IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්ද පෙත්සම් අපලයෙන් මිදී....

අතුරු මැතිවරණ පුරාණයෙන්

 

සුපුරුදු ලෙසම, සෑම ඡන්ද පෙත්සම් නඩු විභාගයක් අවසානයේදී ගනු ලබන ඊළඟ පියවර වශයෙන් මුල් නඩු විභාගයේ තීන්දුවට එරෙහිව පර්සි සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව (එච්. ඇන්. ජී. ප්‍රනාන්දු (අග්‍ර විනිශ්චයකාර), ඒ. එල්. එස්. සිරිමාන සහ ඒ. සී. අලස්) ගාස්තුවටත් යටත්කොට ඇපෑල නිෂ්ප්‍රභා කළේ මුල් නඩු තීන්දුවෙන් මාස 11 කට පමණ පසුව ය. 


1968-09-17 දින ඇපෑල විභාගයට ගත් අවස්ථාවේදී ඇපෑල වෙනුවෙන් කරුණු දැක්වීමට අදහස් නොකරන බව පර්සි සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි එච්. ඩී. තම්බයියා මහතා ප්‍රකාශ කර සිටියේය. එම අතුරු මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ කේ. එච්. ජේමිස් සිල්වා මහතා වැලිමඩ ආසනයට නීත්‍යානුකූල මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශ කරන මෙන් ජී. එච්. කරෝලිස් සිල්වා මහතාගේ පෙත්සමෙන් කර තිබූ දෙවැනි ඉල්ලීම ද ගාස්තුවටත් යටත් කොට නිෂ්ප්‍රභා කෙරින. තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට කේ. එච්. ජේමිස් සිල්වා මහතා ජීවතුන් අතර නොමැති හෙයින් ඇපෑල ඉවත්කර ගන්නා බව නීතිඥවරු අධිකරණය ඉදිරියේ කියා සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත් වාර්තා අග්‍රාණ්ඩුකාර උතුමාණන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 1965 මහා මැතිවරණයෙන් පසු වැලිමඩ ආසනය සඳහා පැවැත්වූ දෙවැනි අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව. 1968-11-15 දින නාම යෝජනා භාරගන්නා බවත්, අතුරු මැතිවරණය 1968-12-17 දින පවත්වන බවත් අග්‍රාණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විය. මෙම අතුරු මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප. යෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවට අදහසක් ප්‍රකාශයට පත්වී තිබුණි.


පාලක එ.ජා.ප.යෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන නිසා, ශ්‍රී.ල.නි.ප.යෙන්ද තරඟකරුවෙකු ඉදිරිපත් නොකිරීම පිළිබඳව පක්‍ෂය තුළ සංවාදයක් ඇති වී තිබුණි. පක්‍ෂයේ නිල අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළවිට නොලැබෙන “පාවෙන ඡන්ද” “නිදහස් අපේක්‍ෂකයෙකුට” ලැබෙන බවට මතයක් ඉදිරිපත්වී තිබුණේ ය. කෙසේ වෙතත්, පසුගිය අතුරු මැතිවරණයට (1967-02-11) ශ්‍රී.ල.නි.ප.යෙන් තරඟ කළ පී. බී. රත්නායක මහතා, මෙම දෙවැනි අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම සංවිධාන කටයුතු දියත් කරමින් සිටියේය. 1968-11-11 දිනය වන විට ඇප මුදල් පවා තැන්පත් කර තිබූ අපේක්‍ෂකයෝ තිදෙනෙක් 1968-11-15 දින බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත (තේරීම් භාර නිලධාරී) බී. එස්. විජේවීර මහතා ඉදිරියේ නාම යෝජනා පත්‍ර භාර දුන්හ. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව), ආර්. ඇම්. බණ්ඩාර (ස්වාධීන - පුටුව), පී. බී. රත්නායක (ශ්‍රී.ල.නි.ප. - අත) ඒ තිදෙනා වූහ. ආර්. ඇම්. බණ්ඩාර මහතා “නිදහස්” අපේක්‍ෂකයෙකු වුවද, ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු විය. මෙදින විශේෂ සිදුවීමක් වූයේ පර්සි සමරවීර මහතා සමග එ.ජා.ප. සහ ජා.වි.පෙ. ආධාරකරුවන් පිරිසක්ද එකට එක්ව පැමිණ සිටීමය. ශ්‍රී.ල.නි.ප. අපේක්‍ෂක පී. බී. රත්නායක මහතාට සහාය පළ කිරීම සඳහා බී. එච්. බණ්ඩාර (බදුල්ල), ඩබ්ලිව්. පී. ජී. ආරියදාස (හපුතලේ), ආර්. ඇම්. අප්පුහාමි (බණ්ඩාරවෙල) යන මන්ත්‍රීවරු පැමිණ සිටියහ. මෙදින විශේෂ සිදුවීමක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ “දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත” යන ජනප්‍රිය කියමන මනාව ස්ඵුට කරමිනි. ඒ සිදුවීම නම් නාම යෝජනා භාර දීමෙන් පසු පර්සි සමරවීර මහතා පිළිගැනීමේ රැස්වීමක් “ලන්දේගම” දී පැවැත්වීමයි. එහි විශේෂත්වය වූයේ 1967-02-11 දින පැවැත්වූ අතුරු මැතිවරණයෙන් වැලිමඩ ආසනය දිනාගත් පර්සි සමරවීර මහතා තේරී පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා මැතිවරණ පෙත්සම ගොනු කළ ඊ. සොලමන් පීරිස් මහතා මෙම රැස්වීම සහ පිළිගැනීම සංවිධානය කර තිබීමයි. මීට ඉහත පර්සි සමරවීර මහතා දෙවරක්ම වැලිමඩ ආසනය ජයග්‍රහණය කළ නමුත් “ලන්දේගම” ප්‍රදේශයේදී රැස්වීමක් පැවැත්වීමට නුපුළුවන් විය. 


