(හොරොව්පොතාන - පැතුම් දර්ශන)
යතුරුපැදිය උඩ තබා තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රිළවකු රැගෙන යාම නිසා දැඩි අසීරුතාවට පත් වූ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු පිළිබඳ පුවතකි මේ.
සිද්ධිය මෙසේය.
අනුරපුර අවට පොලිසියක රථවාහන අංශයේ රාජකාරි කළ මෙම නිලධාරීන් දෙදෙනා සුපුරුදු පරිදි සිය රාජකාරි සඳහා පිටව ගොස් ඇත්තේ රථවාහන නඩු ලබාගැනීම සඳහාය. වෙනදා මෙන් එදිනද දැඩි හිරු රශ්මිය පතිත වූ දිනයක් නිසා මාර්ගය අසල පිහිටි ගසක් යට සිය යතුරුපැදිය නැවැත්වූ ඔවුන් රාජකාරි ආරම්භ කොට පැයක් පමණ ගත විය.
‘‘මහත්තයා එන්න තේ එකක් බොන්න දැන් ගොඩක් වෙලා නේද ඔතන හිටගෙන’’අසල පිහිටි පෙට්ටි කඩේ හිමිකරුගෙන් ලැබුණේ අරාධනාවකි. ලද ආරාධනාවෙන් කඩේට ගොඩ වූ එක් නිලධාරියකු පැවසුවේ ‘‘අද උදේට වත් කන්න බැරි වුණා. තේ එකක් බොන්නමයි හිටියේ’’ කියාය.
තිදෙනාම කතාවට වැටිණි. වී සහ බඩ ඉරිඟු වල මිල ගණන්, තමන් කළ වගාවන් වලින් ලැබූ ලාභ සහ පාඩු මාතෘකා බවට පත්විය. තේ එක බී කතාව නිමකොට යතුරුපැදි අසලට පැමිණි නිලධාරීන් දෙදෙනාට දුටු දෙයින් දෙයියෝ බුදුන් සිහිවිය. අසල ගසේ සිටි රිළවෙකු යතුරුපැදිය උඩ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රැගෙන ගොස් ගස උඩට වී එහෙට මෙහෙට පෙරළයි. කටින් හපාගෙන අත්තෙන් අත්තට පනියි.
කළ හැකි දෙයක් නොතිබිණි. මාර්ගයේ යන එන යතුරුපැදි හා වාහන නැවතිණි.
‘‘නෑ නෑ මල්ලි දඩ කොළයක් දෙන්න නෙවෙයි. අපිට ලොකු කරදරයක් වෙලා. අපේ දඩ පොත මේ රිළවෙක් අරන් ගිහිල්ලා ගහ උඩට නැගලා අනේ පින් සිද්ධවෙයි කොහොම හරි මේ පොත අරගෙන දෙන්න.’’
ඉල්ලීම් සහ ආයාචනා මැද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇතත් දැනගන්නට ඇත්තේ පැය ගණනාවක් යනතුරු රිළවා පොත බිම හෙළා නොමැති බවය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිළවකු කළ වැඩෙන් පොලිස් රථවාහන අංශ නිලධාරින්ට තරු පෙනිලා