IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මරණය පරාජය කළ දමිළ නායකයා

 

ඊ  ළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවා දී පක්ෂයේ (ඊ.පී.ඩී.පී.) නායක ඩග්ලස් දේවානන්ද මහතා කොටි සංවිධානය විසින් සලකනු ලැබුවේ තමන්ගේ පරම හතුරෙකු වශයෙනි. එසේ වුවද ඔහු මුල් කාලයේ දී කොටි සංවිධානය සමග එකම පොල් කටුවේ හවුලට ලණු කෑවේය. පසුව කැලෑ නීතිය අතහැර දමා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ප්‍රවිශ්ට වීම නිසා කොටි සංවිධානය  දේවානන්දට සලකනු ලැබුවේ ඊළාම් ව්‍යෘපාරයේ සතුරෙකු වශයෙනි. කෙසේ වෙතත් ඊ.පී.ඩී.පී. නායකයා තුළ නොමග ගිය කොටි සාමාජිකයන් කෙරෙහි යම් අනුකම්පාවක් තිබුණේය. එසේ වූයේ තමන් ද එක්තරා කාලයකදී ඊළාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා දිවි පරදුවට තබා සටන් කළ බව මතකයට නැගීමෙනි. මේ කාලය වන විට කොටි සැකකරුවන් 400කට වැඩි පිරිසක් කළුතර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියහ. 


“ගිහින් බලමු මේ කොල්ලො ටික වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියල...”යි තමන්ටම කියා ගත් දේවානන්ද 1998 ජුනි මස 30 වැනිදා සවස් වරුවේ කොටි සැකකරුවන්ගේ දුක සැප සොයා බැලීම සඳහා කළුතර බණ්ධනාගාරයට ගොස් තිබුණේ රජයෙන් ද නිසි අවසරයක් ලබා ගෙනය. 


මේ දවස් වල කොටි සැකකරුවන් 54 දෙනෙකු බන්ධනාගාරය ඇතුළෙ උපවාසයක් පටන් ගෙන තිබුණා. මට අවශ්‍ය වූයේ ඒ අයට කරුණු කාරණා පැහැදිලි කර දී ඔවුන්ගේ උපවාසය කොහොම හරි නතර කර ගන්නයි. 


දේවානන්ද එසේ කියන්නේ තමන් එදින කළුතර බන්ධනාගාරය වෙත යාමට මුල් වූ හේතු සාධක පැහැදිලි කරමිනි. එම බන්ධනාගාරයේ සිටි කොටි සැකකරුවන් ඒ වන විට අරඹා තිබූ අඛණ්ඩ උපවාසයට දින 6ක් පමණ ගත වී තිබුණේය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන්ට එරෙහිව චෝදනා ගොනු කොට නඩු නොපවරන්නේ නම් තමන් නිදහස් කරන ලෙසය. ඒ සඳහා මැදිහත් වන ලෙස එම සැකකරු පිරිස් හැම දෙමළ පක්ෂයකින්ම ඉල්ලා තිබුණද ඒ කිසිඳු දේශපාලන පක්ෂයකින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වා නොතිබිණි. 


ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද එම කොටි සැකකරුවන් පිළිබඳ සොයා බැලීමට ඉදිරිපත් වී තිබුණේ ඒ අනුවය. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ උසස් නිලධාරියෙකු වූ සුහද ගම්ලත් මහතා සහ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ මහේෂ්වරී වේලායුදන් මහත්මිය ද තමන් සමග එම අවස්ථාවට සහභාගි වූ බව ඩග්ලස් දේවානන්ද පවසයි. 


දේවානන්ද මහතා රජයේ විශේෂ අවසරයක් මත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද ඔහු සමග සිටි ආරක්ෂකයන් පිරිසට බන්ධනාගාරය තුළට ප්‍රවිෂ්ට වීමට ඉඩක් නොලැබිණි. 


“ඔයගොල්ලො ඔහොම ඉන්න”යි කී දේවානන්දා මහතා තම ආරක්ෂකයන් පිරිස ප්‍රධාන දොරටුව අසල රඳවා ගම්ලත් මහතා සහ වේලායුදන් මහත්මියත්, බන්ධනාගාර අධිකාරිවරයාත් සමග කොටි සැකකරුවන් පිරිස හමු වීමට ඇතුළට ගියේය. 


ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා තමන් හමුවීමට පැමිණ ඇතැයි යන ආරංචිය එහි සිටි බන්ධනාගාර රැඳවියන් අතර ඒ වන විටත් පැතිර ගොස් තිබුණේය. ඒ අනුව උපවාසයට සම්බන්ධ නොවූ කොටි සැකකරුවෝ ද තම තමන්ගේ වාට්ටු වල උපවාස කරමින් සිටි රැඳවියන් අසලට එක් රොක් වී සිදු වන්නේ කුමක් දැයි විමසිල්ලෙන් බලා සිටියහ. 


