යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

03 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.
‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

 

රිවිරැස මෙහෙයුම ජයග්‍රහණය කර තිබිය දී පවා බි්‍රගේඩියර් ලකී අල්ගම, තමන් විසින් සාමකාමී පරිසරයක් උදාකළ නැගෙනහිර පළාතේ සාමකාමී බව බිඳ දමා ඛඔඔෑ ක්‍රියාකාරකම්වලට ඉඩකඩ සැලසීමට රජය කටයුතු කළ බවට විවෘතවම චෝදනා කරන්නට විය. සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ යුද්ධය වර්ග කිලෝමීටර 12ල500 ක් පුරා පැතිර ඇති උතුරු - නැගෙනහිර ප්‍රදේශය තුළ ක්‍රියාත්මකය. ඒ අතරම යාපනය අර්ධද්වීපය වර්ග කිලෝමීටර 1070 භූමි ප්‍රදේශයක පැතිරී ඇති අතර අවම වශයෙන් අර්ධද්වීපයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ සේනාංක හතරක් පමණවත් ස්ථානගතව සිටිය යුතුය. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක පවසන්නේ යුද්ධය සාර්ථකව ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂ 4.5 ක් විය යුතු බවය.


ශ්‍රී ලංකා හමුදාව තම යුද ඉතිහාසයේ ලද සුවිශාලම ජයග්‍රහණය වූ ‘යාපනය අල්ලා ගැනීම’ හෙවත් රිවිරැස ක්‍රියාන්විතය පිළිබඳ සැලකීමේදී ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට එක්ව තිබූ නවතම සේනාංකය වූ 53 සේනාංකයට අනුබද්ධිත ගුවන් සංක්‍රමණික බළසේනාව, විශේෂ බළකාය :ීත්‍* හා කොමාන්ඩෝ බළකාය සාමූහිකව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන්ම නව සංකල්පයක් ඔස්සේ ඇරඹි ගුවන් සංක්‍රමණික බළසේනාව ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාරක ශක්‍යතාවත් සෙබළුන්ගේ චිත්ත ධෛර්යයත් එකවිට ඉහළ දැමීමට සමත් වූවා වැනිය.


1995 වසරේදී පිහිටු වූ ගුවන් සංක්‍රමණික බළසේනාවේ ආරම්භක බළසේනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ එවකට කර්නල් හිරාන් හලංගොඩය. කර්නල් හලංගොඩගේ ආරාධනය පරිදි මෙම නව ගුවන් සංක්‍රමණික බළසේනාවට සම්බන්ධ වූ අනෙකුත් නිලධාරීන් වූයේ එවකට 1 ගජබා රෙජිමේන්තුවේ කර්නල් සුමේධ පෙරේරා, 4 ගජබා රෙජිමේන්තුවේ කර්නල් ජගත් අල්විස් හා 5 වන ගැමුණු හේවා  රෙජිමේන්තුවේ කර්නල් සරත් ප්‍රනාන්දුය. මේ අනුව කර්නල් හලංගොඩ එම බළසේනාවේ අණ දෙන නිලධාරියා ලෙස ක්‍රියා කළ අතර තෝරාගත් මෙම බළ ඇණි තුන සිය පුහුණුවීම් සිදුකරන ලද්දේ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානය ආශ්‍රිතවය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා ගත් පොත් පත් හා වෙනත් ලිපි ආදිය පරිශීලනය කරමින් කර්නල් හලංගොඩ සමග මෙම බළ ඇණි ප්‍රධානීහු ස්වේච්ඡාවෙන්ම තම අධ්‍යයන කටයුතු මෙන්ම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ද වර්ධනය කර ගත්හ. මාස කිහිපයක් ගුවන් හමුදාවත් සමඟ ඒකාබද්ධ වී තම පුහුණු ඉලක්ක සියල්ල සම්පූර්ණ කරගත් නව බළකාය ඉන් පසුව බි්‍රගේඩියර් ජානක පෙරේරාගේ 53 වැනි සේනාංකයට අනුයුක්ත කරන ලදී.