වැලිමඩ ආසනයට අමතරව, 1968-12-17 දින බළපිටිය ආසනයේ අතුරු මැතිවරණයද පැවැත්වීමට නියමිතව තිබුණේය. අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා බළපිටිය ආසනයේද, විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැලිමඩ ආසනයේද සංචාරය කරමින් සිටි ආකාරය දැකගත හැකි විය. පැවැත්වීමට නියමිතව තිබුණේ 1965 මහා මැතිවරණයෙන් පසු ප්‍රකාශයට පත් කළ අවසන් අතුරු මැතිවරණ දෙකයි. මීට ඉහත පැවැත්වූ අතුරු මැතිවරණ 13 න් 9 ක්ම ශ්‍රී.ල.නි.ප. ය දිනාගෙන තිබුණි. පර්සි සමරවීර මහතා “නිදහස්” අපේක්‍ෂකයෙකු ලෙස තරඟ වැදුනද එ.ජා.ප. යේ ආධාරය නොමසුරුව ලැබුණේය. එ.ජා.ප. තරුණ සංවිධාන නායක (කෝට්ටේ හිටපු පාර්ලිමේනේතු මන්ත්‍රී 1989 - 1994) සැනේට් මන්ත්‍රී ජිනදාස නියතපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමරවීර මහතාට ආධාර ලබාදීමේ රැස්වීම් අමතමින් සිටියහ. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වී සිටියේ (ශ්‍රී.ල.නි.ප.) පී. බී. රත්නායක මහතා පමණි. 1968 නත්තල් උදාවට සතියක් තිබියදී, දෙසැම්බර් මස 17 වැනි දින මධ්‍යම රාත්‍රියේ මැතිවරණ කොමසාරිස් ඊ. ඇෆ්. ඩයස් අබේසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ වැලිමඩ ආසනයේ හතරවැනි අතුරු මැතිවරණයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව) 9097, ආර්. ඇම්. බණ්ඩාර (ස්වාධීන - පුටුව) 6145), රත්නායක පුංචි බණ්ඩාර (ශ්‍රී.ල.නි.ප. - අත) 4218, වැඩි ඡන්ද සංඛ්‍යාව 2952, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන: 129, ඡන්දය ප්‍රකාශ කළ මුළු සංඛ්‍යාව: 19,689, ලියාපදිංචි ඡන්දදායකයින්ගේ මුළු ගණන: 22,773. මේ අනුව තුන්වැනි වරටත් වැලිමඩ අසුනට තේරී පත්වූ පර්සි සමරවීර මහතා තමා එතෙක් මුහුණ දුන් මැතිවරණවලදී ලබාගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමටද සමත් විය. මෙම අතුරු මැතිවරණයෙන් පසු “ඡන්ද පෙත්සම් අපලය” ද ගෙවී ගිය අයුරු දක්නට ලැබුණි. හයවැනි පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු නිරුපද්‍රිතව සිටි පර්සි සමරවීර මහතා දරුණුතම දේශපාලන සුළි කුණාටුවට හසුවූයේ හත්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගත් 1970 අප්‍රේල් 23 දිනදීය. ඒ වෙන විට පරිණත දේශපාලනඥයෙකුව සිටි ඔහුගේ නාම යෝජනා පත්‍රයේ “අත්සන නොමැතිවීම” නිසා තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරන ලදුව, ප්‍රතිවාදී අපේක්ෂක ආර්. ඇම්. බණ්ඩාර මහතා (ශ්‍රී.ල.නි.ප.) නිතරඟයෙන් පත්වී, පර්සි සමරවීර මහතා ඡන්ද සටනින් “විසිවීමද” වාර්තාගත සිදුවීමක් විය.

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර 
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඡන්ද පෙත්සම් අපලයෙන් මිදී....

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site