IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා

(ගල්ගමුව - නිහාල් ජයවීර)

වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පිරිසකට විශාල අපහසුතාවකට පත්වීමට සිදු වූ සිද්ධියක් ගල්ගමුව, කාටුවැව ප‍්‍රදේශයෙන් දැන ගැනීමට ලැබිණි.

කාටුවැව, අමුණුකොළේ වැවේ පිට්ටනියේ මුකුණුවැන්න කඩමින් සිටියදී මේ ‘‘ගිනි අවිය’’ කාන්තාවට දැක ගැනීමට ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇය ගමේ කීප දෙනකුට දැනුම් දී තිබේ.

ඔවුන් ද එහි ගොස් ඒ කුඩා ‘‘ගිනි අවිය’’ දැක එවැනි ‘‘ගිනි අවියක්’’ ජීවිතයට නොදැක ඇති නිසා ඒ පිළිබඳව පළාත බාර ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දී තිබේ.

ග‍්‍රාම නිලධාරීවරයා ද වැව් පිටියක කුඩා ප‍්‍රමාණයේ පිස්තෝලයක් ඇති බව ගල්ගමුව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ද කිසියම් අයකු තොරතුරු දැනුම් දී ඇත.

වහා ක‍්‍රියාත්මක වූ ගල්ගමුව පොලිසිය රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු අදාළ ස්ථානයට පිටත් කර යවා තිබේ. ‘‘පිස්තෝලය’’ පොලිසිය බාරයට ගත් නිලධාරීන් දෙදෙනා එය පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මේසය උඩ තැබීය.

අ`ගල් හතරක් පමණ දිගැති, නිකල් පැහැයට හුරු ඝන ලෝහයකින් නිපදවා තිබූ ‘පිස්තෝලය’ අතට ගත් ස්ථානාධිපතිවරයා ‘මේක සෙල්ලම් පිස්තෝලයක්නේ. ඔය වෙඩි බෙහෙත් කවාපු ගුලියක් තියලා කොකා ගැස්සුවාම පටාස් ගාලා පුපුරන්න හදලානේ තියෙන්නේ’යි කියමින් අරුම පුදුම ගිනි අවිය මේසය මත තැබීය.

අපරාදෙ කිලෝමීටර් හැට හැත්තෑවක් යන්න එන්න පැට‍්‍රල් පිච්චුවේයි නිලධාරියකුට කියැවිණ.



අදහස් (5)

වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා

kithsiri Tuesday, 31 October 2017 11:00 AM

මේ කාන්තාව ප්‍රඥාගෝචර වැඩක් කරලා තියෙන්නේ. රථ වාහන පොලිසියේ යටත් හඳුනාගන්න අමාරු වුනා නම්, ඒක ඇත්ත අවියක් වගේම වෙන්න ඕනා. මේක මේ කාන්තාව සැක කරලා අදාළ බලධාරීන් ට දන්වපු එක ඉතා හොඳ ක්‍රියාවක්.

:       0       149

Pradeep Liyanage Tuesday, 31 October 2017 01:27 PM

පරික්ෂාවට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාටවත් දැනුමක් තිබිල නැද්ද සෙල්ලම් පිස්තෝලයක් කියල හොයාගන්න. පුහුණුවීම් වලදී මෙයාලට මොනවද දන්නේ නෑ කියල දෙන්නේ. සාමාන්‍ය ගම් වැසියන් බයවෙන එක අහන්නත් දෙයක්ද මේවා මෙහෙම වෙනකොට.

:       0       129

darshanaSaturday, 04 November 2017 10:59 AM

එ්ක සම්පුර්ණ ඇත්ත, ස්ථානාධිපතිවරයා කියනකම් මේ නිලධාරීන් මේක දන්නේ නැද්ද? මගේ ලඟත් තියෙනවා ඔය ජාතියේ කී ටැග් එකක්...

:       0       2

sarath perth Saturday, 04 November 2017 03:48 AM

එකට කමක් නැහැ මොනර කොලේ හඳුනන්න පුළුවන්නේ එත් මදැයි.

:       0       6

bamunuarachchi Monday, 06 November 2017 12:08 AM

මෙහෙම සෙල්ලම්බඩු දැන් ළමයින්ට සෙල්ලම් කරන්න තියා දකින්නවත් ලැබෙන්නේ නැත. කොටින්ම දැන් ළමයින්ට සෙල්ලම් කරන ළමා කාලයක් නැත ළමයි සෙල්ලම් දන්නේ නැත. 1950 ගණන්වල නම් බැලුබැල්මට නියම පිස්තෝල කියා පෙනෙන සෙල්ලම් පිස්තෝල නත්තල් කාලයට පේව්මන්ට් එකේ විකුණන තිබුනා. මා ලඟත් තිබුනා. ඒ සුන්දර කාලය නැවත ලංකාවට එන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 608 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 804 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1054 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1010 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1276 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1621 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site