IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පළමු පළාත් සභා මැතිවරණයේ බිහිසුණු මතකය

 

ශ්‍රී ලංකාවේ දේශපාලන හා පරිපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් “පළාත් සභා පිහිටුවීම” සඳහන් කළ හැකිය. 1987 වර්ෂයේ අත්සන් කළ “ඉන්දු - ලංකා ගිවිසුම” අනුව බලය විමධ්‍යගත කිරීම පිණිස පිහිටු වූ පළාත් සභා ක්‍රමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය වශයෙන් සඳහන් කළ හැකිය. එවකට පැවති දෙමළ ඊලාම් කොටි යුද්ධය සමනය කර ගැනීමේ අටියෙන් හා පරිපාලනය විමධ්‍යගත කොට බලය බෙදා දී උතුරු - නැගෙනහිර පළාත්වලටත් සමාන මට්ටමේ පරිපාලන ඒකකයන් ලබාදීම මේ තුළින් බලාපොරොත්තු විය.


මධ්‍යම ආණ්ඩුව සතුව පැවති මධ්‍යගත බලය පළාත් වලට ද ලබා දී එම ජනතාවගේ සාධනීය අභිලාෂයන් සාර්ථකව ඉෂ්ට කරලීමේ මගක් වශයෙන් මෙම පළාත් සභා ක්‍රමය හඳුනා ගැනිණි. 


මෙම ක්‍රමය කොපමණ දුරට සාර්ථක වූයේ ද? එහි අභිමතාර්ථ ඉටු වූයේ ද යන්න වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි. පරිපාලනය විමධ්‍යගත වී සාමාන්‍ය ජනතාවට සරල හා පහසු වැඩ පිළිවෙළක් උදාවෙනවා වෙනුවට සෞඛ්‍ය, අධ්‍යාපන, ඉඩම් වැනි ක්ෂේත්‍රයන්හි ඇති වූ කඩා වැටීම් වෙනමම සාකච්ඡා කළ යුතුය.


කෙසේ වූවද මෙම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස පිහිටුවා ගන්නා පළාත් සභාවේ ප්‍රථම මැතිවරණ අවධිය ගැන සිහි වන විට මතකයට ආ කරුණු කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වැදගත් යයි සිතමි. 


මුල්ම පළාත් සභා මැතිවරණය පැවතියේ ඉතාම භයානක, භීෂණකාරි වතාවරණයක් මුළු රටපුරාම පැවති අවධියකය. 1983 ජූලි කලබලවලින් පසුව ඊලාම් කොටි ත්‍රස්ත කලබල වර්ධනය වෙමින් පවතින අතරතුරම 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගම රටුපුරා ජවිපෙ භීෂණය ආරම්භ විය. ගිවිසුම අත්සන් කිරීමත්, සමඟ රටපුරා ඇති වූ කලකෝලාහල ගිනි ගැනීම් - මිනීමැරුම් අතිශයින් බිහිසුණු විය. එම කලබල හා විරෝධතා මධ්‍යයේම පළාත් සභාවලට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද ප්‍රකාශයට පත් විය. ඒ සමගම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇති වූ විරෝධතාවයන් තව තවත් තීව්ර වී රට පුරාම වර්ධනය විය. දේශපාලනයේ නියුතු වූවන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයවලුන් - හිතවතුන් ආදී විවිධ අය කරා එම භීෂණය පැතිර ගියේය. දේශපාලනයේ නිරත වන අයට පැනවූ දඬුවම් ඉතාම අමානුෂික විය. විශේෂයෙන් දකුණු පළාතේ එම තත්ත්වය ඉතාම භයානක විය. එම වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණයට අපේක්‍ෂකයන් සොයා ගැනීමත් දුෂ්කර විය. වර්තමානයේ පාර්ලිමේන්තු-පළාත් සභා-ප්‍රාදේශීය සභා වැනි ඡන්ද විමසීම්වල දී ඉදිරිපත් වන අපේක්‍ෂක සංඛ්‍යාව කොතරම් අති විශාල ද? ඔවුන්ගේ කී දෙනෙකුට අපේක්‍ෂකත්වය හිමි වෙනවාද? යන්න අප හැම කෙනකුම දන්නා කරුණකි. ඔවුහු අපේක්‍ෂකත්වය ලබා ගැනීමට විශාල වෙහෙසක්, මහන්සියක් දරති. එනමුත් ප්‍රථම පළාත් සභා මැතිවරණයේ දී වෙනත් ප්‍රදේශවලට වඩා දකුණු පළාතේ පැවති විශේෂත්වය වූයේ අපේක්‍ෂකයෙකු සොයා ගැනීමේ අපහසුතාව යයි. 


