(උණවටුන ඩි.ජී. සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක දුප්පත් පවුලක් විය. පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම පළාතක ජීවත් වූ අතර නිවෙසේ සිටියේ මව, පියා සහ දහඅට හැවිරිදි දියණිය පමණි. ඇය ද හරිහැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මව්පියෝ වතුවල කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිකාව සරිකර ගත්හ.
දිනක් සවස ඔවුන්ගේ දුප්පත් නිවෙස ඉදිරිපිට අතිසුඛෝපභෝගී වාහනයක් නතර විය. එයින් බැස ගත්තේ ඔවුන්ගේ දුර නෑකමක් ඇති පුද්ගලයෙකි. ”අක්කේ කොහොම ද ඉතින් කාලෙකට පස්සේ” කියමින් ඔහු ගෙට ගොඩවිය.
”අප්පේ මේ අපේ හිච්චි පුතානේ” කියමින් මව ඔහුට වාඩිවන ලෙස ආරාධනා කළාය. ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිට ඔහු තමා පැමිණි කාරණාව කිවේය.
”අක්කේ අක්කල කැමති නම් මට පුළුවනි මේ නංගිට රස්සාවක් හොයල දෙන්න. ගෙදර නිකං ඉන්නවට වඩා හොඳයිනේ. හැබැයි කොළඹ කේක් කොම්පැනියක, හොඳ පඩි තමයි ඉතින්. මොකද කියන්නේ?”
”පුතා කියනව නම් අපි කැමතියි. පුතා අපට විශ්වාසයි. දුව මොකද කියන්නේ?” අම්මා ඇසුවාය. කොළඹ ගොස් නැති ඇය කොළඹ නගරය දැක තිබුණේ රූපවාහිනියෙන් පමණි. එනිසා කොළඹ තරුණියක් සේ රැකියාවක් කරන්නට ඇත්නම් කොතරම් හොඳදැයි සිතූ ඇය ද මේ රැකියාවට කැමති වූවාය.
දැන් ඔහුට තවත් ප්‍රමාද වීමට වේලාවක් නැත. ඇඳුම් කිහිපයක් බෑගයක දමාගත් ඇය අම්මාගේත් තාත්තාගේත් දෙපා වැඳ මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි වූවාය. ටික දුරක් පැමිණි ඔහු කොළඹ යාමට ?බෝවන බව පවසා උණවටුනේ හෝටලයකට මෝටර් රථය හැරවිය. ඔහු කීවේ රාත්‍රිය හෝටලයේ ගතකොට උදෑසන කොළඹ යන බවය.
ඥාති සහෝදරයා ගැන ඇයට සැකයක් නොවුණත් ටික වේලාවක් යනවිට ඇයට කිසියම් අමුත්තක් සිතට දැනෙන්නට විය. සිදු වූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. කොළඹ කේක් කොම්පැනියේ රැකියාවට යනවා වෙනුවට ඇයට සිදු වූයේ ඔහුට නෑඹුල් කේක් ගෙඩියක රස බැලීමට ඉඩ දීමටය. පසු දින උදෑසන හෝටලයට තවත් කාන්තාවක් ආවාය. ඔහු එම කාන්තාව සමඟ වචන හුවමාරුවක් ද සිදුවිය.
පසුව තිදෙනාම මෝටර් රථයේ නැගී හෝටලයෙන් පිටත් වූහ. කොළඹ යනවා වෙනුවට මෝටර් රථය ගමන් කළේ ඇයගේ නිවෙසට යන පාර දිගේය. මෝටර් රථයේ සිටි කාන්තාව ඔහුගේ අනියම් බිරිය බවට ඇයට හැඟී ගියාය. නිවෙසට කිලෝ මීටර දහයක්, පහළොවක් දුරින් මෝටර් රථය නතර කළ ඔහු තරුණියගේ අතට රුපියල් දහසක් දී මෝටර් රථයෙන් බැස්සුවේය.
රුපියල් දහසකට ඇයගේ ආත්මය කොල්ල කෑ ඔහු අනියම් බිරිය සමඟ ගියේය. ඇයට යාමට තිබුණේ ගමේ පොලිසියට පමණි. එහෙත් අපරාධය සිදුවී ඇත්තේ වෙනත් පොලිස් වසමක නිසා ඇයට එම පොලිසියට යාමට සිදුවිය.
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය. ඔහු තිස් හැවිරිදි දෙදරු පියකු බවත්, බිරිඳ දරුවන් සමඟ කොළඹ පදිංචි බවත්, ඔහුට තවත් අනියම් බිරියන් සිටින අතර ධනවත් ව්‍යාපාරික පවුලක කෙනකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
හබරාදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත් වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා මංගලිකා සූරිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා