(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවස අසලම පිහිටි ළිඳකට වැටුණු බව කියන නව හැවිරිදි දැරියක සොයන්නට කිහිප දෙනකුම ළිඳට බැස ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු විදුලි මෝටර් දෙකක් යොදවා ළිඳ හිස් කර බැලුවත් දරුවා සොයා ගැනීමට නොහැකි වූ පුවතක් මීරිගම බෝතලේ ප්‍රදේශයෙන් වාර්තා විය.
මව හා පියා රැකියාවට ගිය අතරේ දියණිය නිවසේ සිට ඇත්තේ ආච්චි අම්මා සමඟය.
ඒ දෙදෙනා නින්දට ගොස් ඇත. ආච්චි නිදි අතර මිනිබිරිය නිවස ඉදිරිපිටට වී සිටියදී අසල්වැසි ඥාතියකු සමග ත්‍රිරෝදයෙන් අසල නිවසකට ගොස් ඇත. ඇය පිටව යන අවස්ථාවේ නිදාසිටි ආච්චිට ඒ බව කෑ ගසා කියා ඇත. දියණිය කෑ ගසන බව ඇසුණු ආච්චි අම්මා අවදි වී බලද්දී මිනිබිරිය දක්නට නොවීමෙන් ඇය ළිඳට වැටී ඇතැයි අනුමාන කර අසල්වාසීන්ගේ උදව් ඉල්ලා ඇත. ඒ අනුව පැමිණි ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ළිඳට බැස පරීක්ෂා කළත් දරුවා හමු වී නැත. ආච්චිගෙ ඇවිටිල්ල නිසා අසල්වාසීන් ඉක්මන් වී ළිඳ ඉසීමට කටයුතු කර ඇත්තේ ඉන් පසුවය.
මේ අතර කිසිවකු සිද්ධිය මීරිගම පොලිසියට දැනුම් දෙනු ලැබීය. පොලිස් පිරිසක් ද එහි ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. පොලිසිය යනවිට ළිඳ ඉසිමින් පැවතිණි. අවසානයේ ළිඳේ කිසිවකුත් නැති බව පසක් විය.
දැරියට කුමක් වී දැයි සොයමින් සිටින අතරේ දියණිය අසල නිවසක සිටින බව දැනගන්නට ලැබීමෙන් පසු ආච්චි අම්මා පැවසුවේ දැන් මගේ ඇඟට ලේ ටිකක් ඉනූ බවය.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ළිඳට වැටුණු දැරිය නිවෙසක සිට ඇවිත්