විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් මත්පැන් පානය කර පැමිණ නිදාගෙන සිටියදී අනියම් පෙම්වතිය පිළිබඳ හීනෙන් දොඩවමින් සිටි සැමියාගේ බිරිඳ දරුවන් සමග මහ රෑ මහ ගෙදර බලා යාමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මව්පියන් ළඟ ආපසු ගොස් ඇතැයි කියන 23 හැවිරිදි එක් දරු මව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වෙමින් සිටි තරුණියකි. දෙහිඕවිට ප්‍රදේශයට ආගිය අවස්ථාවක කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක කෝදොස්තරවරයකු ලෙස සේවය කරමින් සිටි තරුණයකු හඳුනාගෙන තිබුණි. පසුව තරුණිය මවුපියන්ට හොර රහසේම මීට වසර පහකට පමණ ඉහතදී කෑගල්ල පදිංචි කොන්දොස්තරවරයාගේ නිවසට කැන්දාගෙන පැමිණියාය. කොන්දොස්තරවරයාගේ මහගෙදර මාසයක් පමණ දිවි ගෙවා ඇති මෙම තරුණ යුවළ කොන්දොස්තරවරයාගේ පියාට අයත් පොල් ඉඩමක කටු මැටි පැලක් තනාගෙන එම නිවසේ පදිංචියට ගියාය. ඔහු උපයාගෙන එන සුළු මුදලින් ජීවත් වෙමින් සිටින මෙම යුවළගේ කැදැල්ලට පිරිමි දරුවෙක් මීට වසර තුනකට පමණ ඉහතදී එක්විය.
ආදරයෙන් තම බිරිඳ හා දරුවා බලාගෙන ජීවත් වෙමින් සිටි කොන්දොස්තරවරයා ඔවුන්ට කිසිම අඩුපාඩුවක් ද කළේ නැත කොන්දොස්තරවරයා මත්පැන් පානය කළේ ද නැත. මෙම යුවළට දෙපාර්ශවයේ මව්පියන්ගෙන් හව්හරණක් ලැබුණේ ද නැත. කොන්දොස්තරවරයාගේ මව්පියන්ට යමක් තිබුණද හදිසියේ සිය එකම පිරිමි දරුවා සිදුකර ගත් විවාහය සම්න්ධයෙන් ඔවුන් ද එදා සිට කොන්දොස්තර පුතා පවුලෙන් අතහැර දමා තිබුණි. ඇතැම් දිනවලදී බිරිඳගේ හා දරුවාගේ ඇඳුම් පැලඳුම් පවා සෝදා පිරිසිදු කර වැලක වනා දී උයා පිහා තබන කොන්දොස්තරවරයා රැකියාවට ගිය අවස්ථා ද තිබුණි.
මාස කිහිපයක සිට කොස්දොස්තර සැමියා තමාට මුලදී තිබූ ආදරය රැකවරණය අඩු බවක් දක්වන බව ඈට සිතුණ වාර ගණන අපමණය. එහෙත් සැමියාගෙන් වෙනත් සම්බන්ධතාවක් පිළිබඳ ඇයට දැන ගන්නට ලැබුණේ නැත.
මීට සති දෙකකට පමණ ඉහතදී හිතවත් කොන්දොස්තරවරයකුගේ විවාහ මංගල්‍යයකට ආරාධනා කර තිබුණි. මොහු එදින වැඩ නිමකර පැමිණ සවස හිතවතාගේ විවාහ මංගල්‍යය උත්සවයට ගියේය. මත්පැන් පානය නොකරන කොන්දොස්තරවරයා එදින සෙසු කොන්දොස්තරවරුන්ගෙන් බේරීමට බැරි විය. පසුව හිතවත් කොන්දොස්තරවරු සමග වීදුරු කිහිපයක් තොලකට හා ගත් මෙම කොන්දොස්තරවරයාට අන්තිමේදී වැඩි විය. මනමාල කොන්දොස්තරවරයාටද දීමට රැගෙන ගිය මුදල් ද දීමට තරම් සිහි කල්පනාවක් නොතිබුණු කොන්දොස්තරවරයා පසුව සෙසු කොන්දොස්තරවරුන් දෙදෙනකු විසින් ත්‍රීරෝද රථයකින් නිවසට ගෙනත් දමා බිරිඳට බාර දී ගියේය.
පසුව අධික බීමත්ව සිටි කොන්දොස්තර සැමියාට රෙද්දක් ද පෙරවූ බිරිඳ ඇයද එදින නින්දට වැටුණාය. ටික වේලාවක් ගිය පසු කොන්දොස්තරවරයා නින්දෙන් “සුලෝචනා ඔයා මට දවස් තුන හතරකින් හම්බ වුණේ නෑ. ඇයි මං වැඩකරන බස් එකේ දැන් එන්නේ නැත්තේ. ඔයා දකින්නේ නැතිව මට ඉන්න බැහැ” යනුවෙන් විවිධ දේවල් පවසන්නට විය.
සිය සැමියාගේ ප්‍රකාශ හේතුවෙන් බිරිඳට පැය කිහිපයක් නින්ද ගියේ නැත. පසුව එක් දරු මව අසල්වැසි ත්‍රීරෝද රථකරුවකු නිවසට ගෙන්වාගෙන අවිස්සාවේල්ල මහගෙදරට දරුවා සමග ගොස් ඇතැයි වාර්තා වෙයි.
පසුදා කොන්දොස්තරවරයා බිරිඳ නිවසේ නොමැති බව දැන ගැනීමෙන් පසුව බිරිඳගේ මහගෙදරට පසුවදාම ගියේය. “අනේ සුදු මැණිකේ එහෙම කරන්න එපා ඔයා මෙහෙ හිටියොත් මට ලැජ්ජයි. මම අසරණ වෙයි. මට සමාවෙන්න. මම අද ඉඳලා ඒ සම්බන්ධය අනිවාර්යෙන්ම නතර කරනවා ඔයාට වැන්දා ආයේ කවදාවත් ඔයාට දුකක් දැනෙන්න මම ඉඩ තියන්නෙ නෑ” යනුවෙන් කොන්දොස්තරවරයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි. එහෙත් තරුණ එක්දරු මව තවමත් කොන්දොස්තරවරයා ළඟට පැමිණ නැති බවද වාර්තා වෙයි.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හීනෙන් සුලෝචනා සෙවූ සැමියා දමා බිරිඳ මහ රෑ ගෙදරින් ගිහින්