විශේෂයෙන්ම මා මෙහි සඳහන් කරනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැනයි. එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප සංවිධානයේ නායකයා වූයේ එවක දිසා අමාත්‍ය දොස්තර පී. එම්. බී. සිරිල් මහතායි. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභා විධායක මන්ත්‍රීවරයෙකු වූ මම සිරිල් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද ක්‍රියා කළෙමි. පළාත් සභා අපේක්‍ෂක ලැයිස්තුව සකස් කොට පක්‍ෂ මූලස්ථානයට ඉදිරිපත් කිරීම දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වශයෙන් සිරිල් මහතාට පැවරුණි එතුමා මා හට උපදෙස් දුන්නේ කෙසේ හෝ පළාත් සභා අපේක්‍ෂක ලැයිස්තුව සකස් කරන ලෙසයි. සිරිල් මහතා සමඟ එකතුව තංගල්ල, බෙලිඅත්ත, මුල්ගිරිගල හා තිස්සමහාරාමය යන ආසන හතර සම්බන්ධ වන පරිදි හා නියෝජනය සාධාරණ වන පරිදි අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමට ද උපදෙස් ලැබිණි. කෙසේ හෝ අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන අය සොයා දිස්ත්‍රික්කය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළත් එවකට ඡන්දවලට ඉදිරිපත් වන හා දේශපාලනය කරන්න අය පසුපස ජවිපෙ භීෂණය හඹා ආ බැවින් අවශ්‍ය අය සොයා ගැනීම ඉතාමත් අසීරු විය.


ඉතා අපහසුවෙන් සොයා ගත් පිරිසක් සමඟ දන්වා තිබූ දිනයට පක්‍ෂ මූලස්ථානයට යාමට නියමිතව තිබුණි. ඒ අනුව සිරිල් මහතාත් මාත් කීප දෙනෙක් අපේ වාහනවලට නංවා ගත් අතර තවත් කීප දෙනෙක් පොරොන්දු වූයේ ඒ අය බස් රථයෙන් හෝ වෙනත් ක්‍රමයකින් කොළඹ සිරිකොත පක්‍ෂ මූලස්ථානට පැමිණෙන බවයි. කෙසේ වූවද අපි කොළඹට ළඟා වී එදින සවස 6.00ට නාම යෝජනා අත්සන් කිරීමට නියමිතව තිබූ බැවින් එයට සූදානම් වී සිටියෙමු. සවස හයට තබා රාත්‍රී අටවන තුරුත් තිදෙනෙක් පැමිණ සිටියේ නැත. මේ තත්ත්වය නිසා නාමයෝජනා පත්‍රය අත්සන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය. මේ තත්ත්වය පක්‍ෂ මූලස්ථානයට සැලකිරීමත් සමග කීවේ. “කෙසේ හෝ ඉතිරි තිදෙනා සොයා ගෙන එන ලෙසයි..” මම වහාම හම්බන්තොට බලා පිටත් වීමි. මුලින් පැමිණෙන බව කියු තිදෙනාම සොයා ගැනීමටවත් ඉන්නා තැන් ගැන ආරංචියක්වත් ලබා ගන්නට නොහැකි විය. කෙසේ හෝ මහ රෑම දිස්ත්‍රික්කය පුරාම සොයා වෙනත් තුන් දෙනෙක් සොයා ගෙන ඔවුන් සමග පසුවදා උදේ කොළඹට පැමිණ වාහනයේ බොනට්ටුව උඩ තබාගෙනම නාමයෝජනා පත්‍රයට අත්සන් ගෙන ඉදිරිපත් කළෙමි. පසුව ඔවුන් ඡන්දයට ඉදිරිපත් කළෙමි. පසුව ඔවුහු ඡන්දයට ඉදිරිපත් වී වැඩ කළහ. පසුව අහම්බයෙන් හදිසියේ සොයාගත් සමහරුනුත් ජයග්‍රහණය කර තිබුණි. එදා මුල් පළාත් සභා ඡන්දයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන් සොයා ගත්තේ ඒ අයුරිනි.

 

 

 

 



අදහස් (0)

පළමු පළාත් සභා මැතිවරණයේ බිහිසුණු මතකය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site