(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
ගොවි මහතකු තම නිවසේ කාමරයක ගබඩාකර තිබූ වී අස්වැන්න කාදමන මීයන්ට මරණ දඬුවම දීම සඳහා අටවන ලද උගුලකට අසුවූ මීයෙකුට මරණ දඬුවම වෙනුවට අභයදානය දීමට සිදුවූ පුවතක් රාජාංගණය වම් ඉවුර යාය 7 ප්‍රදේශයෙන් වාර්තා වේ.
කලක සිට ගොවි මහතකුගේ වී ගබඩාවට මී කරදරය උග්‍ර ලෙස පැවතිණි.
ඉදිරි කන්නය වගාකර එහි අස්වනු නෙළන තෙක් එම වී වලින් කොටසක් තම ආහාරය පිණිස මෙසේ ගබඩාකර තැබීම ප්‍රදේශයේ ගොවි මහතුන් සැමගේම සිරිතය. ඒ අනුව අප ගොවි මහතාද එසේ ගබඩාකර තිබූ වී තොගය මෙසේ මීයන් කා දැමීමට පටන්ගෙන තිබුණි.
මේ පිළිබඳව කනස්සල්ලට පත් ගොවි මහතා ඒ සඳහා මීයන් නොමරා එම කරදරයෙන් මිදීම සඳහා තමන් දන්නා සුපුරුදු ක්‍රමවේද පමණක් නොව තම ඥාති හිත මිතුරන්ගෙන් පවා උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළද අදාළ ගැටලුවට විසඳුමක් නොලැබුණු තැන පිං පව් පසෙකලා වී කන මීයන්ට මරණ දඬුවම දීමට ඔහු හිත හදා ගත්තේය.
ඒ අනුව වෙළෙඳපළෙන් මී කතුරක් (සුළු වේලාවකින් මියා මියයන උගුලක්) මිලදී ගත් ගොවි මහතා එදින රාත්‍රියේ 8ට පමණ එම උගුලට ඇමක් යොදා එය වී ගබඩාවේ සුදුසු තැනක අටවා තැබුවේය.
වී කාදමන මීයන්ට මරණ දඬුවම දීමට හිත හදා ගත්තද එම තීරණය පිළිබඳව පිං පව් ගැන හිතමින් දෙළොවක් අතර සිටි ගොවි මහතා අවසානයේ “ඔහෙ ඕන දෙයක්” යැයි තමන්ටම කියා ගබඩාවට යාබදව කාමරයේ ඇඳක් මත සුපුරුදු නින්දට වැටී ඇත.
ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ඔහු අප සමග මෙසේ කීය.
“රෑ 11 ට විතර ඇති, වී ගොඩ පැත්තෙන් “කටස්” ගාන සද්දයක් ඇහුණා. දෙතුන් පාරක් කතුර එහාට මෙහාට ඇදෙන සද්දෙත් ඇහුණ. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. ඒ කියන්නෙ මීය මැරිල තමයි.
මම එහෙම හිතල උදේටම බලනව කියල අනිත් පැත්තට හැරිල නිදාගත්ත. නමුත් පුදුමෙ කියන්නෙ උදේ ගිහින් බලද්දී මීයගෙ බෙල්ලටම උගුල හිරවෙලා. නමුත් පුදුමෙ කියන්නෙ මීයා මැරිල නෑ. ඌ මං දැක්ක විතරයි උගුලෙන් ගැලවෙන්න එහාට මෙහාට දඟලන්න ගත්ත. සාමාන්‍යයෙන් මේ වගේ උගුලකට බෙල්ල හිරවුණ මීයෙක් සුළු වෙලාවකදී මැරෙනවා. නමුත් මේ මීය පැය 7 ක් විතර ගිහිල්ලත් පණපිටින් ඉන්නවා. කොහොම වුණත් මට දැන් තියෙන්නෙ මීයා මරන්නයි. ඒත් මීය උගුලට හිර වෙලා පණපිටින් ඉන්න හැටි දැක්කම මට හිත දුන්නෙ නෑ ඌව මරන්න. ඒ නිසා මම මීය කතුරක් සමග ටිකක් ඈතට අරං ගිහින් උගුලෙන් නිදහස් කළෘ.
වී කනව කියල මීයො මරන්න ගත්ත. ඒක ඉවරයක් නැති වැඩක්. එකෙක් මැරෙනකොට තව එකෙක් එයි. නිකං මං පව් පුරව ගන්නව විතරයි. එහෙම හිතල මම තීරණය කළා මීට පස්සෙ කෑමට කියල වී ගබඩා කරන්නෙ නෑ. ඒ වී ටිකත් විකුණල අවශ්‍ය වෙලාවට කඩෙන් හාල් ගන්නවා කියල” යනුවෙන් ගොවි මහතා පැවසීය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වරදකරු පෝරකේ ඉන්න හැටි දැක්කාම හිත උණුවෙලා