IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලොතරැයි දිනුමක ආරංචියෙන් රෝගියාට සැත්කමත් එපාවෙලා

(වියලුව වාර්තාකරු)
පවුලේ සමීප ඥාතියකුට ලොතරැයි දිනුමක් ඇදුණු බව දැනගැනීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජන කිරීමට රෝහල් ගතකර සිටි කාන්තාවක තම ශල්‍යකර්මයද අත්හැර දමා බලහත්කාරයෙන්ම රෝහලෙන් පැමිණි බව දැනගන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


රෝගී තත්ත්වයකින් පෙළුණු ගම්බද කාන්තාවකි. ඒ සඳහා ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලැබුවේ පළාතේ ප්‍රධානතම රෝහලකිනි. ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ ශල්‍යකර්මයකි. 


ඒත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ඇයට බලා සිටින්නට සිදු වූවේ පොරොත්තු ලේඛනය ඒ තරමටම දිගු එකක් වූ නිසාය.


ඇයට අවසානයේදී ශල්‍යකර්මය සඳහා දිනයක් නියම කෙරිණි. පසුගිය දිනෙක වෛද්‍ය උපදෙස් මත ඇය රෝහල් ගත වූයේ ශල්‍ය කර්මය සිදුකර ගන්නටය. රෝහල්ගත වූ ඇය පසුදින සිදුකෙරෙන ශල්‍යකර්මය සඳහා ද සූදානම් කෙරිණි. 


එහෙත් ශල්‍යකර්මය පැවැත්වෙන දින උදෑසන ඇය බලන්නට පැමිණි ඇගේ සැමියාගෙන් ඇයට අසන්නට ලැබුණේ අපූරු පුවතකි. පවුලේ ළඟම ඥ‌ාතියකුට රුපියල් කෝටි ගණනක දිනුමක් ඇදී ඇතැයි යන්න එම පුවතයි.


‘‘මොන ඔපරේෂන්ද? මම නොගියොත් මගේ කොටසත් අරුන් බෙදාගනියි’’ පවුලේ ඥාතීන් කීප දෙනෙකුගේ නම් සිහිපත් කළ ඇය ශල්‍ය කර්මය පසෙක තබා රෝහලින් පිටව යාමට අවශ්‍ය බව කාර්යය මණ්ඩලයට කියා සිටියේ ලොතරැයි දිනුම ගැනද පවසමිනි. මුදල්වලට වඩා ශල්‍යකර්මය වටිනා බවත් යළි දිනයක් ලබා ගැනීම පහසු කාරණයක් නොවන බවත් එහි සිටි කාර්ය මණ්ඩලය දන්නා ශිල්ප දක්වමින් කියා සිටියද ඊට අවනත වූවේ ඇය නොවේ.


සියලු ලෙඩ රෝග සුව වූවාක් මෙන් ඇය කොට්ටයද කිහිල්ලේ ගසාගෙන සිය සැමියා සමඟ රෝහලෙන් පිටව යන අයුරු දක්නට ලැබිණි.



අදහස් (0)

ලොතරැයි දිනුමක ආරංචියෙන් රෝගියාට සැත්කමත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 99 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 914 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 734 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 626 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 364 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 384 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site