IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රෑට ඇස් නොපෙනෙන දෙන්නා මුදලාලිගේ කනෙන් රිංගලා

පස්දුන් කෝරළයේ පිටිසර ගමක ජීවත්වූ පියරත්න මුදලාලි විශ්‍රාමික තැපැල් සේවකයෙකි. තැපැල් පියා කීවොත් ගමේ අස්සක් මුල්ලක් නෑර ඔහුව නොදන්නා කෙනෙකුද නැත. රැකියාවෙන් ලද වෙහෙස නිසාම විශ්‍රාම ගියා මිස ඔහුට සැලකියයුතු වයසක්ද නැත.


ගෙදරටවී කාලය නිකම්ම ගෙවා දැමීමට කම්මැලි වූ තැපැල් පියා නිවසේම පැත්තක අටවාගත් කඩ කෑල්ල හේතුවෙන් පියරත්න මුදලාලි බවට පත්විය. ගම්වාසීන්ට ඇවැසි දෑ අලෙවි කරනවා මෙන්ම ගොවියාගෙන් අඩු මිලට ගන්නා භාණ්ඩ වැඩි මිලට විකුණා මුදල් ඉපැයීමද පියරත්න මුදලාලි වාසියක් කර ගත්තේය.


ඒ ගමේම ජීවත්වූ නූගත් ගැමියෙකුගේ පුතුන් දෙදෙනෙකි. වැසි දිනකටවත් පාසලකට නොගිය ගැටවර වියේ පසුවන මේ අයිය මලෝ දෙදෙනාගෙන් වැඩිමලා චප්පාය බාලයා කටුකයියාය. කෑමට මස් තිබුණත් ඔහු සොයන්නේ කටුය. ඒ නිසාම කටුකයියා කියා නම තැබුවේ ඔහුගේම පියාය. මේ දෙදෙනාගේ විශේෂත්වයක් ඇත. ඒ බිම් කරුවල වැටෙද්දී දෙන්නාටම ඇස් පේන්නෙ නැත. ඒ පරම්පරාවේ හැටිය. නමුත් අතට අසුවනදේ සොරකම් කිරීම ජන්ම පුරුද්දය.


දිනක් පියරත්න මුදලාලි හමුවූ චප්පා හා කටුකයියා මුදලාලි පුවක් ගන්නවාද කියා විමසීය. මේ දිනවල පුවක් මිල බල්ලාට ගියත් ගත්තොත් අවාරයට ඉහළ මිලකට දෙන්න හැකි බව මුදලාලිට සැනෙකින් සිහියට ආවාය. වචනය පිටවෙන්නටත් පෙර පුවක් ගෝනියක් මුදලාලි සතුවිය.


මුන් දෙන්නාට ගොම්මනට ඇස් නොපෙනෙන බව දන්නා මුදලාලි ඔවුන්ලවාම වත්ත පහළ වෙල් යායේ ලොකු වළක් හාරා ගත්තේ පුවක් මඩ පුවක් කිරීමටය. මේ හෝඩුවාව කණවැකුණු ගැමියෝ මුදලාලිට දොස් නැගීය. මුදලාලි මේ කරන වැඩෙන් අපේ පුවක් ගහක ගෙඩියක් තියා ගන්න බැහැ. අරුන් දෙන්නා තමයි මේ කරන්නේ. මුදලාලිට චෝදනාවක් නැගින. උඹලට ඔල්මාදෙද? පුවක් කඩන්න ඔවුන්ට රෑට ඇස් පේනවද? මුදලාලි ඔවුන් නිදොස්කොට නිදහස් කෙරිණි.


කලක් ගතවී පුවක් අවාරය ආවේය. මුදලාලිට මඩ පුවක් මතකයට ආවේ ටවුමේ පුවක් මිලට ගන්නා කඩය අසල සිටි චප්පා සහ කටුකයියා දැකීමෙනි. මුන් දෙන්නා මොකද මෙහෙ කරන්නෙ. එහෙනම් දැන් මට පුවක් දෙන්නැති හේතුව මේකයි. හිටපල්ල උඹලට හොඳ වැඩක් කරන්නම්. ගම්මුන්ට කියනව තොපි තමයි පුවක් හොරු කියලා.


එසේ සිතූ මුදලාලි ගෙදරට පැමිණ ඔහුගේ මඩ පුවක්වළ බලන්න ගියේය. පුවක් අසුරා කට ගැට ගසාවළට දැමූ ගෝනි පහ නිරුපද්‍රිතව දැකීමෙන් සතුටින් ඉපිලුණු මුදලාලි වහාම තොග වෙළෙන්ඳා කැඳවිය. වෙළෙන්දාගේ අනින් පුවක් ගෝනි පහ වළෙන් ගොඩවිය. කොහොමද දන්නෑ බඩු ලිහල බලමු. වෙළෙන්දා විමසීය. ප්‍රශ්නයක් නැහැ මේවා සුපිරි බඩු කිවු මුදලාලි ගෝනි කට ලෙහීය. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ එහි තිබුණේ ගල්කැට ගොඩක් හා දහයියා පිරවූ ගෝනිය.


මුදලාලිට තරු විසිවිණ. වහා චප්පා සහ කටුකයියා සොයා ගම පීරුවත් ඔවුන්ට සොයාගත නොහැකි විය. එහෙත් ගැමියෙකු නම් කීවේ මුදලාලිට ඔල්මාදෙද ඕක කරන්න ඔවුන්ට රෑට ඇස් පේනවද කියාය.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)

 



අදහස් (0)

රෑට ඇස් නොපෙනෙන දෙන්නා මුදලාලිගේ කනෙන් රිංගලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 886 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 922 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1137 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1053 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site