IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සැමියාගේ බේබදුකම නවත්වන්න ගිය බ්රිඳ ඇදගෙන නාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සැමියාගේ බේබදුකම නතර කරන්නට යෙදූ උපක්‍රමයෙන් භාර්යාවට ඇදගෙන නාන්නට සිදුවූ පුවතක් අපේ ගම් පළාතෙන් අසන්නට ලැබුණි.


සිය සැමියා බේබදුකමෙන් මුදාගැනීමට ඇය නොකළ දෙයක් නොමැත. ඒ සඳහා ගුරුකම් කළ වාරද අනන්තය. යන්ත්‍ර මන්ත්‍රද කළ වාර ගණනද ඊට නොදෙවැනිය.


යෙහෙළියකගෙන් මේ සඳහා ඇයට උපදෙසක් ලැබුණේ මේ අතරවාරයේදීය. ඒ අනුව ඇය සිය සැමියාට හොරෙන් මේ උපදෙස ක්‍රියාත්මක කළාය. තමා කළ ඒ වැඩේ සාර්ථක බව ඇයට වැටහුණේ සිය සැමියා වැසිකිළියට කිහිපවරක්ම දිවයනු දුටුවිටය. ඇයගේ සතුට ඉහවහා ගියේය. ඒ ටික වේලාවකටය. අන්තිමේදී ඔහුට වැසිකිළියට යාමටවත් ශක්තියක් නොවූ තැන ඇඳේම මළ පහ විය. ඒවා අස්කරන්නට සිදුවූයේ ඇයටය. ඇය එය කළේ වෙන කළ හැකි දෙයක් නොවූ තැනය. 


විජලනයට පත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔහු රෝහල් ගත කිරීමට සිදුවූයේ ද ඇයටමය.


රෝහල් ගත කළ ඔහුගේ රෝග නිධානය පිළිබඳව වෛද්‍යවරු සෙවූහ. ඒ පිළිබඳව ඔහුගේ භාර්යාවගෙන් වෛද්‍යවරු විමසූහ. මේ පිළිබඳව කාටවත්ම පවසන්න එපා යයි කියමින් තමා සිය සැමියාගේ බේබදුකම නැති කරන්න ඔහුට හොරෙන් මත් පැන් බෝතලයට බඩ විරේක දමා ඇති බව ඇය වෛද්‍යවරුන්ට කීවේ වටපිට බලමින්ය.



අදහස් (0)

සැමියාගේ බේබදුකම නවත්වන්න ගිය බ්රිඳ ඇදගෙන නාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 453 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 760 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 625 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 757 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site