lankadeepa.lk

පක්ෂයේ සමගිය සඳහා තිස්සගේ මෙහෙයුම

2018 අගෝස්තු මස 14 පෙ.ව. 12:10

0     351

2015 ජනාධිපතිවරණය එන්න එන්නම උණුසුම් වෙන්න පටන් ගත්තා. මේ අතරෙ පක්‍ෂය වෙනුවෙන් මම බාරගත්තු ප්‍රධාන වගකීම් තුනට මූලිකත්වය දෙමින් මෙම කටයුතු කරගෙන ගියා. ඒකෙන් ප්‍රධාන කාරණයක් වුණේ රනිල් - සජිත් ගැටුම සමථයකට පත්කිරීම. ඔවුන් අතර දුරස්ථභාවය නැති කරන්න මම දැඩි උත්සාහයක් ගත්තා. රනිල් - සජිත් ක්‍රියාමාර්ගය විදියට අපි දැ


lankadeepa.lk

එකම අසුනෙන් මැති සබයට නිතරඟයෙන් ගිය පක්‍ෂ දෙකක නියෝජිතයෝ

2018 අගෝස්තු මස 14 පෙ.ව. 12:05

0     164

1960 ජූලි 20 වැනිදා මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ආණ්ඩුවට නියමිත කාලය ගෙවීමට නොහැකි වූයේ 1964 දෙසැම්බර් 03 වැනිදා පැවැති රාජාසන කතා ස්තුති යෝජනාව පරාජයට පත්වීම නිසා ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවීම නිසාය. එයට හේතුව වූයේ ද ශ්‍රීලනිප පක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරයෙකු ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු රජයෙන් ඉවත් වී විපක්ෂයට යාමය. එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දෙසැම්බර් 08 වැ


lankadeepa.lk

ජවිපෙට වාසිදායක දකුණේ සටන්බිම

2018 අගෝස්තු මස 13 පෙ.ව. 12:20

0     219

රට තුළ දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය වී තිබිණි. එය ආණ්ඩු විරෝධයකින් එහා ගොස් ජයවර්ධන විරෝධයක් බවට පත්ව තිබිණි. මෙම ජනතා විරෝධයට නායකත්වය දීමට ඒ වන විට දුබලව සිට ශ්‍රීලනිප යට නොහැකි විය. එම තත්ත්වය තේරුම්ගත් ජවිපෙ තහනම් තත්ත්වයක් තුළ සිටිමින් වුවද ජනතා විරෝධයට නායකත්වය දීමේ භූමිකාවට පණ පෙවීය.


lankadeepa.lk

අරලියගහ මැදුරේ කඳුළු ගංඟා

2018 අගෝස්තු මස 13 පෙ.ව. 12:10

0     443

අරලියගහ මැදුරේ ටාටා -7 නමින් ආරක්ෂක අංශ හඳුන්වනු ලබන කාමරයේ දී මෙම පිරිස සාකච්ඡා කළහ. ඒ අනුව ඊට ලලිත් වීරතුංග හා ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි වූහ. මෙම සාකච්ඡාව අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජංගම දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන මහතාට කතාකොට සුභ පැතීය. සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර එය නිමවා තම මෝටර් රථයට ගොඩවීමට ගි


lankadeepa.lk

ජන සටනට පණ දුන් විරෝධාකල්ප ගී

2018 අගෝස්තු මස 12 පෙ.ව. 12:10

0     275

1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට ගිවිසුම යටතේ තුන් සිංහලයම බි්‍රතාන්‍යයට යටත් කෙරිණි. රාජ්‍ය විරෝධි අදහස් ඇති අයට කිසිදු සමාවක් නොවිණ. ඔවුන් අද මෙන් පුනරුත්ථාපනය නොකළ අතර එකම ඉරණම වූයේ මරණයයි.


