IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වහල් වතුකරයට එරෙහිව සටන් කළ ගාන්ධි උපන් ගමේ ඉපදුණු අපේ මිනිසා

 

අද බොහෝ විට වතු කම්කරු අරගල ගැන කතා කරන විට නිනැතින්ම සිහියට එනුයේ දෙමළ වතු කම්කරුවන් ගැන විය යුතුය. එහෙත් මේ රටේ වතු කම්කරු අරගලවලට සිංහලයන් දිවි පිදූ ඉතිහාසයක් ද තිබේ. සිංහල ඉන්දියානු හා මෙරට දෙමළ සෙසු ජාතීහු ද එදා එකාවන්ව වතු කම්කරු අරගලවලට එක්වූහ. ජීවිත කැප කළහ.


වතු කම්කරු වෘත්තීය සමිති අරගල ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහලයකු දිවි පිදූ වතු කම්කරු වෘත්තීය අයිතීන් දිනා ගැනීම උදෙසා වූ අරගලයට එදා නායකත්වය දුන්නේ ඔහුය. ඔහුගේ ක්‍රියාකාරිකයකු වූ ඒබ්‍රහම් සිංඤ්ඤෝ නමැත්තෙක් එදා ආගරපතනේ දී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම නිසා උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට එදා බලධාරීහු මහත් උත්සාහයක් ද ගත්හ. තම වතු කම්කරු ක්‍රියාකාරිකයාගේ දේහය රැගත් පෙළපාළියේ ඔහු ගමන් කළේ දහස් සංඛ්‍යාත ජන ගංගාවක් ද සමගිනි.


1943 වර්ෂයේ දිනක කොළඹ අලුත්කඬේ උසාවියේ පෙනී සිටි නඩුවක විත්තිකරුවකු විය. බි්‍රතාන්‍ය රජයට එරෙහිව කැරලි ගැසීම් සිදුකරන අන්දමේ කතාවක් පැවැත්වීම ඔහුට විරුද්ධව වූ චෝදනාව විය. ජූරි සභාව ඔහු නිවැරැදිකරු බවට තීන්දු කළේය. බි්‍රතාන්‍ය ජාතික විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශ කර සිටියේ තිත්ත බෙහෙතක් බොන්නාක් මෙන් දැඩි අකමැත්තෙනි.


1959 බලන්ගොඩ පිහිටි පිටියාගල වත්තට බලහත්කාරයෙන් ඇතුළුවීම පිළිබඳව ඔහුට නඩු පැවරුණි. මහේස්ත්‍රාත් නඩු විභාගයේ දී ඔහු ඇතුළු අනෙක් අය මාස දෙකක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. එම තීන්දුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් පවා ඉදිරිපත් කළ මුත් එය නිෂ්ප්‍රභා කෙරිණි. සිර දඬුවම් ස්ථිර විය. පසුව ඔහු එම තීන්දුවට විරුද්ධව ලන්ඩන් ප්‍රීවි කවුන්සලයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඩිල්හෝන් නමැති විනිශ්චයකාරවරයා ඇපෑලට ඉඩ දෙමින් සිර දඬුවම අවලංගු කළේය. වතුකරයේ වතුවලට වෘත්තීය සමිති නායකයන්ට ඇතුළුවීමට එතෙක් තිබූ තහනම ඉන් ඉවත් විය.


මෙරට වතු කම්කරු වෘත්තීය අයිතීන් ලබාදීමේ හා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීම උදෙසා වූ අරගලයේ දී ‘අබ්දුල් අසීස්’ නම් වූ විශිෂ්ට මිනිසාගේ භූමිකාව එවන් අනන්ත වූ සිදුවීම්වලින් යුක්ත වූවකි.
ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ජන්ම ලාභය ලැබූ පොර්බන්දර් නගරයේදීම 1912 ඔක්තෝබර් 06 වැනිදා ඔහු ද උපත ලැබීය. අසීස්ගේ පියා වූයේ ගුලාන් හුසේන් රෙයිමු මහතාය.


මෙරට කලක් ප්‍රකටව පැවති රේමු සන්ස් ව්‍යාපාරය ඔහුට අයත්ව තිබිණි. ඉන්දියාවේ ප්‍රකට මහන මැෂින් හා සෙසු විද්‍යුත් උපාංග ‘ඌෂා’ නම් වෙළඳ ජාලයේ මෙරට පළමු කර්මාන්තශාලාව හා ව්‍යාපාරය ඇරඹුවේ ඔහු විසිනි. අබ්දුල් අසීස් මහතා ද්විතීක අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය කරච්චියේ දී හා බොම්බායේ දී හැදෑරීය. බොම්බාය විශ්ව විද්‍යාලයේ දී වාණිජ්‍යය පිළිබඳ උපාධිය ද හෙතෙම ලැබීය.


