IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඩඞ්ලි ගැන මැතිනිගේ සැකය

1965 මාර්තු මස 22 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එජාපයට මන්ත්‍රී ධුර 66ක් ලැබී තිබුණේය. ශ්‍රීලනිපය ඇතුළු සමගි පෙරමුණු සන්ධානයට හිමිවූයේ මන්ත්‍රී ධුර 55කි. ඒ ශ්‍රී.ල.නි.ප.ය.ට මන්ත්‍රී ධුර 41ක්, ලසසපයට මන්ත්‍රී ධුර 10ක් සහ කො.ප.යට 4ක් වශයෙනි.


ඒ අනුව එ.ජා.ප.යට තනි පක්‍ෂයක් වශයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බහුතරයක් නොමැති වූයෙන් එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතාට සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ෆෙඩරල් පක්‍ෂය සහ ජාතික විමුක්ති පෙරමුණ යන පක්‍ෂවල ද සහයෝගයෙන් සභාග ආණ්ඩුවක් පිහිටුවීමටය.


ඒ අනුව එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතා අභිනව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය. එම සභාග ආණ්ඩුවට සම්බන්ධ වූ දේශපාලන පක්‍ෂ නායකයන්ට  නව ආණ්ඩුවේ ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධුර හිමි වූ අතර එවකට පැවැති ඇත්ත, ජනදින වැනි විකල්ප ධාරාවේ පුවත්පත් එම ආණ්ඩුව හැඳින් වූයේ ‘හත්හවුල’ ‘කැඳ හවුල’ ආදී අපහාසාත්මක වදන්වලිනි.


නව ආණ්ඩුවේ පළාත් පාලන ඇමැතිවරයා වූ සෙනෙට් මන්ත්‍රී ඇම්. තිරුචෙල්වම් මහතා වැඩි කලක් නොයවාම තම ඇමැති ධුරයෙන් ඉවත් විය. එසේ වුවද ආණ්ඩුව අඛණ්ඩව පවත්වා ගෙනයාමට අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා සමත් වූවේය. මේ අතර විපක්‍ෂය දිගින් දිගටම අනාවැකි පළ කරන ලද්දේ ඉතා ඉක්මනින්ම හත්හවුල ආණ්ඩුව බිඳවැටෙන බවට කැට කඩා සහතික වෙමිනි.


“අපේ ආණ්ඩුව අද නැත්නම් හෙට කඩා වැටෙන බව කියමින් විපක්‍ෂය මොන අනාවැකි පළ කළත් ආණ්ඩුව ඉදිරියටම යනවා. මේ රටේ බුද්ධිමත් ජනතාව විපක්‍ෂයේ බොරු බේගල්වලට රැවටී අපේ ආණ්ඩුව ගෙදර යවතැයි සිතනවා නම් ඒක තමයි ලොකුම මුළාව...”යි කියමින් රටපුරා ගිය අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා රට කෘෂිකාර්මික අතින් වැඩි දියුණු කිරීම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කර තිබුණේය.


එහෙත් එහි ප්‍රතිඵල එතරම් සතුටුදායක නොවීය. එසේ වූයේ ‘එව්රි තිං ඊස් ඕකේ සර්...’ කියමින් වගා සංග්‍රාමයේ සාර්ථකත්වය අතේ පැළ කරමින් වර්ණනා කළ ඇතැම් මුල් පෙළේ නිලධාරීන් ලොක්කා රැවටූ බැවිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ 1965 සිට 1970 දක්වා වූ කාලය තුළ පැවැති අතුරු මැතිවරණ 15කින් 11ක්ම ජය ගැනීමට ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ  සමගි පෙරමුණට හැකිවීමයි. එ.ජා.ප.ය යන්තමින් හෝ තම ජාම බේරාගෙන තිබුණේ වැලිමඩ, මීගමුව, නාත්තණ්ඩිය සහ බළපිටිය යන ආසනවලින් පමණි.


1947 මෙරට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ආරම්භ වූ දා සිට 1965 දක්වා වූ කාලය තුළ බලයට පත්වූ කිසිම ආණ්ඩුවකට තම නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඒ බව දැන සිටි අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාට අවශ්‍ය වූයේ තම ආණ්ඩුවේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම බලයේ රැඳී සිටීමටය. එය ඉතා අහිංසක චේතනාවක් වුවද අග්‍රාමාත්‍යවරයාගේ සිංහල භාෂාව පිළිබඳ දැනීමේ අඩු ලුහුඬුකමක් නිසා එය සමාජයට සන්නිවේදනය වූයේ තරමක විකෘතියක් ද සහිතව ය.


“ඩඞ්ලි හිතාගෙන ඉන්නේ මහ මැතිවරණයක් නොපවත්වා ආණ්ඩුව දිගටම ගෙනියන්න”යි එම වැරදි ආකල්පය සමාජගත කළ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සමගි පෙරමුණ ජනතාව හමුවේ දිගින් දිගටම කියා සිටියේ ආණ්ඩුව 1970 දී මහ මැතිවරණයක් නොපවත්වා දිගින් දිගටම බලයේ රැඳී සිටියහොත් තමන් ද ඊට එරෙහිව සන්නද්ධ වන බවය.