මෙම බළකායේ පළමු ප්‍රායෝගික ක්‍රියාකාරකම වූයේ වව්නියාව ඔමන්තෙයි ප්‍රදේශයේ ඛඔඔෑ කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කිරීමය. ප්‍රහාරක සැලසුමට අනුව අදාළ දිනයේ අලුයම නියමිත වේලාවට හෙලිකොප්ටර් මගින් ගුවන් සංක්‍රමණික සෙබළු ඛඔඔෑ කඳවුරට ආසන්න නියමිත ඉලක්කයකට ගමන් කළ යුතු විය. ඊට සමගාමීව කර්නල් ජයවි ප්‍රනාන්දුගේ විශේෂ බලකායේ යතුරුපැදි කණ්ඩායමක් වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ ඉදිරියට ගමන් කළ යුතු වූ අතර එමගින් ඛඔඔෑ සෙබළු වෙත උපරිම අයුරින් විමතිය ළංකර දීම අරමුණ විය. සියල්ල එසේ එක වර සිදු වී විනාඩි 3 ක් ඇතුළත ප්‍රහාරක ගුවන් යානා අදාළ ඛඔඔෑ ඉලක්ක වෙත බෝම්බ හෙළීම සිදු කළ යුතු විය. ඉහත සියලු ක්‍රියාකාරකම් නියමිත වේලාවට සිදු කිරීමට මෙහෙයුමට සම්බන්ධ වූ සියලු අංශ සමත් වූ අතර ත්‍රස්තවාදීන් 8 දෙනෙකු මරා දැමීමටද සමත් විය. ගුවන් සංක්‍රමණික බළකායේ සියලු දෙනා නැවත හෙලිකොප්ටර්වල නැගී වව්නියාවට පැමිණියහ.


වව්නියාවේදී ඛඔඔෑ ය මුහුණ දුන් මෙම සිද්ධිය ඔවුන්ට නව තර්ජනයක් මෙන්ම වික්ෂිප්තභාවයට ද පත්කරවන්නක් විය. ඒ අනුව මෙම නව තත්ත්වයට ප්‍රතිචාර දැක්වූ ඛඔඔෑ ය තමන් සතු වූ නවතම යුද තාක්ෂණය වූ ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. ඛඔඔෑ ය දෙසින් එය උපක්‍රමික අත්වැරදීමක් :ඒජඑසජ්ක පසිඒනැ* බඳුය. මන්දයත් ඔවුන් එම මිසයිල රහසිගතව තබා ගෙන සිටියේ ශ්‍රී ලංකා හමුදාව අනාගතයේ දී උතුරේ දියත්කළ හැකි මහාපරිමාණ ක්‍රියාන්විතයක් අතරතුර දී ගුවන් යානා බිම දැමීමටය. නැතහොත් රිවිරැස ක්‍රියාන්විතය අතරතුර දී හදිසියේ ඛඔඔෑ ය තම ගුවන් යානා නාශක මිසයිල පළමු වරට ක්‍රියාවේ යෙදවූයේ නම් නිසැකවම ක්‍රියාන්විතය අතරමග නතර කිරීමට සිදුවනු ඇත.


මෙම සිදුවීම් පෙළත් සමඟම නව ගුවන් සංක්‍රමණික බළකාය වව්නියාවේ සිට පලාලි වෙත රැගෙන යන ලදී. විශේෂයෙන්ම පලාලි කඳවුරේ සිටි බොහෝ සෙබළු මේ වන විට බංකර් තුළටම සීමා වී සිටීම නිසාම ඔවුන් තුළ බංකර් මානසිකත්වයක් ගොඩනැගී තිබුණි. එම සෙබළුන් තුළ නව ආකල්පයක් වර්ධනය කරවීම ගුවන් සංක්‍රමණික බළකායේ ඊළඟ ඉලක්කය විය. ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවට සාර්ථක ලෙස සතුරාට ප්‍රහාර එල්ල කළ හැකි බව පෙන්වා දීමට මෙන් පැය 48 සහ පැය 72 වශයෙන් වූ සීමිත ක්‍රියාන්විත කිහිපයක් පලාලි කඳවුරෙන් පිටතට ගොස් සිදුකර පෙන්වීමට ගුවන් සංක්‍රමණික බළකාය සමත් විය. ඒ අනුව පළමුව තෙලිප්පලෙයි ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ගොස් පලාලි කඳවුරට දුරින් පිහිටි පන්ඩිකුඩිරිප්පු ප්‍රදේශය දින 2 ක් අල්ලා ගෙන සිට නැවත ඔවුහූ නිරුපද්‍රිතව පැමිණියහ. මෙවැනි වූ සීමිත ක්‍රියාන්විත 3 ක් 4 ක් සිදු කළ ඔවුහූ පලාලිහි අනෙක් සෙබළුන්ගේ බංකර් මානසිකත්වය බිඳ හෙළුෑහ. තමන්ට සතුරා පලවා හැරිය හැකි බවට ශ්‍රී ලංකා හමුදාව තුළ නව ජවසම්පන්න ආකල්පයක් වර්ධනය කරවීමට නිසැකයෙන්ම මෙය හේතුවක් විය. විශේෂයෙන්ම රිවිරැස ක්‍රියාන්විතයට සුදුසු පසුබිමක් ගුවන් සංක්‍රමණික ක්‍රියාකාරකම් තුළ ගොඩනැගුනාය යන්න අතිශයෝක්තියක් නොවනු ඇත.


