(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ගමේ හැමෝටම කවටකම් කර පොලිසියටද විහිළු කරන්න ගිය ජෝකර්ට පොලිසියෙන් ජෝක් එකක් ලැබුණු සිද්ධියක් අසන්නට ලැබුණි.
මේ ගමේ සිටින සියලු දෙනාටම මෙම පුද්ගලයා කවටකම් කරයි. ඒ නිසාම ඔහු ගමේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය වී ඇත්තේ ‘ජෝකර්’ යන නමිනි. ඔහු කරන විහිළු වැඩ ගමේ කඩ පිලට ඇවිත් පවසන්නේ ඉතා උජාරුවෙනි. මෙදිනද ඔහු ගමේ කඩ පිලට ගොඩ වී ඔහු පෙර දින සිදුකළ කවටකමක් පිළිබඳව කීවේ මහත් උජාරුවෙනි. ‘‘මුදලාලි දන්නෙ නෑනෙ වැඩක් මම ඊයෙ රෑ පොලිසියත් එක්ක මළ ගෙදරක ගියා නේ” එවිට මුදලාලි පුදුමයට පත්ව ‘‘කොහොමද ගියේ ගෙදරට ඇවිත් එක්ක ගියාදැයි’’ අසා ඇත.
එවිට ජෝකර් පවසා ඇත්තේ ‘‘නෑ මුදලාලි මම කොල්ලො සෙට් එකක් එක්ක ටිකක් ගහලා පොඩි කයියක් ගගහා හිටියා. ඒ එක්කම දන්නේ නැතුව පොලිස් ජීප් එක අපි ඉන්න තැනට ආවා. කොල්ලො ටික මාව දාලා දිව්වා. මට දුවන්න බැරි නිසා මම එතනම බිම දිගා වෙලා මැරුණා වගේ හිටියා. පස්සේ පොලිසියේ මහත්වරු මාව උස්සලා ජීප් එකට දාලා අරගෙන ගියා. ඒ යන අතරතුර මළ ගෙදරටත් යන්න ඕනි කියලා කියනවා මට ඇහුණා. මමත් මැරුණා වගේ සද්ද නැතුව හිටිය. ඊට පස්සේ මළ ගෙදරට ගිහින් ආපු පොලිසියෙ කට්ටිය පැය බාගෙකට පස්සේ මඟුල් ගෙයක් තියනවා යන්න ඕනේ කියලා ආයෙත් යන්න පටන් ගත්තා. ගොඩ වෙලාවකට පස්සේ ලයිට් දාපු ගෙයක් ගාව නැවැත්තුවාම මාරු වෙන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා මමත් හිමීට ජීප් එකේ දොර ඇරගෙන බැහැලා හෙමින් හෙමින් එන්න පටන් ගත්තා. බලන කොටයි මට තේරුනේ මම දැන් ඉන්නේ අල්ලපු ගමේ බව පොලිසියේ අයත් බීලද කොහෙද මාරු වෙලා වෙන ගමකට ගිහිල්ලා. මම පයින් ඇවිත් එළිවෙන කොට ගමට ආවා” පොලිසියේ අය තාම එහේ ඇති යැයි පවසා ඇත.
ඒ සමගම කඩපිල දෙසට එන ජීප් රිය දුටු ජෝකර් පැන දුවන්නට පටන්ගෙන ඇත. කඩපිල දෙසට ආ පොලිස් ජීප් රිය කඩේ අසල නවතා මුදලාලි අමතා ‘‘අර දිව්වේ ජෝකර් නේද?’’ යයි අසා ඇත. මුදලාලි එවිට කිසිවක් නොදන්නා ගානට ‘‘ඔව් මහත්තයා ඇයි මොකුත් ප්‍රශ්නයක්ද’’ යැයි අසා ඇත. එවිට පොලිස් නිලධාරියා මුදලාලි අමතා ‘‘නෑ මුදලාලි මිනිහා ගමේ හැමෝටම ජෝක් කරනවනේ. අපි මිනිහටත් ජෝක් එකක් කළා. මේ ගමේ නම තියෙන මගුල් ගෙයක් කියලා මිනිහව පිට ගමකට එක්කන් ගියා. අපි දැනගෙන හිටියා මිනිහා මැරිලා වගේ ඉන්නේ බොරුවට බව. අපි දැන් ආවේ මිනිහා යහතින් ගමට ආවා දැයි බලන්නයි” යැයි නිලධාරියා පවසද්දී කඩයේ පිරී සිටි හැමෝම කොක් හඬලා සිනාසෙන්නට පටන් ගත්හ.
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හැමෝටම විහිළුකරන ‘‘ගමේ ජෝකර්ට’’ පොලිසියෙන් ‘‘ජෝක් එකක්’’