(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
උපාධි ගුරු පත්වීමක් ලැබ ප්‍රාථමික පාසලක වැඩ බාරගත් ගුරු මහත්මියකට රාජකාරි සඳහා පාසල වෙත ගිය දෙවන දිනයේම 4 ශ්‍රේණියේ එක්තරා කටකාර සිසුවකු කළ ප්‍රකාශයක් හමුවේ කිසිවක් නොකියා මුණිවත රැකීමට සිදුවූ රසවත් පුවතකි මේ.
වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා ගම්මානයක පාසලකිනි. එම සිද්ධිය සැකවින් මෙසේයි.
එම පාසලේ 4 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ලද ගුරු මහත්මිය මාස කීපයකට පෙර විශ්‍රාම ගැනීම නිසා එම පංතියට ගුරුවරයකු නොසිටි බැවින් විදුහල්පතිවරයා විසින් මෙම නවක ගුරු මහත්මියට බාරදෙනු ලැබුවේ එම පන්තියයි.
එම පංතිය වෙත ගිය දෙවන දිනයේ උදෑසන ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට පෙර එම ගුරු මහත්මිය පංතියේ දරුවන්ට උපදෙස් දෙනු ලැබුවේ පන්තියේ ඇති බුදු පිළිමය අසලින් මල්වට්ටියක් තබා, පහන පත්තු කර දවසේ වැඩ පටන් ගන්නා ලෙසයි.
“දරුවනේ ඔයාලා හැමදාම උදේට ඉගෙනීම් වැඩ පටන් ගන්න කලින් බුදුන් වහන්සේට පහන තියලා, මල් පූජා කරල දවසේ වැඩ පටන් ගන්න ඕනෑ. එතකොට ඔයාලගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙනවා. ඔයාලගේ ගෙවල්වලත් මව්පියෝ එහෙම කරනවානේ. ඔය කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන තියෙන මව්පියෝ උදේට පහන තියලා දවසේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරල තමා වැඩ පටන් ගන්නේ. ඒක හොඳ දෙයක්.” ගුරුතුමියගේ කතාවට සවන් යොමුකර සිටි පන්තියේ එක්තරා කටකාර සිසුවෙක් සිය ආසනයෙන් නැගිට ගුරුතුමියට ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“ටීචර් අපේ පංතියේ යාළුවකුගේ තාත්තා එයාගේ ව්‍යාපාරික ස්ථානයේ උදේට පහන තියලා බිස්නස් සරු වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවට මම නම් කැමති නෑ”
එය අසා සිටි පන්තියේ සෙසු දරුවන් කොක් හඬලා සිනාසීමට පටන් ගත්තා.
“ඇයි පුතා එහෙම කියන්නේ” ගුරුතුමිය විමසුවාය.
“ටීචර් එයාගේ තාත්තට තියෙන්නේ මල් ශාලාවක්. ඒකෙ අලෙවි කරන්නේ මිනී පෙට්ටි.”
ඊට කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ ගුරුතුමිය එදිනට නියමිත ගණිත පාඩම ඉගැන්වීමට පටන් ගත්තේ දරුවන්ගේ අවධානය ඊට යොමු කරවමිනි.
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ
අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිසුවාගේ ප්‍රාර්ථනා කතාවට අලුත් ගුරුතුමීට තරු පෙනිලා