මේ කාලයේ දොස්තර තිස්ස නමැත්තෙකු ද රට පුරා යමින් එක්තරා රහසිගත සංවිධානයක් සඳහා පිරිස් ඒකරාශී කරමින් සිටියේය. මෙරට නිර්ධන පන්තියේ පාලනයක් බිහි කිරීමේ අරමුණින් යුතුව තරුණ තරුණියන් ඒකරාශි කළ එම තැනැත්තා දිගින් දිගටම කියා සිටියේ මිලිටරි ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් සිටින හත්හවුල් ආණ්ඩුව අවි බලයෙන් පෙරළා දැමීම සඳහා මෙරට සිටින උගත් හා බුද්ධිමත් තරුණ කොටස් තම සංවිධානය සමග පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවක් බවය.


මේ අතර එන්. ෂන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුන් චීන කොමියුනිස්ට් පක්‍ෂය ද රට පොලිස් රාජ්‍යයක් කරා තල්ලු වෙමින් පවතින බවට අනතුරු හඟවා තිබුණේය.
“අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ අදහස වී ඇත්තේ 1970 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ සහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා රට ආඥාදායකත්වයක් වෙත ගෙනයාමටයි....” යි කී ශ්‍රී.ල.නි.ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන් ජීවත්ව සිටිනතුරු රට එවැනි අගාධයක් කරා තල්ලුකර දැමීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ප්‍රකාශ කර තිබුණේ මේ අතරතුරය.


එවැනි තත්ත්වයක් තුළ රටේ බොහෝ පෙදෙස්වල තරුණ පිරිස් හොර රහසේ සංවිධානය වී ආයුධ පරිහරණය කිරීම පිළිබඳව පුහුණු වෙමින් සිටින බවට ද එකල පුවත්පත් වාර්තා පළ වී තිබුණේය. විශ්වවිද්‍යාල සිසුහු ඒ අතරින් කැපී පෙනුණහ.


හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම අගමැතිවරයෙකු ද වූ ආචාර්ය දි. මු. ජයරත්න මහතා වීර තරුණ පෙරමුණ නමින් තරුණ තරුණියන් පන්සියයකගෙන් සමන්විත සංවිධානයක් එකල මහනුවර නගරයේ ඒකරාශී කර තිබුණේය. ඒ අතරින් තෝරාගත් පිරිසකට ආයුධ පරිහරණය කිරීම පිළිබඳව ප්‍රමාණවත් පුහුණුවක් ලබාදී තිබුණේ එවකට පැවැති ඩඞ්ලි සේනානායක ආණ්ඩුව 1970 මහ මැතිවරණය නොපවත්වා  තවදුරටත් බලයේ රැඳී සිටියහොත් ඊට එරෙහිව සටන් කිරීමේ අදහසිනි.


එම පිරිසට අවි පුහුණුව ලබාදීම සඳහා අවශ්‍ය තුවක්කු කීපයක් සපයා දී තිබුණේ ද තමන් යැයි හෙතෙම පවසයි. එහෙත් ඒ කිසිදු තුවක්කුවක් සඳහා රජයේ බලපත්‍ර නොතිබිණි.
ඒ වන විට දොස්තර තිස්ස නමින් පොලිස් බුද්ධි අංශ මුලින් හඳුනා ගෙන සිටි රෝහණ විජේවීර පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සිසුන් අතර ගැවසෙමින් ඔවුන් තම විප්ලවවාදී සංවිධානයට බඳවා ගැනීම සඳහා ක්‍රියාශීලි ලෙස දායක වෙමින් සිටින බව දි. මු. ද දැන සිටියේය. ඔහුට එම අමුත්තා ගැන මෙන්ම ඔහුගේ ක්‍රියාකාරකම් ගැන ද සියලු විස්තර සපයා දී තිබුණේ වීර තරුණ පෙරමුණේ සාමාජිකයන් අතර සිටි සරසවි සිසුන් කීප දෙනෙකි. එවැනි ඉතා පුළුල් වශයෙන් ව්‍යාප්ත වූ විප්ලවකාරී සංවිධානයක් පැවතීම ගැන තමන් මුනිවත රැක්කේ එවකට පැවැති ආණ්ඩුව කෙසේ හෝ පෙරළා දැමීම තමන්ගේ ද අරමුණ වූ බැවිනි.


එසේ වුවද නව ආණ්ඩුවේ නිල කාලය නිසි පරිදි සම්පූර්ණ වීමෙන් පසු අගමැති ඩඞ්ලි සේනානායක මහතා නියමිත දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට උපදෙස් දුන්නේය. ඒතාක් කාලයක් ඩඞ්ලිගේ ආණ්ඩුව දෙස සැකයෙන් බැලූ ශ්‍රී.ල.නි.ප. ය ඇතුළු සමගි පෙරමුණේ නායකයන්ගේ සිත්වලට තරමක් හෝ සහනයක් ලැබුණේ ඉන් පසුවය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ 1970 වසරේ පැවැති මහ මැතිවරණයෙන් සමගි පෙරමුණට 2/3ක බලයක් හිමිවීමය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඩඞ්ලි ගැන මැතිනිගේ සැකය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12090 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site