දකුණේ ගම්මානයක වූ සිදුවීමකි. එක්තරා නිවසක ජීවත් වූ මිනිසුන් හදි හූනියම් දැඩි සේ විශ්වාස කරන බව දැනගත් කට්ටඩියකු මෙම නිවැසියන් සමග හිතවත් විය. දිනක් මෙම නිවසට පැමිණි යකැදුරා සිහිසුන්ව පුටුවෙන් වැටී දඟලන්නට විය. නිවැසියන්ද බියට පත්වූ අතර පසුව ඔහු කියවන්නට විය. එම නිවසේ හූනියමක් වළදමා ඇති බවත් එය ගොඩදමා කැපියයුතු බවත් එසේ නොකළහොත් ගෙහිමියා මාස තුනක් ඇතුළත මියයන බවත් යකැදුරා කීවේය.
පසුව යකැදුරා කිසිවක් නොදන්නා අයුරින් සිටි අතර ගෙහිමියන් බියවී ඔහු සිහි විකල් වී පවසන ලද තොරතුරු කීවේය.
ඒ අනුව හූනියම ගොඩගැනිල්ල ප්‍රමාද කිරීමට බියවූ ගෙහිමියෝ එම කටයුත්ත නුදුරු දිනකදීම යොදා ගත්හ. අවශ්‍ය සියලු දේ ගෙහිමියන් රැගෙන විත් තිබූ අතර හොඬ අල, පුහුල්, හීරැස්ස, රතු අන්නාසි, සහ ගෙරිඔලු ඒ අතර විය.
නියමිත දිනයේදී යකැදුරා ගෝලයන් දෙදෙනකු ද බෙරකරුවකු ද සමග පැමිණ සියල්ල සූදානම්කර මල් බුලත් තටුවක් ද පිළියෙල කර හූනියම ගොඩදැමීමේ බාරදූර කටයුත්ත ආරම්භ කළේය. ඒ අනුව හූනියම ගොඩ ගත යුත්තේ රාත්‍රී 2.38 ට බව ආරූඪ වී යකැදුරා විසින් පවසන ලද අතර ඔහු වත්තේ තැන තැන දුව පනිමින් ඊගහක්ද ත්‍රිශූලයක්ද අතැතිව කෑ ගසමින් දුම්මල කීරි ගසමින් මතුරන අයුරු බියගන්වනසුළු විය. පසුව එක් තැනෙක නැවතී එම ස්ථානය හාරන ලෙස ගෝලයන්ට නියෝගකර පිරිසට ද ඈත්වී සිටින ලෙස උපදෙස් දුන්නේය. _
ගෝලයන් දෙදෙනා එම ස්ථානය අඩි 02ක් පමණ හාරා ඔවුන් ළඟ සඟවාගෙන තිබූ යමක් පස් සමඟ කලවම් කර යකැදුරාට පෙන්වීය.
පසුව යකැදුරා ශබ්ද නගා මන්ත්‍ර ජපකරමින් එම ස්ථානයෙන් ඈත්වී සිටින ලෙස ගම්මුන්ට උපදෙස් දුන්නේය.
එසේ ජපකළ යකැදුරු තෙමේ අතින් හූනියම නොඅල්ලන ලෙසත් අතින් ඇල්ලුවොත් මිය යා හැකි බවත් පවසා ගිරයකින් එය අල්ලා ගැඹුරු දිය පහරකට විසිකළ යුතු බවත් පවසා එයද රැගෙන බෙරයට ද තඩිබාමින් මන්ත්‍ර ජපකරමින් ගඟක් අසලට ගියේය.
එම ස්ථානයට පැමිණි නාහෙට නාහන අයෙකු එම ගිරය උදුරා එහි තිබූ දේ දිගහැර බැලීය. එහි තඹ කොළයක ඔතන ලද පංචි බෙල්ලෙක් සහ පුවක් කැබැල්ලක් විය.
මෙය දැක කුපිත වූ ගැමියෝ මේ කට්ටඩියන් සියලු දෙනාට හොඳහැටි ගුටි පූජාවකින් සංග්‍රහ කළ අතර ඔවුහු බෙරගෙඩිය ද කරේ එල්ලාගෙන ගෙජ්ජි සොලවමින් තොවිල් ඇඳුම් පිටින්ම පස්ස නොබලා දුවන්නට වූහ. කිසිවක් සොයා නොබලා හොරුන්ට රැවටෙන මෙවැනි මිනිසුන්ට මේවා හොඳ පාඩම් බව පවසමින් කොක්හඬලා සිනාසෙමින් ගැමියෝ නිවෙස් බලා පිටත්වූහ.
(රත්ගම විශේෂ. ධර්මදාස සිරිවර්ධන)
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හූනියම වැරැදී තොවිලය කනපිට හැරිලා