“ඒ කොටි සැකකරුවන් වෙන වෙනම වාට්ටු පහක නැත්නම්  හයක විතර තමයි රඳවා තිබුණේ. ඒ හැම වාට්ටුවකම පාහේ උපවාසකරුවන් හිටියා. මම ඒ අය ළඟට ගිහින් කතා කරලා පොරොන්දු වුණා. ආණ්ඩුවත් එක්ක කතා කරලා චෝදනා නැති අය නිදහස් කර ගන්න හැම උත්සාහයක්ම දරනවයි කියලා. ඒ වෙන කොට උපවාසය පටන් අරගෙන දින කීපයක් ගත වී තිබුණ නිසා සමහර අය හිටියේ හුඟාක් දුර්වල වෙලා. කොහොම හරි ඒ අය මගේ කීම පිළිඅරන් මම දුන්න ග්ලූකෝස් වතුර එහෙමත් බීලා උපවාසය නතර කෙරුවා. ඉතින් ඒක මගේ හිතටත් ලොකු ශක්තියක් වුණා.” 
ඩග්ලස් දේවානන්ද එසේ කියන්නේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කොටි සැකකරුවන් පිරිසක් අරඹා තිබූ උපවාසයක් අතර මඟ දී නතර කිරීමට තමන් ගත් උත්සාහය පිළිබඳවය. එහි සිටි 400ක් පමණ වූ රැඳවියන් අතර කොටි සාමාජිකයන් සහ උතුරේ වෙනත් දේශපාලන කණ්ඩායම්වලට අයත් ක්‍රියාකාරීකයන් මෙන්ම කිසිම ගැටුමකට සම්බන්ධ නොවු අහිංසක දෙමළ තරුණයන් ද සිටින බව ඔහුට ඒ වන විටත් පෙනී ගොස් තිබුණේය. 


“හැබැයි මම කොටි සංවිධානයට විරුද්ධව කතා කරන කොට එතන හිටපු සමහර කොටි හිතවාදීන් මාත් එක්ක තර්ක කරන්නත් ආවා. සමහරුන්ට ටිකක් තරහා ගිහිල්ලත් තිබුණා. ඒත් මට අවශ්‍ය වුණේ ඒ අයට කරුණු කාරණා පැහැදිලි කරලා ඒ උපවාසය කොහොම හරි නතර කරන්නයි. දැන් ඔන්න මම වාට්ටු පහකට විතර ගිහින් ආපහු එන්න හැදුවා.” 


එහෙත් ඔහුගේ ආපසු ඒම වැළකුණේ කොහේ දෝ සිට දුව ගෙන ආ හැඩි දැඩි තරුණයන් කීප දෙනෙකු අයියා තවත් කට්ටියක් අර ඈත තියෙන වාට්ටුවෙත් ඉන්නවා...යි කියමින් එහි යාමට කතා කළ බැවිණි. කෙසේ වෙතත් එම රැඳවියන් කීප දෙනා දෙස බැලූ දේවානන්දගේ සිතට යම් අමුත්තක් දැනුණේය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ ඔහු එම තරුණයන්ට ඉස්සර වෙන ලෙස කීවේය. 


“මන්ත්‍රීතුමා එහෙම නං එතෙන්ටත් ගිහින් එන්න. දැන් රෑ බෝවී ගෙන එන නිසා මම යන්නං...” යි කී ගම්ලත් මහතා ආපසු ගියේය. ඒ අනුව ඔහු තරමක් දුරින් පිහිටි එම වාට්ටුවට ගියේ මහේෂ්වරී වේලායුදන් මහත්මිය සහ ජේලර්වරයාත් සමගය. “කවුද මෙතන උපවාස කරන්නේ. ඒ සේරමලා මෙහාට එන්න.” 


දේවානන්ද මහතා එම වාට්ටුවට ඇතුළු වන අතර තුර දෙමළ බසින් උස් හඬින් කීවේය. ඒ සමගම වාට්ටුව තුළ කීප දෙනෙකු බිම දිගා වී සිටින අයුරු හා තවත් පිරිසක් ඔවුන් අසලට වී බලා සිටින අයුරුත් ඔහුට පෙනුණේය. 


හැබැයි ඒ වටේ හිටපු කට්ටිය දැකපු ගමන් මට පොඩි සැකයක් ඇති  වුණා. කොහොම වුණත් මම ඒ අය ළඟට ගිහින් කතා කෙරුවා. ඒත් මගේ හිතට දැනුණු සැකය නිසාම මම එහාට මෙහාට යමිනුයි කතා කෙරුවේ. ඒ අතරේ මගේ පිටි පස්සෙන් හිටපු මිනිහෙක් එක පාරටම පැනලා මාව බදා ගත්තා. හැබැයි මම සූදානමින් සිටිපු නිසා දකුණු අත පස්සට දාලා ඒ හාදයාව ඉහළට උස්සලා අරන් වීසි කර දමන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි එතන හිටපු දහ පහළොස් දෙනෙක් මගේ ඇඟට කඩා ගෙන පැන්නේ... යි කියමින් තමන් මුහුණ දුන් එම බිහිසුණු සිද්ධිය විස්තර කරන ඩග්ලස් දේවානන්ද වැඩිදුරටත් සඳහන් කරන්නේ යකඩ උල් කොන්ක්‍රීට් ගල් පතුරු සහ පොලු කෑලි වලින් එම පිරිස තමන්ට පහර දෙන අයුරු දුටු ජේලර්වරයා එම ස්ථානයෙන් ඉවතට පැන දිවූ බවය. 


