු ලබන කිසිදු ප්‍රචාරක ව්‍යාපාරයක් තුළ කිසිදු නිකායවා දී ප්‍රශ්නයක් කිසිදාක මතු නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව තුළ වගන්තියක් ඇතුළත් කළ යුතුව තිබෙන බවත් කොංග්‍රසය යෝජනා කරයි.


2. කොංග්‍රසයට අනුබද්ධිත උප සංවිධාන පිහිටුවීම සඳහා කමිටුවක් පත් කළ යුතුව තිබේ. ඒ අනුව, කවර ස්ථානයක වුව තරුණයන් සංඛ්‍යාවකට එබදු උප සංවිධානයක් තුළ ඒකරාශී විය හැකිය.


3. වර්තමානයේ රට තුළ පවත්නා කුලභේදයන් ජාතියේ ප්‍රගමනයට බාධාවක් පවතින බව මේ කොංග්‍රසයේ අදහස වන අතර අප අතරින් අස්පර්ශනීයත්වය පිළිබඳ ශාපය ඉවත් කරලීමට කොංග්‍රසයේ සාමාජිකයන් හැකිතාත් දුරට පරිශ්‍රම දැරිය යුතු බව යෝජනා කරයි.


4. ජාතික සාහිත්‍ය හැදෑරීමට හා ව්‍යාප්ත කරලීමට අඩු වශයෙන් සතියකට පැය තුනක්වත් කැප කිරීම සඳහා කොංග්‍රසයේ සාමාජිකයෝ පෞද්ගලිකවම ප්‍රතිඥාවකින් බැඳී සිටිති.


5. ජාතික සාහිත්‍ය, කලාව හෝ සංගීතය නගා සිටුවීම සඳහා යම් මූලික කාර්යයක් ඉටුකරන ඕනෑම කෙනෙකුට සම්මේලනය මගින් ත්‍යාගයක්, ලාංඡනයක් හෝ වෙනත් දිරිගන්වන සුලු ආකාරයේ කිසිවක් ප්‍රදානය කරනු ලබනු ඇත.


6. ජාතික සාහිත්‍ය වර්ධනය කිරීම සඳහා ක්‍රමෝපායන් සැලසුම් කිරීමට විධායක කමිටුව විසින් සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සැදුණු කමිටුවක් පත් කරනු ලබනු ඇත.


7. දකුණුලක පාසල් තුළ දෙමළ බස උගන්වනු ලබනු දකින්ටත්, උතුරුලක පාසල් තුළ සිංහල බස උගන්වනු ලබනු දකින්ටත් අවශ්‍ය ඉක්මන් පියවර කොංග්‍රසය විසින් ගනු ලැබේ.


8. 1925 අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත කොංග්‍රසයේ සැසිවාර තුළ සියලුම ජනවර්ග (ප්‍රධාන වශයෙන් සිංහල හා දෙමළ) ආගම් හා අයිතිවාසීන් නියෝජනය වීම සඳහා යෝග්‍ය පියවර ගන්නා ලෙස මේ කොංග්‍රසයේ විධායක කමිටුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.


9. කොංග්‍රස් ව්‍යාපාරයේ අරමුණු බහුජනතාවට පැහැදිලි කරලීමට හා ආත්ම සංයමය හා සහයෝගිතාව පිළිබඳ හුරුපුරුදු වලින් ඔවුන් පුහුණු කරවා ගැනීමට පත්‍රිකා මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම සඳහා තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රකාශන කමිටුවක් පිහිටුවනු ලැබේ.


10. සාමාජිකයන් හැකිතාක් දුරට දේශීය වෙළඳාම හා කර්මාන්තවලට අනුග්‍රහය දැක්විය යුතු බවත්, ඔවුන් විදේශීය සබන් වර්ග, සුවඳ විලවුන්, වැසිකිළි, කරදාසි, මත්පැන් හා දුම්වැටි පාවිච්චියෙන් වැළකී සිටිය යුතු බවත් කොංග්‍රසය යෝජනා කරයි.


මෙසේ ඉදිරිපත් කරන ලද යෝජනා තුළ කිසිදු තැනක හුදෙක් දෙමළ පුනරුදයක් ගැන විශේෂ අවධානයක් යොමු කළ බවට කිසිදු ඉඟියක් නොවුනි. ඊට වෙනස්ව “ජාතික” යන වචනය නිරන්තරයනේම භාවිත කොට ඇත්තේ දීප ව්‍යාප්ත පර්යාවලෝකයක් සිත්හි රඳවා ගනිමිනි. දෙමළ සිසුන්ට සිංහල උගන්වනු ලැබීම හා සිංහල සිසුන්ට දෙමළ උගන්වනු ලැබීම පිළිබඳ යෝජනාව නැවත වරක් පෙන්නුම් කරන්නේ ජාතික එකමුතුකම සඳහා ඔවුන් තුළ වූ කැපවීමය.