lankadeepa.lk

කිරුළ එපා කී පානදුරේ අශ්වයා

2018 අගෝස්තු මස 11 පෙ.ව. 12:10

0     294

ලෝක බෞද්ධ මහා සම්මේලනය අරඹා ජූලි මස 26 දිනට 68 වසරක් සපිරිණ. විවිධ මතවාද සහ නිකාය භේද නිසා බෙදුණු බෞද්ධ ජනතාව බුදුදහම තුළ ඒකරාශි කිරීමේ අරමුණින් ඇරඹි මෙම එකමුතුවේ නිර්මාතෘවරයා වූයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය 25 වසරක් දැරූ මහාචාර්ය ගුණපාල මලලසේකරයෝය


lankadeepa.lk

ඇමැති පුතාගෙන් අගමැති පියාට ලිපියක්

2018 අගෝස්තු මස 11 පෙ.ව. 12:08

0     180

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්මය සහ ගොවි ජනපද ව්‍යාපාරය කෙරෙහි දැඩි උනන්දුවක් දැක් වූ දේශපාලනඥයෙකි. ඔහු ඊට පෙර පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් විෂය භාර ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර, මෙරට බොහොමයක් ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි.


lankadeepa.lk

මහවලතැන්න වලව්වට මන්ත්‍රී ධූරයක්

2018 අගෝස්තු මස 10 පෙ.ව. 12:10

0     322

සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ ප්‍රතිෂ්ඨාපනය කළ පාර්ලිමේන්තුව ඡන්ද කොට්ඨාස 89 කින් සමන්විත විය. ඡන්ද කොට්ඨාස නාමාවලියේ සඳහන් වන බළංගොඩ, සබරගමුව පළාතට වෙන්වූ එකම බහු මන්ත්‍රී කොට්ඨාසය ද විය.


lankadeepa.lk

ලේ තැවරුණු කෑදර හිවලෙක්

2018 අගෝස්තු මස 09 පෙ.ව. 12:10

0     393

අධිරාජ්‍යවාදී දේශපාලනඥයන් කන් බිහිරි කරවන තරම් හඬනගා මේ සටන කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් කුඩා රටවල් පැසිස්ට්වාදයෙන් පෑගීම වැළැක්වීමටත් යයි කීම අපට පිළිගත නොහැකිවීම පුදුමයක්ද? අධිරාජ්‍යවාදයත් පැසිස්ට්වාදයත් අතරින් මේ හොඳයයි තෝරා ගත හැකි එකක් අපට නැත. ගිය යුද්ධය එහි ප්‍රතිඵලයක් සේ ඇතිවූ වර්සේලේස් ගිවිසුමින් ප්‍රකාශ වන්නාසේම විජිතයත් බෙදා ගැනීම සඳහා ඇතිවූවකි. වර්තමාන ලෝක යුද්ධයට ද ඊ


lankadeepa.lk

කොළඹ යුද බිමක් කළ අගෝස්තු හර්තාලය

2018 අගෝස්තු මස 08 පෙ.ව. 12:10

0     216

වැඩ කරන ජනතාවට සෙසු පොදු ජනතාවට මෙන්ම පාලකයන්ට නවමු සටන්කාමී අත්දැකීමක් ලබා දුන්නේ 1953 අගෝස්තු 12 දින දීය. රටේ සෑම සේවාවක්ම විවිධ අයුරින් අඩපණ කරමින් දකුණේ සිට උතුරු කෙළවර දක්වා අඩු වැඩි වශයෙන් එදින පැතිරුණේ මහා හර්තාලයකි.


lankadeepa.lk

පාක්ෂිකයන්ගේ රජ ගෙය වටලෑම නතර කළ රනිල්ගේ මෙහෙයුම

2018 අගෝස්තු මස 08 පෙ.ව. 12:10

0     383

2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජය ගැනීමෙන් පසු මෙරට ඇතිවූයේ දෙවැදෑරුම් පාලනයකි. එසේ වූයේ රටේ රාජ්‍ය නායකත්වය එක් පාර්ශ්වයකටත්, පාලන බලය ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයකටත් හිමිවූ බැවිනි.


lankadeepa.lk

එජාපයෙන් බිහිවුණ එජාපයට ගිය ශ්‍රීලනිප ලේකම්වරු

2018 අගෝස්තු මස 07 පෙ.ව. 12:05

0     382

සෝමසාර දසනායක මහතාගෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාය.