ඔහු ද්විතීයික අධ්‍යාපනය ලබන කාලයේ දී ශිෂ්‍යයන්ගේ සමිතියක් පිහිටුවා ගනු ලැබීය. එහි අරමුණ වූයේ අසරණුන්ට පොත් මිලදී ගැනීමට හා පාසල් ගාස්තු ගෙවීමට සහය වීමයි.


තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහයවීමට අබ්දුල් අසීස් මහතා මෙරටට පැමිණියේය. මෙරට වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට ඔහු තම නායකත්වය ලබාදුන්නේ සුබෝපභෝගී ධනවත් ජීවිතයකට උරුම වූ සැප සම්පත් පවා පසෙකට විසි කර දමමිනි. අධිරාජ්‍යවාදී පාලනය හමුවේ සූරාකෑමට හා තාඩන පීඩනයන්ට ගොදුරු වී සිටි වතු කම්කරු ජනතාව ඉන් බේරාගෙන ඔවුනගේ ජීවිත උසස් තලයකට ගෙන ඒමට හෙතෙම තම ජීවිතයම කැප කළේය.


අසීස්ගේ ‘ජවසම්පන්න’ නායකත්වයට අධිරාජ්‍යවාදී නායකයන් මෙන්ම වතු හිමිකරුවන් ද බිය වූහ. කුමන හෝ වරදක් මත ඔහුට චෝදනා ගොනුකොට සිරගතකරලීමට පාලකයන් ප්‍රයන්ත ගත් අවස්ථා අපමණය. එහෙත් එම කිසිදු මර්දනයකින් අසීස් නිහඬ කළ නොහැකි විය.


ඔහුගේ පුරෝගාමිත්වය ඇතිව 1939 ඇරඹුණු ලංකා ඉන්දියානු කම්කරු සංගමය වාර්ෂික සැසිය ඇමතීමට ඔහුට සිදු විය. 1943 මාර්තු මාසයේ බදුල්ලේ පැවති එම සැසියේදී ඔහු කළ කතාව මහරජතුමාට විරුද්ධව අපකීර්තිමත් මෙන්ම කැරලි ගැසීමට තුඩු දෙන බව පවසමින් එම කතාව නඩු භාණ්ඩයක් ලෙස උසාවියට ඉදිරිපත් කෙරිණි.


එම නඩුවේ ජූරිය බි්‍රතාන්‍ය වැවිලිකරුවන්ගෙන් සමන්විත වුවහොත් තමාට ස්ථිරවම දඬුවම් ලැබෙන බව තේරුම් ගත් ඔහු දෙමළ භාෂාව කතා කරන ජූරි සභාවක් ද ඉල්ලා සිටියේය. ඔහුගේ එම ඉල්ලීම ඉටු කරන්නට සිදුවිය. ඒ අනුව පත් කෙරුණු හත් දෙනකුගෙන් යුත් ජූරි සභාව විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.


මේ සුවිශේෂ පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට විත් ශ්‍රී ලාංකීය භූමිය තුළ වතු කම්කරු විමුක්ති අරගලයට අභීත නායකත්වයක් සැපයූ 1939 දී මෙරට ඇරඹුණු ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘවරයා වූ අබ්දූල් අසීස් මහතාය. ඉනික්බිතිව ඔහු හා ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයට එක්ව සිටි ඇස්. තොන්ඩමන් මහතා පසු කලෙක ඉන් ඉවත්ව ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන්නේය. අබ්දූල් අසීස් මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන අශ්රොෆ් අසීස් මහතා අද තම පියා ඇරැඹූ සංවිධානයේ අසීස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ වත්මන් නායකත්වය හොබවයි. අබ්දූල් අසීස් නමැති සුවිශේෂ විප්ලවවාදී චරිතය පිළිබඳ අශ්රොෆ් අසීස් කළ හෙළිදරව්වකි මේ.


“මහත්මා ගාන්ධිතුමා උපත ලද පොර්බන්දර් ගම්මානයෙන් ජන්ම ලාභය ලැබූ තම පියාට මහත්මා ගාන්ධිතුමා වරෙක හමු වූ අපූර්ව සිද්ධිය ද අසීස් මහතා මෙම පිළිසඳරේ දී අපට හෙළි කළේය.


මගේ පියා ලංකාවට විත් මෙරට ඉන්දියානු වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට දායක වූ සමයේ විටින් විට ඉන්දියාවට ගිහින් තම උපන්ගම් පළාතේ සංචාරය කළා. එහෙම ඉන්න විට පියාට ඕන වුණා ගාන්ධිතුමා හමුවන්න.