1952 සිට 1931 වර්ෂයන් ශිෂ්‍ය කොංග්‍රසය වර්ධනය සලකුණු කරන ලද කාල පරිච්ඡේදය විය. ඉන්දියානු ජාතික ව්‍යාපාරය තුළින් පෝෂණය ලබමින්, උග්‍ර ජාතිකවා දී අභිලාෂයකින් යුතුව කොංග්‍රසයේ කටයුතු සිදුවූ අතර, යාපනය තුළ තරුණයන් දේශපාලනිකව දැනුම්වත් කිරීමෙහිලා මහජන මතය හැඩගැස්වීමෙහිලා කොංග්‍රසය තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන ලදී.


ශිෂ්‍ය කොංග්‍රසයේ දෙවන වාර්ෂික සැසිවාරය 1925 අප්‍රේල් 27, 28 සහ 29 දිනයන්හි කිරීමලෙයිහි වෛතිලිංගම් මාදම් නිවාඩු නිකේතනයේ දී පවත්වනු ලැබීය. යාපනයේ ප්‍රකට නිවාඩු නිකේතනයක් වූ මෙහි, පසුව පවත්වන්නට යෙදුණු සැසිවාර කීපයකම රැස්වීම් ස්ථානය බවට පත්විය. සමුළුව පැවැත්වුණ දින තුන සැසිවාර පහකට හෝ හයකට බෙදනු ලැබීය. ඒ අනුව පළමු සැසිවාරයට කොංග්‍රසයේ ප්‍රමුඛ සාමාජිකයන් අතුරින් එක් අයෙකු විසින් පවත්වනු ලබන පිළිගැනීමේ කතාව ඇතුළත් වේ. මෙය ගෞරවනීය කටයුත්තක් විය. පිළිගැනීමේ කථාවෙන් අනතුරුව ලේකම්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන ලදී. මින් අනතුරුව විශිෂ්ට පුද්ගලයකු විසින් මුලසුන දෙසුම පවත්වනු ලබන අතර සාම්ප්‍රදායික ස්තුති කතාවෙන් පළමු සැසිවාරය නිමාවට පත් වේ. දෙවැන්නේ සිට පස්වැන්න දක්වා වූ සැසිවාර ආර්ථික හා සමාජීය ප්‍රශ්න, ජාතික සාහිත්‍ය, කලාව හා සාහිත්‍ය අධ්‍යාපනය හා දේශපාලනය යළි නගා සිටුවීම පිළිබඳ දේශන හා සාකච්ඡාවන්ට කැප කෙරිණි.


සැසිවාරයේ දෙවැනි දිනයේ දී ජාතික සාහිත්‍ය යළි නගා සිටුවීම පිළිබඳව සාකච්ඡාවකට කැප කෙරිණි. දෙමළ බසින් කරන ලද සාකච්ඡාව මෙහෙය වූයේ ස්වාමි විපුලානන්ද විසිනි. තුන්වන දිනයේ දී කොංග්‍රසයේ අවසාන සැසිවාරය දේශපාලන හා අධ්‍යාපනික කරුණු සඳහා කැප කෙරිණි. ඒ. එම්. කේ. කුමාරස්වාමි “සිංහල - දෙමළ එකමුතුකම” ගැන කථා කළ අතර ඔහු විසින් “උසස් අධ්‍යාපනය” පිළිබඳව දේශනයක් පවත්වනු ලැබීය. මෙහිදී සම්මත කෙරුණු යෝජනා සම්බන්ධයෙන් අස්පර්ශනීයත්වය අහෝසි කිරීම, දෙමළ හා සිංහල ජනයා තුළ එකිනෙකාගේ භාෂාව හා සංස්කෘතිය ඉගෙනීමට පවත්නා අකමැත්ත ගැන හා ජාතික ඇඳුම අදින ලෙස ස්වදේශිකයන්ගෙන් කෙරෙන ඉල්ලීමත් ඇතුළත් විය
තෙවැනි වාර්ෂික සැසිවාරය 1926 අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබුණ ද, යාපනය අර්ධද්වීපය තුළ කොළරා වසංගතය පැතිර යාම නිසා එය කල් දමන ලදි. ඒ අනුව 1926 දෙසැම්බර් මස කිරීමලෙයි හි වෛතිලිංගම් මාදම් නිවාඩු නිකේතනයේ දී දොස්තර ඉසාක් තම්බයියාගේ සභාපතිත්වය යටතේ සැසිවාර පැවැත්විණි. “වර්තමාන තරුණ පරපුර හා එහි දේශපාලන වගකීම” යන මැයෙන් ජේ. වී. චෙල්ලයියාද, “ලංකාව- එක්සත් ජාතියක්” යන මැයෙන් එම්. එස්. එලියතම්බි ද, දේශපාලන සැසිවාරයන්හිදී ප්‍රධාන දේශන පැවැත් වූහ. එහි දෙවන දිනයේ දී පණ්ඩිත එස්. නටේසපිල්ලෙයි “සාහිත්‍යයේ නව මං” යන මැයෙන් කථාවක් පැවැත්වු අතර “ශිෂ්‍ය ජීවිතයේ පරමාදර්ශ සමහරක්” යන මැයෙන් කේ. තම්බයියා දේශනයක් පැවැත්වූ අතර “ලංකාවේ ස්වදේශිකයෝ” යන මැයෙන් එම්. එස්. එලියතම්බි විසින් දේශනයක් පැවැත්වීය. එසේම තෙවන දිනයේ සැසිවාර ආර්ථික හා සමාජීය සමුළුවක් වෙනුවෙන් කැප කෙරුණු අතර “ලංකාවේ ආර්ථික අනාගතය” “ඉන්දියානු ජාතික ප්‍රතිපත්තිය තුළ කදාර් වස්ත්‍රවලට හිමි තැන” සහ “වර්තමාන ලංකාව සඳහා සමාජීය පරමාදර්ශ සමහරක්” බදු තේමාවන් කිහිපයක් ඔස්සේ සාකච්ඡා ද පවත්වනු ලැබීය. අවසාන සැසිවාරයේදී සම්මත කරනු ලැබූ යෝජනා තුළ සිංහල - දෙමළ එකමුතුකම ප්‍රමුඛ ස්ථානයක් දැරීය.