lankadeepa.lk

‘87 භීෂණයේ පළමු ජවිපෙ බිල්ල

2018 අගෝස්තු මස 06 පෙ.ව. 12:10

0     697

1987 වසර ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක වසරක් විය. අපකීර්තිමත් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම, බලය බෙදීමේ ව්‍යුහයක් ලෙස ඒ මගින් පළාත් සභා පිළිගැනීම, ඉන්දියානු හමුදා ලංකාවට කඩාවැදීම, දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ආරම්භ වීම ආදී බරපතළ සිදුවීම් රැසක් කරළිගත වූයේ, 1987 වර්ෂයේදීය.


lankadeepa.lk

එජාපය පිබිදෙයි

2018 අගෝස්තු මස 06 පෙ.ව. 12:02

1     284

රනිල් වික්‍රමසිංහ යෝජනා කළා මම ඉදිරිපත් කරපු යෝජනා තුනම මගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මගේ මූලිකත්වයෙන් මේ වැඩපිළිවෙළවල් තුනම ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. පක්ෂයේ සියලු දෙනා සමගි කරන වැඬේ මේ අතර ඉතා ඉක්මනින්ම


lankadeepa.lk

දේශපාලකයන්ගේ ඡන්ද පොරොන්දු

2018 අගෝස්තු මස 05 පෙ.ව. 12:10

0     240

බලය ලබා ගැනීමටත් ගිලිහෙන බලය රැක ගැනීමටත් දේශපාලනඥයෝ නොයෙක් පොරොන්දු ජනතාවට දෙති. බලය ලැබූ විගසම එම පොරොන්දු සිහින බටව පත්වී කිසිදා ඉටු නොවෙයි. මෙය එදත් අදත් සමාජයට රහසක් නොවේ.


lankadeepa.lk

භීෂණ සමයේ මරා දැමූ සුරූපී නිවේදිකාව

2018 අගෝස්තු මස 04 පෙ.ව. 12:10

1     1855

1971 සහ 1989 වසරවල මෙරට ඇවිළුණු හිත්පිත් නොමැති ත්‍රස්තවාදී ගිනිදැල්වලින් බිලිගත් දහස් ගණන් තරුණ ජීවිත පිළිබඳ මතකය අප සිත් තුළින් මැකී ගොස් නොමැත.


lankadeepa.lk

මනමාලිය බලන්න ගිනි අවි රැගෙන කරු ගිය ගමන

2018 අගෝස්තු මස 04 පෙ.ව. 12:05

0     515

මනමාලියක බැලීම සඳහා ප්‍රථම වරට ඇයගේ නිවසට යන විවාහාපේක්‍ෂකයෙකු කැවුම්, කොකිස්, මුං අලුවා වැනි රසකැවිලි කදමල්ලක් පුරවා රැගෙනයාම පුරාණ සිංහල චාරිත්‍රයකි. පසු කාලයකදී එවැනි පෞරාණික චාරිත්‍ර තරමක් යටපත්වී තිබුණද අඩුම වශයෙන් රසැති කේක් ගෙඩියක් හෝ රැගෙන යාමට මෙකලද බොහෝ මනමාල මහත්වරු අමතක නොකරති.


lankadeepa.lk

දිමුට පක්ෂයෙන්ම කැපිල්ලක්

2018 අගෝස්තු මස 02 පෙ.ව. 12:10

0     402

හිටපු අගමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා 1989 මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත් සකස් කෙරෙමින් පැවැති කාලයේ ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටියේය. එසේ වූයේ ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ දී හමුදා නිලධාරියෙකුට කළ පහර දීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය ඔහු ගැන සොයමින් සිටි බැවිනි.


lankadeepa.lk

රටම කතා කරන මරණ දඬුවමේ පුරාණය

2018 අගෝස්තු මස 02 පෙ.ව. 12:02

0     270

සෑම ජීවියෙකුම මරණයට බිය වෙති. ජීවිතයට ආදරය කරති. උසස් මනසක් ඇත්තේ යැයි සලකන මිනිස් සමාජයේ තම ජීවිතය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට තිබෙන අයිතිය මානව නිදහසක් ලෙස පිළිගෙන ඇත. එහෙත් බරපතළ අපරාධ සිදු කරන පුද්ගලයන්ට මරණීය දඬුවම නියම කිරීමට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම ඉඩ සලසා දී තිබේ. සාපරාධී මනුෂ්‍ය ඝාතනය සහ රාජ ද්‍රෝහිවීම යන චෝදනාවන්ට දඬුවම මරණය බවට නීති ප්‍රතිපාදන පවතී.