ඒ මොහොතේ නිරායුධව සිටි තමන්ට සිදු වූයේ එම තරුණයන් පිරිස තමන් වට කර ගෙන යකඩ උල් වලින් සහ කොන්ක්‍රීට් ගල් පතුරු වලින් පහර දෙන අතරතුර බඹරයක් මෙන් කැරකෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බව හෙතෙම පවසයි. 


මේ අතර දේවනන්දා වට කරගෙන පහර දුන් කොටි සාමාජිකයන් සිහිනයකින්වත් නොසිතූ දෙයක් තිබුණේය. එනම් ඊ.පී.ඩී.පී. නායකයා ද කලක් තමිල්නාඩුවේ රහසිගත කඳවුරු කීපයකින්ම ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව සුවිශේෂ පුහුණුවක් ලත් අයෙකු බව ඔවුන් නොදැන සිටීමයි. දේවානන්ද හතර අතට කැරකෙමින් හා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කොටි සාමාජිකයන්ගේ පහරදීම් වලින් බේරී සිටීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණද ඒ වන විටත් ඔහුගේ මුළු ඇඟම ලේ චප්පයක් බවට පත් වී තිබුණේය. මෙම අනපේක්ෂිත සිද්ධීයෙන් දැඩි ලෙස බියට පත්ව සිටි වේලායුදන් මහත්මිය මහ හඬින් කෑගසමින් තම හිතවතා බේරා ගැනීමට තැත් කළද “පැත්තකට වෙයන්” යැයි කී කොටි සාමාජිකයෙකු ඇය පසෙකට තල්ලු කර දැමුවේය.


මේ වන විට ඩග්ලස් දේවානන්ද අතේ පොලු කෑල්ලක්වත් නොමැතිව විනාඩි 20කටත් වැඩි කාලයක් හැඩි දැඩි කොටි සාමාජිකයන් සමග හරි හරියට ගහගෙන තිබුණේය. 


හැබැයි මට දැනුණා තවත් නං උන් එක්ක සටන් කරන්න ශක්තියක් නැති බව. ඒත් එක්කම මගේ ඇස් නිලංකාර වී ගෙන යන බවත් මට දැනුණා. ඒ මොහොතේ ප්‍රභාකරන් භංග වේවා කියලත් මම අසිහියෙන් වගේ කෑ ගහලා තියෙනවා. 


ඉහින් කටින් ලේ පෙරා ගෙන සිහිසුන්ව බිම ඇඳ වැටුණු දේවානන්ද දුටු කොටි සාමාජිකයන් සිතුවේ ඔහු මිය ගොස් ඇති බවය. ඊළඟ මොහොතේ ඔහුගේ කකුල් දෙකෙන් අල්වා බිම දිගේ ඇදගෙන ගිය කොටි සාමාජිකයෝ “ද්‍රෝහියා ඉවරයි. ප්‍රභාකරන්ට ජයවේවා” යි කියමින් මහ හඬින් ඔල්වරසන් දුන්හ. 


මේ අතර තම නායකයා ප්‍රභාකරන් භංග වේවා යි කෑ ගැසූ හඬත් කොටි සාමාජි -කයන් ප්‍රභාකරන්ට ජය වේවා යි කියමින් ඔල්වරසන් දෙන හඬත් ගේට්ටුව අසල රැඳී සිටි දේවානන්දාගේ ආරක්ෂකයන්ට ඇසී තිබුණේය. එසැනින් බන්ධනාගාරයේ ගේට්ටුව බලෙන් විවෘත කරගෙන ඇතුළට කඩා වැදුණු ආරක්ෂකයන්ට දකින්නට ලැබුණේ මුළු ඇඟම ලේ චප්පයක්  බවට පත්ව සිටි තම නායකයාගේ කකුල් දෙකෙන් ඇදගෙන යමින් කෑ කෝ ගසමින් සිටි කොටි කොල්ලන් පිරිසය. 


වහා ඉදිරියට පැන අහසට වෙඩි තබා නායකයා එම ස්ථානයෙන් ඉවතට ගත් ඔවුහු එසැණින් ඔහු ළඟම තිබූ නාගොඩ රෝහලට ගෙන ගොස් තිබුණහ. අන්තිමේදී නාගොඩින් කොළඹ ජාතික රෝහලට ගෙන ආ ඩග්ලස් දේවානන්ද මිය ගොස් ඇතැයි රට පුරා ආරංචි ගලා ගියේය. එසේ වුවද පුරා පැය 6ක සැත්කමකින් පසු ඔහුගේ ජීවිතය මරු කටින් ගැලවුණේ සිද්ධිය ගැන අසා සතුටින් ඉපිල යමින් සිටි කොටි නායකයාගේ මුව කරත්ත රෝදයකට අසු වූ කජු ලෙල්ලක් බවට පත් කරවමිනි.

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මරණය පරාජය කළ දමිළ නායකයා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site