1927 දී මෙරට සංචාරයක් සඳහා මහත්මා ගාන්ධිට ආරාධනා කළ ප්‍රථම සංවිධානය වීමේ අද්විතීය ගෞරවය ශිෂ්‍ය කොංග්‍රසයට හිමිවිය. ලංකාවට පැමිණෙන ලෙස මහත්මා ගාන්ධිට ආරාධනා කිරීම සඳහා ශිෂ්‍ය කොංග්‍රසය වෙනුවෙන් මූලිකත්වය ගනු ලැබුවේ, හැන්ඩි පෙරිම්පනායගම් විසිනි. මේ අවධිය වන විට මහත්මා ගාන්ධි “ඉන්දියානු කාඞ් ව්‍යාපාරය” ගොඩනැගීමෙහිලා ඉන්දියාවේ සාගින්නෙන් පසුවන දශලක්‍ෂ සංඛ්‍යාත ජනයාට ආහාර සහ වස්ත්‍ර සපයා දීම සඳහා අරමුදල් එක්රැස් කරමින් ද සිටියේය. ගාන්ධි විසින් යාවකාලිකව හැන්ඞ් පෙරින්පනායගම්ගේ ආරාධනය පිළිගත් අතර, කාඞ් අරමුදල සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්‍ෂයක් දිය යුතුය, යන්න කොන්දේසියක් ද විය. ඒ අනුව කුමාරස්වාමිගෙන් පෞද්ගලික උපදෙස් ලබාගත් හැන්ඞ් පෙරින්පනායගම් අවසානයේ දී ගාන්ධිගේ ඉල්ලීමට එකඟ විය. ගාන්ධිගේ සංචාරය අවසන් වන විට ලංකාව තුළ එකතු කරනලද මුදල රුපියල් එක්ලක්‍ෂ පන්දහසක් පමණ වූ අතර යාපනයේ පමණක් එකතු වූ මුදල රුපියල් දහඅට දහස ඉක්මවීය. ඒ අනුව වූ පොරොන්දුව යථාකාලයේ දී ඉටුකරන ලදි. 1927 වර්ෂයේදී ඩොනමෝර් කොමිසම මෙරටට සම්ප්‍රාප්ත වූ අතර, මහත්මා ගාන්ධි සහ ඩොනමෝර් යන දෙදෙනාගේ පැමිණිම දින කීපයකින් වෙනස් විය. යාපනය බහු ජනතාව සුහදශීලි උද්යෝගයෙන් යුතුව ගාන්ධි පිළිගනු ලැබුහ. ශිෂ්‍ය කොංග්‍රසය ඩොනමෝර් කොමිසම ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සැලකිල්ලක් නොගත් අතර ගාන්ධි යාපනයේ තරුණයන් මත පැතිර වූ අනතුරුව පැමිණි ඩොනමෝර් කොමිසමේ නිර්දේශයන් යාපනයේ දේශපාලනය සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිඵල ගෙන දීමට නියමිතව තිබුණි.

 

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි