IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රියැදුරුත් ගෝලයාත් නාගනිද්දී 40,000ක් අන්තරස්ධාන වෙලා

(කෑගල්ල - කරුණාරත්න අතුකෝරාල) එය රඹුක්කනට නුදුරු ගමකි. ගෙහිමි කාන්තාවකට තම නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගඩොල් තොගයක් මිලදීගැනීමට අවශ්‍ය විය. මහියංගණ ප්‍රදේශයෙන් ගෙනඑන වඩා හොඳ ගඩොල් මිලදීගත යුතු යැයි සිතූ ඇය එවැනි ගඩොල් අලෙවි කරන තැනක දුරකතන අංකය සොයාගෙන අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර එය රැගෙන ආපසු මුදල් ගෙවන බව දැනුම් දුන්නාය.

ඇගේ ඇණවුමට අනුව ලොරියකින් ගඩොල් තොගය නිවසට ගෙනැවිත් එහි පැමිණි තිදෙනෙක් එකතු වී එම ගඩොල් තොගය බිමට බෑවෝය. බා අවසන් වූ පසුව එක් පුද්ගලයකු කාන්තාව වෙත පැමිණ සබන් කෑල්ලක් ඉල්ලාගෙන ගොස් රියැදුරු අතටදී ඇඟපත සෝදාගෙන එන ලෙසට දැන්වූ නිසා රියැදුරු සහ සහායකයා ළිඳ දෙසට ගියහ. ඒ අතරතුර සබන් කෑල්ල ඉල්ලාගත් පුද්ගලයා ගෙහිමි කාන්තාව වෙත ගොස් ගඩොල් තොගයට මුදල් අවශ්‍ය බව පැවසීම නිසා නිවස තුළට ගිය කාන්තාව මුදල් රැගෙනවිත් ඔහු අත තබා නැවතත් ගෙය තුළට ගියාය.

ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය රියැදුරු සහ රිය සහායකයා ආපසු පැමිණ සබන් කෑල්ල නිවෙස් හිමි කාන්තාව අතටදී ගඩොල් තොගයට පොරොන්දු වූ මුදල දෙන ලෙස ඉල්ලා සිටියහ. ඇය කීවේ ලොරියේ පැමිණි ගඩොල් බෑ අනෙක් පුද්ගලයාට එම මුදල් දුන් බවය.

වටපිට බැලූ රියැදුරුට එම පුද්ගලයා අතුරුදන් වී ඇති බව පෙනී ගියේය. රියැදුරුගෙන් දැනගන්නට ලැබුණේ එම පුද්ගලයා අතරමගදී ලොරියට අත අල්ලා නවත්වා ගඩොල් තොගය ගෙනයන්නේ තම සහෝදරියගේ නිවසට බව පවසා එයට ගොඩවූ බවය. ඔහු තමන්ට උදව්වට ගඩොල් බාන බව තමා සිතූ බවද රියැදුරාගෙන් දැනගන්නට ලැබුණු අතර, ඔහු තමා කිසිදාකත් දැක නැති පුද්ගලයකු බව ගෙහිමි කාන්තාව ද කීවාය.

ඇය අර පුද්ගලයාට දී ඇති මුදල රුපියල් 40,000කි. තමන් දෙදෙනාම සොරෙකුට අසුවී ඇති බව තේරුම් ගිය නිසා අවසානයේදී ඔවුන්ට පොලිසියට යාමට සිදුවිය. එහෙත් තවමත් සැකකරුවකු සොයා ගැනීමට හැකිවී නැත.



අදහස් (4)

රියැදුරුත් ගෝලයාත් නාගනිද්දී 40,000ක් අන්තරස්ධාන වෙලා

K. SAS Wednesday, 11 April 2018 08:30 AM

සාමාන්‍යයෙන් මෙවන් වැඩවලට පැමිණෙන අයවලුන්, ආපු වැඩේ කරලා දීලා මුදල් අරගෙන පිටත් වෙනවා මිසක්, සබන් ගාලා නාන්න ළිංවලට යන්නේ නැහැ.. අනිවාර්යයෙන් මෙයාලා හිතන්න ඇති නාලා කරලා එන්න කීවේ..., බෝජන සංග්‍රහයක් භුක්ති විඳින්නට වෙන්න ඇති කියලා. සමහර කරුණාවන්ත මිනිසුන් එහෙමත් කරනවානේ. කවදාවත් දැකපු නැති මිනිසුන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ කාලේ හඳුනන්නේ නැති අයවලුන්ව වාහන වලට නග්ග ගන්න එකත් භයානකයි.

:       0       78

vernon Wednesday, 11 April 2018 09:14 AM

ඔය පුද්ගලයා ඔය පැත්තෙන්ම අයෙක් වෙන්න ඇති. එතකොට පොලිසිය දන්නෙ නෑ.., මේ පැත්තේ මිනිස්සු ගැන. මේක ලොක්කෙකුට වුණා නම් මෙලහකට හොරා කූඩුවේ...

:       0       64

sam Wednesday, 11 April 2018 09:15 AM

මේ සිද්ධිය ගැන හිතලා බලපුවාම මුදල් වංචා කල පුද්ගලයා ලොරි කාරයින්ගේම ගෝලයෙක් විය හැකි බව තේරෙනවා. ඔහු අනිවාර්යයෙන්ම තම සහෝදරියගේ ගෙදරට යන පාර රියදුරාට පෙන්විය යුතුයි නේද? මුදල් හදල් යහමින් ඇති, පොලිසිවල රස්තියාදු වෙන්න අකමැති පුද්ගලයෙකුට මේ දේ වුනා නම්, මේ ලොරි රියදුරාට මුදලින් කොටසක්වත් (සමහර විට මුළු මුදලම) නැවතත් ගෙවා ප්‍රශ්නය විසඳා ගන්න ඉඩ තියනවා. මොවුන්ට ලැබුණු ඇමතුම් ඔස්සේ පරීක්ෂණ කළොත් මේකේ ඇත්ත හොයා ගත හැකියි.

:       0       140

නිශා Wednesday, 11 April 2018 11:24 AM

මටත් මේ වගේ සිද්ධියක් වුණා පිටකොටුවේදී. පිටකොටුව ගුණසිංහපුර කිරිහලේදී. එතැන හිටිය පිරිමි කෙනෙක් කිරිහලේ වැඩ කරනවා වගේ කිරිහට්ටියක් දුන්නා. අපි හිතුවා ඒ කඩේ වැඩ කරන කෙනෙක් කියලා. ඒ වේලාවේ මගේ අතේ තිබුණේ රු.5000/- කොලය විතරමයි. කැෂියර්ට කිව්වා මේක මාරු කරගෙන එන්නම් කියලා මගේ සල්ලි අරගෙන ගියා. අපි ටික වේලාවක් බලාගෙන හිටියා. නමුත් ඒ පිරිමි කෙනා ආවේ නැති නිසා කැෂියර්ගෙන් ඉතිරි සල්ලි ඉල්ලුවාම කැෂියර් හිතලා අපිත් එක්ක ආපු කෙනෙක් කියලා. ඒ වේලාවේ ඒ කිරිහලේ තියෙන සීසීටීවී වැඩ කලේ නැහැ. මේ සිද්ධිය වුණේ 2018.03.01 දින පෙ.ව‍ 9.00 ට විතර. පිටකොටුවේත් මේ වගේ හොරු ඉන්නවලු. අවුරුදු කාලේ ඔක්කොම පරිස්සමින්...

:       0       78

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 801 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 624 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 540 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 329 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 342 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 571 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site