මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි
පාසල් භූමියකින් හොරෙන් කඩාගෙන ගිය පොල් ගෝනියක් පිළිබඳව විදුහල්පතිවරයා කළ සොයා බැලීමකින් පසු එය ආපසු රැගෙන ආ පිරිසක් පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
පාසල් භූමියේ නව ඉදිකිරීම් කිහිපයක් කෙරෙමින් පවතී. එහි සේවයට ආ පිරිසක් සවස් කාලයේ ගස් කිහිපයක පොල් කඩා ඇත්තේ විදුහල්පති හෝ වගකිවයුතු කිසිවෙකුට නොදන්වාය.
දවසේ වැඩ අහවර කළ සේවක පිරිස පිටව ගොස් ඇත්තේ කඩන ලද පොල් ගෝනියක්ද රැගෙනය.
විදුහල්පතිවරයාට සිද්ධිය සැලවීමෙන් පසු මේ ගැන කොන්ත්‍රාත්කරුට දැනුම් දෙනු ලැබූයේ මේ පිළිබඳව නිසි පියවර ගන්නා බව පවසමිනි.
ගතවූයේ ටික වේලාවකි. සේවක පිරිස පොල් ගෝනියද රැගෙන ආපසු ආයේය. විදුහල්පතිවරයාට දැනුම් දී සමාව ඉල්ලා සිටියේ පොලිසියට නොදන්වන ලෙස අයැද සිටිමිනි.
සේවක පිරිසට සමාව දුන් විදුහල්පතිවරයා යළි මෙවැනි වැරදි නොකරන ලෙසට උපදෙස් දුන්නේය.
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ
අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුහලේ කොන්ත්‍රාත් කරන ගමන් පොල් ගෝනියකුත් පන්නලා
Sanjay Monday, 18 September 2017 09:10 AM
ගණන් ගන්න එපා.. සිංහල ගැති..
himal Monday, 18 September 2017 10:41 AM
දැන් එතකොට පොල් ගෝනියට මොකද වුනේ? වෙනදා මේ පොල් කඩා ගන්නේ කවුද? විකුණනවා නම් ආදායම කවුද ගන්නේ? දැවෙන ප්‍රශ්න මේවා.