එහෙත් ගාන්ධිතුමා හමුවන්න එහෙම වෙලාවක් ගන්න එක අමාරු කටයුත්තක් වුණා. එහෙත් එතුමාගේ අනුගාමිකයන් කියා තිබෙනවා මහත්මා ගාන්ධිතුමා ඇවිදින්න යන විට ඔබත් ඇවිදින්න ආවොත් එසේ යන ගමන් කතා කළ හැකියි කියලා. ඒ අනුව ගාන්ධිතුමා ඇවිදින්න යන විට පියාත් එතුමා සමග ඇවිදින්න ගියා. යන විට පියා තමා ඉන්දියාවේ සිට ලංකාවට ගිහින් කරන සටන ගැන ගාන්ධිතුමාට කියා තිබෙනවා.


ලංකාවේ නිදහස් සටන කොහොමද? ඉන්දියානුවන්ට රටේ සැලකිල්ල කෙබඳුද? යන ප්‍රශ්න ගාන්ධිතුමා තාත්තාගෙන් අසා තිබෙනවා. පියා ඒවාට උත්තර දෙන විට ගාන්ධිතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් පියාගෙන් පෙරළා අසා තිබෙනවා. ඒ වන විට ඉන්දියානු නිදහස් අරගලයක් ප්‍රබල ලෙස තිබුණා. ගාන්ධිතුමා පියාගෙන් ඇසූ ප්‍රශ්නයට පියා විමතියට පත් වුණා.


“ඔබ ජවහර්ලාල් නේරුතුමා ගැන දන්නවාද?” ගාන්ධිතුමා ඇසූ විට පියා “ඔව් දන්නවා” කීවේ කිසිවක් හිතා ගන්නද බැරිවය. ඔහු ඉන්දියාවේ අගමැති කරන්නයි අපේ සූදානම. ඊට ඔහු සුදුසු ද? ගාන්ධිතුමා අසා තිබෙනවා.


මා වැන්නකුගෙන් එවැන්නක් අහන්නේ ඇයි? පියා විමතියෙන් ගාන්ධිතුමාගෙන් පෙරළා අසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඔබ වැනි අය නේරුතුමා ගැන දක්වන ආකල්පය අපට ඉතා වැදගත්.”


ගාන්ධිතුමා ඇසූ ප්‍රශ්නයට පියා පිළිතුරු දී ඇත්තේ ‘නේරු තුමාට වඩා සුදුස්සෙක් ඊට නැති බව අපේ හැඟීමයි. නේරුතුමා ගැන තමා දරන ආකල්පය ද ශ්‍රී ලාංකීය ජනතාවගේ හැඟීම් ද ගාන්ධිතුමාට පළ කර තිබෙනවා. පියා තම ජීවිතයේ හැමදාම මේ අපූර්ව හමුව සිහිපත් කළා.”


1959 වන විට රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනිය අපේ පවුලෙ අය එදා ළඟින්ම ඇසුරු කළා. තාත්තත් බණ්ඩාරනායක මහතා සමග දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළා.


එකල ඒබ්‍රහම් සිංඤ්ඤෝ ඝාතනය වීමෙන් පසු වතුකරය පුරාම ආන්දෝලනයක් හට ගත්තා. අගමැති බණ්ඩාරනායක මහතා මැදිහත්වී සාකච්ඡාවක් ද ලබා දුන්නා. එහෙත් පියාගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය පිළිගැනීමට වෘත්තීය සමිතියක් තුළ සංවිධාන වීමට වතු හාම්පුතුන් කැමති වුණේ නැහැ. කම්කරුවන් පොලිසිය ලවා මර්දනය කරවීම වතු හාම්පුතුන්ගේ පිළිවෙත වුණා. එදා ඒබ්‍රහම් සිංඤ්ඤෝගේ අවමඟුලට 50,000කට අධික ජන ගඟක් සහභාගි වුණා. සමසමාජ නායකයන් වූ ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු වමේ නායකයන් ද අවමඟුලට එක්වුණා. වතු පාලකයන්ට අන්තිමේ වතු කම්කරුවන්ට සංවිධානය වීමට හා වෘත්තීය සමිතියක් පිළිගැනීමකට එකඟවීමට සිදුවුණේ එම දිවි පිදූ කම්කරු සහෝදරයාගේ මළගම දවසෙයි. බණ්ඩාරනායක අගමැතිවරයාත් ඊට මැදිහත් වීම උපරිම ලෙස කළ බවයි අපේ හැඟීම. එම අවුරුද්දේම බණ්ඩාරනායක අගමැතිතුමත් ඝාතනය වුණා. අධිරාජ්‍යවාදී කඳවුරු තුළින් අප මාතෘ භූමිය මුදා ගැනීමේ අරගලයට අසීස් දැක්වූ කැපවීම ගැන සිහිපත් කළ අශ්රොෆ් අසීස් ‘තාත්තා හැමවිටම අවධාරණය කළේ පළමුව අප රටට නිදහස ලබා දිය යුතු බවයි. සොල්බරි කොමිසම සමග පවා තාත්තා දැඩිව කීවේ පළමුව අපට රටට නිදහස දෙන්න. අපට අවශ්‍ය ආණ්ඩු ක්‍රමයකට ඉඩ දෙන්න. අපි සිංහල ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. අපේ ප්‍රශ්න අප දෙවනුව විසඳා ගන්නම්” යන්නයි.


