IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලෑලි කඬේ ගසාගෙන ඇවිත් බස් රියේ හැපී සුළඟට නඩු දාන්න වෙලා

(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)
ප්‍රදේශය පුරා හමාගිය දැඩි සුළඟින් ගස් කොළං ඇද වැටී නිවෙස්වල වහල පවා සුළඟේ ගසාගෙන ගොස් තිබුණි. විදුලි බලය ද ඇනහිට ජනජීවිතය අඩාලව නොසිතූ විරූ අවස්ථාවන්ට ද මුහුණ පෑමටද සිදුවිය.


ඌරුබොක්ක කොටපොළ මාර්ගයේ ධාවනය වන පාසල් සේවා බස් රථයත් දිගු කලක් තිස්සේ රාත්‍රී කාලයේ ගාල් කිරීම සිදුවූයේ එම මහාමාර්ගය අයිනේය. පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එහි බස් රථය නතර කරන රියැදුරා (බස් හිමියා) නිවස බලා යාම සිරිත වේ.


සිරිත් පරිදි එදිනද උදෑසන සිසුන් පාසල් කරා රැගෙන යාමට පැමිණි බස් හිමියාට දැක ගන්නට ලැබුණේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. 


ලෑලි බාර් එකක් (ලෑලි කඩයක්) තම බස් රථය ඉදිරිපස අවුරා වසා ගෙන ඇති ආකාරයයි. බසය ගාල්කර තිබූ ස්ථානයට නුදුරින් පැවති සුළඟට ගැලවී ගසාගෙන විත් තිබූ මෙම ලෑලි බාර් එක බසයේ ගැටී ඉදිරිපස වීදුරුවද ලයිට්ද කුඩු පට්ටම් වී ගොස් තිබුණි.


ලෑලි බාර් එකේ තිබූ වීදුරු බෝතල්, පාරිභෝගික ද්‍රව්‍ය හා බඩු බාහිරාදිය ද මාර්ගය පුරා සීසීකඩ විසිරී තිබුණි.


බලවත් ලෙස කෝපයට පත් බස් හිමියා ලෑලි බාර් හිමියාට තදින් දොස් තබන්නට විය. පොලීසි යන බවට ද තර්ජනය කළේය. 


ලෑලි කඩ හිමියාද කටකාර පුද්ගලයෙකි. 


“බාර් එකක් ඇවිත් බස් එක හප්පල තියෙන්නෙ කොහේද? බස් එකක් ඇවිත් හප්පගෙන යනවා මිසක්” 


බස් හිමියාට කීමට දෙයක් නොතිබිණි. සිද්ධිය බැලීමට රොක්වූ පිරිසෙන් අයෙක්,


“නඩු දාන්න ඕන හුළඟට විරුද්ධවයි” පවසද්දී බස් රථ හිමියා හෙමින් මාරුවී ගියේය. 

 



අදහස් (1)

ලෑලි කඬේ ගසාගෙන ඇවිත් බස් රියේ හැපී සුළඟට නඩු දාන්න වෙලා

ajith Sunday, 19 August 2018 02:29 AM

හුළගට නෙවෙයි පාර අයිනේ අනවසර ඉදිකිරීම් කරපු අයටයි ඒවා කරද්දී ඇස් පියාගෙන ඉන්න ආයතන වලට තමයි නඩු දාන්න ඕන.

:       0       23

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 61 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 898 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 708 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 618 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 357 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 375 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site