IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සේවකයාගේ අපූරු නුවණින් රාජකාරිය අකුරට ඉටුවෙලා

(බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම) 
අගනුවර කාර්යාලයක සේවය කරන සේවක මහතකු තම සේවා කටයුත්තක් ඉටුකර ගැනීමට ජනතා සේවය පිණිස ඇති ආයතනයක ප්‍රධාන කාර්යාලයට ගිය පසු එම කටයුත්ත ඉටුකර ගැනීම ප්‍රමාදවීම නිසා “මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ” යැයි පැවසීමෙන් පසු එම කටයුත්ත සැනෙකින් ඉටුකර ගැනීමට හැකි වූ බව කියන පුවතක් අගනුවරින් වාර්තා විය.


මේ සේවක මහතා උදෑසනම සේවයට පැමිණ තම කාර්යාලයීය ලිපි ගොණුද රැගෙන මහ ජනයාට සේවය පිණිස ඇති ප්‍රධාන පෙළේ ආයතනයකට යන්නේ එදිනට තමන්ට නියමිත රාජකාරිය වූ මුදල් ගෙවීම් ආදී කටයුතු කර ගැනීම සඳහාය.


නියමිත රාජකාරී වේලාව පැමිණ ඇති බැවින් අදාළ ආයතනයට ගිය සේවක මහතා ඉදිරියෙන්ම සිටි නිලධාරිනියට උදෑසන සුබපතා තම කාරණය කීවේය. තරමක් කේන්ති ගිය බැල්මක් හෙලූ එම නිලධාරිනිය ඉස්සරහින් වාඩිවෙලා ඉන්න තාම ඒ මිස් ඇවිල්ලා නැහැ යැයි කීවාය. එම සේවක මහතා ඉදිරියේ ඇති අසුනකට බරවී පැය භාගයක් පමණ කල් මැරුවත් අදාළ මේසයට කිසි කෙනෙකු පැමිණියේ නැත.


තවත් සුළු වේලාවක් රැඳී සිටි මේ සේවක මහතා නැවතත් කලින් කතාකළ නිලධාරිනිය වෙත ගොස් තම කාරණය කී විට අන්න අර මහත්තයාට කියන්න යැයි ටයි පටියක් පැළඳ සිටි මහත්මයෙකු පෙන්වූවාය. 


යන්තන් වැඬේ කරගන්න පුළුවන් වෙයි කියා සිතූ සේවක මහතා වහා එතැනට ගොස් තම කාරණය ඔහුට කීවේය. ආ.. ඒ, මිස් තව පොඞ්ඩෙන් එයි. අද ෂොර්ට් ලිව් වෙන්න ඇති. කී විට අප සේවක මහතාට හොඳටම කේන්ති ගියේය. නැවතත් තමා සිටි අසුන වෙත පැමිණ හරියන්නෑ වැඬේ මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ යැයි මහ හඬින් කීය. ගතවූයේ කෙටි වෙලාවකි. ටයිපටියක් පැළඳ සිටි නිලධාරි මහතා සේවක මහතා අසලටම පැමිණ මහත්තයා ගොඩක් වෙලා නේද ඇවිල්ලා එන්න ඔයාගේ වැඬේ කරල දෙන්න යැයි කියා  සේවක මහතාගේ අතින් අල්ලා කැඳවාගෙන ගොස් සුළු වෙලාවක් තුළ අදාළ කටයුත්ත කර දී තිබිණි. 



අදහස් (4)

සේවකයාගේ අපූරු නුවණින් රාජකාරිය අකුරට ඉටුවෙලා

sunil Tuesday, 07 January 2020 11:24 AM

නියමයි !

:       0       126

රත්නවීර Tuesday, 07 January 2020 11:47 AM

අරයට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බහිරවයන් පගාගහන එක නවත්තන්න මොනවා හරි කරන්න වෙයි වගේ... ඩොලර් සීයක් විතර පාස්පෝට් එක ඇතුලේ දාලා දුන්නම ඕනෑම ත්‍රස්තවාදියෙක්ට, කුඩුකාරයෙක්ට රටට එන්න වගේම රටින් පිටවෙන්න පුළුවන්. කලින් CCTV පද්ධතියක් ස්ථාපනය කරන්න හැදුවාම ඔක්කොම එකතුවෙලා ඒකට විරුද්ධ වුණා, පගා ගහන්න බැරිවෙන නිසා....

:       1       141

de silva Wednesday, 08 January 2020 01:47 AM

රත්නවීර මහත්මයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.., ආගමන විගමන එක නම් ගන්න දෙයක් නැත. ඔක්කොම වැඩ කෙරෙන්නේ පගාවට, විදේශිකයින්ට වීසාදෙන්න ගියාම පැය 4-5 රස්තියාදු කරනවා. ඒජන්තලා හරහා එවන වීසා 10000 -15000 අරන් පැය භාගෙන් ගහලා දෙනවා.. විදේශිකයා නැති වුණත්, ජනාධිපතිතුමනි, වෙස්වලාගත් නියෝජිතයෙක් යවලා එ්කේ තත්වය පරික්ෂා කරලා බලලා, රියදුරු බලපත්‍රයට දුන්නු බෙහෙතම එ්කටත් දෙන්න. මමත් ඔබතුමාට ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් මට දැන් තේරෙනවා මේ දෙපාර්තමේන්තු හදන්න පුළුවන් ඔබතුමාට පමණි. මේ රජයේ දෙපාර්තමේන්තු ටිකේ තිබෙන අල්ලස්, දූෂණ නැතිකරන එකට රටේ සාමාන්‍ය ජනතාවගෙන් 95% කැමතියි.

:       0       286

SENAVEERA Bangadeniya B Friday, 10 January 2020 12:03 PM

හලාවත අධ්‍යාපන අධ්‍යක්ෂකවරියන්ට නම් මස්, මාළු එළවලු ටිකක් දුන්නා නම් වැඩේ ටක්කෙට කරලා දෙනවා. පව් නෑ.. මොකද දානයක්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 556 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 894 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 940 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1247 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1582 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site