1952 මුල් භාගයේ දිනෙක කොළඹ 11 කෙළින් වීදියේ ස්ථානයකින් ඇරඹුණු දහසකට අධික ජන සහභාගිත්වයක් දැරූ පෙළපාළිය කොල්ලුපිටිය අරලියගහ මන්දිරය (අගමැති නිවස) කරා ගමන් ගැනීම ඇරඹුණි. මඳදුරක් යද්දී කොළඹ කොටුව ප්‍රදේශයේ දී පොලිසිය ඔවුනගේ ගමන නවත් වන්නට උත්සාහ කළ නිසා පෙළපාළියේ ගමන් ගත්තවුන් සත්‍යග්‍රහයක යෙදෙන්නට පටන් ගත්හ. බැටන් පොලු ප්‍රහාර එල්ල කර අශ්වාරෝහක කණ්ඩායම්වල ද සහයෙන් විරෝධතාව මැඩ පැවැත්විය. ජනතාවට නායකත්වය දෙමින් සිටි අසීස් සහ ඇස්. තොණ්ඩමන් අල්ලාගෙන වෑන් රථයක නංවාගෙන සැතපුම් 25ක් පමණ ඈත ප්‍රදේශයක  දමා ගියා. මේ දෙදෙනා හඳුනාගත් එම ප්‍රදේශයේ පිරිස් ඔවුන්ට සත්කාර කොට කොළඹ බලා පිටත් කර යවා තිබෙනවා. ‘ලංකා ඉන්දියානු කම්කරු සංගමය ඊළඟට රැස්වී ගත යුතු පියවර සාකච්ඡා කරන්නට වුණා. අනතුරුව අගමැති කාර්යාලයට නුදුරින් පිහිටි භූමියක දින පහක් නිරාහාර විරෝධතාවයක යෙදෙන්න තීරණය වුණා. වතු කම්කරුවන් 500ක් පමණ ඊට එක්ව සිටියා. එසේ වුවද රටවැසි භාවය නොදීම හා සර්ව ජන ඡන්ද බලය නොදීම එලෙසම ක්‍රියාත්මක වුණා. දීර්ඝ සටනක් අවසානයේ සංගමයේ නියෝජිත පිරිසක් ඉන්දියානු අගමැති ලෙස පත් වූ ජවහර්ලාල් නේරු හමුවීමට කටයුතු කළා. ඒ පිළිබඳව පැවසූ අශ්රොෆ් අසීස් එදා නේරු අගමැතිතුමා හමුවීමට ගිය පිරිසේ තාත්තත් ඇතුළත් වුණා යැයි කීය. ඒ අනුව පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අගමැතිවරුන් වූ නේරු සහ අප රටේ අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල අතර ගිවිසුම මගින් රටවැසිභාවය ඉල්ලා තිබූ අයදුම්පත් පිළිබඳ සලකා බැලීම ඉක්මන් වුණා. ලංකාවේ පදිංචිව සිටි ඉන්දියානු අය සඳහා ආසන 4ක් වෙන් කිරීමට පියවර ගත්තා. මැයි දිනය, සිංහල හා හින්දු අලු_ත් අවුරුදු උත්සවය ද වැවිලි කර්මාන්තයේ නිරත කම්කරු පන්තියට වැටුප් සහිත නිවාඩු දින බවට පත් කරන්නට ඔහු ද සටනේ පෙරමුණෙහි සිටියා.


ඔහු නිදහස් ශ්‍රි ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය. අබ්දුල් අසීස් මහතා වතු කම්කරු ජනතාවට කළ මෙහෙවර අගයමින් 1970 දී බලයටපත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තම රජයේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ද අසීස් මහතාව පත් කරනු ලැබීය. මේ රටේ ස්වෛරීවත්වය පළමුව පතමින් තම ජනතාවගේ විමුක්තිය උදෙසා ජීවිතය කැප කළ අබ්දුල් අසීස් මහතා 1990 අප්‍රේල් 29 වැනිදා අභාවප්‍රාප්ත විය.

 

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හමුවූ මොහෙතක්

 

 

 

 


ඡායාරූප / සටහන :
කල්‍යාණි පී. නිශ්ශංක



අදහස් (0)

වහල් වතුකරයට එරෙහිව සටන් කළ ගාන්ධි උපන් ගමේ ඉපදුණු අපේ මිනිසා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site