IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එකම අසුනක දී අපේක්ෂකයන් තිදෙනකුට හත් වරක් පරාද වූ අරුම පුදුම අපේක්ෂකයා

 
 
2019 ජනාධිපතිවරණයෙන් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්ව දෙමසකි. එහෙත් එජාපයට පරාජයට මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැතිව බලතල සහ ධුර සම්බන්ධව විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් කල් ගතකරන අවස්ථාවක 1952 පටන් 1977 දක්වා එකම ඡන්ද කොට්ඨාසයක දී එකම පක්ෂයක අපේක්ෂකයින් තිදෙනකුට මැතිවරණ හතක දී පරාජිතවී කොන්ද කෙළින් තබාගෙන පක්ෂයට ගෞරවයක් ලබා දෙමින් ආත්ම ශක්තියත් ආත්ම ධෛර්යයත් පෙන්වූ ප්‍රබල එ.ජා. පාක්ෂිකයකු ගැන අද අපි සටහනක් තබමු. 
 
ඒ ආත්ම ශක්තියෙන් පරිපූර්ණව සිටි ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වූ අත්තනගල්ලේ ඒ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න මහතාය. 
 
1952 මහා මැතිවරණයට ඒ. ඩබ්ලිව්. ජී. සෙනෙවිරත්න මහතා එජාප අපේක්ෂකයා වශයෙන් ප්‍රබල සටනක යෙදුණේ ශ්‍රීලනි පක්ෂයේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  මහතා සමගය. 
 
1931 පටන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් පත්වූ 1936 දී ද ජයග්‍රහණය දෑතට ගත් බණ්ඩාරනායක මහතා 1947 මහා මැතිවරණයෙන් ද අත්තනගල්ල විජයග්‍රහණයක් ලැබීය. 1947 බණ්ඩාරනායක මහතාට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 31,463කි. ප්‍රතිවාදියා ලසසපයේ පළමු වැනි අපේක්ෂක චන්ද්‍රා ගුණසේකර ලැබූ ඡන්ද ප්‍රමාණය 4609කි. වැඩි ඡන්ද 26,854 කින් පරාජය විය.
 
1952 මහා මැතිවරණයට බණ්ඩාරනායක මහතා තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එජා පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ තරුණ ඒ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න මහතාය. ඒ මහතා ප්‍රදේශයේ විශාල පොල් ඉඩම් හිමි අලි ඇතුන් ගව මහීෂ සහිත සම්පත් අයිති සියනෑ කෝරළේ චිර ප්‍රසිද්ධ ධනවතෙකි. 
 
බණ්ඩාරනායක මහතා ඡන්ද තිස්අටදහස් හැත්තෑපහක් ගනිද්දී සෙනෙවිරත්න මහතා ඡන්ද 5934ක් ලබා ගත්තේය. 
 
1956 දී බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත්වන බැව් යම්තම් දන්නා වැඩිහිටියෙක් පවා දැන ගෙන සිටියේය. බණ්ඩාරනායක මහතා ඡන්ද 45,016 ලබද්දී සෙනවිරත්න මහතා ඡන්ද 3019ක් ලබා ගත්තේය. 1960 මාර්තු මැතිවරණයට දිවංගත බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ඉදිරිපත් වූයේ ඔබේසේකර පවුලේ ජේ. පී. ඔබේසේකරය.
ඡන්ද ප්‍රතිඵල මෙසේය. 
 
ජේ. පී. ඔබේසේකර මහතා 20,985
ජේ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න 5668
ගැමුණු කුලසේන ල.ස.ස.ප 1559
මහානාම වික්‍රමසිංහ 254 
වැඩි ඡන්ද 14,617 
 
1960 ජූලි මැතිවරණයෙන් ද ජේ. පී. ඔබේසේකර මහතා අත්තනගල්ල ජය ගත්තේය. සෙනෙවිරත්න මහතා පරාජය පිළිගත්තේය. 
 