lankadeepa.lk

යාපා පටුනෙන් බිහිවූ නිදහස් අදහස්

2018 අගෝස්තු මස 02 පෙ.ව. 12:01

0     203

සෑම පුරවැසියෙකුටම සමාජ සාධාරණයෙන් යුතුව ජීවත් වීමට නිදහස තිබිය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කළහ. එම පෙරළිකාරී තත්ත්වයට බලපෑ ප්‍රධාන සාධක දෙකක් විය. එකක් නම් ඉන්දියානු නිදහස් අරගලය මගින් ඇති වූ ධෛර්යදීමයි. දෙවැන්න ඇමරිකානු මිෂනාරීන් විසින් යාපනයේ ආරම්භ කරන ලද පාසල් මගින් ශි


lankadeepa.lk

ආණ්ඩුවේ රැවටීමට එරෙහිව දැල්වුණ ජනතා විරෝධය

2018 අගෝස්තු මස 01 පෙ.ව. 12:05

0     205

ප්‍රමාදය හේතුවෙන් කුතුහලයෙන් යුතුව සිද්ධිය දෙස බලා සිටින්නන්ගේ සංඛ්‍යාව විශාල වන්නට විය. අඳුර වැටෙත්ම සුදු ටී ෂර්ට් හා කොට කලිසම් හැඳි තරුණ පිරිසක් සෙනඟ පීරාගෙන විත් හදිසියේම මිහිදන් භූමියේ පෙනී සිටියහ. කනත්තේ කලබල කළ මේ තරුණයන් ජුනි මුල භාගයේ රජරට රයිෆල්ස් හමුදාවෙන් පැන ගිය හමුදාවෙන් ඉවත් කෙරුණු අය විය හැකි බව එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පවසන ලදී. ලංකා වෙළඳ සේවක සංග


lankadeepa.lk

අධිරාජ්‍යවාදීන්ගේ කිඹුල් කඳුළු

2018 ජුලි මස 31 පෙ.ව. 12:10

0     166

පැසිස්ට් වාදය නම් බැංකු ධනපති ක්‍රමයේ අන්තිම හුස්ම හෙළීමය. එහි ලක්ෂණ නම් නග්න වූ, නිර්ලජ්ජිත වූ, තිරශ්චීන බලය හා පීඩනයයි. පැසිස්ට් වාදය කම්කරුවන් මඩියි. ඔවුන්ගේ සටන්කාමී කම්කරු සමිති විනාශ කරයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේද ලංකාවේද මේ ක්‍රියාවන් කරලා නැද්ද? ලංකාවේ නඩු නැතිවද සිරකරන ලද කම්කරුවෝ බොහෝ ගණනක් වෙති.


lankadeepa.lk

ගමනායකට නව වගකීමක්

2018 ජුලි මස 30 පෙ.ව. 12:05

0     385

පක්ෂ තහනමෙන් පසු මෙලෙස පක්ෂය තම කටයුතු ක්‍රමවත් හා පුළුල් කරමින් ගෙන යද්දී ආණ්ඩුව ජවිපෙ ට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රචාරයක් දියත් කළ අතර ඒ සඳහා පක්ෂයට ද්‍රෝහිකම් කළවුන් හා උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය සමග සම්බන්ධකම් පැවැත්වූවන්ද යොදා ගන්නා ලදී


lankadeepa.lk

දකුණ නටවන උතුරේ ඡන්ද පදනම

2018 ජුලි මස 29 පෙ.ව. 12:10

0     231

පළාත් පාලන, පළාත් සභා මැතිවරණ සේම ජනමත විචාරණ සහ මහමැතිවරණ හා ජනාධිපතිවරණ අවස්ථාවන්හි බලය පිළිබඳ තීරණාත්මක සාධකය වී ඇත්තේ උතුරේ ඡන්ද දායකයන්ගේ හැසිරීමයි.