කෙසේ වෙතත් ඛඔඔෑ යේ ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරත් සමග පලාලි සඳහා වූ ගුවන් සැපයුම් ක්‍රමිකව ඇන හිටියේය. ඒ සමගම සෙබළුන්ගේ ප්‍රවාහන කටයුතු, ආහාර හා වෙනත් ගුවන් සැපයුම් සියල්ලක්ම මන්දගාමී විය. මෙවන් වාතාවරණයක් තුළ පලාලි  වෙත පැමිණි නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පලාලිහි සිටි සියලු නිලධාරීන් අමතා මාස 3 ක් ඇතුළත සතුරාගෙන් යාපනය මුදවා ගැනීමට ක්‍රියාන්විතයක් ආරම්භ කළ යුතු යැයි අවධාරණය කළේය. ඇමතිවරයාගේ කථාව අවසන් වත්ම සුවිශේෂී තත්ත්වයක් උදාවිය. එනම් හමුදාවේ ඉහළ නිලධාරීන් සියලු දෙනා බලා සිටියදී දේශපාලන බලධාරියකු වූ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට තමන් හා තම සෙබළුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සෘජුවම දන්වා සිටීමට පහළ නිලධාරීන් ඉදිරිපත් වීමය. ඒ අනුව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සිය කථාව අවසන් කිරීමත් සමගම නැගිට සිටි කර්නල් සුමේධ පෙරේරා පලාලිහි සෙබළුන් මුහුණ දී ඇති ගැටලුසහගත තත්ත්වයන් එකින් එක විස්තර කරන්නට විය. ඒ අනුව ගුවන් ගමන් සීමා වීම තුළ සෙබළුන් සැමන් හා පරිප්පු නිතර අනුභව කිරීම තුළ ඔවුන් බොහෝ දෙනෙකු ‘රෑෂ්’ වලින් දුක් විඳින බවත් අවශ්‍ය තරම් වාහන නොමැති නිසා පහළ නිලධාරීන් :ක්‍ද* පවා ට්‍රැක්ටර්වල


ගමන් කරන බවත් අවශ්‍ය ඇඳුම්, සපත්තු මෙන්ම වෙඩි උණ්ඩ, මෝටාර් ආදී සියලු සැපයුම් හිඟතාව නිසා නිරන්තරයෙන්ම සෙබළුන් මෙන්ම නිලධාරීන්ද පීඩාවට පත්ව සිටින අයුරු කර්නල් සුමේධ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට විස්තර කරන ලදී. තවද මෙම ප්‍රශ්න විසඳන්නේ නම් යාපනය සතුරාගෙන් නැවත ලබා ගැනීමට තම සෙබළුන් සූදානම් බවත් ඔහු පවසද්දී එහි සිටි ඉහළ නිලධාරීන්ගේ මුහුණු තුළින් දිස් වූයේ නොරිස්සුම් සහගත ස්වභාවයකි. සුමේධ පෙරේරාගෙන් පසුව නැගී සිටි දයා අත්තනායක හා රාජ් විජේසිරිද එලෙසම යාපනයේදී සෙබළු මුහුණ දී සිටි දුෂ්කරතා තවදුරටත් ඇමතිවරයා හමුවේ තැබූ අතර, මෙම සිද්ධියට පෙර ආරක්ෂක ඇමතිවරු හමුදාව පිළිබඳ තොරතුරු ලබා ගත්තේ හමුදාවේ උසස් නිලධාරින්ගෙන් පමණි.


මෙම සියලු කරුණු සාවධානව අසා සිටි ඇමතිවරයා නැගිට තම කථාවේදී ඉදිරිපත් කළ මාස තුනේ කාලසීමාව තමන් විසින්ම ඉවත් කර ගන්නා ලදී. අවාසනාවකට හමුදා නායකයන් යාපනයේ යථාර්ථය තමන්ගෙන් වසන් කර සිටි බවද ඇමතිවරයා පැවසීය. මෙම තත්ත්වයන් යළි නිවැරදි කරන තුරු යාපනය අල්ලා ගැනීම සිදු නොකළ හැකි බව පැවසූ රත්වත්ත ඇමතිවරයා තමන් හැකි ඉක්මනින් මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවටද සහතික විය. ඒ අනුව ඇමතිවරයා පොරොන්දු වූ පරිදි එතැන් පටන් කෙටි කලක් තුළ යාපනයේ සෙබළුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලදී. සත්‍ය වශයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන අධිකාරියත් හමුදාවත් විවෘත මනසකින් කටයුතු කළ කාල වකවානුවක් මෙලෙස උදාවිය.