1965 මහ මැතිවරණයට සිරිමාවෝ බණ්ඩාරනායක සමග ඒ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න එජාපයෙන් ඉදිරිපත් වූයේ පක්‍ෂ හතක සහයෝගය ලබමිනි. ප්‍රතිවාදියාගේ වැඩි ඡන්ද 16,535න් සෙනවිරත්න මහතා පරාජයට පත්වූයේය. ලෝකයේ පළමුවන අගමැතිනියගෙන් ද සෙනවිරත්න මහතා පරාජයට පත්විය. රාජ්‍ය බලය හත් හවුලට ලැබුණි. පරාජිත එජාප අපේක්ෂකයන්ට සංස්ථා ධුර පදවි තාන්න මාන්න හිමිවිණි. 1970 මහා මැතිවරණයට සෙනෙවිරත්න මහතා ඉදිරිපත් නොවීය. අත්තනගල්ලේ පොල් වතු අධිරාජ්‍ය බිමට සමතලා කරමින් වහසි බස් දෙඩූ කථිකාචාර්ය ප්‍රවීණ දේශක ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා එජාපයෙන් තරග කළේය. සෙනෙවිරත්න මහතා 1965 දී ගත් ප්‍රමාණයට වඩා ඡන්ද 274ක් ලබා හතර ගාතෙන් වැටුණේය. 
 
1977 මහා මැතිවරණය ජුලි 22 වැනිදා පැවැත්විණි. මුළු මහත් ශ්‍රී ලංකාව තුළ තිබුණු ජන බලවේගය අනුව අත්තනගල්ලෙන්  සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක පවා ජන රල පහරට හසුවනු ඇතැයි මැද පිලේ අපි ද විශ්වාස කළෙමු. මහා මැතිවරණ පහක දී අන්ත පරාජයට පත්ව සිටි එජාප අපේක්ෂක ඒ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න මහතා ද 1977 දී ජයග්‍රහණය හිමිකර ගන්නා බැව් තරයේම විශ්වාස කළේය. 
 
ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ ප්‍රබල වමේ නායකයකු වූ චන්ද්‍රා ගුණසේකර තරගයට ඉදිරිපත්ව සිටි හෙයින් ඡන්ද බෙදීයාමේ පදනම මත අත්තනගල්ලෙන් සුපුරුදු එජා පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි මධ්‍යස්ථ පාක්ෂිකයෝ ද විශ්වාස කළහ. ඡන්ද දූෂණ හොර මගඩිකම් ද නොතිබුණා නොවේ. මැතිවරණ ඉතිහාසයේ පළමුවරට පරාජය භාර ගන්නට සම්ප්‍රදායික ශ්‍රීලනි පාක්ෂිකයෝ ද තැතිගෙන සිටියහ. අවසානයේ ජුලි 23 වැනිදා දහවල් 12.00ට පමණ ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. 
 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 30,226 
ඒ. ඩබ්ලිව්. ජී. සෙනවිරත්න 19,563 
චන්ද්‍රා ගුණසේකර (ලසසප) 1067
ටී. ඒ. ඩී. කේ. තාඹුගල ස්වාධීන 335
 
වැඩි ඡන්ද 10,663න් සෙනෙවිරත්න මහතා පරාජයට පත්වූයේ සියලු බලාපොරොත්තු සුන්කර දමමිනි. එහෙත් සෙනවිරත්න මහතා සිය මැතිවරණ ඉතිහාසය තුළ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගෙන තිබුණි. 
 
1977 පරාජයෙන් පසු එජා පක්ෂයේ ශක්තිමත් සංවිධායකවරයකු වූ කශේරුකාවක් සහිත ප්‍රතිපත්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ සෙනෙවිරත්න මහතා දේශපාලන තිරයේ එහාට එහාට එහාටම ගියේය. අලි ඇතුන් ගව මහීෂාදියෙන් ඉඩම් වතුපිටි ආදියෙන් පරිපූර්ණව සිටි සෙනෙවිරත්න මහතා නිහඬවම පරාජය පිළිගෙන ක්‍රම ක්‍රමයෙන් පරාජයේ යහ ගී ගයන්නට පසුබිම සකස් කර ගත්තේය. 
 
 
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ බල මහිමයෙන් අපේ දෙවියන්ගේ පිහිටෙන් අපිත් ශේප් න්‍යායෙන් සෙනවිරත්නලා සමග නිහඬ වෙමු.
 
 
බන්දුල ආර්. ගුලවත්ත
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

එකම අසුනක දී අපේක්ෂකයන් තිදෙනකුට හත් වරක් පරාද වූ අරුම පුදුම අපේක්ෂකයා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site