IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සේවිකාව රාජකාරි වෙලාවේ ගෙදර ගිහින් වලිදාගෙන ජොබ්එකට තොප්පි

දෛනික රාජකාරි කාලය තුළ රාජකාරි සඳහා යැයි කාර්යාලයෙන් බැහැරව නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකරගත් සේවිකාවකට ආයතන ප්‍රධානියා විනය ක්‍රියාමාර්ගයක් ගත්තේය.


  මහජන සේවය නිරන්තරයෙන් සිදුකරන ප්‍රදේශයේ ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක් ග්‍රාමීය ප්‍රදේශයක විය. එම කාර්යාලයට මෑත කාලයේදී ස්ථාන මාරුවීමක් ලබාගෙන සේවිකාවක් පැමිණියාය. එසේ පැමිණි දිනවල සිටම සේවා අවශ්‍යතා සඳහා බැහැරයාම ඇය පුරුද්දක්  කරගෙන සිටි බවද හෙළිවේ. දිනක් එලෙස බැහැර ගිය ඇය නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇති කරගෙන ඇති අතර අසල්වැසියන් විසින් එම අවස්ථාව රූපගත කර ඇයගේ ආයතන ප්‍රධානියාට යවා ඇත.


පැමිණිල්ලට අනුව විමර්ශනයක් පැවැත්වූ බව සැලවන අතර සේවිකාවට කට  උත්තර නොමැති වී ඇති බවද පැවසේ. 


ආයතන ප්‍රධානියාගේ නිර්දේශය මත එම සේවිකාවට විනයානුකූලව  ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර සිද්ධිය වසන් කරගැනීමට ඇය කොතෙකුත් උත්සාහ කළද කාර්යාලය තුළ හා අවට කාර්යාලවලට ආරංචිය පැතිරයාමට වැඩි කාලයක් ගත නොවීය. 
(හක්මන විශේෂ දෙනගම 
යසන්ත ආරියසේන)

 



අදහස් (0)

සේවිකාව රාජකාරි වෙලාවේ ගෙදර ගිහින් වලිදාගෙන ජොබ්එකට තොප්පි

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 506 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 865 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 921 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1244 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1579 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1024 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site