IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ මුසම්මිල්ට

 

2011 පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක එකක් වුණා. මොකද පක්ෂය අර්බුද රැසකට මුහුණදීල තිබුණු කාලයක් ඒක. අපිට ජයග්‍රහණයන් අවශ්‍යවෙලා තිබුණා. ඒ මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාව විශේෂ අවධානයක් දිනාගත්තා. ගොඩක් අය බලාගෙන හිටියේ කොළඹ මහ නගර සභාවට මොකද වෙන්නේ කියලා. ඒකට හේතුව කොළඹ මහ නගර සභාවේ බලය දිගටම තිබුණෙ එක්සත් ජාතික පක්ෂයට නිසා ඒක පුරුද්දක් විදියට සිද්ධවුණු දෙයක්. කොළඹ කොහොමත් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත තැනක්.

ඊට කලින් කොළඹ නගර සභාවේ බලය අපෙන් ගිලිහුණා අපේ නාමයෝජනා ලැයිස්තුවක සිද්ධවුණු දෝෂයන් නිසා. නැවත කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම අවශ්‍ය වුණා.


අපෙන් ඉදිරිපත් කරපු අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප කරපු නිසා ඇස්කණ්නාඩිය ලකුණෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඒ අය තමයි ඒ වෙලාවේ කොළඹ නගර සභාව දිනුවෙ. ඒ කණ්ඩායම පිටිපස්සෙ හිටියෙත් එක්සත් ජාතික පක්ෂය. ඒත් දිනුවට පස්සේ ඒ අය අයින් වුණෙ නෑ.


මේ නිසාම ඊළඟ මැතිවරණයෙදී මුල ඉදලම අපි පරිස්සමෙන් තමයි වැඩ කළේ. මේ වෙලාවෙ ආපු පළමුවැනි ප්‍රශ්නය තමයි කවුද කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වයට නම් කරන්නේ කියන එක. නම් කීපයක් ඉදිරිපත් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. ඒ. ජේ. එම්. මුසම්මිල් අසාද්සාලි, තේමසිරි ප්‍රනාන්දු, එම්. අයි. ඒ. රාම් වගේ නම් කීපයක් ඉදිරිපත් වෙලා තිබුණෙ. මේ අතරින් නගරාධිපති අපේක්ෂකයකු විදිහට නම් කරන්නේ කවුද කියලා සාකච්ඡා කරන්න කීප වතාවක් අපි රැස්වුණා. මම නම් කිව්වේ මුසම්මිල් නගරාධිපති අපේක්ෂකත්වයට පත් කරමු කියලා. පක්ෂයේ මතය ගැන අවසන් තීන්දුවකට එන්න සාකච්ඡා වට කීපයක්ම පවත්වන්න සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මේ සඳහා නිර්දේශ ලබාදෙන්න කියල කමිටුවක් පත් කළා. මේ කමිටුව සම්මත කළා මුසම්මිල් නගරාධිපති අපේක්ෂකයා විය යුතුයි කියලා.


මේ විදියට ඒ අනෙකුත් පළාත් පාලන ආයතනවලටත් නගරාධිපති සඳහා අපේක්ෂකවරු නම් කළා. ඒ අතරින් කොළඹ මහනගර සභාවට අපි මූලික තැනක් දුන්නේ ඒක අපේ පරිපාලන කේන්ද්‍රය නිසා.


පොදුජන එක්සත් පෙරමුනත් කොළඹ නගර සභාවේ බලය ඒ අයට අතට ගන්න උනන්දුවෙන් වැඩ කළා. මහින්ද රාජපක්ෂ මේ සඳහා තෝරගත්තේ මිලින්ද මොරගොඩ. මිලින්ද තමයි ඒ අයගේ නගරාධිපති අපේක්ෂකයා වුණෙත්. මේ තීරණය පිටුපස හිටියේ ගෝඨාභය රාජපක්ෂ. මොකද ඒ වකවානුවේ කොළඹ නගර සභාවේ පාලනය නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතට අරගෙන තිබුණේ. ගෝඨාභය රාජපක්ෂගේ තීන්දු තීරණවලට අනුව තමයි කොළඹ නගරසභාවේ ඔක්කොම වැඩ කෙරුණේ. මිලින්ද මොරගොඩ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩු විශාල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනගියා. ඒත් අවසානයේ කොළඹ මහනගර සභාවේ මැතිවරණ ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට ආසන විසිතුනක් හිමිවීමෙනි. අපිත් එක්ක හිටියත් වෙනම තරග කරපු මනෝ ගනේෂන්ගේ පක්ෂයට ආසන හයක් දිනාගන්න පුළුවන් වුණා. පොදුජන එක්සත් පෙරමුණට විස්සකට අඩු ප්‍රමාණයක ආසන ගණනක් තමයි ලැබුණේ. ඒ අනුව මනෝ ගනේෂන් එක්ක එකතුවෙලා අපි නගර සභාව හැදුවා. මේ විදියට අපි බලාපොරොත්තු වුණු තරම් ජයග්‍රහණ අනෙකුත් තැන්වලින් නම් අපිට ලබා ගන්න බැරි වුණා. 


කොළඹ නගර සභාවේ නගරාධිපති විදියට මුසාම්මිල් පත්වෙද්දී මිලින්ද මොරගොඩ විපක්ෂ නායක විදියට පත්වුණා.

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

කොළඹ මුසම්මිල්ට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site