IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුද්දන් ගොනාට ඇන්දූ මගපෙන්වන්නාට සුද්දන්ගෙන්ම පාඩමක්

(වියලුව වාර්තාකරු)

ඇල්ල නගරයේ සංචාරයක් සඳහා පැමිණි සුදු ජාතිකයන් පිරිසකට වැරැදි මාර්ගයක් පෙන්වා දුන් ප්‍රදේශයේ මග පෙන්වන්නකුට සුදු ජාතිකයන් විසින් නිවැරැදි මාර්ගය පෙන්වා දීමේ පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය.

ඔවුන් සිවුදෙනකුගෙන් යුත් ඕස්ටේ්‍රලියානු ජාතිකයන් පිරිසකි. පසුගිය දිනෙක මෙරට සංචාරයක් සඳහා පැමිණි ඔවුන් දින කිහිපයක් ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගත්තේ එහි ඇති සුන්දරත්වය අත්විඳීම සඳහාය. ඇල්ල නගරය අවට ප්‍රදේශයන්හි සංචාරය කොට එහි ඇති දිය ඇලි දොළ පහරවල් දැක ගැනීම ද ඔවුන්ගේ අභිලාෂයක් විය. ඇල්ල නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි බල්ලකෙටුව උඩවාඩිය ගම්මානයේ ඇති දිය ඇලි කිහිපයක් නැරැ ඹීමට ද ඔවුහු කතිකා කරගත්හ. ඒ අනුව ඇල්ල නගරයේ දී හමු වූ ප්‍රදේශයේ මග පෙන්වන්නකු ඒ සඳහා යොදවා ගත්තේ ඔහු ඉල්ලා සිටි රුපියල් තුන්දහසක මුදල ද ඔහුට ගෙවා දමමිනි. තේ වතු මැදින් උඩවාඩිය දක්වා වැටී ඇති මාර්ගය ඉතා සුන්දර එකක් වූ බැවින් සුදු ජාතිකයන් සිවුදෙනා මඟ පෙන්වන්නා ද සමග ගමනාන්තය දක්වාම යාමට තීරණය කරනු ලැබුවේ පා ගමනිනි.

පයින් ගමන් යෑමට කම්මැලියකු වූ මග පෙන්වන්නා ගමනාන්තයට කිලෝමීටර් හතරක් පමණ මෑතින් පිහිටි දොඩම්ගොල්ල ගම්මානය වෙත ගොස් සුදු ජාතිකයන් පිරිසට “මේ තමයි උඩවාඩිය” යැයි පවසා ඇත්තේ ප්‍රදේශයේ පිහිටි කුඩා දොළ පහරක් ද පෙන්වමිනි. එහෙත් කපටි මග පෙන්වන්නන් ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ සුදු ජාතිකයන් පිරිස ඔවුන් සතුව තිබූ නවීන පන්නයේ දුරකතනය ආධාරයෙන් (ගූගල් මැප්) තමුන් සිටින ස්ථානය දොඩංගොල්ල බවත් උඩවාඩිය වෙත යාමට තවත් කිලෝමීටර් හතරක් යා යුතු බවත් මග පෙන්වන්නාට පවසා සිටියේ ඔහු අන්දමන්ද කරමිනි. තමුන්ට යා නොහැකි උඩවාඩිය වෙත මාර්ගය සොයාගෙන යා හැකි බව ද සුදු ජාතික පිරිස මග පෙන්වන්නාට පවසා ඇත්තේ ඔච්චමක් ද කරමිනි. බෙහෙවින් ලජ්ජාවට පත් මග පෙන්වන්නා සුදු ජාතික පිරිස ද සමඟ යළිත් ගමන් ඇරැ ඹුවේ ‘මුන් නම් පුදුම සුද්දෝ’ යැයි තමුන්ටම කියා ගනිමිනි.



අදහස් (2)

සුද්දන් ගොනාට ඇන්දූ මගපෙන්වන්නාට සුද්දන්ගෙන්ම පාඩමක්

Ran Monday, 10 February 2020 09:56 AM

මේ අය රටේ නම කාලා දානවා මදිවට රටට එන්න තියෙන ආදායමත් නැති කරනවා.

:       2       370

sampath Tuesday, 11 February 2020 12:11 PM

කටුනායක සිට බේරේ වැව ලඟට ගෙනත් නුවර වැව කියලා පෙන්නලා ගංගාරාම පෙන්නලා දළදා මාලිගාව කියනවා ඒ වගේ මගපෙන්වන්නෝ තමයි ඉන්නේ.

:       0       22

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 182 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 678 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 960 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 968 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1257 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1597 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site