මේ අතර යාපනය අර්ධද්වීපය තුළින් ඛඔඔෑ ය පලවා හැරීමේ මෙහෙයුම සඳහා වන සැලසුමක් මේ වන විට හමුදා ප්‍රධානීන් විසින් සකසා තිබිණ. ඊට අනුව අර්ධද්වීපයේ සටන් පෙරමුණු තුනක් ඔස්සේ හමුදාව ඉදිරියට ගොස් සතුරාට පහරදීමට එමගින් යෝජනා කර තිබිණ. එහෙත් ඇමතිවරයා හා හමුදාවේ අණ දෙන නිලධාරීන් අතර ඇති වූ සංවර්ධනාත්මක සංවාදයෙන් පසුව එක් වරම එම සැලසුම එළිදැක්වීමට එම හමුදා නායකයෝ තරමක් මැලි වූහ. මේ හේතුවෙන් සටන් බිමේ අණ දෙන නිලධාරීන්ගෙන් ද මේ පිළිබඳ කරුණු විමසීමට හමුදා නායකත්වය තීරණය කරන ලදී. ඒ අනුව පලාලි හි හමුදා නායකයන් සහ අණ දෙන නිලධාරීන් අතර මේ පිළිබඳ සාකච්ඡාවක් පැවති අතර එහිදී යාපනය අල්ලා ගැනීම සඳහා වන ඔවුන්ගේ යෝජනා විමසන ලදී. මෙහි ප්‍රථම පියවර ලෙස එම සියලුම අණ දෙන නිලධාරීන් කණ්ඩායම් තුනකට බෙදන ලද අතර ඒ ඒ කණ්ඩායම වෙන් වෙන් වශයෙන් තම සැලසුම් ඉදිරිපත් කළ යුතුවිය. තවද අවසානයේ මෙම කණ්ඩායම් 3 තුළින් ඉදිරිපත් වන සැලසුම් 3 එක්කර වඩා සාර්ථක සැලසුමක් ඔවුන් විසින් නිර්මාණය කිරීමටද යෝජනා විය.


ඒ අනුව එවැනි එක් කණ්ඩායමකට බි්‍රගේඩියර් සරත් ප්‍රනාන්දු, කර්නල් රාජ් විජේසිරි, සුමේධ පෙරේරා සහ කර්නල් දයා රත්නායක ඇතුළත් විය. කෙසේ වෙතත් සති කිහිපයකින් පසුව මෙම කණ්ඩායම් තුන ඉදිරිපත් කළ සැලසුම් 3 එක්කර නව සැලසුමක් තැනූ අතර එහි ප්‍රධාන වශයෙන් අනර්තර්ගත වූයේ ඉහත පිරිස නියෝජනය කළ සැලසුමය. මේ අනුව අනෙක් සියලු සාමාජිකයින්ගේ එකඟතාව වූයේ හමුදා නායකයන් වෙත තම සැලසුම ඉදිරිපත් කිරීම එම කණ්ඩායමේ සාමාජිකයින් විසින් සිදු කිරීම වඩා සුදුසු බවයි. ඒ අනුව පලාලි හිදී පැය 6 ක් පුරා හමුදා නායකයන් ඉදිරියේ මෙම සැලසුම ඉදිරිපත් කළ අතර එහි මූලික උපක්‍රමික අන්තර්ගතය වූයේ හමුදාවේ සියලුම සම්පත් සහ ශක්තිය එක්කර එක් පෙරමුණක් ඔස්සේ සතුරාට පහර දීමය. එම අවස්ථාවේදී ඉහළ හමුදා නිලධාරීන් විසින් විශාල වශයෙන් ප්‍රශ්න නැගු අතර සැලසුම ඉදිරිපත් කළවුන්ගේ ප්‍රධානතම තර්කය වූයේ තමන්ට අර්ධද්වීපය තුළ එකවර යුද පෙරමුණු 3 - 4 ක් ක්‍රියාවට නැගීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් හිඟ බවය. ඒ අනුව එම සැලසුම සවිස්තරාත්මකව හඳුන්වා දීමත් එහි සමස්ත අන්තර්ගතයත් ඉදිරිපත් කරන ලද්දේ එම කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම නිලධාරියා වූ බි්‍රගේඩියර් සරත් ප්‍රනාන්දු විසිනි. කර්නල් සුමේධ පෙරේරා තම සැලසුමෙහි ඇති උපක්‍රමික වාසි සහගත තත්ත්වයන් මෙන්ම අවාසි සහගත තත්ත්වයන් :ඕජඑසජ්ක ්ාඩ්බඒටැි ්බා ාසි්ාඩ්බඒටැි* ඉදිරිපත් කළ අතර කර්නල් රාජ් විජේසිරි සමස්ත යුද සැලසුම ඉදිරිපත් කරන ලදී. එලෙසම කර්නල් දයා රත්නායක තම සැලසුමට අදාළ පරිපාලනමය සැපයුම් සහ වෙනත් අවශ්‍යතාවන් පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.