lankadeepa.lk

ඇසෙන බැණුමට සිනාසුණු දේශපාලකයා

2018 ජුලි මස 28 පෙ.ව. 12:10

0     348

“දේශපාලනය රඟමඬලකි. කලින් කලට කරළියට එන චරිත දහසක් පොරොන්දු දී අතුරුදන් වෙති” ප්‍රවීණ නාට්‍යවේදියකු වූ සුගතපාල ද සිල්වා වරක් පැවසීය.


lankadeepa.lk

හැටපැන්න ඇමැතිට කෙල්ලන්ගෙන් පෙම් හසුන්

2018 ජුලි මස 28 පෙ.ව. 12:02

0     455

1977 දී පත්වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිධුරය පැවරී තිබුණේ මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාටය. ඔහු කලකට ඉහත ‘දින දින’ නැමැති සිංහල සඟරාවක් තමන්ගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත් කළේය.


lankadeepa.lk

මිසරය කණපිට ගැන් වූ රතු නාස්කාරයා

2018 ජුලි මස 27 පෙ.ව. 12:20

0     266

චීනයටත්, වඩා ඉපැරැණි ඉතිහාසයක් ඇති ඉරානයට පමණක් දෙවැනි වූ පෞරුෂයක් ඇති මිසරය හෙවත් ඊජිප්තුව ක්‍රිස්තු පූර්ව 525 වසරකට පසුව පළමු වරට මිසර සම්භවයක් ඇති පාලකයකු අතට පත්විණ.


lankadeepa.lk

සෙබළ මළ සිරුරු මතින් දෙමළ කඩ ගිනි ගනී

2018 ජුලි මස 27 පෙ.ව. 12:10

0     201

ඔහු තමාගේ සුවිශේෂී භටයන් කීප දෙනෙකු කැඳවා ගත්තේය. ඒ 1983 ජුලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියයි. යාපනය පලාලි මාර්ගයේ තිරුනෙල්වෙලි නම් ස්ථානය ඔවුන් අරමුණු කළ තැන විය. සෙල්ලකිලි, ලිංගම් බසීර් කකා, රන්ජන්, පුලේන්ද්‍රන්, සන්තෝසම්, ගනේෂ්, පොනේනම්මන්, වික්ටර්, කිට්ටු, අප්පයියා ආදී ත්‍රස්තවාදීහුත් ප්‍රභාකරනුත් මෙම කුමන්ත්‍රණයට එක් වූහ. ඔවුන් තිරුනෙල්වෙලිහි මහා මාර්ගය හාරා විශාල බිම් බෝම්බයක් වළලා පාරෙන් ඉවතට වී රැක සිටියහ.


lankadeepa.lk

කුල වාදයෙන් උපන් ගින්දර

2018 ජුලි මස 26 පෙ.ව. 12:10

0     278

උතුර ගැන මේ දිනවල කතා බහ බොහෝය. විජය කලාගේ විසූක දස්සන එක පැත්තකය. විග්නේෂ්වරම් සහ ටී.ඇන්.ඒ. සංගමයේ කියුම් කෙරුම් තවත් පැත්තකය. පළාත් සභා මැතිවරණයක් ළඟම එන නිසා හෙට අනිද්දා වන විට තවත් මෙවැනි දේ දක්නට ලැබෙනවා නිසැකය. එහෙත් මූලික ප්‍රශ්න හමස් පෙට්ටියේ ය.


lankadeepa.lk

ජූලියේදී බිහිවූ ලොව පළමු අගමැතිනිය

2018 ජුලි මස 26 පෙ.ව. 12:10

0     202

1959 සැප්තැම්බර් 26 වැනිදා අගමැති බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංගමය වෙත යාමට සැරසී සිටියදී සාහසිකයකුගේ වෙඩි පහරින් මරණය වැළඳ ගනී. අපේ රටේ දේශපාලන පෙරළි රැසකට මුලපිරීමට එම ශෝචනීය සිදුවීම මූලික විය.